කින්නර අරණ – 17 කොටස

ටානියා විවර කර දුන් පරිගණක තිරය මත වූ අරලියා මල් පීරමින් දෙව්මිණි නොදැනුවත්වම එදින ලන්ඩන් නගර උද්‍යානය අබියස හිඳ සිය අතීත මතක මංපෙත ඔස්සේ බොහෝ දුර ඇවිද ගොස් තිබිණි. ඇගේ ජීවිතය වසා සිටි අලු පැහැ කාන්තාරය පුරා විසිරී තිබූ එම මතක බිඳිති එක් කොටගෙන යළි නිවසට ගිය ඈ තවත් බොහෝ වේලා යන තුරු එම අරලියා […]

මැයි 17 වෙනිදාට ඔබත් සූදානම් ද?

ලාංකීය සංගීත කලාවට වෙනස් දෑ එකතු කරමින් එය  නව මානයකට යොමු කිරීමට උත්සහ දරන තරුණ වාද්‍ය ශිල්පියෙකුට මම අද කතාබහට ආරාධනා කළා. තම නාමය ජාතික පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද සනිටුහන් කිරීමට සමත් වූ මොහු නමින් රකිත වික්‍රමරත්න. මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? තාල සංචාර ප්‍රසංගයේ වැඩකටයුතුත් සමග මේ දවස් වල කාර්‍යබහුල වෙලා ඉන්නවා. ඒත් […]

Technology Management හි ඇතුළත් මූලික සංකල්ප මොනවාද?

පසුගිය සතියේදී සන්දර්භානු ගත බුද්ධියෙන් වෙනස කළමනාකරණය කරගන්නේ කෙසේද ? යන තේමාව යටතේ අප කතාබහ කලේ නව තාක්ෂණයේ වෙනස් වීමත් සමඟ සමාජය පරිසරය ද නව තාක්ෂණයට අනුකූලව වෙනස් වෙන ආකාරය පිළිබඳවයි. එසේ නම් අද අප සූදානම් වන්නේ මෙකී තාක්ෂණයේ එන තාක්ෂණික කළමනාකාරණයේ සඳහන් ප්‍රධානතම සංකල්ප කිහිපයක් වෙතට ඔබේ අවධානය යොමු කිරීමටයි. තාක්‍ෂණික කළමනාකරණය යනු කුමක්ද […]

කින්නර අරණ – 16 කොටස

අනුරාධපුරය බලා පිටව යන්නට පෙර එම හිමිදිරි පාන්දර සේන වෙද නිවසට ගොඩ වූයේ එය තම යුතුකම නිසා ය. ඔහු හා බස් නැවතුම්පොළ වෙත යන්නට පියා හා ගුණදාස ද මගට පැමිණ සිටියද ඔහු වෙද නිවස වෙත හැරුණේ ඔවුන් කඩුල්ල අසල නවතා ය. “මේක මං තනියම විසඳගෙන එන්නම්…” ඔහු ඔවුනට පැවසුවේ එලෙසිනි. එදින සේනට වෙද නිවසින් හිඳගන්නට […]

කින්නර අරණ – 15 කොටස

ලීලාගේ ඇසුරේ සේනගේ සිත සුවපත් වෙමින් තිබිණි. එහෙමට නිතර මුණගැහීමක් නොතිබුණද සේන හට භාර වූ අලුත් රාජකාරියක් වූ බෙහෙත් පැළ සොයන්නට වෙද මහතා ප්‍රමුඛ නඩයට එකතු වී යද්දී ද, පෝ දාට පන්සලේදී ද ඔවුනට කතාබස් කරන්නට නිදහස තිබිණි. සේන වෙද නිවසටද ආවා ගියා වුවද, නිතර දෙවේලේ ගම්මුන් ගැවසෙනා එහි ඔවුන් එලෙස කතාබස් කරමින් හිඳින්නට පෙළැඹුනේ […]

කින්නර අරණ – 14 කොටස

දෙව්මිණිගේ සරසවි දිවිය වසරින් වසර ගෙවී යමින් තිබිණි. මුල් කාලයේදී සේනක හෝ අඩුම තරමින් සිරිමලී සමග හෝ සම්බන්ධතාවයක් ගොඩනගාගන්නට කොතෙකුත් උත්සාහ කළද එය සඵල නොවූ තැන එම වියෝ දුක හේතුවෙන් අධ්‍යයන කටයුතු පවා අඩාල කරගත්තද, කෙමෙන් කාලය ගෙවී යද්දී සිය සිත සන්සුන් කරගන්නට පුරුදු වූවාය. ජීවිතය එලෙසින් අයාලේ ගෙවී යන්නට ඉඩ දීමෙන් තමාටවත්, තමා ආදරය […]