අකල් රෝස -කොටස 04

author
0 minutes, 0 seconds Read


ඔහු පැමිණීමට පෙර වහා එතනින් ඉවහ් වී යා යුතු බව ඇයට සිටුනි.එහෙත් ඇයට අඩි දෙකක්වත් ඉදිරියට යා නොහැකි විය.ඇගේ වම් වළලුකර දැඩි සේ වේදනා දෙන්නට විය. නැවතත් ඇද වැටෙන්නට ගියත් ඇය පසුපසින් පැමිණි සෙබළා ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේය.
“හයියෝ හයියෝ…!!මට අද උදේම කුලප්පු වෙච්ච වෙළඹක් ආම්බාම් කරන්ඩනෙ උනේ…!!”
සෙබළා කීවේය.ඇය ලැජ්ජාවෙන් ගස්සා ඉවත බලා ගත්තාය.

“ඔය ගැස්සිලි බැස්සිලි මට හරියන්නෙ නෑ නංගි..ඕවට අහු වෙන්නෙ නෑ හො‍ව හැදිච්ච කොල්ලො…!හරිද..!”
සෙබළා කීවේ සිනාසෙමිනි.නදිරා ඔහෙ බලා සිටියාය.
“හරි හරි…!විහිලුවක් කෙරුවෙ..!
ගණන් ගන්න එපා…!”
කියූ සෙබළා අසල වූ අයෙකුට අඬ ගැසීය.ඒ දෙස බැලූ නදීරා දුටුවේ එහි කාන්තා සෙබලියක්ද සිටින බවය.සෙබළා අඬ ගැසුවේ එම සෙබලියටය.නදීරට සැනසුම් සුසුමක් හෙලුනි.

“මේ මිස්ගෙ කකුල පොඩ්ඩක් බලන්ඩ.”
සෙබලා එතනට පැමිනි සෙබලියට කියමින් එතනින් ඉවත් වී ගියේය.

“ඇයි මිස් ..?මොකක්ද කකුලට උනේ…?”

“වැටුනා..! දැන් අඩිය
තියන්ඩ බෑ..!”

“කෝ බලන්ඩ !ආ..!වෙන්ඩ දෙයක් ,නෑ ,!පොඩි උලුක්කුවක් වගේ ! කොහෙද යන්නෙ ..?”

“මං මේ වැඩට යන ගමන්…!අද පරක්කු උනා..!එකයි හයියෙන් දුවලා ආවෙ…!”

සෙබලිය ඇගේ පාදය පිරික්සා බැලුවාය.

“බය වෙන්ඩ එපා…!සුලු තැල්මක්..!ටිකක් ඉන්ඩ…!මං බාම් ටිකක් ගාන්නම්…!”

කියමින් ඇය සිය කලිසම් සාක්කුවක තිබූ ආලේපන බඳුනක් ගෙන එයින් බිඳක් නදීරාගේ දෙපාවල ආලේප කලාය.

“දැන් කොහොමද …?”

“හොඳ සනීපයක් දැනෙනවා.ගොඩක් ස්තුතියි ඔයාට…‍”

“සුලු දෙයක් ..!ඇවිදින්ඩ පුලුවන් ද දැන් ..?”

“පුලුවන්…!”

“එහෙනම් පරිස්සමින් යන්ඩ ..! බලාගෙන අඩිය තියන්ඩ…!”
කියමින් සෙබලිය ඉවත්ව ගියාය..නදීරාද කොර ගසමින් සිය කාර්‍යාලය වෙත පැමිණියාය.

ඇය කාර්‍යාල භූමියට ඇතුල් වෙන විටම දුටුවේ සිය ප්‍රධානියා හා කාර්‍ය මණ්ඩලයේ පිරිස යුහුසුළුව එක් එක් කාර්‍යන්හි නිරතව සිටිනා බවයි.

“විනාශයි..!මැඩම් මිදුලටම බැහැලා ..,මං එනකම් වෙන්න ඇති බලා ඉන්නේ…!”
නදීරාගේ සිතට බියක් දැනුනි.ඇගේ පාදයේ වේදනාව වැඩි වන අයුරක් දැනුනි.ඉබේම කොර ගැසීම වැඩි විය.

“නදීරා…!මොකෝ ලමයෝ කොර ගහන්නෙ…?”
ඒ ඇගේ ප්‍රධානියා වුය් සහකාර අධ්‍යක්ෂ වරියයි.ඇගේ හඬ කාරුණික විය.නදීරාගේ සිතේ බිය මඳක් අඩුවිය.ඇය සිදුවූ සියල්ල සියල්ල කෙටියෙන් පැවසුවාය.

