නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විද්‍යායතනයෙහි 2023 වසර සඳහා බඳවා ගත් නවක සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය හා අධ්‍යයන කටයුතුවල සමාරම්භක උලෙළ 2023.05.13 වන දින ආයතනික ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී තොරතුරු තාක්ෂණය පිලිබඳ විද්‍යාවේදී ගෞරව (BSc Hons in IT) උපාධි පාඨමාලාවට බඳවා ගත සියලු සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට ආයතනය කටයුතු කර තිබීම විශේෂයත්වයකි.
මෙම අවස්ථාවට නගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ නිර්මාතෘ සහ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි, එහි සනාතන මණ්ඩල සභික පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද, ආයතනයේ ගරු අධ්‍යක්ෂක ජගත් සුමතිපාල මහතා සහ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයද, සිසු දරු දැරියන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් සහභාගී වුනි.
LOLC Technologies සමාගම, Mainframe පුද්ගලික සමාගම සහ CAMMS සමාගම, ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ළමා පදනම විසින් සිසුන් හට රැකියා අවස්ථා සමග ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම සඳහා එහි නිලධාරී භවතුන් ද මෙම අවස්ථාවට සහභාගී වන ලදී. i-Context සහ REVOX ආයතන වල ප්‍රධානීන් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, කප්රුක ආයතනයේ නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් මහතා විසින් සමරු දේශනයද, තොරතුරු සන්නිවේදන තාක්ෂණ විද්‍යායතනයෙහි අධ්‍යක්ෂක මහාචාර්ය රඟමිණි වේරවත්ත මහතා විසින් සමාරම්භක දේශනයද පවත්වන ලදී.



