ලන්දේසින් අපට ලබා දුන් එක් දායාදයක් වන්නේ රෝම-ලන්දේසි නීතියයි.ඒ නිසා අදත් අප රටේ සාමාන්‍ය නීතිය වන්නේ රෝම-ලන්දේසි නීතිය යි.ඕලන්දක්කාරයන් අප රට වෙනුවෙන් නීති හැදුවේ ඕලන්දයේ ය.එම නීති හැදින්වූයේ පැලකාට්ටු ලෙස ය.නමුත් ඕලන්දයේ හැදු හැම නීතියක්ම අප රටට අදාළ වූයේ නැත .1796 දී ලන්දේසින් පලවා හැර අප රටේ මුහුදු බඩ ප්‍රදේශවල පාලනය ඉංග්‍රීසින් විසින් අත් පත් කර ගැනීමෙන් පසු දිගටම රෝම-ලන්දේසි නීතිය මෙහි ක්‍රියාත්මක කිරීම ට ඉංග්‍රීසින් ට සිදු විය .ලන්දේසින් එලවා දැමීමෙන් පසු මේ රටේ අධිකරණයේ විනිශ්චයකාරවරුන් වශයෙන් කටයුතු කළේ ද ඉංග්‍රීසින් ය.කෙසේ

රෝම-ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන ඉංග්‍රීසින් ට ප්‍රභල අභියෝගයක් වූ නඩුවක් වූයේ කරොංචිහාමි එ අංගොහාමි නඩුවයි. මෙහිදී ප්‍රශ්නගත කරුණක් වූයේ අනාචාරය අපරාධමය වැරැද්දක් ද යන්නය.දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලූ ඉංග්‍රීසි විනිශ්චයකාරවරුන් අවසානයේ තීරණය කළේ අනාචාරය අපරාධමය වරදක් නොවන බවයි .මෙය තවමත් මේ රටේ ගරු අධිකරණය පිළිගන්නා නීතිමය මූලධර්මයක් වේ.
මේ අනුව මේ රටේ කිසියම් පුද්ගලයකු කාන්තාවක සමග අනාචාරයේ හැසිරීම දඩුවම් විදීමට සිදු වන වරදක් නොවේ.මෙය නැවත වරක් සාකච්ඡා වූ නඩුවක් වූයේ ඩැනි සිල්වා එරෙහිව හලාවත පොලිසියේ ස්ථානාධිපතිවරයා නඩුවයි.ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් වූ මෙම නඩු විභාගයේ දී පෙත්සම්කරු කිසියම් කාන්තාවක සමග හලාවත ප්‍රදේශයේ ලැගුම් හලකට ගියේ රාත්‍රිය ගත කිරීමට ය.හලාවත පොලිසිය විසින් මෙම ලැගුම් හල රාත්‍රියේ වට දමා පෙත්සම්කරු ඇතුළු එම ලැගුම් හලේ කාමර වල සිටි සියලුම ජෝඩු අත් අඩංගුවට ගන්නා ලදි .පොලිසිය මෙහිදී කාමර විවෘත කළේ බලහත්කාරයෙනි.පෙත්සම්කරු තම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් කියා සිටියේ පොලිසිය තමාගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කළ බවයි .පෙත්සම දීර්ඝ වශයෙන් සලකා බැලු ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ පොලිසිය විසින් පෙත්සම්කරු ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි .එම තීන්දුවේ එක් තැනක සදහන් වන්නේ පෙත්සම්කරු ට නිස්කලංකව කාලය ගත කිරීමට තිබුණු අයිතිය පොලිසිය විසින් උල්ලංඝනය කර ඇති බවයි .
මෙම නඩු තීන්දුව ලිංගික නිදහස පිළිබඳව ලබා දුන් ඉතා වැදගත් නඩු තීන්දුවක් වේ.
නමුත් ගරු අධිකරණය ලබා දුන් එම තීන්දුව පිළිබඳව නොසලකා බලධාරීන් කටයුතු කරන අවස්ථා ඕනෑ තරම් වාර්තා වේ.මුහුදු වෙරළේ හෝ පොදු ස්ථාන වල පෙම්බස් දොඩමින් ඉන්නා පෙම්වතුන් ගර්හාවට ලක් කිරීමත් ඔවුන් එම ස්ථාන වලින් එලවා දැමීමත් සුලබ දසුනකි .එසේ බලය පාවිච්චි කරන කවරෙකු ට එම බලය ලබා දුන්නේ කවුද ?එය බලය පාවිච්චි කරන්නේ කුමන නීතියක් යටතේ ද යන්න ඔවුන් ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් නිරුත්තර වේ.පොලිසිය හැරුණු විට මේ රටේ නිල නොවන සදාචාර පොලීසියක් ද ක්‍රියාත්මක වන බව පෙනී යන්නේ පෙම්වතා ගස් බැද රජ කාලයේ දඩුවම් ලබා දීමට ඇතැම් ඊනියා සුචරිතවාදීන් පෙළෙඹන අවස්ථා ඕනෑ තරම් ඇති බැවිණි .
තවද ලැගුම් හලකට ගොස් කාමර බලෙන් අරවා ඒවායේ සිටින ජෝඩු පොලිස් ස්ථාන වෙත ගාල් කිරීම ද මේ රටේ සුලබ සිදුවීම් වේ.පිරිමියකු , ගැහැණියක සමග හෝටල් කාමරයක ගත කිරීම දඩමීමා කරගෙන එම කාමරයේ සිටි කාන්තාව ගණිකාවකට සම කිරීමට කිසිවෙකු ට නෛතික බලයක් නැත .එයට විරුද්ධ වීමට එම පුද්ගලයන් ට අයිතියක් ඇත .මීට අවුරුදු සියයකට ත් එහා කරොංචිහාමි මෙන්ම අංගොහාමි ද මීට වසර කීපයකට පෙර ඩැනි සිල්වා ත් ඒ බව ඔප්පු කර හමාරය .තමන් කැමති වුවත් අකමැති වුවත් ඉහළ අධිකරණ දෙන තීන්දු වලින් සියලුම දෙනා බැදී සිටින බව තේරුම් ගැනීම සියලුම දෙනා ගේ වගකීම කි.අනාචාරය අපරාධමය වරදක් නොවේය යන්න ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීමට ඇතැම් මාධ්‍යවේදීන් ද බියක් දක්වන්නේ ඊනියා සුචරිතවාදීන් ගේ ප්‍රහාර එල්ල වීම නිසා ය. සදාචාරය පිළිබඳ වැරදි ඇතැම් අවස්ථා වල නීතිමය වැරදි වේ.එහෙත් සදාචාරය පිළිබඳව හැම වරදක් ම සැම විටම නීතිමය වැරදි නොවන බව සියලුම දෙනා වටහා ගත යුතුය .
නීතිඥ එස් .එම්.ජයසූරිය
