මිනිසුන් තමන්ගේ නිර්මාණශීලී අදහස් වර්තමානයේ ප්‍රකාශ කරන්නේ ජනප්‍රිය සංස්කෘතිය මගිනි. ජන්ප්‍රිය සංස්කෘතිය නැතිවම බැරි වූ දෙයක් බවට පත්වී ඇත. මානව විද්‍යාඥ ග්‍රේශියා කැන්කීලිනි 2014, ට අනූව මිනිසුන් නිර්මාණ දෙස බැලීමට යාම නිසා සෞන්දර්යාත්මක චිත්තවේගයක් අත්දකින අතර එය අත්දැකීමක් බවට පත්වේ. කලාව. සංගීතය නැටුම් ඇඳුම් විලාසිතා ආභරණ මූර්ති නිර්මාණය රංගනය පොප් සංගීතය සමාජ මාධ්‍ය නැඹුරුව ඇති වැඩසටහන් රියැලිටි ටීවී වැඩසටහන් සුපිරි වීර චරිත ගෙතුණු චිත්‍රපටි විනෝදජනක වැඩසටහන් නව නිර්මාණශීලී අදහස් ජනප්‍රිය සංස්කෘතියට popular culture අයිති සමහර දේවල් වේ. ජනප්‍රිය සංස්කෘතිය pop culture ලෙසද හැඳින්වේ.මිනිසුන්ගේ දැඩි ජනමාධ්‍ය ආභාෂය නිසා සංස්කෘතිය වෙනස් වී ඇත.මානව විද්‍යාඥ කතිකාව නව මුහුණුවරක් ගෙන ඇත. එනම් popular culture නැතහොත් ජනප්‍රිය සංස්කෘතිය ඉදිරියට පැමිණ ඇත.
මානව විද්‍යාඥ ජැකට් මැකට් 1986 ප්‍රකාශ කරන්නේ ඕනෑම කලාවක් තුළින් උත්තේජනය වන්නේ එම රසාස්වාදය මෙනෙහි කිරීමක් ය. එය එසේ වන්නේ එම කලාවේ අත්දැකගත් සෞන්දර්ය නිසා විශේෂ සිත් ඇද ගැනීමක් සහ පරාවර්තනයක් reflection ඇතිවන බවයි. එම අත්දැකීම තුලින් එම කලා අංගය අගය කිරීමකට ලක්වෙයි. සෞන්දර්යාත්මක රසාස්වාදය තුලනය වේ.එම සෞන්දර්යාත්මක අත්දැකීම් ලැබූ පුද්ගලයා ඒ ගැන විශාල සිත් ආකර්ෂණයක් ඇතිවී ප්‍රබල සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පත් කර ගනී.
කාන්තාවන් ආකර්ෂශනය වන ප්‍රධාන මාතෘකාවක් වන්නේ විලාසිතා ය. ඈත අතීතයේ පටන් විලාසිතා සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇත. විලාසිතා සහිත ඇඳුම් ඇඳීමත් සංස්කෘතිය විදහා දක්වන කලාවකි. එය ප්‍රසිද්ධ සංස්කෘතියක අංගයක් ලෙස සැලකේ. විලාසිතා සංදර්ශන මගින් නොයෙක් තොරතුරු එළිදක්වයි.හමුදා යුද ඇඳුම් ස්ත්‍රී දූෂණයට එරෙහිව කතිකාව වැනි සමාජයේ ප්‍රධාන මාතෘකා ඔස්සේ විලාසිතා සංදර්ශන තේමාකොට පවත්වති. විලාසිතා නිසා සන්ස්ක්ෘතික වෙනස්කම් ඇතිවේ. කාන්තාවන්ට විලාසිතා නැතුවම බැරි දෙයක් බවට පත්වී ඇත.
මේ අතරින් ආසන්නම සිදුවීම ලෙස එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේ පැවති මෙට් ගාලා 2022 විලාසිතා වලින් පිරුණු සාදය වේ. මෙය වාර්ශිකව පවත්වන ජනප්‍රිය චරිත සහභාගී වෙන ඇදුම් නිර්මාණ ප්‍රදර්ශනයකි. මෙහි කතා බහට ලක්වෙන්නේ රෙඩ් කාපට් නැතහොත් රතු පලස අවස්තාවයි. බොහෝ නිලියන් රතු පලස උඩ ඇදුම් මෝස්තර වෙනස් කරති. බ්ලේක් ලයිව්ලි නම් හොලිවුඩ් නිලිය ඇද සිටියේ ග්ෲහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන ගවුමකි. ඇය රතු පලස උඩට ගිය පසු එම ගවුමේ වාටිය දිග හැරිය විට ගවුමේ අලුත් මෝස්තරයක් දිස්වූයේ මැජික් නිර්මාණයක් පෙන්වන සැටියෙනි.
