අකල් රෝස – 01 කොටස

author
0 minutes, 0 seconds Read

උදෑසන 56.00ට කොළඹ බලා දිවෙන බස් රථයේ හෝන් හඬින් .නදීරා අවදි වූවාය.. මේසය මතවූ කුඩා ඔරලෝසුව දෙස නැලූ ඇය කලනලයෙන් දනි පනි නැගිට්ටාය.

“හද්දෙයියනේ..!අද දන්නෙම නැතුව නින්ද ගියා…දැන් හොඳටම පරක්කු වෙනවා.අද ඉතින් රතු ඉර තමයි. කොහෙද මේ ගෙදර උන්ටත් බැරි උනානෙ මාව ඇහැරවන්න..”

සිතමින් ඇය යහනින් නැගිට කුස්සියට දිව්වාය.අම්මා කඩයප්පන් හදමින් සිටී.පොඩි නංගී අක්කලා දෙන්නාට ගෙන යාම සඳහා ආහාර සකස් කරමින් සිටී. නදීරා එනු දුටු පොඩි නංගී ඇයට සිනාවක් පෑවාය.නදීරා ඇය දෙස රවා බැලුවාය.

“ගුඩ් මෝනින්,ලොකු අක්කා නැගිට්ටද..,?මං තේකක් හදන්නම්..!”
ඇය ඇසුවාය.

“නැකිට්ටද අහන්නෙ මං මෙතන හීනෙන් ඇවිද්ද කියලද හිතුවෙ…? ඉකමනට හදනවා තේ එක.,වෙලා ගිහින් හොඳටම .අම්මේ නැලවි නැලවි ඉන්නෙ නැතුව් ඉකමනට ඔය ටික බෙදලා අඩුක් කරලා දෙන්ඩ.මං වතුර දෙකක් දාගෙන එන්නම්,ටාර් ගාලා..”

කියමින් නදීරා කුස්සියේ මේසය .අසලට දිව ආවාය.ඇගේ හදිසියට ඈ අඩිය තිබ්බේ මේසය අසල නිදා සිටි බැළලියගේ ශරීරය මතය.බැළලිය වේදනාවෙන් මහ හඬින් කෑ ගසමින් පැන දිව්වේ පොඩි නංගී පිලියෙල කරමින් සිටි බෝංචි ටිකද පෙරළමිනි.ඒ දුටු මව කෝපයට පත් විය
..එහෙත් නදීරා ට ඒ ගැන සිහියක් නොවීය. ඇය දත් බෙහෙත්,සබන් හා තුවාය රැගෙන ලිඳ ලඟට යාම පිණිස බාල්දිය සෙව්වාය.එහෙත් බාල්දිය එහි නොවීය.

“ඒ පාර බාල්දිය නෑ..!අම්මේ අම්මේ…!!කෝ අනේ මේ බාල්දිය..?මට,වෙලා ගිහින් හොඳටම..!”
ඇය බෙරිහන් දුන්නාය.

“බාල්දිය මද්දු අරන් ගියා…ඔතන කෑ ගහ ගහ ඉන්නෙ නැතුව ගිහින් මද්දු එක්ක නා ගෙන වරෙන්…!”

අම්මා කෝපය යටපත් කර ගෙන කිව්වේ ඉඳි ආප්ප ටික ප්ලාස්ටික් කූඩයේ තැන්පත් කරමිනි.

“අයියෝ..!මද්දු නාන්ඩ හැට පැයක් ගන්නවානෙ.එයා නාගෙන එද්දි මට බස් එක අල්ල ගන්ඩ වෙන්නෙ නෑ…අද නම් රතු ඉර …අනේ දෙයියනේ…!”
නදීරා විස්සෝප වූවාය. මවගේ ඉවසීමේ සීමාව පැන්නෙ එවිටය..

