කින්නර අරණ – 17 කොටස

ටානියා විවර කර දුන් පරිගණක තිරය මත වූ අරලියා මල් පීරමින් දෙව්මිණි නොදැනුවත්වම එදින ලන්ඩන් නගර උද්‍යානය අබියස හිඳ සිය අතීත මතක මංපෙත ඔස්සේ බොහෝ දුර ඇවිද ගොස් තිබිණි. ඇගේ ජීවිතය වසා සිටි අලු පැහැ කාන්තාරය පුරා විසිරී තිබූ එම මතක බිඳිති එක් කොටගෙන යළි නිවසට ගිය ඈ තවත් බොහෝ වේලා යන තුරු එම අරලියා […]

මැයි 17 වෙනිදාට ඔබත් සූදානම් ද?

ලාංකීය සංගීත කලාවට වෙනස් දෑ එකතු කරමින් එය  නව මානයකට යොමු කිරීමට උත්සහ දරන තරුණ වාද්‍ය ශිල්පියෙකුට මම අද කතාබහට ආරාධනා කළා. තම නාමය ජාතික පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද සනිටුහන් කිරීමට සමත් වූ මොහු නමින් රකිත වික්‍රමරත්න. මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? තාල සංචාර ප්‍රසංගයේ වැඩකටයුතුත් සමග මේ දවස් වල කාර්‍යබහුල වෙලා ඉන්නවා. ඒත් […]

කින්නර අරණ – 16 කොටස

අනුරාධපුරය බලා පිටව යන්නට පෙර එම හිමිදිරි පාන්දර සේන වෙද නිවසට ගොඩ වූයේ එය තම යුතුකම නිසා ය. ඔහු හා බස් නැවතුම්පොළ වෙත යන්නට පියා හා ගුණදාස ද මගට පැමිණ සිටියද ඔහු වෙද නිවස වෙත හැරුණේ ඔවුන් කඩුල්ල අසල නවතා ය. “මේක මං තනියම විසඳගෙන එන්නම්…” ඔහු ඔවුනට පැවසුවේ එලෙසිනි. එදින සේනට වෙද නිවසින් හිඳගන්නට […]

කින්නර අරණ – 15 කොටස

ලීලාගේ ඇසුරේ සේනගේ සිත සුවපත් වෙමින් තිබිණි. එහෙමට නිතර මුණගැහීමක් නොතිබුණද සේන හට භාර වූ අලුත් රාජකාරියක් වූ බෙහෙත් පැළ සොයන්නට වෙද මහතා ප්‍රමුඛ නඩයට එකතු වී යද්දී ද, පෝ දාට පන්සලේදී ද ඔවුනට කතාබස් කරන්නට නිදහස තිබිණි. සේන වෙද නිවසටද ආවා ගියා වුවද, නිතර දෙවේලේ ගම්මුන් ගැවසෙනා එහි ඔවුන් එලෙස කතාබස් කරමින් හිඳින්නට පෙළැඹුනේ […]

කින්නර අරණ – 14 කොටස

දෙව්මිණිගේ සරසවි දිවිය වසරින් වසර ගෙවී යමින් තිබිණි. මුල් කාලයේදී සේනක හෝ අඩුම තරමින් සිරිමලී සමග හෝ සම්බන්ධතාවයක් ගොඩනගාගන්නට කොතෙකුත් උත්සාහ කළද එය සඵල නොවූ තැන එම වියෝ දුක හේතුවෙන් අධ්‍යයන කටයුතු පවා අඩාල කරගත්තද, කෙමෙන් කාලය ගෙවී යද්දී සිය සිත සන්සුන් කරගන්නට පුරුදු වූවාය. ජීවිතය එලෙසින් අයාලේ ගෙවී යන්නට ඉඩ දීමෙන් තමාටවත්, තමා ආදරය […]