කිම් කඩාර්ශියන් නිලිය මැර්ලින් මොන් රෝ විසින් ඇමරිකානු ජනාදිපති ජෝන් ෆ් කෙනඩි ගේ උපන්දිනයට අදින ලද ක්‍රිස්ටල් එබ්බවූ හැපි බර්ත්ඩේ මිස්ටර් ප්‍රසිඩෙන්ට් ගවුම කුලියට මිලදී ගෙන ඇද ඇත. ගවුම වෙනස් කිරීමට නොහැකි නිසා ඇය ශරීරයේ බර අඩු කර ගෙන ඇත.
මෙවැනිම විලාසිතා වෙනස් කිරීමක් ලේඩි ගාගා නොහොත් ස්ටෙෆානි නම් ඇමරිකානු ගායිකාව 2019දී පැවති මෙට් ගාලා උත්සවයේදී ඇදුම් වර්ග හතරක් රතු පලස උඩදී මාරු කර ඇත. මේවා කතා බහට ලක් වෙන ජ්‍යාතන්තර ප්‍රජාව බලන කාරණාය.
එංගලන්තයේ අටවන හෙන්රි සහ ඈන් බොලීන් නම් බිසවගේ දියණිය වන පළමු වන එලිසබෙත් රැජිණගේ රාජ්‍ය සමය ( Elezabethan Era ) විලාසිතා වලට හොඳම තෝතැන්නක් වී ඇත. එලිසබෙත් රැජිනගේ සමයේ ඇඳුම් සහ විලාසිතා මගින් රට වැසියන්ගේ සමාජ තත්ත්වය පෙන්නුම් කර ඇත. ඉහළ පැලැන්තියේ ( Elite )අය සහ පෙලපත්වාසීන් ඇද ඇත්තේ සිල්ක් සැටින් වෙල්වට් රතු විල්ලුද තුනී සේද වලින් මැසූ ගවුම් ය. මධ්‍යතන යුගයේ වූල් සහ ලිනන් පොදුවේ භාවිතා කළ ඇඳුම් වේ. මේ කාලයේ විශේෂත්වය වන්නේ බ්‍රිතාන්‍යයේ කාන්තාවන් වෙනත් ඇඳුම් ආයිත්තම් ප්‍රධාන ඇඳුමට යටින් ඇඳ ඇත. කාන්තාවන් ටූනික් රෙද්දෙන් දණ හිස දක්වා මැසූ කර්ට්ල් සායවල් බොඩිස් නම් ඇගට හිරකර අදින හැට්ටය වැනි පෙටිකෝට් වර්ග බොහෝ ප්‍රමාණයක් ඇද ඇත. ඒ ශීතල නිසාය.
ලිනන් රෙදි අව්වේ වේලා එම්බ්‍රොයිඩරි කලාව යොදා ඇදුම් ගෙත්තම් කර ඇත. ලේස් වර්ග සාය වල වාටියට දමා ඇත. ඇදුම් සහ ආභරණ වලට මැණික් සහ පර්ල් ඔබ්බවා මසා ඇත. සපත්තු ලෙදර් වලින් තැනීම කලාවක් වී ඇත. රෙදි වර්ණ ගැන්වීමට ඩයි වර්ග නිපදවා ඇත. බ්‍රිතාන්‍යයේ රාජ වංශික පෙළපත් කාන්තාවන් හිස් පළඳනා පැලැඳ රාජතාන්ත්‍රික උත්සවවලට සහභාගි වීම අනිවාර්ය වේ.මේවට සමාන හිස් පලළඳනා අතීතයේ විසූ යුරෝපීය සෙල්ටික් ආදිවාසීන් ද පැලඳ ඇත.

ඒ අතර නේටිව් ඇමරිකන් ආදිවාසීන් ඔස්ට්‍රේලියානු අබොරිජින් ආදි වාසීන් අප්‍රිකානු මසායි ආදිවාසීන් තම උත්සව සදහා වර්ණවත් කුරුළු පිහාටු වලින් සෑදු හිස් පළදනා පැළදගෙන ආගමික සහ වෙනත් උත්සව වලට සහභාගී වී ඇත. වූල් ලොම් සහ හණ භාවිතා කර නවසීලන්ත මඕරි ආදී වාසීන් ඇදුම් පිලියෙල කරගෙන ඇත. වර්තමානය වන විට මෙවැනි අමුද්‍රව්‍ය මිලෙන් අධිකය. තවදුරටත් මඕරි ගෝත්‍රික ජනතාව පැළෑටි තණකොළ කුරුලු සම් සීල් මත්ස්‍යයාගේ සම් පිහාටු වර්ග පාවිච්චි කර ඇඳුම් සඳහා අමුද්‍රව්‍ය ලෙස සකසා ගෙන ඇත.
අප්‍රිකානු මසායි ගෝත්‍රික ජනතාවගේ කැපී පෙනෙන විලාසිතාවක් වන්නේ ආභරණ නිෂ්පාදනය කර පැළදීමයි. ආභරණ සඳහා විශාල කාලයක් යොදමින් වර්ණවත් ආභරණ නිපදවයි.
ගෝතමාලාවේ මායන් ගෝත්‍රික පැලෙන්කියු සහ ටිකාල් ගෝත්‍රික ජනතාව ඉන පටි නොහොත් බෙල්ට් වර්ග පැළ ද ඇත. ඉන පටි වැඩි සංඛ්‍යාවක් පළඳින්නේ ගෝත්‍රික සමාජයේ ඉදිරිපෙළ චරිත වේ. විවිධ වර්ණවත් ඉන පටි පැළඳීම මගින් මායාවරුන් සහභාගීවූ සටන් ගණන පෙන්නුම් කෙරේ.

ඇදුම් තුලින් ආදි වාසික සමාජ තත්වය සහ තමන් හොබවන ගෝත්‍රය පෙන්නුම් කිරීමට හැකියාව ලැබී ඇත. මේ අතරෙන් නේටිව් ඇමරිකන් නායක ඇඳුම් අනෙක් ගෝත්‍රික ජනතාවගේ ඇඳුම් වලට වඩා ඉස්තරම් තත්ත්වයක් පෙන්නුම් කරයි. නේටිව් ඇමරිකන් ආදීවාසීන් සහ මඕරි ආදී වාසීන් පච්ච කොටා ගෙන සිට ඇත. ඇගේ චිත්‍ර සායම් කර උත්සව සදහා සම්බන්ධ වී ඇත. ඒ සදහා ඔවුන් විසින් සායම් වර්ග ශාක පත්‍ර කොටා සකසාගෙන ඇත.දොලොස් වන සියවසේදී රෝම සහ ග්‍රීක වැසියන් කොණ්ඩ ඩයි කර ඇත.
උප සංස්ක්ෘතියක් ලෙස බොබ් මාලේ ගේ රස්තාෆේරියන් සාමාජිකයින් ගේ කේශ කලාපය සහ රැවුල් වැවීම ගොතන ලද හෝ බ්‍රේඩ් කරන ලද කොන්ඩ විලාසිතාව තවත් විලාසිතා උප සංස්කතියකි. කාන්තා අත් බෑග් සදහා සත්ව සම් ද භාවිතා වේ. මේවා මිලෙන් වැඩිය. ආදී වාසීන්ද සත්ව සම් යොදා ඇදුම් සහ වෙනත් දේ සකස් කර ඇත. වර්තමානයේ ප්‍රසිද්ද රිප්ඩ් ජීන්ස් නැතහොත් තැනින් තැන ඉරුණු කලිසමට හොද ඉල්ලුමක් සහ මිලක් ලැබී ඇත. මේවා අතීතයේ පැවති දේය. සෑම දෙයකටම වෙනස් මුහුණුවරක් ලැබී ඇති බව පෙනේ. මෙවැනි විලාසිතා බොහෝ සංක්‍යාවක් ඇත. විලාසිතා ලෝකය අපව අල්ලා ගෙන ඇති සැටෙකි.
සුරනි ප්‍රනාන්දු

