පසුගිය සැප්තැම්බර් මසට යෙදුණු සාහිත්‍යය මාසයට සමගාමිව මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය සාහිත්‍ය උලෙළ අද (ඔක්තෝබර් 16) වන දින මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ හා සංස්කෘතික බල මණ්ඩලයේ සංවිධානයෙන් හා මුන්දලම ප්‍රාදේශීය ලේකම් සාලිය මල්විල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී අති සාර්ථකව පැවැත්විණි.
අනාගත සාහිත්‍යය කෙතේ බීජාංකුර වන ප්‍රදේශයේ පාසල් සිසු දරු දැරියන්ගේ සාහිත්‍ය කුසලතාවය ඔප් නැංවීම හා ප්‍රදේශයේ ජෙය්‍යෂ්ඨ කලාකරුවන්ගේ හැකියාව අගය කිරීමත් මෙහි මූලික අරමුණ විය.
එහිදී ප්‍රාදේශීය සාහිත්‍යය තරග වලදී සිය කුසලතාවය මත ජයග්‍රහණය ලැබූ පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි කලාකරුවන්ද මෙහිදී අගය කිරීමට ලක් කෙරිණි.”භාවෝද්දීපනී” 2024 ලෙස නම් කර තිබූ මෙවර මෙම සාහිත්‍ය මංගල්‍යය සහෘද ප්‍රේක්ෂකයන්ගේ රස භාව උද්දීපනය කළ තෝතැන්නක් වූ අතර පාසල් දරු දැරියන්ගේ නැටුම් හා ගැයුම් රැසක් මෙම වේදිකාවේදී කලඑළි බැස්සේය.නව නළු රස විදිනු රිසි සහෘද වර්ගයාගේ රස භාව උද්දීපනය කරනු පිණිස සංවිධානය කළ මෙම කලා උළෙල බහු සංස්කෘතික විවිධත්වයකින් යුක්ත වීම් විශේෂත්වයයි.



සැකසුම:- එච්.එම්.එස්.සංජීවනී කුමාරි
