පැණිරස කැවිලි කන්න අපි කවුරුත් කැමතියි. ඒ වගේම ලෝකය පුරා විවිධ වර්ගයේ රසකැවිලි වර්ග තිබෙනවා. සමහර රස කැවිලි අපි දැකලත් නැහැ. අන්න ඒ වගේ ලොව පුරා අපි නුදුටු රසකැවිලි වර්ග අපේ රටට හඳුන්වා දුන් ඇය ගවීෂා රත්නවීර. මාතර පදිංචිව සිටි ඇය දැන් නුගේගොඩ පදිංචි වී සිටිනවා. මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඇය ආනයනය කරන ලද රසකැවිලි ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. අපි ඒ ගැන ඇගෙන් තොරතුරු විමසා දැන ගනිමු.


මොනවද මේ කැන්ඩි කියන්නේ?
කැන්ඩි කියන්නේ සීනි යොදා සැදු ( sweet confection ) අතුරුපසවලට. මේවා සාමන්‍යයෙන් සීනිවලට පළතුරු, කජු, හෝ චොකලට් මිශ්‍ර කර ගෙන සකස් කරනවා. හාර්ඩ් කැන්ඩි, ගම්ස් කැන්ඩි (Gummy) කැරමල් සහ මාෂ්මෙලෝස් යැයි විවිධ වර්ග තිබෙනවා. මගේ ළග තියෙන්නේ මාෂ්මෙලෝස් සහ Gummy වර්ගයි.
Gummy online store එකේ තියෙන ගොඩක් කැන්ඩිස් සාමාන්‍ය සහ ඇඹුල් ( sour) රසට හුරුයි සාමාන්‍ය Gummy හරිම මෘදුයි. කන්න ලේසියි. චොකලට් වගේ හයිය නැහැ. මාෂ්මෙලෝස් වර්ගත් රස කීපයකින්ම තියෙනවා.

මේවාට ප්‍රසිද්ධ රටවල් මොනවාද ?
ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය , ඉතාලිය , ජපානය , ඩුබායි වගේ රටවල් කැන්ඩි වෙනුවෙන් ප්‍රසිද්ධයි.
කැන්ඩි වෙනුවෙන් ව්‍යාපාරික අදහසක් ඇති වුනේ ඇයි?
මම සීනි රස කැවිලිවලට ( candy ) හරිම ආසයි. ඒ නිසාම මේවා ව්‍යාපාරයක් විදිහට කරන්න මට උවමනාවක් ඇති වුණා. මම දැනටත් රැකියාවක් කරනවා. ඒ අතරවාරයේ ම candy ව්‍යාාපරයක් ගැන මට අදහසක් ආවා. ලංකාවේ ලොකුවට කැන්ඩි නිෂ්පාදන තියෙනවා මම දැකලා නැහැ.
මම විවාහ වෙන්න ඉන්න මගේ ආදරවන්තයා සමග මගේ අදහස නිකමට වගේ කිව්වා. ඔහු මට විශාල ශක්තියක් වුණා. එදා ඔහු ඒ ශක්තිය මට නුදුන්නා නම් මේ ව්‍යාපාරය පටන් ගන්න වෙන්නේ නැහැ.
candy ගන්නේ කොහොමද..?
මම විවාහ වීමට බලාපොරොත්ුව සිටින සෙනිත් ප්‍රනාන්දු රට ඉඳන් මට මේ කැන්ඩිස් එවනවා. මේ සියල්ලම ඉතාලියේ නිෂ්පාදන. එයා එවන කැන්ඩි මම ලංකාවේ ඔන්ලයින් හරහා අලෙවි කරනවා.
අලෙවිය පටන් ගත්තේ
මම මුලින්ම බිස්නස් එක පටන් ගත්තේ ජ්බාහ වර්ග හයකින්. මේ ආරම්භක අවස්ථාවේ පටන්ම මට ඇනවුම් ආවා. දැන් නම් ගොඩක් ඇනවුම් ලැබෙනවා. ඒවගේම විවිධ රස තිබෙනවා. දැනටමත් මා ළග රස 20 කින් නිෂ්පාදන තිබෙනවා.
මම නිතරම බලාපොරොතත්ු වෙන්නේ මගේ පාරිභෝගිකයාට අළුත් දෙයක් හොඳම නිෂ්පාදනයකින් සහ රසයකින් ලබා දෙන්න.
මේ ඡායාරුපවල තිබෙන කැන්ඩි වර්ග සියල්ලම මා ළග තිබෙනවා. මේවායේ කල් තබා ගැනීමේ කාලය අවුරුද්දක් විතර පුළුවන්. වැඩියෙන්ම තියෙන්නේ ්Haribo candies සහ Trolli candies වැනි වර්ගයි. වැඩියෙන්ම අලෙවි වෙනවා කියල විශේෂයක් නැහැ. හැම වර්ගයකටම ඉල්ලුමක් තිබෙනවා. එක එක්කෙනාගේ රසය වෙනස් නිසා හැම කැන්ඩි එකකටම පාරිභෝගිකයෙක් ඇති වෙනවා.
ව්‍යාාපරය සමග ඔබ හඳුනා ගත් දේ
මම හිතුවට වඩා Canddy නිෂ්පාදන බොහොමයක් තිබෙනවා. කැන්ඩි නිෂ්පාදනය අපි දැකලවත් තිබුනේ නැහැ. සමහර අයට මේවා මොනවාදැ කියලවත් තේරෙන්නේ නැහැ.
ඔබේ candies නිෂ්පාදන අතර වැඩියෙන්ම තියෙන්නේ
මම වැඩියෙන්ම ඉතාලියෙන් ගෙන්වන ජ්බාහ නිෂ්පාදන අලෙවි කරනවා.මම මේ ව්‍යාපාරය පටන් ගත්තාට පසුව අපේ රටේ ගොඩක් දෙනෙක් මේ ව්‍යාපාරය පටන් ගෙන තිබෙනවා. මට ඒකත් සතුටක්. මගේ වීඩියෝ නරඹන අය ඒවා බලලා එතැනින් පසුව තමන්ගේම ව්‍යාපාර පටන් ගෙන තිබෙනවා.
ඔබේ ව්‍යාපාරය සමාජය හඳුනා ගත්තේ..
ටික් ටොක් , ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ මම ව්‍යාපාරය ප්‍රසිද්ධ කරනවා. මගේ නිෂ්පාදන අලෙවි වෙන්නේ “ Gummy Town ” කියන නමින්. දැනටමත් යූ ටියුබ් නාලිකාවක් පටන් ගෙන තිබුනත් ඒකට නම් වීඩියෝ එකතු කිරීම අඩුයි.
ඇනවුම් ලබා ගැනීමට නම්..
මගේ වට්ස්ඇප් ගිණුම් අංක 0741359559 අංකයට පණිවිඩයක් දෙන්න.
සටහන –
සිල්වා , සී