“ඉතින් මට කෝල් එකක් දෙන්න එපායැ…!අද අපි ට්‍රේන් එකේ එන අයට විශේෂ සහනයක් දුන්නා.කීයට ආවත් අද සෝට් ලිව් වත් හාෆ්ඩේ වත් කපන්නෙ නෑ..!මට කෝල් එකක් දුන්නා නම් මං කියනව හෙමීට එන්ඩ කියලා…බලන්ඩ මං හිතා ගෙන හිටියේන අමුත්තො පිලිගන්ඩ නදිරව දාන්ඩ.ඒත් මේ විදිගට කොර ගහ ගහ ඒක කරන්ඩ බෑ .!ඊට හපන් සාරියෙ හැටි…! මඩ පැල්ලම් හැම තැනම…!දැන් ඉතින් වෙන කෙනෙක්ව දාන්ඩ වෙන්නෙ. කමක් නෑ..!ඒකට තරංගා ව දාන්නම්..!”
ඇය කීවාය.නදීරාට පසුතැවිල්ලක් ඇති විය.
තරංගා ඇය තරම් ප්‍රියමනාප තරුණියක් නොවීය.එහෙත් මෙම අවස්ථාව අද ඇයට හිමිවී ඇත්තේ තමාගේම නොසැලකිල්ලෙන් බව ඇයට වැටහුනි.ඇය ට සියුම් ඊර්ෂ්‍යාවක් ඇති විය.
“ඇයි යකඩෝ…!කොටන් අදින්නෙ අපි!පෙරහැරේ යන්නෙ වෙන අලිනෙ…!හිටපිය තරංගෝ…!බොට කරන්නම් හොඳ වැඩ… ක්..”
ඇය තනිවම සිතුවාය . මෙම කාර්‍ය භාර ගැනීමට තරංගාද අදි මදි කලහැට අයට මතක් විය.
“ඕනැ එකෙක් ඕනැ කුදයක් ගහ ගත්තාවෙ..!කකුල රිදෙනවා කියලා නිවාඩු දාල මං යනවා ගෙදර…!”

ඇය තීරණය කලාය.ඇය කාර්යාලයට ගොස් නිවාඩු අය දුම්පතක් පිරෙව්වාය
“ඔයා ආපු එකේ වරුවක්වත් ඉඳලා යන්ඩ…!”
එක් යෙහෙළියක් කිව්වාය.එයද ඇත්තය .මෙතරම් දුෂ්කර තාවයන් විඳ මේ ආ ගමනද නිශ්ඵල නොවීමට වරුවක්වත් .ගත කල යුතුය.
“මට නම් කමක් නැ..!ඒත් මැඩම් මහ බලු වැඩක් කලේ…!මං ලව්ව ඔක්කොම වැඩ කොරෝ ගෙන ඉස්සරහ ට යවන්නෙ අරකිව…!”

“ඇයි උඹ හිතුවද උඹව යවයි කියලා..? උඹව ගොනාට අන්දවලා වැඩ කර ගත්තට මැඩම්ගෙ එදා ඉඳලම ප්ලෑන් එක තිබුනෙ තරංගව පිලිගන්ඩ යවන්ඩනෙ.ඒකනෙ අ උඹට තේරුනේ නැතුවට අපි නම් දැන ගෙන හිටියෙ.අදම උඹ කකුල උළුක් කර ගත්තු එක පනින රිලවුන්ට ඉනිමං තිබ්බා වගේ උනා..!”
යෙහෙළිය කීවාය.
එදින පස්වරුව ආරම්භ වෙන විට නොයෙක් ප්‍රදේශවලින් ප්‍රභූන් පැමිණෙන්න්ට විය.ඒ වන විට නදීරාගේ වලලුකර ඉදිමී තිබුනි.ඇය ඉතා අපහසුවෙන් අඩිය තබමින් කාර්‍යාල භූමියෙන් පිටතට එන්නට විය.ඇය ගමන් කලේ සිහිනෙන් ඇවිදින්නියක මෙනි. දුක,වේදනාව ඉච්ඡාභංගත්වය හා ලැජ්ජාව ඇයගේ සිත ව්‍යාකුල කර තිබුනි.
ඉතා අපහසුවෙන් අඩිය තබමින් ආ ඇය ගේට්ටුව අසලට එන විටම ගේට්ටුවෙන් ඇතුලට ආ රථයක හැපුනේ එක් නිමේෂයකිනි .

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa