මේ දිනවල බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රිය මෙන්ම බොහෝ දෙනා අතර ඉතාමත් කතා බවට ලක්වෙන World අවුරුදු කුමරා සහ කුමරිය තරගාවලියේ තවත් තරඟයක් ඩුබායිහීදී පසුගියදා පැවැත්වුණා. ඒ Two Seasons Hotel & Apartments, Dubai Internet City පරිශ්‍රයේ දී. ඩුබායි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් රැසක් මේ සඳහා සහභාගි වී තිබුණා. තරගයේ අවසාන වටයට සුදුසුකම් ලැබූ ඒ තරඟකරුවන් තරඟකාරිනියන්ගේ අදහස් ගෙන එන්නටයි Lets Talk අද අපේ සූදානම.
පළමු වරට රටවල් වලින් එකොළහක් සමග පැවැත්වෙන World අවුරුදු කුමරා සහ කුමරිය ඩුබායි තරඟය පිළිබඳව ඔබට හිතන්නේ?
මගේ නම රශාන් දිසානායක. මට වයස අවුරුදු විසි හතයි. මම ලංකාවේ ගම්පහ ප්‍රදේශයෙන්. එක්සත් අරාබි එමිර් රාජය වැනි නීති රීති දැඩි රටක මෙවැනි තරඟයක් සංවිධානය කරනවා කියන එක ඉතාමත් ලොකු අභියෝගයක්. මම හිතනවා අපේ අධ්‍යක්ෂකතුමා ධනුෂ්ක මධුභාෂණ සර් ඇතුළු සංවිධායක මණ්ඩලයත් තරගකරුවන් වන අපත් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දීලා තියෙනවා කියලා.තරගාවලිය පුරාම දිනෙන් දින අපට අලුත් අත්දැකීම් වලට මුහුණ දෙන්න ලැබුනා. වෘත්තීය මට්ටමේ ශිල්පීන් ශිල්පිනියන් එක්ක අපට වැඩ කරන්න ලැබෙනවාල. ඉතින් ඒකම අපිට ලොකු භාග්‍යයක්.

මම වගේ අති දක්ෂයින් විසින් තුන් දෙනෙක් මේ තරඟයට තරග කරනවා. අපි හැමෝම ලෑස්ති වෙලා ඉන්නවා මේ තරඟයෙන් පස්සේ World අවුරුදු කුමරා සහ කුමරිය final එකට ගිහිල්ලා කිරුළ ඩුබායි වලට අරගෙන එන්න.
කොහොමද මේ තරඟයෙන් ඔබට ලැබුණු අත්දැකීම
මගේ නම සසිදු ජයසේකර. මම කොළඹ මොරටුව ප්‍රදේශයෙන්. ඇත්තටම මේ තරඟයෙන් මට ලැබුණු අත්දැකීම ඇත්තෙන්ම මට කියාගන්න වචන නැහැ. මම ඇත්තටම පෞද්ගලිකව මේක තුළ විශාල දෙයක් මේ තුළින් ඉගෙන ගත්තා. මේකේ සංවිධානය ඉතාමත් ඉහළයි. ඉතින් මේක සීසන් 1 නිසා මේ වගේ එක්ස්පීරියන්ස් එකක් එහෙම ලෙහෙසියෙන්ම ගන්න බැහැ.
ලෝකෙම පළමු වතාවට කරන තරගාවලිය තුළ අපට ලබාදුන් පුහුණුව ඇත්තෙන්ම ඉහළයි. සංවිධායක මණ්ඩලය සහ පුහුණුකරුවන් හැමෝම හරි friendly. මේක පුහුණු කරපු කට්ටිය ඇත්තෙන්ම අපි වෙනුවෙන් ලොකු කැපවීමක් කලා. මේක ඇත්තටම අපට හම්බුනු හොඳ චාන්ස් එකක්.

මෙවැනි තරගයකට සහභාගී වීමට හිතුවේ ඇයි?
මගේ නම යමුනා ජයසිංහ. මගේ වයස අවුරුදු 31යි. මම ශ්‍රී ලංකාවේ නුවරඑළිය ප්‍රදේශයෙන්. මම දැනට පදිංචි වෙලා සිටින්නේ එක්සත් එමිර් රාජ්‍යයේ.
මම හිතන්නේ ඔයාලා හැමෝම දන්නවා World අවුරුදු කුමරා සහ කුමරිය තරඟය ගැන. මේ වගේ තරඟයකට සහභාගී වෙන්න හේතුව තමයි මගේ පොඩි කාලේ ඉඳලා තිබ්බ හීනයක්. මේ තරඟය විශේෂයි කියලා හිතුණා. මගේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණ මේකයි කියලා හිතුනා. මෙතෙක් කල් නොදුටු ආකාරයේ විශේෂ දේවල් කිහිපයක් මම මේ තරඟයෙන් දැක්කා. එ නිසා තමයි මම එයට සහභාගි වීමට තීරණය කළේ.

මම කලින් මම මේ වගේ කිසිම තරඟයකට සහභාගි වෙලා තිබුණෙ නැහැ. මම හිතනවා අපි වගේ සෑම රටකම ඉන්න සහෝදර සහෝදරියන්ටත් මේක ලොකු අවස්ථාවක් වෙයි කියලා.
ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මම මේ තරඟයට සහභාගී වෙන්න තවත් හේතුවක් තමයි ලෝකයක් පිළිගත් ගුරුවරු කණ්ඩායමක් මේ තරගාවලියේ අපට සහයෝගය දක්වන්න ඉන්නවා කියන එක.
ආදරණීය ගුරු මණ්ඩලයක් සහ ගොඩක් දැනුමෙන් පිරිපුන් ගුරු මණ්ඩලයක් ඒ වගේම කාර්ය මණ්ඩලයත් එහෙමයි. හැම රටකටම ගිහිල්ලා දරුවන්ගේ දක්ෂතා හොයාගෙන ඒ දරුවන්ව ඉදිරියට අරන් යන්න පුළුවන් සංවිධාත්මක හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා.
මම හිතනවා අපිට මේක හොඳ අවස්ථාවක් කියලා ඉතාමත් ආරක්ෂාකාරී ගුරු මණ්ඩලයක් යටතේ පුහුණුවක් ලබලා ඉදිරියට යන්න.
මගේ නම නිර්මල ක්ලින්ටන්. මම ශ්‍රී ලංකාවේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්. ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ. ඒත් අපි දැනට වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. අපිට අපේ වැඩත් එක්ක අපේ හීන ගොඩාක් බොදවෙලා තියෙනවා. ඒ හීන බොද වෙච්ච අවස්ථාවක මේ වගේ සංවිධායක මඩුල්ලක් එක්ක මේ වගේ වැඩක් පටන් ගන්නවා කියන එක දැක්කහම ඒකට අපි සහභාගි වුණා. අපිට අපේ හීන වලට යන්න පුළුවන් කියලා අපිට හිතුනා. එහෙම තමයි මම මේ වැඩසටහනට සහභාගි වුණේ.
මම ඒ වගේම කියන්න ඕනේ හොඳ team එකක් මේ event එක Organise කරනවා. ඉතින් ඒ නිසා එයාලගේ ශක්තියත් එක්ක අපේ හීන වලට යන්න හැකියාවක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා.

මෙවැනි තරඟයක් ඩුබායි හීදී පැවැත්වීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
මම හසින්ත ලයන් මාපලගම. වයස අවුරුදු 23යි.ම ම ලංකාවේ මහනුවර ප්‍රදේශයෙන්. මම දැනට ඩුබායිවල ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරනවා. ඇත්තටම කිව්වොත් මේ වගේ තරඟයක් ඩුබායිහීදි පැවැත්වීම මේ රටේ වෙසෙන තරුණ තරුණියන්ට විශාල Opportunity එකක්. මොකද සමහර තරුණ තරුණියන්ගේ හීනයක් මේ වගේ තරඟයකට සහභාගි වීම ගැන.

විශේෂයෙන් අපි අපේ හීන මදකට නතර කරලා පවුලෙන් වෙන් වෙලා විදේශ රටකට ඇවිල්ලා කුමන හෝ රැකියාවක් කිරීමට අපට දැන් සිදුවෙලා තියෙනවා. මොකද අපේ අනාගතය හොඳ ආර්ථික තත්ත්වයක් අපිට අවශ්‍යයි . ඉතින් අපිට ජීවිතේ මේ වගේ කැපකිරීම් කරන්න සිදුවෙලා තියෙනවා. නමුත් මේ වගේ තරගයක් පැවැත්වීම ඩුබායිහි වෙසෙන තරුණ අපේ ජීවිතයේ විශාල හැරුම් ලක්ෂයක්. ඉතින් මේ වගේ තරගයට සහභාගී වීමට අවස්ථාව ලැබීම ගැන මට ඇත්තටම තියෙන සතුටක් සහ මා හිතනවා ඒක මට විශාල භාග්‍යයක් කියල.
අවුරුදු කාලයේදී සාමාන්‍යයෙන් පැවැත්වෙන අවුරුදු කුමරා සහ කුමරිය තරඟය සහ මෙම තරගය අතර ඔබ දකින වෙනස කුමක්ද ?
මගේ නම හයිනි අනන්‍යා. මට වයස 24යි. මම ලංකාවේ මහනුවර ප්‍රදේශයෙන්. ඇත්තෙන්ම මේ තරගාවලිය ගැන කතා කළොත් සාමාන්‍ය තරගාවලියක් සහ World අවුරුදු කුමර කුමරා තරගාවලිය ලොකු වෙනසක් තියෙනවා.

මේක international level එකේ තියෙන තරඟාවලියක්. ලංකාවේ පැවැත්වෙන තරග වගේ නෙමෙයි. මේකට සහභාගි වීමෙන් අපිට ගොඩක් වරප්‍රසාද හම්බවෙනවා. ඇතෙන්ම මමත් ගොඩක් සතුටු වෙනවා මේ වගේ තරඟයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබීම ගැන.
මෙම තරඟයට සහභාගී වන සියලු දෙනාට පුරුදු පුහුණුවීම් කටයුතු කරන චරිත් ගුණසේකර ඇතුළු ප්‍රවීණ ශිල්පී ශිල්පිනියන් පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
මම රයන් ඇන්ඩෘ මම ලංකාවේ පානදුර ප්‍රදේශයෙන්. මම මේ තරඟයට සහභාගී වෙනකොට මට කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. නමුත් මාව බිංදුවේ සිට අද මේ ඉන්න තත්ත්වයට ගෙනාපු අපේ චරිත් සර් ඇතුළු ප්‍රවීණ පුහුණුකරුවන් හැම කෙනෙකුටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

මම ඇතුළු අපේ මුළු කණ්ඩායමම පළවෙනි දවසෙ හිටපු තත්ත්වයයි අද සිටින තත්ත්වෙයි ලොකු වෙනසක් අපි තුළම දකිනවා.ලංකාවෙන් පිටත මේ වගේ ප්‍රවීණයන් යටතේ වැඩ කිරීම ලැබුණේ වර්ල්ඩ් අවුරුදු කුමරා සහ කුමරිය තරඟය නිසයි. මෙවැනි තරඟයක් ඩුබායි සංවිධානය කිරීම ගැන ධනුෂ්ක සර් ලලිත් සර් නිරාන් සර් ඇතුළු සියලු දෙනාටම අප බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
මම අනුහසි කේෂියා මගේ වයස අවුරුදු 19යි. මම ලංකාවේ නුවර ප්‍රදේශයෙන්.
අපට මෙම තරගයේ දී පුරුදු පුහුණුවීම් කටයුතු සිදු කරන චරිත් ගුණසේකර මහතා ඇත්තෙන්ම ගොඩක් හොඳ යි ගුරුවරයෙක් ඔහු සමග වැඩ කටයුතු කිරීම ඇත්තෙන්ම අපට ලොකු අත්දැකීමක්.

ඇත්තෙන්ම ඉදිරියටත් ඔහු වැනි ගුරුවරුන් සමග පුරුදු පුහුණ වීම් කටයුතු සිදුකිරීමට මා බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ඇතුළු අපට පුරුදු පුහුණුවීම් කටයුතු සිදුකරනවා. මෙවැනි ප්‍රවීණ ගුරුමඬුල්ලක් මනා කැපවීමකින් මෙම තරඟය තුළ අපට අවශ්‍ය දේ අපට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා.
ඉතින් මම ඒ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා අප වෙනුවෙන් කාලය වෙන් කරමින් මෙවැනි කටයුත්තකට සහභාගි වීම ගැන.
තරඟ සංවිධායකවරුන් පිළිබඳව ඔබේ අදහස
මම සුවිත්මා ඈන්. වයස අවුරුදු 16යයි. මම ලංකාවේ පමුණුගම ප්‍රදේශයෙන්. මා පළමුවෙන්ම මෙම තරඟයේ ජාතික අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ධනුෂ්ක මදුභාෂණ මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

මේ වගේ තරඟයක් ඩුබාහේදී පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව. මේ අවස්ථාව ඇත්තෙන්ම ඉතාමත් හොඳ අවස්ථාවක් වුණා මට තරගකරුවන් තරගකාරිණියන් සමඟ එකට වැඩ කිරීම ලැබීම ගැන. මා සැබවින්ම සතුටු වනවා. මුළු කාර්ය මණ්ඩලයම එකිනෙකාට උදව් කරමින් සහයෝගයක් දැක්වමින් සෑම දෙනකුම වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඩුබාහි මේ වගේ විශිෂ්ට අවස්ථාවක් උදා කර දුන් අපට නැවතත් මා ස්තූතිවන්ත වෙනවා.
මෙම තරගයට සහභාගි වීමේදී ඔබට මුහුණ දීමට සිදුවූ අභියෝග මොනවාද?
මම නෙත්ම් නිමල්ෂා . මට වයස අවුරුදු 23යි. මම ලංකාවේ මාකඳුර ප්‍රදේශයෙන්. දැනට මම ඩුබායිවලට ඇවිල්ලා දැනට මාස නවයක කාලයක් ගතවී තිබෙනවා. මා රැකියාවක් වශයෙන් පෞද්ගලික ආයතනයක සේවය කරනවා.
ඒ අතරතුර තමා මට මේ World අවුරුදු කුමරා සහ කුමරිය තරඟය ගැන දැනගන්න ලැබුණේ. මම මාගේ රැකියාව කරන අතරතුර තමයි මේ තරගයට අයදුම්පත් යොමු කළේ. මොකද හිසට කිරුළක් දාගෙන ජනප්‍රිය වීම මාගේ පුංචි කාලේ තිබුන ලොකුම ආසාවක්. ලංකාවේ ජීවත් වෙද්දිත් මම ඒ දේවල් වලට සහභාගි වුණා. නමුත් මගේ හීනේ තාමත් අසම්පූර්ණයි. මගේ අසම්පූර්ණ හීනයට පණ දෙන්න මට ලැබුණු හොඳම අවස්ථාවේ තමයි මේ තරගාවලියට සහභාගි වීම.

හැබැයි මේකට සහභාගී වෙන එක එතරම් පහසු වුණේ නැහැ. ඉතින් ඒ අතරතුර මට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවුණා. මොකද මම රැකියාව කරන්නේ සේවා මුරයකට යටත්ව. ඉතින් රැයක් දවාලක් නැතුව රැකයාව කරන අතරතුර තමයි මා මේ තරඟයට සහභාගි වුනේ. ආර්ථික අපහසුතාත් මට නැතිවාම නොවෙයි. ඒ හැමදේමත් සමග තමයි මේ තරගයට සම්බන්ධ වුනේ. ඒ වගේම මා මේ වෙලාවේදී ගොඩක් ස්තුතිවන්ත වෙන්න කැමතියි මට මෙවැනි තරඟයකට සහභාගී වෙන්න උපකාර කෙරූ ඔබ සැමට.
ආත්ම විශ්වාසය පිළිබඳ කතාබහ කිරීමේදී මෙම තරඟයෙන් ම ජය ලැබීමට නම් ඔබ විසින් ගොඩනඟා ගත යුතු ගුණාංග සහ ආකල්ප මොනවද?
මගේ නම චමල් සංදීප. මගේ වයස අවුරුදු 27යි. මම ලංකාවේ වාද්දුව ප්‍රදේශයෙන්.
තරඟයක් ජයග්‍රහණය කිරීමට නම් මුලින්ම තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි. ඒ වගේම ජය පැරදුම කියන දෙකම ඉන් දරා ගැනීමට හැකියාවක් තමා සතුව තිබිය යුතුයි. තවද තරගකරුවන් සමඟ එකමුතුව සහයෝගයෙන් වැඩ කළහොත් මේ වගේ තරගයක් ජයග්‍රහණය හැකි බව මා විශ්වාස කරනවා.
මගේ නම දිල්රංගි ප්‍රනාන්දු. මම ශ්‍රී ලංකාවේ මීගමුව ප්‍රදේශයේ මගේ වයස අවුරුදු 27යි. මගේ අදහසට අනුව මෙම ජයග්‍රහණය ලබාගැනීමට මා දියුණු කළ යුතු ගුණාංග දෙකක් තියෙනවා එකක් තමයි ආත්ම විශ්වාසය හා මාගේ හොඳම අනුවාදය.

i would say I want to be a best version of me and I do anything to me best of proud.
ඉතින් ආකල්පමය අතින් ගත්තොත් මා කුඩා කල සිටම ජයග්‍රහණය ලබා ගැනීමට ආකල්ප තුනක් ප්‍රගුණ කරනවා. ධනාත්මකව සිටීම තුළින් අභියෝගයක් ආශිර්වාදයක් කරගන්න පුළුවන්. හොඳම point එක මම develop කරනවා. මගේ ආත්ම විශ්වාසය සහ satisfaction එක කොයිම වෙලාවකවත් අභියෝග හමුවේ වැටෙන්න දෙන්නේ නැහැ. මගේ තුන්වෙනි ආකල්පය තමයි අපි හැම දෙනෙක්ම වගේ වාසනාවන්තයි මේ ලස්සන ලෝකයට මිනිසුන් වශයෙන් බිහිවෙන්න. මම කොයිම වෙලාවකවත් සීයට සීයක් වාතාවරණය හරි යනකම් ඉන්න කෙනෙක් නෙමෙයි. අන්න ඒ නිසාම තමයි තරඟය මට ඒ වගේ ම ආශිර්වාදයක් වුණේ.
මෙවැනි තරඟයක් ඩුබාහිදී පැවැත්වීම පිළිබඳව විශේෂ ස්තූතිය…
මගේ නම චමල් සංදීප. මගේ වයස අවුරුදු 27යි. මම ලංකාවේ වාද්දුව ප්‍රදේශයෙන්. මේ වගේ තරගයක් ඩුබාහිදී පැවැත්වීම පිළිබඳව මුලින්ම මා ස්තුතිවන්ත වෙනවා ධනුෂ්ක මදුභාෂණ මහතාට. ඔහු අපි වගේ හීන තියෙන තරුණ තරුණියන්ට මේ වගේ තරගාවලියක් සංවිධානය කරලා ඒ හීන හැබෑ කරගන්න හරි පාර හදලා දුන්නා. ඇත්තටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔබතුමා ඇතුළු සංවිධායක මඩුල්ලටම මේ වගේ තරගාවලියක් මේ වගේ රටක පැවැත්වීම පිළිබඳව.

මගේ නම රුවිනි ප්‍රතිභා. මම ශ්‍රී ලංකාවේ කුරුණෑගල ප්‍රදේශයෙන්.
World අවුරුදු කුමරා සහ කුමරිය තරඟය සාමාන්‍ය තරග වලට වඩා එහා ගිය ජාත්‍යන්තර මටට්මින් සංවිධානය කර තිබීම සම්බන්ධයෙන් මෙම තරඟයේ සංවිධායක මඩුල්ලට ස්තූතිවන්ත වෙනවා. මේ නිසා ජාත්‍යන්තර තලයට අපගේ දක්ෂතාවයන් පිළිබිඹු කිරීමට ලැබීම අපට ලැබුණු මහඟු දායකයෙක්.
ඉතින් ඉදිරියේදී මේ වගේ තවත් තරග සංවිධානය කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය හා පහසුකම් අපගේ සංවිධායක මඩුල්ලට ලැබේවායි කියා එක සිතින් මා ප්‍රාර්ථනා කරනවා.
බිනාලි රාජපක්ෂ
