ඩිස්ලෙක්ශියාව කියන්නේ මොකක්ද එහි ලක්ෂණ මොනවද කියන එක ගැන අපි කලින් ලිපි කිහිපයකදීම සඳහන් කළා. එහිදී අපි හඳුනාගත්තා ඩිස්ලෙක්ෂියාව කියන්නේ සරලවම ගත් කල අකුරු හඳුනා ගැනීමට නොහැකිවීම අකු වීම අකුරු වල ශබ්දය හදුනා ගැනීමට නොහැකි වීම, එසේම එසේම අවබෝධයකින් යුතුව කියවීමේ හැකියාව මෙන්ම දුර්වල වූ සවන් දීම යන ආදී ලක්ෂණ මෙම තත්ත්වයෙන් පෙළෙන දරුවන් අතර සුලබවම දක්නට ලැබේ.
එසේම ඩිස්ලෙක්ෂියා සහිත දරුවකුගේ දෘෂ්ටිමය බලපෑම් ඇස ගෙනයාම දෘෂ්ටි සැකැස්මට හෝ අකුරු කැරකෙන සභාවකින් දැකීම් යන ආදී වශයෙන් වූ විවිධ ලක්ෂණ මොවුන් තුළ දැකිය හැකිය. එසේම දරුවාගේ ශ්‍රවණය මැනීමේදී ඇසීම සතුටුදායක මට්ටමක පැවතුණ ද ශ්‍රව්‍ය මතකය හෝ දෘෂ්ශ්‍ය මතකය දුර්වල විය හැකිය.

නිරන්තරයෙන් ඉගෙනීම සම්බන්ධව පසුගාමී ස්වරූප ස්වරූපයක් අනුගමනය කරන මෙවැනි දරුවන් හට උගන් වීමට යෑමේ දී බොහෝ අවස්ථාවලදී ගුරුවරුන් මොවුන් පිළිබඳ වැරදි නිගමන වලට එල්බ ගැනීමේ ගැනීමේ හැකියාව ඉතා වැඩිය. මෙම ඉගෙනුම් දුබලතා වෙන් පෙළෙන දරුවන් මෝඩ කම්මැලි දරුවන් නොවේ බොහෝ දෙනෙකුට සාමාන්‍ය මට්ටම හෝ සාමාන්‍ය මට්ටමකට වඩා ඉහළ බුද්ධියක් ඇති අතර ඔවුන් ඉගෙනීමේ ගැටලුවලින් මිදීමට මහත් පරික්ෂා පරිශ්‍රමයක් දරනු ඇත. නිසි මඟ පෙන්වීම්ක් යටතේ ඔවුන්ට ආවේණික සුවිශේෂී ඉගැන්වීම් ක්‍රම භාවිතයෙන් ඔවුන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායක කර ගැනීමට තුලින් මෙම තත්වය බොහෝ දුරට අඩු කරගත හැකිය.
තමාගේ සම වයසේ යහළුවන් ඉගෙන ගන්නා ආකාරයට ඉගෙන ගැනීමට නොහැකි වීම හේතුකොටගෙනතමන් සමවයස් කාරයන්ගෙන් වෙනස් ලෙස දැකීමට හේතු විය හැකියි එසේම එම හේතුව නිසා මොවුන් මානසික ව්‍යාකූලතාවයන් නිරන්තරයෙන් ගොදුරු වෙයි එසේ හෙයින් මෙවැනි දරුවන් කෙරෙහි අවධානය යොමු කරමින් සෑම දරුවකුටම ඉගෙන ගත හැකි පරිසරයක් පංති කාමරය තුළ නිර්මාණය කිරීම ගුරුවරුන් වන අපගේ වගකීමකි.
එසේම මෙවැනි දරුවන් සිටින පන්ති කාමරයක එම දරුවන්ට ඇතිවන ගැටලු මොනවාද යන්න පිළිබඳ මනා අවබෝධයකින්කින් පසු වීම ගුරුවරයෙකුගේ වගකීමකි. එසේම මොවුන් ඉගෙන ගත නො නොහැකි පිරිසක් ලෙස හඳුනාගෙන කොන් කිරීම කිසිසේත් සිදු නො නොකළ යුත්තකි. ධනාත්මක උනන්දු කරවන පරිසරයක් යටතේ මෙම දරුවන්ට ඉගෙෙනීම සිදු කිරීමට වගබලාග ගැනීම ගුරුවරුන් සතු යුතුකමකි.මෙම ඉගෙනුම් දුබලතාතා ව සහිත දරුවන්ට ඉගැන්වීමේ විවිධ ශිල්ප ක්‍රම ඇත නමුත් සෑම ඩිස්ලෙක්ශියා සහිත දරුවකුම එකම ශිල්ප ක්‍රමයකට ප්‍රතිචාර නොදක්වයි එම නිසා කුමන ශිල්ප ක්‍රමය එක් එක් ශිෂ්‍යයාට යෝග්‍ය වේ දැයි ක්‍රියාත්මක කර බැලීම වැදගත් වනු ඇත. මෙම දරුවන්ට ඇති සුවිශේෂී වූ දුෂ්කරතා තේරුම් ගැනීමත් එම දුෂ්කරතා මග හරවා ගැනීමට යොදා ගන්නා සුවිශේෂී ඉගෙනුම් ක්‍රම මොනවාද යන්න නිර්නය කිරීම ගුරුවරයා සතු වගකීමකි.
ඉගෙනීමට ඇති හැකියාව මනුෂ්‍යයා තුළ ඇති විශිෂ්ට ගුණාංගයකි. ඉගෙනීම් පුද්ගලයෙකුගේ මුළු ජීවිත කාලය තුළම නොකඩවා සිදු වේ. ඉගෙනීම නිර්වචනය කිරීමේදී ඉගෙනීම නිසා පුද්ගලයෙකු තුළ සිදුවන වෙනස විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍ය ය. මූලිකවම සෑම ඉගෙනුමක් ම පංච ඉන්ද්‍රියන්ගෙන් මොළයට යොමු කරනු ලැබූ සංජානනයන් නිසා ඇතිවේ. පෙනීම, ඇසීම, ස්පර්ශය, ආඝ්‍රාණය, රස මනෝ වවිද්‍යාඥයන්ගේ මතයන්ට අනුව ඉගෙනීම් වඩාත් හොදින් හා වේගවත්ව සිදු වන්නේ ඉන්ද්‍රියයන් කිහිපයකින්ම තොරතුරු ග්‍රහණය කර ගැනීම තුළිනි. එසේම සිසුන්ගේ සුවිශේෂී වූ ඉගෙනුම් ශෛලීන් ද මෙම ඉගැන්වීම් උපාය මාර්ග සඳහා සම්බන්ධ වේ. මක්නිසාදයත් තොරතුරු අත්පත් කර ගැනීමේ ක්‍රමය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවිනි විශාල පරාසයක් තුළ විහිදී ඇති එක් එක් ශිෂ්‍යයාගේ අවශ්‍යතාවය පරිදි ඉගෙනුම් උපාය මාර්ග සාර්ථකව භාවිතා කිරීම ගුරුවරයකු වශයෙන් ඉතා වැදගත් වේ. ගැන්වීම් පෙනීම , ඇසීම, කථනය හා ස්පර්ශය යන බහු ඉන්ද්‍රියමය මාධ්‍යයන් උපයෝගී කරගෙන වෙනස් වූ ක්‍රමයන් හැකි අයුරින් යොදා ගැනීම් සිදු කළ යුත්තකි. නමුත් අපි සියලූ දෙනාම එකිනෙකාට වෙනස් වූ පුද්ගලයන් බැවින් පළමුව ළමයින්ගේ ඉගෙනීම් ශෛලීන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ළමයාගේ ඉගෙනුම් ශෛලයට සුදුසු ක්‍රමවේදය දියත් කළ යුතුය
දෘෂ්ටිය උපයෝගීකර කර ගෙන වඩාත් හොඳින් ඉගෙනීමේ යෙදෙන සිසුන් සදහා ඉගෙනුම් උපාය මාර්ග
- පින්තූර හා බහු මා මාධ්‍ය උපකරණ භාවිතා කිරීම
- දෘෂ්ටිය පෙනෙන මානයේ අකුරු/ වචන අලවා තිබීම
- කියවීම්ට ප්‍රථම පොත්වල ඇති පින්තූර පෙන්වීම
- මානසික සිතියම් ඇඳීම සඳහා යොමු කරවීම
- වචන වල එක් එක් ශබ්දය සඳහා පාට භාවිතය
- දෘෂ්ටිමය මෘදුකාංග වැඩසටහන් භාවිතය
ශ්‍රවණය ඔබේ උපයෝගි කර ගෙන වඩාත් හොඳින් ඉගෙනීමේ යෙදෙන සිසුන් සඳහා ඉගෙනුම් උපාය මාර්ග
- ඉගෙනීමට අවශ්‍ය තොරතුරු හෝ අවශ්‍ය පොත පත සම්බන්ධව කථා කිරීම
- වාචික උපදෙස් පැහැදිලි බව සනාථ කරගැනීම
- තොරතුරු පටිගත කිරීමට සිසුන්ට අවස්ථාව ලබාදීම තුළින් නැවත ශ්‍රවණයට ඉඩ ප්‍රස්ථා සැලසීම
- වඩා හොඳ ශ්‍රව්‍යමය මෘදුකාංග භාවිතා කිරීම
චලනේද්‍රිය භාවිතා කරගෙන ඉගෙනීමේ යෙදෙන සිසුන් සඳහා වූ ඉගෙනුම් උපාය මාර්ග
- වැල්ලේ හෝ අවකාශයේ අකුරු ඇඳීම
- සංයුක්ත ද්‍රව්‍ය භාවිතය ( ලී වලින් තනන ලද අකුරු හෝ ඉලක්කම්)
- කරුණු මතක තබා ගැනීම සඳහා ඇවිදීම වැනි ක්‍රියාකාරකම් වල යොදවමින් පාඩම් කිරීමට සැලැස්වීම
- හොඳ ශ්‍රව්‍යමය ප්‍රතිදානයක් ඇති ශ්‍රව්‍යමය මෘදුකාංග භාවිතය
ඉගෙනුම් ආබාධ සහිත දරුවන්ට පන්ති කාමරයේදී සහාය වන්නේ කෙසේද
ඩිස්ලෙක්ෂියා සහිත සිසුන් සමග මග කටයුතු කරන ගුරුවරුන් ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය සම්බන්ධව නම්‍යතාවයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. පන්ති කාමරයේ සිටින සියළුම සිසුන් එකම ආකාරයකට ඉගෙනීම් සිදුකරයි කරයි යන බලාපොරොත්තුවෙන් සිටිනවාට අමතරව ශිෂ්‍යයාට සුදුසු ක්‍රමයක් සොයා ගැනීම ගුරුවරුන්ට සිදුකළ හැකිය.
පන්ති කාමරය තුළ ඉගෙනීම් ආබාධ සහිත දරුවන්ට උපකාර කිරීම සඳහා ඔවුන්ට සුවිශේෂී වූ අවශ්‍යතා ආමන්ත්‍රණය කරන පරිදි ඉගෙනීමේ ක්‍රියාවලිය සකස් කළ යුතුය. උදාහරණ වශයෙන් ඔවුන්ට උපකාර කළ හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ.
පුද්ගලාරෝපිත අධ්‍යාපන වැඩසටහන (IEP- Individualized Education Program )
මෙවැනි ඉගනුම් දුබලතා සහිත දරුවන්ගේ හැකියාවන් දුර්වැකියාවන් දුර්වලතාවයන් හදුනාගෙන දෙමාපියන් ගුරුවරුන් සහ විශේෂ අධ්‍යාපන විශේෂඥයින් විසින් දරුවාගේ ඉගෙනීම්ට අදාළව පුද්ගල රෝපිත අධ්‍යාපන වැඩ වැඩසටහන්ක නිර්මාණය කිරීම කළ හැක. දරුවන්ට උපදෙස් ලබා දෙන ආකාරය වෙනස් කිරිමද මෙවැනි දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි තවත් එක් ක්‍රමයකි . විවිධ ඉගෙනුම් ශෛලීන් අනුගමනය කිරීම් සහ දරුවන්ගේ විශේෂිත වූ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඉගෙනුම් ද්‍රව්‍ය භාවිතා කිරීම කල හැකිය. උදාහරණ වශයෙන් දෘශ්‍ය ආධාරක ප්‍රායෝගික ක්‍රියාකාරකම් ශ්‍රවණ ඉඟි වැනි උපදෙස් ලබා දීමේ ක්‍රම භාවිතා කළ හැකිය. බහු ඉන්ද්‍රිය ඉගෙනීම (Multi-Sensory Learning) , ඉගෙනීමේ ආබාධ සහිත සිසුන් ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා පාඩම්වලට බහු ඉන්ද්‍රිය ඉගෙනීම ඇතුළත් කරන්න. උදාහරණයක් ලෙස, ඉගෙනුම් අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා උපාමාරු (manipulatives), දෘශ්‍ය ආධාරක (visual aids) සහ අන්තර්ක්‍රියාකාරී තාක්ෂණයන් (interactive technologies) භාවිතා කරන්න.

උපකාරක තාක්‍ෂණය (Assistive Technology) භාවිතය සිසුන්ට තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ ඔවුන්ගේ අවබෝධය ප්‍රදර්ශනය කිරීමට උපකාර කිරීම සඳහා පෙළ සිට කථන මෘදුකාංග (text-to-speech software), කථන හඳුනාගැනීමේ මෙවලම් (speech recognition tools) හෝ ග්‍රැෆික් සංවිධායක (graphic organizers) වැනි උපකාරක තාක්ෂණයන් හඳුන්වා දීම සහ භාවිතා කිරීම කළ හැකිය. කුඩා කණ්ඩායම් වලට වෙන්කොට උපදෙස් ලබාදීම අමතර සහාය සහ පුද්ගල අවධානය යොමු කිරීම සඳහා කුඩා කණ්ඩායම් තුළ ඉලක්කගත උපදෙස් ලබා දෙන්න. විශේෂිත ඉගෙනුම් අවශ්‍යතා විසඳීමට සහ සංකල්ප ශක්තිමත් කිරීමට මෙය ඔබට ඉඩ සලසයි. ධනාත්මක සිසුන් ශක්තිමත් කිරීම: සිසුන්ගේ උත්සාහයන්, ප්‍රගතිය සහ ජයග්‍රහණ හඳුනාගෙන සමරන්න. ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහ අභිප්‍රේරණය ඉහළ නැංවීම සඳහා ප්‍රශංසාව, ත්‍යාග සහ නිර්මාණාත්මක ප්‍රතිපෝෂණ පිරිනමන්න. විශේෂ අවශ්‍යතා වෘත්තිකයන් ඉගෙනුම් විශේෂඥයින් සමඟ සහයෝගීතාවය: එක් එක් ශිෂ්‍යයාගේ අනන්‍ය අවශ්‍යතා සපුරාලන විශේෂිත උපාය මාර්ග සහ මැදිහත්වීම් ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ අධ්‍යාපන ගුරුවරුන්, පාසල් මනෝවිද්‍යාඥයින්, කථන චිකිත්සකයින් සහ වෙනත් සහායක වෘත්තිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න.
මීට අමතරව ඩිස්ලෙක්ශියා සහිත දරුවන්ට සහායවීම සඳහා ගුරුවරුන් වන අපට පහත සඳහන් උපක්‍රමද අනුගමනය කළ හැක.
- පාඩම් හා උපදෙස් අනු කොටස්වලට වෙන් කිරීම
- ශිෂ්‍යයාට නිතරම වැඩ කොටසක් පවරා තැබීම
- වැඩ කරන ද්‍රව්‍ය සංවිධානය කර තිබීම
- ලිවීමට කියවීම්ට සහයකයකු යෙදීම
- ගෙදර වැඩ හා පැවරුම් ලියා තැබීම
- ප්‍රායෝගික පැවරුම් වලදී උදව් කිරීම
- ඉගැන්වීම්ට යන පාඩම් පිළිබඳ දළ සටහනක් කලින් සිසුවාට දීම හා පාඩම අවසානයේදී ඉගැන්වූ පාඩම පිළිබඳ සාරාංශයක් ලබාදීම
- ගෙදර වැඩ ලබා දීමේදී අවශ්‍ය දේ නිවැරදිව දරුවා සටහන් කරගෙන තිබේ දැයි කියා පරීක්ෂාකර බැලීම, අවශ්‍ය පැවරුම් පත්‍ර හා පොත්පත් ගෙදර ගෙන යාම සඳහා සිසුවා ළඟ තිබේදැයි සහතික වීමට ද ගුරුවරයා වගබලා ගත යුතුය.
ඩිස්ලෙක්ශියාව සහිත සිසුන්ට බොහෝ ශක්තීන් ඇත එනම් වාග් කුසලතා, අවබෝධය දෘෂ්ටි, හා කලාත්මක හැකියාවන් ඔවුන් සතුය. බොහෝ ඩිස්ලෙක්ශියා සහිත සිසුන්ට අපේ පාසල් සමාජය තුළ කුසලතා සම්පන්න පුද්ගලයින් බවට පත් විය හැකිය. ගුරුවරුන් ඔවුන්ගේ ගැටලු සහගත ක්ෂේත්‍ර වලට පමණක් වැඩ නොකර ඔවුන්ගේ සුවිශේෂී වූ ශක්තීන් කෙරෙහි හැකි තරම් කලින් අවධානය යොමු කිරීම තුළින් ඩිස්ලෙක්ශියා සහිත සිසුන් කුසලතා සම්පන්න සිසුන් බවට පත් කළ හැකිය.
Chamika Hulangamuwa
Lecturer
School of Information Communication Technology (SICT)
Nāgānanda International Institute for Buddhist Studies