“හැබෑටම මොකක්ද ලොකු උඹට මේ හැදිලා තියෙන පිස්සුව..? පස්ස පැත්තට එළිය වැටෙනකම් බුදිය ගන්ඩ කිව්වෙ අපිද…අනිත් කෙල්ලො දෙයියො බුදුන් සිහි කර ගෙන නැගිටින්නෙ…,ඒකට උඹ..!නැකිට්ටෙම ලතෝනි ගහගෙන.ඒ මදිවට අර බඩදරු පූසිවත් පෑගුවා…!”

“මට අද වේලාසනින් යන්ඩ ඕනෑ..,ඒ උනාට අද වෙනදටත් වඩා වෙලා ගියා…,ඔයාල කාටවත් මතක් උනේ නැද්ද මට ඇහැරවන්න ඕනැ කියලා..?”

“මාර කතාවක්නෙ ඒක…! මේ අපි ඉන්නෙ උඹේ වැඩ කරන්ඩද…?එක්කෝ කියන්ඩ ඕනෑ ඇහැරවන්ඩ කියලා…ඒ මොකුත් නැතුව දැන් මෙතන නටන්ඩ පටන් ගත්තම හරිද…?”

“ඉතින් මං රස්සාවක් කරනවනෙ…?”

“ආ..! දැන් එතකොට උඹ රස්සාවක් කරනවා කියලා අපි අර මිදුලෙ ඉඳන් දණ ගානෙන උණ ලඟට එන්ඩ ඕනැද…?ලොකු මේ…,මගෙන් කොසු පාරක් නොකා ඉක්මනට ලෑස්ති වෙයන්…!නැත් නම් බස් එක අල්ල ගන්ඩ බැරි උනොත් ඒකටත් පලි අපි…!”

අම්මා කීවාය..මද්දුම නංගි ඒ වන විට ස්නානය කර අවසන් වී තිබුනි..නදීරා ඇයව නොදුටුවාක් නෙන් ගොස් කුටු කුටු ගාමින් ස්නානය කරන්නට විය.

“හනේ හනේ ලොකු,! මං ඔයාව අල්ල ගන්ඩ හිටියෙ ඊයෙ රෑ…,!කොහෙද ඊයෙ ඩෙඟා නටපු නැටිල්ලට කතා කරන්ඩ බැරි උනානෙ…එනවකො ගෙදර..!”

මද්දු නදීරා දෙස බලමින් කීවාය.

නදීරා ඇය දෙස යටැසින් බැලුවාය.

“ඇයි තව කේළමක් කියලා අම්මව අවුස්සන්නද..?”

“අමුතුවෙන් අවුස්සන්න දෙයක් නෑ..අම්ම ඇවිස්සිලා ඉන්නෙ..!”

“ඒ මොකටද..?මං මොනා කලාටද..?”

“කරපු දේ..?කරපු කියන්නනම් ගෙදර ආවම…,මට වෙලා යනවා…මං යනවා..!”

කියමින් මද්දු එතනින් ඉවත් විය. නදීරා ද ඉක්මනින් නා ගෙන ගෙදරට දුව ආවාය.
ඒ වන විට මද්දු සාරිය ඇඳ අවසන් වී තිබුනි.
“නංගි…!” නදීරා කාරුණික හඬකින් සිය නැගෙණියට කතා කලාය..අක්කා මෙතරම් ආදරයෙන් කතා කරන්නේ කුමකට දැයි මද්දු අත් දැකීමෙන්ම දනී.

“සාරියක්නෙ…!දෙන්නම්.හැබැයි මට අර ඊයෙඔයා ගත්තු සෙන්ට් ටිකක් ඕනෑ..!”

“හ්ම්ම්,හරි ඉතින්. අර සුදු පාට පසුබිමේ නිල් පාට චූටි මල් මල් ඉහිරිලා තියෙන සාරිය..!”

“අක්කෙ මේ..!තමුසෙ මොකද අර දීප්තගෙ අයියාගෙ හෙල්මට් උදුරන් දිව්වය කියන්නෙ…,කෝ ඒ හෙල්මට් එක.?මටත් එක්ක විළි ලැජ්ජාවෙ බෑ…!”

“ආ..!ඒකද මේ මහලොකුවට අහන්ඩ තියෙනවා කිව්වෙ?ඒ කොල්ලා මං එද්දි බයිසිකලෙන් ඇවිත් පාර හරස් කරන් හිටියා .මං ගණන් නොගෙන යන්ඩ හැදුවෙ.ඒ පාර කියපි පයින් යන්න ඕනැ නෑ.බස් එජට ගිහින් දාන්නම් කියලා.මං කිව්වා අහපු එකට නම් තෑන්ස්,ඒත් මට පයින් යන්න ඕනැ නැතිලු.මළ පනින්නෙ නැද්ද බන්.එකම දේ ආයෙ ආයෙ කියද්දි.මං හෙල්මට් එක උදුරලා අරන් අර බෝක්කුව අස්සට විසි කරලා දුවලා ගිහින් බස් එකට නැග්ගා….!”

නදීරා කීවාය..දීප්තගේ සොහොයුරා නදීරා පිළිනඳව උනන්දු වන බව ඇයට දැනී තිබුනි.එහෙත් ඇය ඒ ගැන තැකීමක් නොකලාය. .

“අක්කේ,ඒ අයියා හරි හොඳයි අනේ..!”
මද්දු කීවේ ඇය දෙස යටැසින් බලමිනි.

“ඉතින්?”

“ඉතින් කියන්නෙ? ඒ අයියාට ඔයා ගැන හිතක් පහළ වෙලා අනේ…,මගෙ මස්සිනා වෙන්ඩ ඕනැ තරන් සුදුසුකම් තියෙනවා එයාට…!”

“මේ මද්දු මේ..!එකක් කියන්නම්. ඔයාලට ඕනැ දෙයක් කරගන්ඩලා…ඒකට මගෙන් කිසිම ම බාධාවක් නෑ.හැබැයි මට නම් ඔය කුණ්ඩවාල් පටලන්න ලෑස්ති වෙන්න එපා.._හරිද..?”
නදීරා කීවේ කණ්ණාඩිට සිනාසෙන ගමන්‍යය..

“ආ! දැන් එතකොට අර නාකි කුණ්ඩවාලෙ නම් කමක් නැතුව ඇති ..!අක්කෙ ඔයාට ලැජ්ජාවක් කිටල දෙයක් ඇත්තෙම නැද්ද ..?ඒ මිනිහා අපේ අම්මටත් වැඩිය වයසයි. චිකේ..! අපිටත් රෙද්දක් ඇඳලා පාරෙ යන්න බැරි වෙනවා…!”

මද්දු කිව්වේ කෝපයෙනි.නදීරා ඊටත් වඩා කෝපයට පත් වූවාය.

“මේ මද්දු,.!නිකක් කට තියෙන පලියට කතා හදන්න එපා….හරිද..! එදා වෙච්ච දේ මං සිය සැරයක් විතර කිව්වා නේද…? තමුසෙ ඉස්කෝලෙ ගිහින් ළමයින්ට උගන්නනෙ අසරණ අයට උදව් කරන්ඩ එපා කියලද… ම‍ අහගෙන දහම් පාසැලේදිත් තමුසෙ ළමයින්ට කියලා දෙනවා අසරණයන්ට පිහිට වෙන එක බෝසත් ගුණයක් කියලා…කියනකොට එහෙමයි..කරන කොට මෙහෙමයි න්‍යාය මගෙ නෑ මද්දු…!මං කරන දේ කියන,කියන දේ කරන කෙනෙක්…!හරි, මං නිසා ඔයාලට ඔච්චර ලැජ්ජයි නම් මං බෝඩිමක් හොයා ගන්නම්කො.කතාව ඉවරනෙ…!”

