අත්තම්මාගෙන් උගත් රේන්ද පාඩම

author
0 minutes, 0 seconds Read

අපේ සමාජයේ අතීත කාන්තාවන් කාලය නිකරුනේ නාස්ති කළේ නැහැ. ඔවුන් හැම තත්පරයක්ම කුමක් හෝ ඵලදායී දෙයක් වෙනුවෙන් වෙන් කළා. ශෂිනි හිරෝෂිමා මදුශංඛිගෙ අත්තම්මාත් ඒ කුලයේ කාන්තාවක්. ඇය රැකියාවට දුම්රියේ ගමන් ගන්නා කාලයේ පවා අත් රේන්ද ගෙතීමට තමන්ගේ ගමන් කාලය වෙන් කර ගත්තා. මේ විදිහට අත්තම්මාගේ ගෙතුම් කලාව සෂිනිට බාල කාලයේ පටන්ම පිහිටා තිබුණා.

කුඩා කාලයේ ගෙවුන ඒ අතීතය තුළින් ලැබූ අත්දැකීම් සමග සෂිනි දැන් ගුරුවරියක් විදිහට සේවය කරනවා. නමුත් කුඩා කාලයේ ලැබූ අත්දැකීම් නිසාම අද වෙන විට ඇය ගෙතුම් කලාව තුළ ව්‍යවසායිකාවක් විදිහටත් නමක් ගොඩ නගා ගැනීමට සමත් වුනා කිව්වොත් නිවරැදියි.

ඔබ මේ ගෙතුම් කලාවට යොමු වුනේ කොහොමද?
අපේ ආච්චි අම්මා කොස්ගම ප්‍රදේශයේ පදිංචිව සිටියා. මං පුංචි කාලයේ ඇය අත් රේන්ද ගොතනවා දැකල තිබුණා. මේ ආභාෂය මටත් ලැබුණා. ඊට අමතරව මම යූ ටියුබ් එකේ වීඩියෝ බලලා ඉගෙන ගත්තා. මේ විදිහට ඉගෙන ගනිමින් ඉන්න විට මාව අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා තේරුනා. ඒ පුහුණුව නේවාසිකයි. ඒ නිසා මට අධ්‍යාපන කටයුතු සමග ගෙතුම් පැතත්ට යොමු වෙන්න විවේකයක් තිබුනේ නැහැ.

එතකොට අද වෙන විට..
දැන් මම ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඒ අතරවාරයේ මම crochet by ශෂි නමින් ෆේස් බුක් පිටුවක් පටන් ගෙන ඔන්ලයින් ඇනවුම් බාර ගෙන කරනවා.

මොනවද කරන ගෙතුම්
මම වූල් වගේම අත් රේන්දත් ඇනවුම් බාර ගන්නවා. වූල් ඉක්මනින් ගොතන්න පුළුවනි. වියදම් පැත්තෙනුත් අඩුයි. නමුත් කල් පැවැත්ම අතින් බලන විට වූල් ඇඳුම් ඉක්මනින් වෙනස් වෙනවා. සෝදන විට ඇදෙන නිසා ඇඳුමක හැඩය පවත්වා ගැනීම අපහසුයි.

අත් රේන්ද ගැන
මම දැන් අවුරුදු එකහමාරක පමණ කාලයක පටන් අත්රේන්දත් ගොතනවා. ඒවා හරිම ශක්තිමත්. නමුත් කාලය ගත වෙනවා වැඩියි. නූල සිහින් නිසා පරිමාව වැඩි වෙන්නේ ඉතාම හෙමින්. නමුත් නිමාව හරිම ලස්සනයි. ඒ වගේම ශක්තිමත්.

අත්රේන්ද වලින් ඔබ කරන අයිටම් මොනවාද?
ක්‍රොප් ටොප්
ක්‍රොචට් සාය
ගවුම්
බ්ලවුස් ඩ්‍රිම් කැචර්
බෑග්
ස්කිනි


මේ වගේ පාරිබෝගිකයන්ගේ ඉල්ලීම අනුව ඔවුන් කැමැති වර්ණයෙන් ලබා දෙන්න පුළුවනි. ස්කාෆ් නම් බොහෝ විට වූල් වලින් කරනවා. ඊට අමතරව ළදරු ඇඳුම් වගේ දේවල් වූල් වලින් කරනවා. ස්කිනි වගේ ඒවත් වූල් වලින් කරනවා.
ඒ අතරේම තවත් අලුත් දෙයක් මම නිර්මාණය කරනවා. ගෙතුම් වලින් අලංකාර කළ පාවහන්. විලාසිතා ප්‍රිය කරන කාන්තාවන් වෙනුවෙන් මේ අයිටම් එක මම තෝරා ගත්තා. සාමාන්‍ය පාවහන් වලට ගෙතුම්වලින් අලංකාර කළාම වටිනාකමක් ලැබෙනවා. උත්සව අවස්ථාවකටත් ගැලපෙනවා. කුඩා දරුවන්ටත් මේ පාවහන් ලොකු අකාර්ශනයක්.


රැකියාවක නිරත වෙන අතරේ මේ වෙනුවෙන් කාලය
මගේ සැමියා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා මට මේ වෙනුවෙන් කාලය හොයා ගැනීම පහසුයි. නමුත් මේ සියුම් රේන්ද අතින්ම ගොතන්න ඕන. ඒ නිසා කාලය අවශ්‍ය වෙනවා. ඇනවුමක් ලැබුනාම ඒ වෙනුවෙන් මටත් කාලය අවශ්‍ය වෙනවා. ඒ නිසා මාසයකටවත් කලින් ඇනවුම් කරන්න කියන ඉලල්ීම මම කියනවා.

ඊට අමතරව මම පේපර් ක්විලින් කටයුතුත් කරනවා. අවශ්‍ය කෙනෙකුට උපන්දින සුබ පැතුම්පත් හෝ සිහිවටන කාඩ්පත් නිර්මාණය කර දෙන්නත් පුළුවන්.

ඇනවුමක් ලබා දෙනවා නම්
මගේ ෆේස් බුක් පිටුවෙන් හෝ 070 1024655 වට්ස්ඇප් අංකයෙන් අමතා ඇනවුම බාර දෙන්න පුළුවනි.

සටහන –
සිල්වා, සි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa