World අවුරුදු කුමරා සහ කුමරිය තරගාවලියේ ඩුබායි තරගකරුවන් උඩරට මුල් ඇදුමෙන් සරසන්න පුබුදු සූදානම්

author
0 minutes, 1 second Read

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන්ගේ රාජකීයත්වය න් විදහා දක්වන උඩරට මුල් ඇඳුම උඩරට රාජධානි සමයේ පටන් පැවත එන්නක්.

උඩරට නිලමේවරුන් ප්‍රභූ පිරිස් පරිහරණය කරන ලද මෙම මුල් ඇඳුම අද වන විට මංගල උත්සව ආගමික උත්සව වැනි සුවිශේෂී උත්සව අවස්ථාවන් සඳහා යොදා ගන්නවා.

දශක ගණනාවක පටන් ලාංකීය සම්ප්‍රදායට අනුව හැඩගැන්වුණු මෙම උඩරට මුල් ඇඳුම් කට්ටලය පිළිබඳව කතාබහ කිරීමට අද අප ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා මෙරට මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛත්වය උසුලන පී. වී. එස්. ජයරත්න ආයතනයේ වත්මන් පුරුක වන පුබුදු සමීර ජයරත්න මහතාව.

පළමුව අප කතා කරමු මොකක්ද මේ මුල් ඇඳුම් කට්ටලය කියලා කියන්නේ.

    මුල් ඇඳුම කියන්නේ අතීතයේ රජතුමාගේ අමාත්‍ය මණ්ඩලය ඇඳපු නිල ඇඳුම.මෙය ජාතියේ පළමු ඇඳුම යන අර්ථයෙන් මුල් ඇඳුම කියලා හඳුන්වනවා.මෙය ඇඳීමේ හැකියාව තිබුණේ ප්‍රභූන්ට පමණයි. අධිකාරම්, දිසාව, රටේ මහත්තයා, මොහොට්ටාල වැනි රාජසභාවේ දරණ නිලය අනුව මෙම ඇඳුමේ වෙනස්කම් දක්නට ලැබුණා.අතීතයේ මෙය නඩු කටයුතු වගේම එදිනෙදා කටයුතු වලදීත් භාවිතා වුණා.වර්තමානයේ භාවිතා වන මුල් ඇඳුම එක්දහස් පන්සිය ගණන් වල සිට විකාශනය වී 1702 දී ඉන්දියාවෙන් ලංකාවට පැමිණි නායක්කාර වංශිකයන්ගෙන් ලංකාවට ලැබුණු ගෙත්තම් කලාවත් සමඟ ලංකාවේ ජීවත් වූ රදල පැලැන්තිය මෙම ඇඳුම නිර්මාණයකොට තිබෙනවා.මෙය ඉන්දියානු ඇඳුමක් නොවේ,ඉන්දියාවේ ආභාෂය ගෙන ලංකාවේ නිර්මාණය කළ ඇඳුමක්.මෙය නිවැරදිව ඇන්දවීමට යාර හතළිස් අටක් අවශ්‍ය වෙනවා.ඒ වගේම මෙහි කොටස් දාහතරක් තිබෙනවා.ඒ ටික මම පිළිවෙලින් කියන්නම්,සුදු රැළි කලිසම, සුදු තුන් පොට්ටිය, රතු පච්ච වඩම, සෝමනය, කවනිය, විල්ලුද බඳ පටිය, විල්ලුද පසු පටිය, විල්ලුද හැට්ටය, විල්ලුද හතර මුළු තොප්පිය, මිරිවැඩිසඟල. ආභරණ වශයෙන් බෝරලු මල, සිරිය(පිහිය), පේරැස් මුද්ද, පාදක්කම් මාල පළදිනවා.

    අතීතයේදී මුල් ඇඳුම පෙළපත් කිහිපයකට පමණක් ඇන්ඳවීම හා ළඟ තබා ගැනීමේ රාජකාරි පැවරිලා තිබුණා.එයින් එක පෙළපතක් තමා මම පැවතගෙන එන හිඳගල පරම්පරාව.මම හිඳගල පරම්පරාවේ සයවැනි පුරුක.මට කලින් මගේ පියාණන්,මගේ සීයා මේ මුල් ඇඳුම නිර්මාණය කිරීමේ, ඇන්දවීමේ කටයුතු සිදුකොට තිබෙනවා.

    බොහෝ දෙනා අතර මතයක් තියෙනවා මුල් ඇඳුම් කට්ටලය අඳින්න කලින් පේ වෙන්න ඕන කියන එක. මුල් ඇදුම් කට්ටලයක් පැළඳීමේදී පේ වීම නැත්නම් නිර්මාංශ වීම අනිවාර්ය ද?

      ඔව්. මුල් ඇඳුම අඳින්න කලින් පේ වෙන්න ඕන කියලා මතයක් තියෙනවා.හැබැයි ඒක හැමදේයකටම අදාළ වන්නේ නැහැ.මොකද අතීතයේදී මේ ඇඳුම එදිනෙදා භාවිතය සඳහා යොදාගත්තත ඇඳුමක්.ඉංග්‍රීසි පොත්පත්වල මෙය Ceremonial kit ලෙස හැඳින්වෙනවා.එහි අර්ථය නම් උත්සව අවස්ථාවලදී භාවිතා කරන ලද්දක් යන්නයි. උත්සව සඳහා මාංශ භාවිතා වීම දැකගත හැකියි.ඒ නිසාමේ ඇඳුම ඇඳීම හේතුවෙන් පේවීම අත්‍යවශ්‍යම නැහැ.නමුත් විවාහ මංගල්‍ය උත්සවයකදී නම් පෝරුව චාරිත්‍රයේ දී අෂ්ඨක කියල්ස සතර වරම් දෙවියන්ට ආරාධනා කරලා කරන වැඩක්.ඒ නිසා එවැනි අවස්ථාවකදී මුල් ඇඳුම අඳින්නේ නම් පේවීම අත්‍යවශ්‍ය වෙනවා.ඒ වගේම දේවාලවලට පන්සල්වලට මේ මුල් ඇඳුම ඇඳලාා යනවා නම් පේ වීම සිදුකිරීම වඩාත් යහපත්.මොකද මේ ඇඳුම දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවන්ගේ ඇඳුමක්.වස් තිබෙන ඇඳුමක්.ඒ නිසා වස්දොස් යන්න පේ වෙලා නිවැරදි වත් පිළිවෙත් කරලා ඒ තැන්වලට සහභාගී වීම වඩාත් උචිත වෙනවා.

      මේ දවස්වල අපිට මේ පිළිබඳව කතාබහ කරන්න ප්‍රධානතම හේතුවක් තමයි. World අවුරුදු කුමරා සහ කුමරිය තරගයේ ඩුබාහි පැවැත්වෙන තරග වටය වෙනුවෙන් මුල් ඇඳුම් කට්ටලය සූදානම් කිරීම පිළිබදව. මෙවැනි සුවිශේෂී අවස්ථාවක් සදහා ඔබ මුල් ඇඳුම් කට්ටලය සූදානම් කරන්නේ කොහොමද?

        ඩුබාහි පැවැත්වෙන අවුරුදු කුමරා කුමරිය තරඟයේ අවුරුදු කුමරාව මුල් ඇඳුමින් සරසනවා.ඒ අවස්ථාවේදීත් මම නිවැරදිව සම්ප්‍රදාය රැකගෙන එය ලෝකයට ගෙනයාමට අවශ්‍ය ලෙස පමණක් මුල් ඇඳුම අලුතින් නිර්මාණය කරනවා.මෙවැනි අවස්ථාවකදී මම මුල් ඇඳුම විකෘති කිරීමක් වැනි දෙයකට යොමු කරන්නේ නැහැ.මොකද මට වගකීමක් තියෙනවා මේ සම්ප්‍රදාය රැක ගැනීම සම්බන්ධව.

        වර්තමානයේ දී මේ මුල් ඇඳුම භාවිත කරන ආකාරය සම්බන්ධව ඔබට මොකද හිතෙන්නේ?

          අද වන විට මුල් ඇඳුම ගොඩක් fashionable ඇඳුමක් විදිහට විකාශනය වෙලා තියෙනවා.විවිධ වර්ණයන්ගෙන් විවිධ හැඩතල වලින් විවිධ මෝස්තර රටා සහිත මුල් ඇඳුම් වර්තමානයේ දැක ගැනීමට හැකියාව තිබෙනවා.පාරම්පරික මුල් ඇඳුම් ශිල්පීය විදිහට මම මෙම ඇඳුමෙහි අතීත උරුමය නිවැරදිව දැන, ඒවා වෙනස් නොකර සාම්ප්‍රදානුකූලව මුල් ඇඳුම නිර්මාණය කරනවා.

          සටහන
          පෙවින්ද්‍යා රශ්මි

          Similar Posts

          https://www.techpager.org/swiftkey-alternatives/

          https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

          https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

          https://shubhapallaba.in/nija-ilakare/

          https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

          https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

          https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

          https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

          https://algowiki.win/wiki/User:Fea2e1fa

          https://brewwiki.win/wiki/User:Fea2e1fa

          https://yogicentral.science/wiki/User:Fea2e1fa

          https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

          https://nerdgaming.science/wiki/User:Fea2e1fa

          https://elearnportal.science/wiki/User:Fea2e1fa

          https://securityholes.science/wiki/User:Fea2e1fa

          https://fkwiki.win/wiki/User:Fea2e1fa

          https://clinfowiki.win/wiki/User:Fea2e1fa

          https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

          https://theflatearth.win/wiki/User:Fea2e1fa