අරගලය වූ කල්හි ලෝකයට පමණක් නොව ලංකාවට ද සමාජය තුළට සුවිශේෂත්වයක් එක් කර දුන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ලංකාවේ මෙන් ලෝකයේ සිදු වූ මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර හා අරගලවල සාර්ථකත්වය වෙනුවෙන් හේතු වූ කරුණු කාරණා අතරින් සමාජ මාධ්‍ය විශාල මෙහෙය සිදුකොට තිබුණි.
එසේ නම් අද අප සූදානම් වන්නේතොරතුරු තාක්ෂණ හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය රඟමිණි වේරවත්ත මහතා සමග සමාජ මාධය හා අරගලය ලිපි මාලාව තුළින් සමාජ මාධ්‍ය අරගලවල සාර්ථකත්වයට බලපෑවේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
අරගලය පිළිබඳ කතා බහ කිරීමේ දී ,
අරගලයේ අර්ථය නම් යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා එම අරමුණු කරා ළඟා වීමට දරන ප්රයත්නය නැතිනම් සටන ලෙස සඳහන් කළ හැකිය
ලෝකය තුළ විවිධ අරගලකාරී අවස්ථාවන් නිර්මාණය වුවද ලංකාව තුලද අරගලය මේවනවිට බොහෝ දෙනකුටම හුරුපුරුදු වචනයක් බවට පත් වී හමාරයි.
ඒ පසුගිය කාල වකවානුව තුළ ලංකාවේ සිදුවනු යම් යම් සිද්ධීන් නිසාවෙනි.
පසුගිය අප්‍රේල්, මැයි යන මාස කිහිපයේ දී ලංකාව තුළ වූ ආර්ථික ගැටලු සහගත තත්වයන් ,දේශපාලන අස්ථාවරභාවයන් සහ දුෂිත ගණුදෙනු නිසාවෙන් පුද්ගලයින් වර්තමාන පාලකයන් සහ හිටපු පාලකයන්ට සහ රජයට විරුද්ධව පාලන තන්ත්රයේ ම වෙනසක් බලාපොරොත්තුවෙන් රටෙහි සියලුම ජනතාව උද්ඝෝෂණය කිරීම පොදුවේ අරගලයේ ලෙස නිර්වචනය කරන්නට පුළුවන්.
මෙකී අරගලයේදී වැඩිපුරම භාවිතා වූ මාධ්‍ය ලෙස සමාජ මාධ්‍ය නම් කරන්න පුළුවන්.
සමාජ මාධ්‍ය හරහා තමයි පුද්ගලයින් එක්රැස්වී මතයක් ඇති කර ගනිමින් පාලනයට සහ බලධාරීන්ට බලපෑම් ඇති කරන මට්ටමක ගේන්න හැකිවුණේ.
උදාහරණයක් හැටියට පසුගිය මැයි මාසයේදී හිටපු ජනපතිගේ මිරිහාන ප්‍රදේශයේදී පිහිටි පෞද්ගලික නිවස අසල ඇති වූ උද්ඝෝෂණය සදහන් කරන්නට පුළුවනි. රට තුළ ඇති වූ විවිධ දූෂණ හා අක්‍රමිකතා වන්, ආහාර , විදුලි සහ ඩොලර් අර්බුදය හේතුවෙන් පුද්ගලයින් ටිකෙන් ටික පාලකයන්ට විරුද්ධව වීදි බහින්න ගත්තා. රටේ ප්‍රධාන මාධ්‍ය පාලකයන්ට පක්ෂව කටයුතු කිරීමේ ස්වභාවයක් ගැනීම හේතුවෙන් පුද්ගලයින් සමාජ මාධ්‍ය හරහා රට තුළ ඇති අර්බුදය අනිත් පිරිස අතරට ගෙනයන්න පටන් ගත්තා. මෙලෙස ක්‍රමක්‍රමයෙන් එම පණිවිඩය පැතිරීම තුළින් යම් යම් නගරවල පිරිස් ප්‍රාදේශීය හා ගම් මට්ටමින් නිහඬ විරෝධතා ආරම්භ කළා.
මෙලෙස සමාජ මාධ්‍ය තුළින් රට තුළ ඇති අර්බුදකාරී තත්වය මිනිසුන් දැනුවත් වීමත් සමඟ ප්‍රධාන මාධ්‍ය හරහා ද අවධානය යොමු විය
මෙවැනි කුඩා ප්‍රමාණයේ උද්ඝෝෂණවල නිරත වූ පිරිස් පසුව ජනපතිගේ පෞද්ගලික නිවස අසලට එක්ව උද්ඝෝෂණය කිරීම පටන් ගත්තා .එය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග එතැනට තව තව පිරිස් එක් රැස් වීම සිදු වුණා. කෙසේ වෙතත් උද්ඝෝෂණය අතරතුර අතරතුර ඇතිවූ නොසන්සුන්කාරී බව පාලනය කිරීමට හමුදාව හා පොලිසිය කටයුතු කෙරුණ අතර මේ සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීමත් සමඟ ප්‍රධාන මාධ්‍යයන් සමාජ මාධ්‍ය හරහා පුද්ගලයින් විසින් පළ කළ වීඩියෝ ඡායාරූප යොදා ගනිමින් එම සිදුවීම ප්‍රචාරණය කරනු ලැබුවා.
මෙතනින් ඇරඹි උද්ඝෝෂණ රැල්ල පසුව ක්‍රම ක්‍රමයෙන් ගෝඨා ගෝ ගම, මයින ගෝගම ආදි වු විවිධ නම් වලින් රටේ ඉහළම පාලකයන්ගේ කාර්යාල සහ රටේ ප්‍රධාන ස්ථානයන් අසල ආරම්භ වුණා. මෙලෙස ඇරඹුණු උද්ඝෝෂණ සමාජ මාධ්‍ය ඔස්සේ facebook, whatsupඇතුළු සමාජ මාධ්‍ය හරහා විවිධ තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මිනිසුන් තුළ ඇති කරවූ පෙළඹවීම තුලින් තමයි පුද්ගලයින් රැසක් මෙම අරගල අවස්ථාවන්ට සම්බන්ධ වීම සිදු වූයේ.
කෙසේ වෙතත් කුඩාවට ඇරඹි නිහඬ විරෝධතාවයන් ක්‍රමක්‍රමයෙන් අරගලයක් දක්වා නිර්මාණය වීමත් සමඟම අරගලය කියන දේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා.
ලංකාව තුළ ඇති වූ මෙම අරගලකාරී තත්ත්වය අනෙකුත් රටවල් කෙරෙහිද වැඩි අවධානයකට ලක්වුණා.
අරගලකාරී අවස්ථාවෙන් පසුව ජනතාව තුළ පාලකයන් පිළිබඳ හටගත් දැඩි විරෝධතාවය මත රටේ ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනකු තම තනතුරු වලින් ඉල්ලා අස්වීම සිදු වුණා.
සමාජ මාධ්‍ය නිසා තමයි අරගලය කියන එක සාර්ථක වෙලා සමහර ක්‍රියාවන් ඉතා ඉක්මනින් වැඩසටහන් සහ පහසුකම් පසුබිම සැදුනේ
ලෝකයේ සමාජ මාධ්‍ය ඔස්සේ අරගලයන් හට ගැණුනු අවස්ථා
අරාබි වසන්තය
අරාබි වසන්තය (Arab spring)යනු 2010 දෙසැම්බර් මස අරාබි ලෝකයේ බොහෝ ප්‍රදේශවල පැතිර ගිය රාජ්‍ය විරෝධී විරෝධතා, නැගිටීම් සහ සන්නද්ධ කැරලි මාලාවකි.
එය මුලින්ම ආරම්භ වූයේ ටියුනීසියාවෙනි.
අරාබි වසන්තයට අදාල සිදුවීම පිළිබඳව කතාබහ කිරීමේ දී එවකට ටියුනීසියාවේ සිටි මොහොමඩ් බෞසීසි නම් පලතුරු වෙලෙන්දා ලෑලි වලින් සාදන ලද කරත්තයක් මත පලතුරු විකුණමින් සිටියදී එම ස්ථානයට පොලිසිය පැමිණීමත් සමඟ ඇති වූ කුඩා ආරවුලක් නිසා බෞසීසි නම් තැනැත්තා පහර කෑමට ලක් වී තිබේ. එහිදී එලෙස පහර කෑමට ලක්වූ මොහොමඩ් බෞඅසීසි නම් තරුණයා තමන් විසින්ම සිරුරට ගිනි තබාගෙන තිබුණි. එම ගිනි තබා ගැනීමේ සිදුවීම ඔහුගේ මිතුරෙකු විසින් වීඩියෝ ගත කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි .
එවකට ටියුනීසියාව පාලනය කරන ලද්දේ සිනේ එල් අබ්දීන් බෙල් අලී නම් ඒකාධිපති පාලකයකු විසිනි. සිනේ එල් අබ්දීන් බෙල් අලීගේ අන්ත දූෂිත, ඒකාධිපති පාලනයට එරෙහිව රටේ විරෝධතා ගොඩනැගෙමින් පැවතුණේ වසර ගණනාවක සිටයි.
බෞසීසිගේ මෙම සිද්ධියෙන් පසු ඔහුට සිදුවූ අසාධාරණය ද සහ එරට ජනතාවට පාලකයාගේ පාලනය විසින් සිදු වී ඇති තාඩන පීඩන ද එක්කොට ගනිමින් ඊළඟ දිනය වනවිට සිඩි බෞසිඩ් හි රජයට එරෙහි උද්ඝෝෂණ හටගැනීම එරට ජනතාව විසින් ආරම්භ කෙරුණි.
2011 ජනවාරි 14 වනදින මුලු රජයම බලයෙන් නෙරපා අගමැති සහ ජනාධිපති ඇතුළු සියලු දෙනා ඉවත් කර පාලන තන්ත්රයම විසුරුවා හැර දේශපාලන පක්ෂවලට ඇති සියලුම වත්කම් ජනසතු කර දේශපාලන සිරකරුවන් නිදහස් කර 2011 ඔක්තෝම්බර් මස නව ඡන්දයකින් ප්රජාතන්ත්රවාදී පාලනයක් ගොඩනගා ගැනීමට එරට පුද්ගලයින්ට අවස්ථාව උදාවුණි.
පසුව මෙම අරගලකාරී රැල්ල ඇල්ජීරියාව ටද ජෝර්දානය, ඕමානය සහ සෞදි අරාබිය, ඊජිප්තුව, සිරියාව වැනි රටවල් 20 කට අධික ප්‍රමාණයකට ව්‍යාප්ත විය.
සමාජ අසාධාරණය හා දූෂිත පාලනයට විරුද්ධව පුද්ගලයින් විදිවලට බැස දේශපාලනික අසාධාරණ වලට එරෙහිව සිදුකරන ලද අරගල වලදී ජනමාධ්‍යයෙන් උදව් නොලෑබීම නිසා ඔවුන් සමාජ මාධ්‍ය වෙතට යොමු විය. එහි දී අරගලයට අවශ්‍ය පිරිස එක්රැස් කිරීම , අන්තර්ජාතික අවධානය ලබා ගැනීම, අරගලයට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීම ඇතුළු මෙකී සියලුම දේ සමාජ මාධ්‍යය ලබාගැනීමට හැකි විය.
Occupy movement
2011 කාල වකවානුව තුළ ඇමරිකාව තුළ ද දැඩි ආර්ථික අර්බුදයක් ඇතිවෙමින් තිබුණි. මෙහි දී විශාල සේවකයන් පිරිසකට රැකියා අවස්ථා අහිමි වීම, ආයතන වසා දැමීම, සේවකයින්ට වැටුප් ලබා දීමට මුදල් නොමැති වීම හේතුවෙන් ඇමරිකාව තුළ පුද්ගලයින් දැඩි ආර්ථික අපහසුතාවයන් නිසා පුද්ගලයින් දැඩි අසරණභාවය පත්ව තිබුණි.
මෙම ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ඇමරිකාවේ නිකුත් කළ වාර්තාවකට අනුව ඇමරිකාව තුළ මෙවැනි ආර්ථික අර්බුදයක් පැවතුණද ඇමරිකාවේ ආර්ථිකයෙන් 90% ක් පාලනය කරන්නේ 1% එකක ජනගහනයක් බව සඳහන් ව තිබුණි .
මෙතැනදී එරට පුද්ගලයින් තේරුම් ගත්තා රටේ තියන ධනයෙන් වත්කම් වලින් ආර්ථිකයෙන් 90% ක්ම 1% එකකට නම් අයිති අපි තමයි ඉතුරු 99% කට බව. මේ හේතුවෙන් ආර්ථික අර්බුදයෙන් බැට කෑ සියලුම දෙනා නිව්යෝක් නගරයේ පිහිටි wall street හි දී උwe are the 99 නමින් උද්ඝෝෂණයක් ආරම්භ කෙරුණි. ඇමරිකාව තුල පිහිටි ආයතනවල පුද්ගලයින්ගේ රැකියාව අහිමි වුවද වැටුප් ලබා නොදුන්නද ආයතන වසා දැමුවේ නැහැ. එම ආයතනයේ දිරිදීමනා සියලුම දේ ආයතන ඉහළ නිලධාරීන්ට හිමිවීමත් එම නිලධාරීන්ගේ වැටුප්වල කිසිදු වෙනසක් නොවීමත් පහල පෙලේ සාමාන්‍ය සේවකයින්ගේ සියලුම රැකියා අවස්ථා අහිමි වීමත් යන කරුණු කාරණා රැසක් හේතුකොටගෙන මොවුන් විසින් ආරම්භ කරන ලද මෙම අත්පත් කර ගැනීමේ ව්‍යාපාරය ( Occupy movement ) මර්දනය කිරීමට පොලිසිය කටයුතු කොට තිබේ. මෙම උද්ඝෝෂණ කාරි ක්‍රියාව පිළිබඳව පළ කිරීමට එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කටයුතු නොකිරීම නිසා එහි සිටි පිරිස් සමාජ මාධ්‍ය වෙත මේ පිළිබඳ දැනුවත් කිරීම තුළින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත වුණි.
අවසානයේදී ඔක්තෝම්බර් 09 වන විට නගර 951 ක හා රටවල් 82 ක ටම occupy movements උද්ඝෝෂණ ව්‍යාපාරය පැතිරුණි.
කෙසේවෙතත් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් එරට ප්‍රධාන පෙළේ ආයතන වල තනතුරුවල වෙනසක් හෝ දේශපාලනික වෙනස්වීමක් සිදු වුණේ නැහැ.
occupy movement හා අරාබි වසන්තය සංසන්දනාත්මකව බැලීමේදී අරාබි වසන්තය තුළින් එරට පාලන තන්ත්රය සම්පූර්ණයෙන්ම වෙනස් වීම, වත්කම් ජනගහනය වෙත පැවරීම, ප්රජාතන්ත්රවාදී පාලනය ආදි වූ වෙනස්කම් රැසක් සිදුවිය .
occupy movement උද්ඝෝෂණ ව්‍යාපාරය තුළින් ආයතන වල හෝ පාලනයේ කිසිදු වෙනස්වීමක් සිදු නොවීම විශේෂත්වයකි.
එම උද්ඝෝෂණ ව්‍යාපාරවලට අනුව ලංකාවේ පැවති අරගලය පිළිබඳ සඳහන් කිරීමේදී ලංකාව පැවති අරගලය යම් මට්ටමක සාර්ථකත්වයක් ගත් බව කිව යුතුය. ලංකාවේ පසුගිය කාල වකවානුව තුළ සිදු වූ අරගලයේ දී ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයක් යොමු කිරීම හා මිනිසුන් අතර මතයක් ගොඩනැගීම තුලින් දේශපාලනික වශයෙන්ද වෙනස්කම් රැසක් සිදුවූ බව කිව යුතුය.
එසේනම් මින් පැහැදිලි වනුයේ අරගල හා උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි සාර්ථකත්වය සඳහා ප්‍රධාන වශයෙන්ම සමාජ මාධ්‍ය විශාල කර්තව්‍යයක් සිදු කොට ඇති බවයි.
සාකච්ඡා කලේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally. Prof. Werawatta currently serves as the Director –School of ICT at the Naganananda International Buddhist University.
සැකසුම – බිනාලි රාජපක්ෂ
