ඔබත් සමාජ මාධ්‍යයේ නිරන්තර ක්‍රියාකාරී සාමාජිකයෙක් ද?

0 minutes, 58 seconds Read

වර්තමාන ලෝකය තුළ තාක්ෂණයේ දියුණුවත් සමඟ සමාජ මාධ්‍ය සෑම දෙනෙකුටම පාහේ හුරුපුරුදු තෝතැන්නක් බවට පත්ව තිබෙනවා. ඒ නිසාම බොහෝ විවිධ සමාජ මාධ්‍ය අඩවි ඔස්සේ විවිධ පුවත් , තොරතුරු දැකබලා ගන්නත් ඒවා සිය මිතුරන් සමග බෙදාහදා ගන්නටත් පුරුදුවිය සිටිනවා. එලෙස සමාජ මාධ්‍යයේ නිරන්තර ක්‍රියාකාරි සමාජිකයකු වන ඔබ සමාජ මාධ්‍ය තුළ ක්‍රියා කිරීමේදී  නිවැරදිව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ විසින් අනිවාර්යයෙන්ම දැනසිටිය යුතුයි.

එසේ නම් අද අප සූදානම් වන්නේ තොරතුරු තාක්ෂණ හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය රඟමිණි වේරවත්ත මහතා සමග සමාජ මාධය හා අරගලය ලිපි මාලාව තුළින් පුද්ගලයන් සමාජ මාධ්‍ය තුළ ක්‍රියා කරන ආකාරය (HOW SOCIAL MEDIA WORKS) පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

සමාජ මාධ්‍ය තුළ ක්‍රියා කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ සඳහා අපට honeycomb framework න්‍යායේහි අන්තර්ගත ප්‍රධාන කොටස් 7 පාදක කොටගත හැකිය.

ඊට පළමුව අප honey from framework යනු කුමක් දැයි පිළිබඳව විමසා බලමු.

වර්ෂ 2011 දී එවකට කැනඩාවේ විසූ JAN KEITZMANN, KRISTOPHER HERMKENS , JAN MCCARTHY යන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තිදෙනා විසින් සමාජ මාධ්‍යයෙහි ඇති ඵලදායි බව මැන බැලීම සඳහා ගෙන එන ලද න්‍යායක් ලෙස honey from framework හඳුන්වාදිය හැකිය. යම් ආයතනයක් හෝ නිෂ්පාදනයක් සමාජ මාධ්‍යයේ දී කොයි විදිහටද වෙනස් මාවතකට ගෙනයන්න පුලුවන් කියන දේ මැන බැලීම සඳහා තමයි මෙම honeycomb frame work න්‍යාය නිර්මාණය කර තිබෙන්නේ.

සමාජ මාධ්‍ය තුළ ක්‍රියා කිරීමේ දී ඒ සඳහා භාවිත කළ යුතු ප්‍රධාන කරුණු හතක් honey for frame work මගින් විග්‍රහ කෙරේ.

එම කරුණු 07 නම්,

1. Identity

2. Presence

3. Relationships

4. Reputation

5. Groups

6. Conversations

7. Sharing

1. Identity

මෙය සමාජ මාධ්‍යවල මූලිකම ක්‍රියාකාරී කොටසයි.  ඔබේ අන්‍යනතාවය පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය තුළින් හෙළිකිරීම මෙමගින් අදහස් වෙයි.  ඔබේ නම, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වෘත්තිය, ස්ථානය, යන තොරතුරු මේ සඳහා ඇතුළත් වෙයි.

2. Presence

සමාජ මාධ්‍ය තුළ ඔබ දක්වන ක්‍රියාකාරීත්වය මින් අදහස් වෙයි. මේ මොහොතේ දී ඔබ ඔන්ලයින් සිටිනවා ද නැතහොත් සමාජ මාධ්‍යතුළ ගොඩනැගෙන කතිකාවක් සදහා වන මත විමසුමට ඔබේ තුළ ඇති කැමැත්ත සහ ඒ සදහා ඔබේ සහභාගිත්වය මීට ඇතුළත් වේ.

3. Relationships

ඔබ කොපමණ දුරකට සමාජ මාධ්‍යයේ පරිශීලකයින් සමග සබඳතා දක්වනවාද සහ පරිශීලකයින් එකිනෙකාට සම්බන්ධ වන ප්‍රමාණය  පිළිබඳව මින් අදහස් වේ. ඒ වගේම ඔබ කොපමණ පිරිසක් සමග සබඳතා ගොඩනගන්නවාද යන ප්‍රමාණය මත ඔබේ ජාලය තවතවත් ව්‍යාප්ත වෙයි.

4. Reputation

සමාජ මාධ්‍ය තුළ ඔබ පල කරන දේ කොපමණ පුද්ගලයින් පිරිසක් පිළිගන්වවාද සහ අනෙකා ඔබ කෙරෙහි දක්වන විශ්වාසය පිළිබඳව මෙමගින් කතාබහ කෙරේ.

5. Groups

ඔබ අනෙකුත් ජාල කෙරෙහි ඇති සම්බන්ධය මෙයින් විග්‍රහ වෙයි.

6. Conversations

ඔබ අනෙක් පුද්ගලයන් සමග නිතර නිතර කතාබහ කරනවාද, පල කරන පෝස්ට් වලට comments සහා රිප්ලයි කරන ප්‍රමාණය, තොරතුරු ශෙයා කරන විදිය කියන එක මත ඔබේ ජාලයේ  reach ප්‍රමාණය තීරණය වෙයි. Conversations මගින් අදහස් වන්නේ එයයි.

7. Sharing

ඔබ සමාජ මාධ්‍ය තුළ අනෙකා සමග හුවමාරු කරගන්නා තොරතුරු (ජායාරූප, වීඩියෝ වැනි දෑ) සහ පළ කරන තොරතුරුවල ප්‍රමාණය මින් හැඟවෙයි.

මේ කරුණු කිහිපය තමයි සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ honey comb framework කියලා building blocks හත මගින් කියැවෙන්නේ. ඒ අනුව ඔබ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකිරීමේදී  ඉහත අප කතා බහ කළ කරුණු හතෙන් වැඩිපුර භාවිතා කිරීමට සුදුසු සහ භාවිත නොකළ යුතු කරුණු කවරේද යන්න ඔබට තීරණය කළ හැකියි. 

එසේනම් ලබන සතියේ දී අපි බලාපොරොත්තු වන්නේ සමාජ මාධය හා අරගලය ලිපි මාලාව ඔස්සේ  සමාජ මාධ්‍ය ඔස්සේ බිහිවූ අරගල සහ වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු රැසක් ඔබට ලබා දීමටයි.

සාකච්ඡා කලේ – Dr. Werawatte is an expert in the field of IT and Technology, He is a Dr. of Philosophy in IT and is currently reading for his doctorate in Business Administration. Dr. Werawatte is at present the Director –School of IT Naganananda International Buddhist University.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *