වර්තමානයේ ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ යොවුන් ගායික ගායිකාවන් විසින් නිර්මාණය කරන ලද විවිධ සංගීතමය නිර්මාණයන් අපට දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙනවා .
ඒ අතරින් මේ දිනවල බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රියට පත් ගීතයකින් රටක් වසඟ කරගත් යොවුන් ගායිකා අංජලී හේරත් සමගයි අද අපේ කතාබහ.
කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?
මගේම නිර්මාණ කිහිපයක මේ වෙද්දී වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ ටික අප්‍රේල් මුල් සතිය තුළ Release කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම සංගීත ප්‍රසංග සඳහා සහභාගි වෙනවා.
ඔබ මෑත කාලීනව ලංකාවේ ජනප්‍රිය තරුවක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. කවදාවත් හිතුවේ නැහැ මෙතරම් ජනප්‍රියත්වයක් සහ ආදරයක් ලැබෙයි කියලා.

මේ වසරේ බලාපොරොත්තු මොනවාද?
මට මේ ලැබුණු දෙයින් ඉස්සරහට මීටත් වඩා හොඳ නිර්මාණ කරමින් ඉන්න තමා බලාපොරොත්තු වෙන්නේ.
අංජලී කියන්නේ Brand එකක්ද?
මම හිතන්නේ ඔව්.
තරගය තුළ අනිවාර්යයෙන්ම Turning Points තිබෙන්නට ඇති. ඒ ගැන කිව්වොත්?
තරගය තුළ turning points දෙකක් තියෙනවා.එකක් තමයි නන්දා මාලනී මහත්මියගේ ගීතය අමතක වුණු දවස. හැබැයි එදා මම නොහිතපු විදිහට ප්‍රේක්ෂයින් මට ආදරය කළා, ළං වුණා.හැබැයි මට වැරදුණු තැනත් එතන.දෙවැනි එක තමා සංජීව් ලෝන්ලියෙස්ගේ පිට කවරේ ගීතය කණ්ඩායම් ගීතයක් ලෙස ගායනා කිරීම.ඒක නොහිතපු විදිහට viral වුණා. අවසන් මහා තරගයේ ඒ ගීතය ගායනා කරන්න වුණේ ඒ විදිහට Viral වීම නිසා.
ඔබේ සංගීත ජීවිතයේ පූර්වාදර්ශී චරිතය කව්ද?
එහෙම විශේෂ කෙනෙක් නැහැ. මම එක විදිහකට කොටු වෙන්න කැමති නැහැ. මම පෞද්ගලිකව නන්දා මාලනී මහත්මියට සහ ඇයගේ ගීත වලට ගරු කරනවා, ආස කරනවා. මගේ හය වසරේ ගුරුතුමිය කිව්වා මගේ කටහඬ නන්දා මාලනී මහත්මියගේ කටහඬේ පරාසයට සමාන බවක් තියෙනවා කියල. එදා සිට මම නන්දා මාලනී මහත්මියගේ ගීත වලට බොහෝ කැමතියි.

අංජලී ඉදිරියේදී කුමන අංශයක් වෘත්තීය ලෙස තෝරා ගනීවිද?
වෘත්තීය වශයෙන් මම කරන්නේ leading aircraft කෙනෙක් ලෙස සේවය කිරීම. එයත් සමගම සංගීතයේ නියැලෙන්න තමා අදහස් කරන්නේ.
රංගන ක්ෂේත්‍රයට පැමිණීමට අදහසක් තියෙනවද?
ඇත්තටම අදහසක් නෑ. රඟපාන්නට කැමතියි. නමුත් රංගන ක්ෂේත්‍රයට පැමිණීමට අදහසක් නැහැ. නිවේදන ක්ෂේත්‍රයට නම් කැමතියි.

ඔබේ මේ ගමනට පවුලෙන් ලැබෙන්නේ මොනවගේ දායකත්වයක්ද?
පවුලෙන් විශාල දායකත්වයක් ලැබෙනවා. එයාලා හැමෝම මා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරනවා.මම ඩ්‍රීම් ස්ටාර් වුණාට පස්සේ අපේ ජීවිත ගොඩක් වෙනස් වුණා.දැන් හැමෝම මාත් එක්ක කොළඹ ජීවත් වෙනවා.අම්මා සේවය කළ පාසලෙන් ඉවත් වුණා. නංගි කොළඹ පාසලකට පැමිණියා. හිතුවට වඩා අපේ ජීවිත ගොඩක් වෙනස් වුණා.එයාල හැමෝම තවමත් මම වෙනුවෙන් කැපකිරීම් කරනවා. හැමදෙයක්ම කළමනාකරණය කරගනිමින් අපි ජීවත් වෙනවා.
ඔබ leading aircraft කෙනෙක්. කාන්තා දිනයේ කාන්තාවට දෙන වැදගත් පණිවුඩයක් ලෙස, මේ කාර්යබහුල වැඩ පරිසරය තුළ විවිධ රැකියා වල නියැලෙමින් පවුලේ ආර්ථිකයට ශක්තියක් වන කාන්තාවන්ගේ පෞරුෂත්වය සහ අභියෝග වලට මුහුණ දීමට කාන්තාව ගොඩනගා ගත යුතු වැදගත්ම ගුණාංගය ලෙස ඔබ දකින්නේ කුමක්ද?
මම හිතන්නේ අංක එක, දරා ගැනීමට ඇති හැකියාව.අනිත් පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවට දරාගැනීමේ ශක්තිය වැඩියෙන්ම තිබිය යුතුයි සහ වැඩියෙන්ම දේවල් දරා ගන්නෙත් කාන්තාවම තමයි. ඒ හැම දෙයක්ම දරාගෙන අභියෝගවලට මුහුණ දෙමින් කාන්තාව ඉදිරියටම යන්න ඕනා කියලා මම හිතනවා. අභියෝග වලට මුහුණ දෙන්න ශක්තිය තියෙන කෙනෙක්ට කවදාවත් ජීවිතය වරදින්නේ නැහැ. කවදාහෝ ඔවුන්ට හරියන තැනක් එනවා.

ඔබේ මුල්ම ගීතය ඔබ කාන්තාවන් වෙනුවෙන්ම කරපු ගීතයක්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු.
ඒ ගීතයේ නම “ගැහැණු”.ඒක කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය කරපු හරිම ලස්සන ගීතයක්. මෙල්බර්න් වල ජීවත් වන නීතිඥවරියක් වන පභාෂිණි හේරත් විසින් මට තරඟය අතරතුර කතාකරලා කිව්වා මගේ හඬින් ඇයට ගීතයක් කරගන්න අවශ්‍යයි කියලා . ඇය ලියූ පද මාලාව දැක්කම මට ගොඩක් ආස හිතුණා ඒවාට පන දෙන්න. ” රිදෙනා තරමට සොඳුරුව දිලුනෙත් ගැහැණු” කියන පේළියට මට ගොඩක් ආස හිතුණා.එය ආසාවත් එක්ක මම ඒක කරන්න තීරණය කළා. ඇයට අවශ්‍ය වුණේ තරඟය අතරතුරදීම ඒ ගීතය Release කරන්න.නමුත් Academy තේරීමත් සමග ඒ සඳහා කාලයක් වෙන් කරන්න බැරිවුණා . ඒත් එක්කම ගීතය කල් දමන්නට සිදුවුණා.නමුත් තරගය අවසන් වීමත් සමගම මම මුලින්ම කරපු ගීතය තමයි ඒක. මම ඒ ගීතයට පෞද්ගලිකව ගොඩක්ම කැමතියි.පොඩි දුකක් තියෙනවා ඒ ගීතය Viral කරන්න කාලය මදි වීම ගැන.
අද ඔබට මේ තැනට එන්න උදව් කරපු අයවත් මතක් කරමු.
මුලින්ම අම්මා තාත්තා ඇතුළුව මගේ පවුලේ සියලු දෙනාවම මතක් කරන්න ඕනේ. මගේ රැකියාව පැත්තෙන් ගුවන් හමුදාපතිතුමා ඇතුළුව ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ අනෙකුත් සියලු දෙනාට. ඒ වගේම මට SMS කරපු දේශීය සහ විදේශීය සියලුම දෙනාට.මට ගොඩක් අය උදව් කළා. ඒ අතර අදටත් මම නොදන්න පිරිසක් ඉන්නවා.මට ආදරය කරපු හැමෝටම ස්තූති කරන්න ඕනා.
තරුණ සංගීත ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එන්න ඉන්න නවකයන්ට යමක් කියමු.
තමන්ට යම් දෙයකට ආසාවක් තියෙනවා නම් ඒක හරියන්නට හරි, වරදින්නට හරි ඒකට පය තියන්නම ඕනා.අපි ගොඩක් විට වරදීවි යන බය නිසාම අපිට ලැබෙන අවස්ථාවන් මගහැර ගන්නවා.මටත් එහෙම කාලයක් තිබුණා.හැබැයි මම Dream Star එන්න තීරණය කළේ හරියන්නට හරි වරදින්නට හරි කියලා. මගේ රැකියාවත් එක්ක මේ වගේ දෙයකට යොමු වෙන එක හරි අමාරුයි.හැබැයි මම උත්සාහය අතහරින්නේ නැතුව,මගේ හීනය වෙනුවෙන් කැප වුණා. හිතුවොත් දෙයක් අපිට කරන්නට බැරි නැහැ.තමන්ට හීනයක් තියෙනවා නම් ඒ හීනය පස්සෙම ගිහිල්ලා ඒක සැබෑ කරගන්නම ඕනේ. තමන් තමන් වෙලාම තමන්ගේම ගමනක් යන්න.
ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?
රැකියාව පැත්තෙන් මම ඉටු කළ යුතු දේවල් උපරිමයෙන්ම කරන්න උත්සහ කරනවා. මගේ සංගීත ජීවිතයේ මම ඉටුකළ වැඩ කොටසක් තියෙනවා ඒ වගේ මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගීත නිර්මාණය කරමින් ජීවිතය සරලව ගෙවන්න උත්සහ කරනවා.
සංවාදය

පෙවින්ද්‍යා රශ්මි
