WSA ගෝලීය ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවය හා සමුළුව මෙවර මෙක්සිකෝවේදී පැවැත්වුණී.
එහිදී ලෝකයේ වඩාත් සමාජ ඵලදායි මෘදුකාංග 5 අතරට ශ්‍රී ලංකාවේ “ManKiwwa” මෘදුකාංගය පත් වූ අතර එක්සත් ජාතීන්ගේ ඵලදායි හා තිරසාර සංවර්ධන ඉලක්ක( UN SDG Goals) සපුරා ගැනීමට සහාය දක්වන මෘදුකාංගයක් ලෙස ManKiwwa මෘදුකාංගය, මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ලෝකයේ හොඳම මෘදුකාංග 40 අතරට තේරී පත්විය.




එමෙන්ම “අන්තර්ගතය ඇතුලත් කිරීම සහ ඵලදායි බලගැන්වීම” (Inclusion & Empowerment) වර්ගීකරණ කාණ්ඩයේ විශිෂ්ටතම මෘදුකාංග 5 අතරට ද තේරී පත්විය.

ඕනෑම රටක යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජයීය පොදු අවශ්‍යතා සහ ගැටලු රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය හෝ අදාළ බලධාරීන් වෙත සුළු වේලාවක් තුළ වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව පැමිණිලි කිරීමටත් සන්නිවේදනය කිරීමටත් ManKiwwa ( මංකිව්වා) මෘදුකාංගය ඉතා වටිනා සමාජයීය හා පොදුජන මෙවලමක් ලෙස ශ්‍රී ලංකාවට මෙන්ම ගෝලීයව සියලු රටවල් වලටද වඩාත්ම සුදුසු බව WSA සම්මාන උළෙලේදී සහතික කර එය තහවුරු කරමින් සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ දී ලද විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැක.
අප ආයතනය මෘදුකාංග නිපදවන සමාගමක් වන අතර සෑමවිටම ව්‍යාපාර/ ආයතන/ පුද්ගලයිනට එදිනෙදා වැඩකටයුතු වලට බලපාන අභියෝග විසඳීම සඳහා නව්‍ය මෘදුකාංග විසඳුම් නිර්මාණය හඳුන්වා දීමට අප විශේෂත්වයක් දරයි. අපගේ විසඳුම් ජාතික මට්ටමේ නවෝත්පාදනයන් සහ සමාජය සහ ව්‍යාපාර තුළ අප කරන බලපෑම වෙනුවෙන් සම්මාන ද දිනාගෙන ඇත.
ManKiwwa ( මංකිව්වා) මෘදුකාංගයේ නිර්මාතෘ, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ෂොහාන් කුලසූරිය මහතා ශ්‍රී ලාංකේය නාමය හා ජාත්‍යන්තරය තුළදී සම්මානයෙන් පිදුම්ලද සම්මානනීය අවස්ථාවට මෙක්සිකෝවේදී සහභාගී විය .
එහිදී අදහස් දැක්වූ ManKiwwa ( මංකිව්වා) මෘදුකාංගයෙන් නිර්මාතෘ ෂොහාන් කුලසූරිය කියා සිටියේ, “අපගේ මෘදුකාංග හරහා ශ්‍රී ලාංකීය අභිමානය , ජාතික කොඩිය රැගෙන ජාත්‍යන්තර වේදිකාවකදී සම්මානයක් දිනා ගන්න ලොකු බලාපොරොත්තුවක් ආශාවක් තිබුණා. ඒ වෙනුවෙන් අප කණ්ඩායම ශ්‍රි ලංකාවේ පළාත් පාලන ආයතන හා ජනතාව අතර හොඳ සන්නිවේදන ක්‍රියාවලියක් හදුන්වා දීමට ManKiwwa මෘදුකාංගය හරහා කටයුතු කළා” යනුවෙනි.