නදීරා කීවේ දැඩි ආවේගයෙනි..තමා වරදක් නෑ කල බව ඇයට විශ්වාසය. වරද ඇත්තේ තමා තුලවත් ඒ අසරණ සීයා තුලවත් නොව, තම පවුලේ අයවලුන් බලන කෝණය තුල බව ඇය දැන සිටියාය.

“පොඩ්ඩි!කෝ මගෙ කෑම එක හරිදෝ..”
මද්දු කුස්සිය දෙසට එබී බලමින් හඬ නැගුවාය.පොඩ්ඩි කාමරයට ආවාය.ඇගේ අතේ කෑම පාර්සල් කීපයක් විය.

“ආ..!මෙන්න මද්දු අක්කෙ ඔයාගෙ කෑම ටික.මේ ඉඳිආප්ප උදේට..ඕකෙ පොල් සම්බෝලයි කිරි හොදියි ඇති.මේක දවල්ට.

මේක ලොකු අක්කෙ ඔයාගෙ කෑම එක.ඔයා ඉඳිආප්ප වලට වඩා ලැවරිය වලට ආසයිනෙ.ඔන්න මං ලැවරිය එතුව ඔයාට උදේට කන්ඩ.මේක දවල් කෑම එක..”

“හා පොඩ්ඩි,!මං යාලුවන්ටත් දීලා ලැවරිය කන්නම්.
මේ සාරියෙ කටුව ගහන්ඩකෝ පොඩ්ඩි..!ඔයාට අද,එද්දි මොනවද ගේන්ඩ ඕනෑ..
!”
නදීරා ඇසුවාය.පොඩ්ඩි ඊට පිළිතුරු දීමට පෙර මද්දු කඩා පැන්නාය.

“දැන් මැරෙන්ඩ හැදුව නේද පරක්කු වෙලා කියලා..ගේන්ඩ ඕනැ දේවල් අහන්නෙ පිස්සුද මංදා..!දැක්කනෙ ඊයෙ ..
තව පොඩ්ඩෙන් මෙතන තොවිලයක් කරලා තමයි නතර වෙන්නෙ…මේ ලොකු .., ඔය කඩචෝරු ගේන්ඩ මට නම් සල්ලි නෑ.පඩි හම්බ වෙන්ඩත් තව දවස් හතරක් තියෙනවා …”

මද්දු මැසිවිලි නගන්නට විය..
“කවුද ඔයාට බුලත් දුන්නෙ…?මං කිව්වෙ මං අරන් එන්නම්.. කියල.”
නදීරා කිව්වාය.

“මේ.,ඔයාල වගේ මෝඩයො එක්ක කතා කර කර ඉඳලා මටයි වෙලා යන්නෙ…! ,මං යනවා..!”
කියමින් මද්දු මිදුලට බැස්සාය.
“මද්දු යන ගමන් මේ කූඩෙත් කඩෙන් තියාගෙන යන්ඩෝ..”
මව කෑ ගැසුවාය.
“අනේ අම්මේ…!මට හොඳටම වෙලා ගිහින් තියෙන්නෙ ..!ඕක අක්කා අතේ යවන්ඩකෝ..මං යනවා..”
මද්දු සාරියේ පොට අතේ පටලවා ගෙන ඈතට යමින් කෑ ගැසුවාය.

“එයාට කිව්වෙ මොකටද අම්මෙ?වෙනදත් මමනෙ ඕක ගෙනිච්චෙ..?කෝ දෙන්ඩ.මං කඩෙන් තියාගෙන යන්නම්. මට ඕක ගෙනියන එක සිම්පල්…!!
නදීරා කිව්වාය.

අනතුරුව ඇය එක් අතකින් කඩයප්පන් කූඩයද අනෙක් අතේ සාරිපොට පටලවා ගෙන නිවසින් පිට වූවාය.අද බොහෝ සෙයින් ප්‍රමාද වී ඇත. ඇය ඉක්මන් ගමනින් පා නැගුවාය.

නදීරා පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දියණියයි.ඇයට බාල නංගිලා දෙදෙනෙකි.ඇගේ පියා පෙදරේරු වරයෙකු වූ අතර සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා මිය ගොස් තිබුනි.ඒ වන් විට නදීරාගේ වයස අවුරුදු 16කි. මද්දුමයා වූ ඉෂාරාගේ වයස අවු 15කි.බාලයා වූ සමීරාගේ වයස අවුරුදු 13ක් විය. පියාගේ වියෝවෙන් පසු පවුලේ ආර්ථිකය කඩා වැටුනත් මවගේ උත්සාහය ධෛර්ය කඩා වැටුනේ නැහ.සිය දියණියන් තිදෙනා පෝෂණය කිරීමට හා නිසි අධ්‍යාපනයක් ලබා දීමට ඇය අපමණ වෙහෙසක් දැරුවාය. ඇය රාත්‍රියේ රසකැවිලි හා වෙනත් ආහාර වර්ග සාදා පසුදා උදෑසන ම කඩවල්වලට දැම්මාය..දවල් කාලයේ අසල වත්තක කුලී වැඩට ගියාය.: ඇගේ උත්සාහය මල්පල ගන්වමින් දියණියන් තිදෙනාම නිසි අධ්‍යාපනයක් ලැබූහ. අද වැඩිමහල් දියණිය වූ නදීරා කළමනාකරන සෙවා නිලධාරිනියක ලෙසත් මද්දුම දියණිය වූ ඉෂාරා සිංහල විෂ්‍ ය උගන්වන
ගුරුවරිය්ක ලෙසත් පත්වීම් ලැබුහ.බාල දියණිය වූ රැකියාවක් කිරීමට අකැමතිවූ අතර ඇය මල් වැවීමේ කාර්‍ය් යෙහි නිරත විය.

මේ වන විට පොඩි නංගි වූ සමීරා පෙම්වතෙක් සොයා ගෙන සිටියාය.ඔහු රිතික් නම් වූ ප්‍රසන්න පෙනුමැති උත්සාහ වන්ත තරුණයෙකි මේ.දිනවල ඔහු විදේශ ගතවී සිටියේය …
නදීරා කඩයප්පන් කූඩය රැගෙන පය ඉක්මන් කලේ බස් රථය අල්ලා ගැනීම සඳහාය.දැන් ඒමය නියමිත බස් රථය මග හැරුනොත් කෝච්චියට නැගීමට නොහැකි වෙනු ඇත.එසේ වුවහොත් අනිවාර්යයෙන් රතු ඉර වදිනු ඇත.ඇය හෙමිහිට දුවන්නට වූයේ තව සුලු වේලාවකින් බස් රථය බස් නැවතුමට පැමිණෙන බව දන්නා නිසාය. ඇය කඩය තුලට ගොඩ වැදී කඩයප්පන් කූඩය මුදලාලි අත තැබුවාය.

“මුදලාලි මාමේ,අනේ ගණන් කර කර ඉන්ඩ නම් වෙලාවක් නෑ.. මාම ගණන් කරලා ගන්ඩ.හවසට අම්මා එනවනෙ.එතකොට ගණන් බේර ගන්ඩ.මට බස් එක එනවා.මං දුවනවා…”

කියූ නදීරා කඩයෙන් එළියට පැන වේගයෙන් බස් නැටතුම වෙත දිව ගියාය.

එහෙත්…!
බස් නැවතුමට මඳක් මෑතින් කළු පැහැ හෙල්මට් එකක් දමා ගෙන මෝටර් බයිසිකලයක නැගී සිටිනා අයෙක් දැක ඇය ඉල්ල ගැසුවා සේ නතර විය.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa