වත්මන් සමාජය තුළ මිනිස්සු හොයන සතුට සැබෑවටම විදින්නෙ කොහොමද යන කාරණාව ගැන කතා කරද්දි එක අත්දැකීමක් මම කිව්වොත් මිනිස්සු හැම තිස්සෙම කරන්නෙ සතුට හොයන එක.

අනාගතේ තමන්ට විදිය හැකි යැයි සිතන සතුටක් වෙනුවෙන් වර්තමානයේ සතුටක් නොලබාම මනස මෙහෙයවන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නෙ. ශරීරය සහ මනස දෙකම වෙහෙසවනව වර්තමානයේ කිසිම විවේකයක් සතුටක් නොලබා අනාගතයේ ලබනවා යැයි සිතන සතුටක් වෙනුවෙන්.
සතූටක් විදින්න නම්,
මේ අයට පහසු නෑ අනාගතයේ වත් සතූටක් විදින්න. මොකද මේ මොහොතේ තියන දේ එක්ක සතුටු වෙන්න අපිට හිත හුරු කරගත්තෙ නැත්නම් අනාගතයේ කියල උදාවෙන ඒ අනාගතයේ කවදහරි දවසෙ වර්තමානය වෙන කොටත් ඔය වෙහෙස තුළම තමයි මිනිස්සු දුවන්නේ. කවදහරි දවසක ජීවිතය අවසන් කරන්නෙත් අතෘප්තිකරව මා සෙවූ දේ මගේ අරමුණු ඉටු නොවුණාය කියන අතෘප්තියෙන් තමයි ගොඩක් මිනිස්සුන්ට ජීවිතෙන් පවා සමුගන්න වෙන්නෙ.
දරුවන්ගේ අනාගතය
ඒ නිසා අපි පුරුදු කරන්න ඕනි සැබෑ සතුට විදින්නෙ කොහොමද කියන කාරණය.මෙතනදි විශේෂයෙන් පාදක වෙනවා නවක වද සිද්ධිය නිසා. දැන් අර දරුවගෙ ගෙදර දෙමව්පියො මොන තරම් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙනද මේ දරුවෙක් පුංචි කාලෙ ඉදලා ලොකු මහත් කරන්නෙ. එතකොට ඒ දරුවව ඇහැක් වගේ රැකබලාගෙන සේරම කටයුතු කරල කවදහරි දවසක මේ රටේ යහපත් හොද පුරවැසියෙක් කරල ඒ දරුවගෙන් වයසට ගියාම අනේ අපේ දරුවා අපිට මේ විදිහට සලකනව කියල ඒ දරුව සතුටෙන් ජීවත් වෙනව දකින්නත්, මේ ගොල්ලො වයසට ගියාම ඒ ගොල්ලන්ගෙ අඩුපාඩු සපුරන ගුණදම් පිරිච්ච දරුවෙක් ලෝකෙට දායාද කරන්න, පුතෙක් රජෙක් කරන්න තිබිච්ච බලාපොරොත්තු සුන්වෙලා ගිහිල්ල දුකට පත් වෙන හැටි දැක්කම අපි මේ අධ්‍යාපනයෙන් විතරක් හදන ලෝකය මොන තරම් අසාමාන්‍යද විකෘතිද කියල හිතෙනව වෙලාවකට.ඒක මේ විදිහට අපි කතා කලොත් අපේ ජීවිතේ ළදරු කාලෙ ඉදල වයෝවෘද්ධත්වය දක්වාම අපිට ඒ ඒ වයස් කාණ්ඩ වල පැවරුණ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා.ඒ විවිධ ක්‍රියාකාරකම් අතර අපි පුංචි කාලෙදි අපිව පොළඹවන්නෙ හොදට ඉගෙන ගන්න. හොදට ඉගෙන ගන්නෙ මොකටද කිව්වොත් හොද රැකියාවක් කරන්න.
හොද රැකියාවක් මොකටද?
හොද රැකියාවක් මොකටද කිව්වොත් සම්ප්‍රදායෙ පවතින දේ තමයි හොද ආර්ථික තත්වයක් හදා ගන්න.ඊට පස්සෙ විවාහය. විවාහ වෙද්දි හොදට හොයල බලනවා ඒ පවුල් පරිසරය,ආර්ථික තත්වය ඒ සියල්ලක්ම විමසල බලල විවාහයක් කරගන්න උනන්දු කරවනවා අපේ සමාජය. ඒ හැම දේකම කෙළවර මොකක් වෙනුවෙන්ද කියල ගත්තොත් විවාදයක් නෑ ඒ අපේ සතුට වෙනුවෙන්. නමුත් මිනිස්සුන්ට නැත්තෙම ඕක.මිනිස්සුන්ට වැරදිලා තියෙනවා සතුට කියන එක විදින්නෙ කොහොමද විදිමින් අනාගත සතුට වැඩිකර ගැනීම සදහා කටයුතු කළ යුතු වන්නේ කෙසේද කියන එක. ඒක තමයි මිනිස්සුන්ට කියල දෙන්න අවශ්‍ය වෙලා තියෙන්නෙ.
මේ කථාවට ගලපගන්න තියෙන හොද සිංදුවක් තියෙනවා,සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන.එහි පද රචනය සුනිල් ආර් ගමගේ මහතා,සංගීතය රෝහණ වීරසිංහ මහත්තයගෙ.නිල් කටරොළු මල් ගොමුවේ කියන ගීතය.එහි පද පේලි කිහිපයක් මම මෙතනදි ගන්නම්.
“කුරුමාණම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දග ළමයෙක්”
පුංචි දරුවෙක් අපේ සම්ප්රදාය තුල හදන්න අපි උත්සාහ කරන ආකල්පමය පරිවර්තනය මානසික චින්තනයේ ස්වභාවය ගැන මේ පැහැදිලි කරන්නෙ.සතෙකුටවත් ගලකින් ගහන්නෙ නැති ඒ කියන්නෙ තව කෙනෙක් පීඩාවට පත් කරන්නෙ නැති, සුන්දර මනසක් තියෙන දරුවෙක් හදන එක තමයි මේ අපේ සම්ප්‍රදායෙ තිබිච්ච ක්‍රමය.
ආගන්තුක සත්කාරය
තව කෙනෙකුට සළකන විදිහ, දුෂ්ට ලෙස සලකන්නෙ නැතුව සුපිරිම විදිහට සලකන ක්‍රමයක් තමයි අපේ සම්ප්රදාය තුළ තියෙන්නෙ. ඒකෙ වැඩිදියුණුම අවස්ථාව තමයි ආගන්තුක සත්කාරය.ආගන්තුක සත් කාරයෙන් ඉහළම තත්වෙක ඉන්න මිනිස්සු තමයි අපේ රටේ ඉන්නෙ.අතීතයෙ හිටියේ. ඒව ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වෙලා හුදෙකලා වෙලා මොකක්දෝ අමුතු ගමනක් යන්න පටන් අරන් .එතකොට මේ අර පුංචි දරුවා නිල් කටරොළු මල් ගොමුවේ පැනි උරනා සමනලයට පවා හානියක් නොකරන සුන්දර මානසිකත්වයක් තමයි මෙතනදි හදන්නෙ.
ඒ පුංචි දරුවට නොතේරෙන නිසා තමයි ඒ මානසිකත්වය කියල දෙන්නෙ.එතනදි අවවාද කරනව.පුතේ ඔය දේ කරන්න එපා,ඔයා එයාට ගලින් ගහපුවාම එයාට කොච්චර රිදෙනවද?තුවාල වෙනවද.එයා මරණයට පත්වෙන්න පවා පුළුවන්. ඔයාට කවුරුහරි ඒ දේ කළොත් ඔයා කැමතිද?යනාදී වශයෙන් ඒ දරුවට තේරුම් කරල දෙනවා.තමන් අනික් කෙනාට කරන්න යන දේ වෙනත් කෙනෙක්
ඔබට කළොත් මොකක්ද වෙන්නෙ කියන කාරණාව.
ඒකෙ අවසාන පේළිය,
“නුඹ හොද මිනිහෙක් වෙනදා මල් පිපියන් මගෙ සිහිනේ.”
මේ උපදෙස් අවවාද දීල මොකක්ද අවසානෙ බලාපොරොත්තු වෙන්නෙ. උඹ හොද මනුස්සයෙක් වෙයන්.සතුටෙන් ජීවත්වෙන මනුස්ස ගුණ දහම් පිරිච්ච සුන්දර,ලෝකයට වැඩ දායී සුන්දර මනුස්සයෙක් වෙයන්.මිනිසුන්ට ගරු කරන මනුස්ස සංහතියෙ අගය දන්න සතෙකුටවත් හිංසා නොකරන සුන්දර මනසක් තියෙන කෙනෙක් බවට පත් වෙයන් කියන කාරණාවනෙ මේ පෙන්නල දෙන්නෙ.
එතකොට සතෙකුටවත් හිංසා කරන්න එපා කියල හදන පුංචි ළමා ජීවිත ළමා කාලයෙන් තරුණ කාලයට පූදින සුන්දරම වයස තමයි විශ්ව විද්‍යාල ජීවිතය කියන්නෙ.එතනදි පළමු වසරෙ දරුවන්ට නවක වධය කියල එකක් හදාගෙන. වධයක් දෙන්න තරම් තැනක්ද ඉගෙන ගන්න යන තැන.මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වන පහත් මානසික වින්දනය. එතකොට අර සමනළයෙකුටවත් හිංසා කරන්න එපා කියල හදපු අපේ සම්ප්රදාය මේ තරම්ම දූෂ්‍ය වෙන්නෙ කොහොමද එක පාරට. මොකක්ද ඒකෙන් ලබන්න අපි පුරුදු කරල තියෙන දේ.වහල් මානසිකත්වයක් නේද ඇති කරන්න හදන්නෙ. අනික් කෙනා තමන්ගෙ වහලෙක් බවට පත් කරගන්න තරම් විකෘති මානසික තත්වයක් මේකෙන් නිර්මාණය කරන්නෙ.
අලුතෙන් ආපු අයත් එක්ක හැමෝම එකතු වෙලා සතුටු සාමීචියෙ යෙදිල සිංදුවක් කියල හැමෝම සතුටු වෙන විදිහෙ, පරණ අයයි අලුත් අයයි එකට එකතු වෙලා සතුටු වෙන මානසික තත්වයක් හදා ගන්න බැරි තරමටම මේවා දුරදිග ගිහිල්ලා දූෂ්‍ය තත්වයට පත් වෙන්නෙ රටේ ඉහලම උගත්තු හදන තැන නම් මොන තරම් ඛේදනීය තත්වයකටද අපේ සමාජය යන්නෙ.
ඉහලම උගතා හදල දෙන තැන තමයි විශ්ව විද්‍යාලය. උසස් පෙළ කියන තරගකාරී විභාගයෙන් දැවැන්ත තරගයකට මුහුණ දීලා සුපිරිම ඔළු ටික ගේන තැනත් මේ තරම් විකෘති මානසිකත්වයක් ඇති වෙනව නම් අපේ සමාජයට ඉදිරියට මොනවයින් මොනව වෙනවද කියල හිතාගන්න බෑ.මොකද තීන්දු තීරණ ගන්න මිනිස්සු ටික තමයි ඔතනින් ලෑස්ති වෙන්නේ සමාජය භාර ගන්න. ඉහළ බලතල තියෙන පිරිස මේ. එතකොට එතනදි මේ පුංචි දේවත් තේරුම් ගන්න බැරිනම් තමන් 1st year එකේදි තමන් මුහුණ දෙන්න අකමැති දෙයක් තියෙනව නම් ඒ අකමැති දේට අනිත් මිනිහා අකමැති දෙයක් තමන් 2 nd,3rd year වුනාට පස්සෙ අනිත් කෙනාට දෙන්න. මොන තරම් මේ අමිහිරි අත් දැකීමක්නෙ දෙන්නෙ.
කොයි තරම් පාපකාරීද? උත්පත්තියෙන් කවුරූවත් බ්‍රාහ්මණයෙක්වත් වසලයෙක් වත් වෙන්නෙ නෑ. බුදුහාමුදුරුවො කියන විදිහට බ්‍රාහ්මණයෙක්වත් වසලයෙක්වත් වෙන්නෙ තමන්ගෙ ක්‍රියාවෙන්.
එතකොට මෙච්චර වටිනා මනුස්ස ජීවිත ලබාගන්න මිනිස්සු ඕනනතරම් බ්‍රාහ්මණයෙක් යහපත් පුර වැසියෙක් වෙන්න තියෙන අවස්ථාව මග ඇරගෙන මොනතරම් වසලයෙක් වෙන්න කටයුතු කරනවද කියන කාරණාව මෙතනදි සළකල බලන්න වෙනවා.
තමන්ගෙ සතුට විදින්න ඇතැම් අය තමාටවත් පවුලටවත් අහිතකර නැති සමාජ විරෝධී නොවන නීති විරෝධී නොවන යහපත් දේවල් තෝරගන්න මිනිස්සු ඉන්නවා.ඒ වගේම තමයි තමාගේ සතුට විදින්න ඇතැම් අය සමාජ විරෝධී නීති විරෝධී දේවල් කරන්න පෙළඹිච්ච අයත් ඉන්නවා.ඒ වගේ තමන්ටත් පවුලටත් තමන්ගෙ යාළුවන්ටත් සමාජයටත් අවැඩදායක දේවල් තමාගේ සතුට වෙනුවෙන් තෝර ගත්ත මිනිස්සු ජීවිතයේ කෙදිනක හෝ දරාගන්න බැරි විදිහට විදවනව කියන එක ස්ථිරයි.
දැන් උදාහරණයක් විදිහට බන්ධනාගාරවල ඉන්න මත්ද්‍රව්‍ය රැදවියන්ට දේශන වලට යනකොට මම දැකල තියෙන දෙයක් ඒගොල්ලො සතුටක් විදින්න ගියා.ඒ ගිය ගමනෙ අවසාන කෙළවර දැන් බරපතළ දුකක් විදිනවා.එයා ඒ සතුට විදින්න ගියේ තමා පුද්ගලිකව විදින සතුටක් හොයාගෙන. ඒ සතුට විදින්න යනකොට දෙමව්පියො දුකට පත්වෙනවා දැක දැකත් ඒක ගැන එයා තැකුවෙ නෑ.සහෝදර සහෝදරියො, බිරිද, දරුවො එයාට සැබවින්ම ආදරේ කරන මිනිස්සුන්ගෙ සතුට ගැන එයා හිතුවෙ නෑ.ඒ මිනිස්සු ගිනි ගොඩක දාල තමයි තමන්ගෙ සතුට හොයාගෙන ගියේ.මෙන්න මේ සතුට විදින කොට මිනිස්සු පුරුදු වෙන්න ඕනි දෙයක් තියෙනවා.
ඒ තමයි ඒ සතුට තමන් විදින්නෙ මොන ක්‍රමයෙන්ද ඒ ක්‍රමය තව කෙනෙකුට හානියක් දුකකට පත් වෙන දෙයක් වෙන්න බැහැ.එහෙම වුණොත් ඒකෙ බරපතළ ප්‍රතිඵල තමන්ට අත් විදින්න වෙනවාමයි. ඒක හොදට තේරෙන කාරණාවක් තමයි මත්ද්‍රව්‍ය වලට ගිය අය යාළුවොත් එක්ක යනවා ඒවායේ ලොකු වින්දනයක් ලබන්න.නමුත් ගෙදර අය දුකට පත් කරල ගියෙ.දැන් තමන් දුකට පත් වෙනව අන්තිමට බරපතල විදිහට. අපි සතුටු වෙනවනම් ඒ සතුටු වීම මගෙ සතුට විතරක් වෙන්න බෑ.මගෙ ගෙදර පවුලෙ සාමාජිකයොත් මම සතුට විදින කොට ඒ සතුට විදින්න ඕනි.එහෙම නැත්නම් මගෙ යාළුවො එක්ක නම් මම ඒ සතුට විදින්නෙ ඒ යාළුවොත් සතුටු වෙන්න ඕනි.
අදාල ප්‍රජාවෙ හැම සාමාජිකයෙකුටම සතුටු වෙන්න බැරි නම් එතන සැබෑ සතුටක් නැහැ.ඒකයි ඔය විශ්ව විද්‍යාල හොස්ටල් වල සතුටක් විදින්න එක කොටසක් උත්සාහ කරද්දි මානසික විකෘති භාවයක් නිසා තමයි තවත් කෙනෙක් අධික පීඩනයට පත් වෙලා ඔය වගේ අපරාධ පවා සිද්ධ වෙන්නෙ.ඒ වගේ දෙයක් වුණාට පස්සෙ දැන් බලන්න වැඩිදුර කටයුතු නිසා ඒ සිද්ධියට සම්බන්ධ වුණ අය දන්නවා තමන් මොනවද කළේ කියලා.ඒ පසු තැවීම මොනතරම් එයාලගෙ ජීවිත වලට බලපෑමක් එල්ල කරනවද?ඒ පසු තැවීමෙන් මිදෙන්න පුළුවන්ද?දැන් මේ දරුව මරණයකින් කෙළවර වෙලා ඔය ජීවිතය ආපහු ගන්න බෑ කාටවත්.දෙමව්පියන්ට ඒ ජීවිතේ අරගෙන දෙන්න කිසිම ජගතෙකුට බෑ.
එහෙනම් මේ දරුවා මේ තත්වයට පත් කරන්න උදව් කරපු හැම කෙනෙකුටම දරුවා විනාශ කරන්න දායක වෙච්ච හැම කෙනෙකුටම මොන තරම් පසු තැවීමක් ජීවිත කාලෙ අත් විදින්න වෙනවද?ඒ පසුතැවීමෙන් ගැලවෙන්න හම්බ වෙන්නෙ නෑ.ඒ නිසා අපි කරන්න ඕනි හැම තිස්සෙම මේ මොහොතෙ තමන් කරන්නෙ මොකක්ද මම මේ කරන ක්‍රියාව තව කෙනෙකුට අවැඩක් වෙනවද?නොසතුටකට කළකිරීමකට හේතුවක් වෙනවද ඒ පුද්ගලයට ජීවිතය නැති කරගන්න තරම් වේදනාවකට කෙනෙක් පත් වෙනවද? මම මේ ගන්න තීරණය නිසා කියල වරක් දෙවරක් නෙමෙයි කිහිප වරක් හිතල බලල සිහිබුද්ධියෙන් කටයුතු කරන්න සුදුසුම කාලයයි මේ. ඒ නිසා නැවතත් මේ වගේ අවාසනාවන්ත සිද්ධි නොවෙන්න නම් කවුරු කවුරුත් කැමති ජීවිතේ සතුට ලබන්න,සතෙක් වුණත් කැමති ජීවිත තර්ජනයක් නැතුව නිදහසේ ඉන්න.
එහෙනම් ඒ සතෙකුට තියෙන නිදහස මනුස්සයටත් හැම කෙනෙකුටම තියෙන්න ඕනි සමාජයක් තමයි අපි හදන්න ඕනි. ඒ සමාජය හදන්න නම් අපි අපේ චින්තනය වෙනස් කරගන්න ඕනි.විකෘති මානසිකත්වයන් වෙනස් කරගන්න ඕනි.විකෘති මානසිකත්වයෙන් පෙළෙන සුළුතරයකට වැඩි බලයක් නොදී සාමාන්‍ය ප්‍රකෘති මානසිකත්වයෙන් ඉන්න අය ඒව වළක්වන්න ඒවට විරුද්ධව කතා කරන්න සමාජ මතවාදයක් ගොඩනගන්න පෙළගැසෙන්න ඕනි කාලයක් මේ ඇවිල්ල තියෙන්නෙ.
මානසික සුවපත් භාවය
ජීවිතේ සතුට විදින්න නම් අත්‍යවශ්‍ය වන දෙයක් තමයි මානසික සුවපත් භාවය. ඒ වෙනුවෙන් ලෝකයේ බොහෝ දේ කෙරුණත් මානසික අසාමාන්‍යතාවන් වලට ඇදී යාම බරපතල විදිහට සමාජයේ කැපී පේනව. විශ්ව විද්‍යාල අධ්‍යාපනයකට කලින් ළමයෙක් මුහුණ දෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග ඒ කාල වලදී ඇතැම් විදිහෙ ප්‍රධාන විභාග අවසන් වෙච්ච අවස්ථා වලදි අපි මාධ්‍ය වලින් දැකල තියෙනවා ඇතැම් දරුවො අවසාන දවසෙ පාසලට කරල තියෙන හානිය. ඒ වගේම තව පැත්තකින් අපි දැකල තියෙනවා තමන්ගෙ පාසලට වන්දනා කරල ගෞරව කරල පිටවෙන රත්තරන් දරුවොත් ඉන්නවා.
එතකොට මේ හොද සහ නරක,සුදු සහ කළු කියන දෙපැත්ත අතර දෝලනයක් මේ සමාජය තුළ සිද්ධ වෙන්නෙ.ඕනිම සමාජයක කළු කියන කොටසක් යම් ප්‍රමාණයක් ඉන්නවා.නමුත් මේක බලවත් වුණොත් සමාජයට වන හානිය වැඩියි. යහපත් පැත්ත සුදු කොටස වැඩිකරගන්න තරමටම අපිට යහපත් සුවපත් නිරෝගී සමාජයක් ඇති කරගන්න පුළුවන්.ඒ නිසා මනසින් ලෝකය දකින්න.සිහියෙන් ලෝකය විමසන්න.සිහියෙන් දකිමින් අපිට පුළුවන් වෙනව ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැකගෙන තමාගෙ සතුට කියන්නෙ තමා විතරක් විදින සතුටක් නොවේ. තමා ඒ අවස්ථාවේ සිටින ප්‍රජාවේ සියළුම දෙනා සතුටක් ලබන දේකින් තමා සතුටු වෙන්න පුරුදු කරවීම අත්‍යවශ්‍යයි.ඒක කාලීන අවශ්‍යතාවයක් විදිහටයි අපි හදුනා ගන්නේ.
සටහන – ශ්‍රීධර සේනාරත්න
සාකච්ඡාව -ආචාර්ය ප්‍රියන්ත නවරත්න
