High heels කාන්න්තාවන්ට නැතිවම බැරි අත්‍යවශ්‍යම විලාසිතා උපකරණයකි. මේවා අතීතයේ සාදා ඇත්තේ පිරිමින්ටය. අතීතයේ ඒවා fashion icon එකක් නොවීය. වර්තමානයේ අඩි උස්සපත්තු fashion icon එකකි. පිරිමින් විසින් අඩි උස සපත්තු පැළඳීම සමාජය තුළ ආධිපත්‍ය ( dominate) දරා ඇත. කාන්තාවන් ස්ටිලෙටෝ හීල්ස් (stiletto heels) සහ අඩි උස සපත්තු පැළදීමට කැමතිය. ඒවා පැළදි විට කාන්තාවන්ට ආකර්ශනයක් ලැබේ. සිහින් අඩි ඇති සපත්තු වර්ග, අඩිය උස සපත්තුද කාන්තාවන් අතර ජනප්‍රිය සපත්තු වේ. මේවා වෙළඳපොළෙන් විවිද මිල ගණන් වලින් මිළදී ගත හැක. සමහර සපත්තු ප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාමවලින් ඇත. සාමාන්‍යයෙන් උසම සපත්තු අඩියක් අඟල් අටක් පමණ වේ. කාන්තා සපත්තු නිශ්පාදනයේදී ඒවා නිෂ්පාදනය වන්නේ ඒවා වල කෘතයට වඩා fashion විලාසිතාව ගැන සිතාය.


අතීතයේ අඩි උස සපත්තු පැළැන්දේ පිරිමින් ය. ඒවා කාන්තා විලාසිතාවක් නොවීය. පිරිමින්ට අඩි උස සපත්තු පැළදීම තමන්ගේ සමාජ තත්වය පෙන්වන භෞතික සංකේතයක් (physical status symbol) විය. 10 වන සියවසේදී පර්සියාවේ සිට යුරෝපය දක්වා යුද හේවායන් අශ්වයන් පැදීමේදී අඩි උස සපත්තු high heels පැලඳ ඇත. හොඳ අශ්වාරෝහකයෙක්ට සපත්තු පැළඳීම අත්‍යවශ්‍ය කාරණයක් විය. අසු පිට නැගී සටන් වලට යාමටත් මෙවැනි සපත්තු පහසු විය. සපත්තුව හොඳින් සිරවී තිබෙන නිසා අශ්වාරෝහකට සටනට මුහුණදීම ඉතාමත් පහසු දෙයක් විය. අශ්ව ධාවනයේදී අශ්වාරෝහක ට සිට ගැනීමටත්සිදුවේ. දුන්නෙන් සහ ඊතලයෙන් විදීමට එය පහසු කරවීය.

17 වන සියවසේදී යුරෝපයේ රදළ පිරිමින්, වංශවත් පුරුෂයන් (aristocrats and nobles) අඩි උස සපත්ත ((heels) පැලඳ ඇත. යුරෝපයේ ඇතිවූ සියලු ආකාර වෙනස්කම් සහ පුනරුදයත් ( Renaissance) සමග ඇති වූ උස අඩි පැළඳීමේ විලාසිතාව රදළ පිරිමින් අතර ප්‍රසිද්ධ සහ ජනප්‍රිය ඇඳුම් ආයිත්තමක් විය. නමුත් වර්තමානය වන විට උස අඩි ඇති සපත්තු පළඳින්නේ කාන්තාවන්ය. මෙම විපර්යාසයට හේතුව අතීතයේ පැවති ස්ත්‍රී – පුරුෂ අසමානතාවය (gender inequality) ද?
අතීතයේ දහසය සහ දහහත් වන සියවස්වල අඩි උස සපත්තු පැළැඳ ගත් පිරිමි පුරුෂාධිපත්ය, ධනය, බලය පෙන්වන සංස්කෘතික උපයෝගීතාවය මෙය වූ අතර සපත්තු පැළඳීම ඔවුන්හට මෝස්තරයක් ( fashion) නොවීය. යුරෝපය කේන්ද්‍රකරගෙන ව්‍යාප්ත වූ මෙම අඩි උස සපත්තු ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් අතර ව්‍යාප්ත විය. සපත්තු අඩියේ උස ඔවුන්ගේ සමාජ තත්ත්වය (social status), තමන් අයිති රාජ වංශය,පෙලපත, වංශවත් බව, රදල පෙලපත සමාජයට පෙන්වන සංකේතයක් ( symbol) විය. ඔවුන් මෙවැනි සපත්තු පැළැන්දේ ඇවිදීමට නොවෙයි. මෙවැනි සපත්තු වර්ග පැලඳගෙන ඇවිදීම ඉතාමත් අපහසු සහ අමාරු කාර්යයක් විය.

The king of Heels ලෙස සැලකෙන 14 වන ලුවී රජතුමා ඉතිහාසයේ සිටි ඉතාමත් ප්‍රසිද්ධ සපත්තු පළඳින්නෙ කි. ප්‍රංශයේ 14වන ලුයී රජු පැළදි සපත්තු ඉස්තරම් රක්ත වර්ණයෙන් දීප්තිමත්ව ඔප දැමූ සපත්තු බව වාර්තා වේ. සමහර සපත්තු ඩයි වර්ග වලින් වර්ණ ගැන්වූ යුද්ධ සහ සටන් ජවනිකා වල පින්තූර වර්ණ ගන්වාගෙන ඇත. ඔහුගේ පාලන සමය තුල සපත්තුවේ අඩිය සිහින් හා උසින් වැඩිනම් හෝ රතු පාටින් වැඩි නම්, එම සපත්තු පළදින්නන් ඉතාමත් බලසම්පන්න අය ලෙස සැළකීය. ලුවී රජුතුමාගේ පාලන කාලය තුළ ඔහු ආඥාවක් නිකුත් කළේය. එම ආඥාවෙන් කියවුනේ රතුඅඩි සහිත උස අඩි සපත්තු පැළඳීමට හැකියාව ඇත්තේ වංශාධිපතීන්ට(nobility) පමණක් බවය. එතැන් පසු සියලුම රාජකීය සහ වංශවත් කවයට අයත් අය රාජකීය රැස්වීම් ශාලාවල මෙවැනි සපත්තු පැළඳ සිට ඇත. දහහත් වන සියවසේදී රාජ්කීය වංශාධිපතීන් stockings වැනි කලිසං සහ ෂර්ට් කබායන් ඇන්ද විට අඩි උස සපත්තු කැපී පෙනෙන ලෙස පැළඳ සිට ඇත. 1701, දහ හතරවන ලුයී රජතුමාගේ සපත්තු කූට්ටම දෙස බැලීමේදී ඔහුගේ රාජත්වය බලය යන කරුණු ඉස්මතු නොවේ ද?
සංසන්දනාත්මකව බැලීමේදී පර්සියානු යුද හේවායන් අශ්ව රථ පැදීමේදී පාවිච්චි කරනලද සපත්තු ප්‍රායෝගිකත්වය ඉස්මතුවන අත්‍යවශ්‍ය බව පෙන්නුම් කරන සහ එම කාර්යය පහසු කරවන මෙවලමක් විය.පසුකාලීනව රදල පුරුෂයන් මේ සපත්තු වර්ග වළ අවශ්‍යතාවය වෙනත් මාවතක් ඔස්සේ පෙන්නුම් කෙරුණි. ඒ ඔවුන් ගත කරන සුඛෝපභෝගී ජීවිතය, ඔවුන්ගේ ධනය සහ ඉහළ සමාජ තත්ත්වය පෙන්වන භෞතික සංකේතය කි.
ඒවා පැළඳගත් වංශවත් රදළ පුරුෂයන්ට ඇවිදීමට අවශ්‍ය නොවීය. ඔවුන් ගමන් ගත්තේ අශ්ව රථ වල ය. ඔවුන් ඒවා පැළැන්දේ සාමාන්‍ය මහජනතාවට නැති, නමුත් ඔවුන්ට ඇති සුවිශේෂ privileges සංකේතාත්මකව ඉස්මතු කර පෙන්වීමටය.
Candace West and Zimmerman ගේ 1987, Gender Theory න්‍යායට අනූව මිනිසුන් ඇඳුමෙන් කතාවෙන් ඇවිදින, සිතන පතන විදියෙන් gender යන මාතෘකාව තුළ මේවා කාන්තාවන්ගේ ක්‍රමය සහ මේ දේවල් පිරිමියාගේ දේවල් ලෙස වෙන් කර ඇති බව සඳහන් වේ. මෙම අඩි උස් සපත්තු (heels) පිරිමින් විසින් පැළඳීමේ fashion එක කාලයත් සමඟ කාන්තාවන් අත්පත් කරගෙන ඇත. කාන්තාවන් අඩි උස් සපත්තු ව පැළඳීමේ ව්‍යාප්තිය 1600 ගණන්වල දී පටන් ගෙන ඇත. නමුත් ඒ අවස්ථාවන් වලට වැඩි අවස්ථාවක් ලැබී නැත. පසුකාලීනව අඩි උස සපත්තු පුරුෂ සහ ස්ත්‍රී දෙපාර්ශවයටම පොදු වූ පළඳනාවක් බවට පත්විය. පසුකාලීනව පිරිමි සපත්තු අඩිය උල් ගතියෙන් නො වී තරමක් පළල් හැඩයක් ගත් අතර කාන්තා සපත්තුවේ අඩිය ඉතාමත් හීනි සහ උසින් වැඩි stiletto heel යන තත්වයට නැඹුරු විය. Stiletto යනු ලතින් භාෂාවේ වචනයකි.stylus නම් සිහින් දිගැටි ලිවීමේ උපකරණය හා සමාන සපත්තු අඩියකි. Stiletto ලෙස හැදින්වූයේ බ්ලේඩ් තලයකින් යුත් වූ නයිට්වරුන් පාවිච්චි කළ දෙවැනි යුද ආම්පන්න පිහිවර්ගයකි. ලෝහ( steel) භාවිතයේ ආරම්භයත් සමගම සපත්තු නිශ්පාදනයේදී සපත්තුවේ උස දිගු සිහින් බවක් සහ ආකර්ෂණයක් ලබාදීමට ලෝහ වලින් නිපදවූ අඩි සවි කර ඇත.