කින්නර අරණ – 13 කොටස

සේන සිය පියා හා බංගලාවට ගොඩවැදුණේ එම දුරකතන සංවාදය සිදු වූ දින සන්ධ්‍යාවේදී ය. ඔවුන් දැකීමෙන් සිය පසුතැවිලි සහගත සිතිවිලි අලුත් කරගත් ජයසුන්දර මැණිකේ අසරණව සිය සැමියා දෙස බැලුවේ දහවල් දෙව්මිණි හා සිදු වූ සංවාදය පිළිබඳ ඔහුට හෙළි කර සිටින්නට එතෙක් නොහැකි වූ නිසාවෙනි. ඒ කිසිත් නොදත් ජයසුන්දර හාමු සිනහමුසු මුහුණින් අමුත්තන් පිළිගත්තේය. “අවුරුද්දට ආවාට […]

ජපානයේ නූතන කලා සෞන්දර්ය හා මෘදු බලය

පසුගිය මාසයේ ජපානයේ ප්‍රසිද්ධ කලා කරුවෝ දෙදෙනෙක් අභාවප්‍රාප්ත වුණා.  ඒ දෙදෙනා ගැන කරන කෙටි සටහනකින් මේ ලිපිය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු හතළිහකට වැඩි කාලයක් ජපානයේ චිත්‍රකතා කතුවරයෙකු ලෙස සේවය කළ තොරියමා අකිරා මහතා අවුරුදු 68ක් ආයු වළඳා පසුගිය මාර්තු 1 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ Dragon Ball කතාව Shonen Jump නමැති චිත්‍රකතා සඟරාවේ සතිපතා පළ […]

කින්නර අරණ – 12 කොටස

දෙදිනකට පසු සේනට නැවත ගෙදර එන්නට වෙද මහතාගෙන් අවසර ලැබුණේ මොරටු ගොස් සිටි ඔහුගේ පියා ද යළි ගම පැමිණීමෙන් පසුව ය. “මොනවද දරුවෝ මේ කරගත්තේ?” සේනගෙන් පියා විමසුවේ බෙහෙත් ගල්වා වෙළුම් පටිවලින් එතූ හිසින් යුතුව ගුරු පාර ඔස්සේ නිවස වෙත ඇවිද එන අතරේ ය. ඔවුනට ඉදිරියෙන් හුළු අත්තක් ඔසවාගෙන යමින් සිටියේ ගුණදාසයි.  “ඕකා මොනවද නොකරගත්තේ […]

කින්නර අරණ – 11 කොටස

ධාරාණිපාත වර්ෂාව මඳින් මඳ තුරල් විය. පොඩි එවුන් දෙදෙනා උදෑසන පටන් සිදු වූ දෑ මාරුවෙන් මාරුවට කියාගෙන යන අතරේ අවධානයෙන් අසා සිටි ගුණදාස මේ සියල්ල මෙලෙස සිදු වූයේ කෙසේදැයි කල්පනා කළේය. “කෝ එතකොට සේන අයියා?” ඔහු ඇසුවේය. “දන්නෙ නෑ.” “ඇයි ඔයගොල්ලො එද්දි එයා හිටියෙ නැද්ද?” “නෑ. මෙහෙ කවුරුත් හිටියෙ නෑ…” සුනිමල් කීවේය. “ඇයි අපෙ අක්කා […]

කින්නර අරණ – 10 කොටස

ඒ පැවසූ ලෙසින් වර්ෂාව කෙමෙන් අඩු වුවද, ඔරුව ද සම්පූර්ණයෙන් පිළිසකර කර අවසන් වුවද දෙව්මිණිට ආපසු යන්නට සිතක් තිබුණේ නැත. ඇයට සේනගේ ආම්පන්න අතර තිබී සොයාගත් බටනලාවෙන් වාදනයක් අසන්නට වුවමනා විය. සේනට ද ආපසු යන්නට සිතක් තිබුණේ නැත. නමුත් ඈ පිළිබඳ සිය වගකීම අමතක කළ නොහැකි වූ බැවින්, බොහෝ වේලා ගත කළ නොහැකි බවත්, නැවතත් […]