වර්තමානය වන විට උස අඩි සපත්තුව කාන්තාවගේ විලාසිතා පෙන්වන්න ආයිත්තමක් බවට අතීතයේ සිට කාළයේ වෙනස් වීම්, සමාජ පංතියේ වෙනස් වීම්, සමාජ ක්‍රම වල වෙනස්වීම්, සමාජ තත්ව වල වෙනස්වීම් නිසා heels gender identity එකක් බවට පත්වී ඇත. කාල වකවානු සංසන්දනය කිරීමේදී අතීතයේ අඩි උස සපත්තු පිරිමින් පැළඳි අවස්ථාව masculinity පෙන්වන අවස්ථාවකි. නමුත් වර්තමානය වන විට අඩි උස සපත්තු කාන්තාවන් පැළඳි තත්ත්වය femininity පෙන්නන ලක්ෂණයක් බව කිව හැකියි. උස අඩියට දී තිබූ අතිමහත් බලය, ධනය, ඉහළ සමාජ තත්ත්වය බැස ඇති සැටියකි.
ප්‍රංශ විප්ලවය, යුද්ධය, දරිද්‍රතාවය, සමාජ ප්‍රශ්න, ලෙඩරෝග බෝවීම වැනි කරුණු නිසා ක්‍රම ක්‍රමයෙන් මෙම පුරුෂයන් පැළැඳි අඩි උස සපත්තු status symbol තත්වයෙන් මිදී එයින් ඉවත්ව හෝ පහලට බැසගත් තත්වයක් පෙන්නුම් කෙරුණි. උස් අඩි ඇති සපත්තු නිල වශයෙන් පැළඳීමට සාමාන්‍ය මහජනතාවට හැකියාව ලැබුණේ දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුවය.
1800 ගණන්වලදී සියළුම සමාජ ස්තරවල (social class) කාන්තාවන් අඩි උස සපත්තු පැලැඳීමට පටන්ගෙන ඇත. නමුත් වැඩකරන ජනතාව, වැඩකරන පන්තියේ අය, කෘෂිකාර්මික සහ වගා කටයුතු වල නියැලුණු කාන්තාවන්, ගෘහණියන්, සේවිකාවන්, සාත්තු සේවිකාවන් හට මේවා පැළඳගෙන වැඩ කිරීමට අපහසු විය. ඔවුන් පැළැන්දේ ඉතාමත් කුඩා flats තත්වයේ සපත්තු වර්ගයන්ය. තත්වය එසේ වුවත් ධනවත් රදළ කාන්තාවන් සමාජ තත්ත්වය ඇති කර ගැනීමට සිහින් දිගැති අඩිය ඇති සපත්තු පැලැඳ ඇත. කාන්තාවන් කුඩා අඩි ඇති සපත්තු පැළඳි කාලයේ පිරිමින් අඩියෙන් උස් වූ සපත්තු පැළඳ සිට ඇත.

මෙම fashion trend එක වෙනස් වුනේ ඇයි? පුරුෂාධිපත්‍ය නිසාද? කාන්තා විමුක්තිය සොයා යාම නිසාද ? නැත්නම් සංස්කෘතික වෙනස්කමක් ද? සමාජ විද්‍යාඥ Zuleykha Zevallos, 2013,The Other Sociologist කෘතියට අනුව මෙය ස්ත්‍රී – පුරුෂ සමානත්වතාවය (Gender Equality) අත්පත් කර ගැනීමට දැරූ උත්සාහයකි.
සටහන

Surani Fernando
