අවුරුදු 25 ට වැඩි සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳිමේ ප්‍රවණතාවයක්

author
0 minutes, 33 seconds Read

මොකක්ද මේ ආඝාතය කියන්නේ?

ඉස්සර  ආඝාතයට වැඩි වශයෙන් ගොදුරු වූයේ  වයස්ගත පුද්ගලයින් වුවත් දැන් වයස 30- 35 අයත් ආඝාත රෝගයට  ගොදුරු වෙනවා. රජයේ රෝහලවල්වල ඇතිවන මූලික මරණ 10 අතර ආඝාතය නිසා ඇතිවන  මරණ 05 වන ස්ථානයේ තිබෙනවා. 2019 වර්ෂයේ එය 06 වන ස්ථායේ  තිබුණ  ද අද වන විට එය 05 වන ස්ථානයට ඇවිත් තිබෙනවා.

ආඝාත තත්ත්වය මත රජයේ රෝහල්වලට වාර්ෂිකව 60000 ක් පමණ ඇතුළත් වෙනවා. වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් රෝගීන් ඇතුළත් වන නිසා මෙය සමස්ත රෝගීන් ප්‍රමාණය නොවේ. අවුරුදු 25 ට වැඩි සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳෙන්න පුළුවන්. සෑම පුද්ගලයන් 1000 කින් 10 දෙනෙකුට මෙම රෝගය වැළඳීමේ ප්‍රවණතාවය තියෙනවා. රුධිර කැටියක් අවහිර වීමෙන් ඇතිවන ආඝාතය 80%  ක් පමණ තියෙනවා. 20% රුධිර වාහිනියක් පුපුරා යාමෙන් ලේ වහනය වීමෙන් ඇතිවන ආඝාත තත්ත්වය. අපේ රටේ දත්ත අනුව  පිරිමින්ගේ  මෙම  දෙවන වර්ගයේ ආඝාතය දකින්න තිබෙනවා. මොළයේ ස්නායුශල්‍යවලට හානි වීමෙන් විශාල බලපෑමක් ඇතිවන්න පුළුවන්. මේ නිසා නිවාරණය ඉතාම වැදගත්. ආඝාතය වැළඳීමෙන් 30% ක් පමණ පූර්ණකාලීන දුබලතාවයට පත්වන්න පුළුවන්. 30% ක් අර්ධ කාලීන දුබලතාවයට පත්වන්න පුළුවන්. 10% ක් විතර මිය යන්න පුළුවන්. 30% ක් පමණ තමයි සම්පූර්ණ සුවය ලැබෙන්නේ.

ආඝාතය ඇතිවන්නේ කෙසේද?

මෙම ආඝාත තත්ත්වය ඇති වන්නේ මොළය  ආශ්‍රිත රුධීර වාහිනීවල ලේ කැටි ගැසීමක් හෝ රුධිර වාහිනියක් පුපුරා යාමෙන් ඇතිවන රුධිර ගැලීමක් ඇතිවන විටයි.

ආඝාතයට අවධානම් සාධක මොනවාද?

අධිරුධීර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, දුම්පානය, මත්පැන් භාවිතය, අධිබර, ස්ථූලභාවය, මානසික ආතතිය, ශාරීරික ක්‍රියාශීලී බව අඩුවීම ‍

රුධීර වාහිනීවල ලේ කැටි ගැසීමක් හෝ රුධිර වාහිනියක් පුපුරා යන්නේ ඇයි?

රුධිර කැටියක්  අවහිර වීම ක්ෂණිකව සිදු වන දෙයක්. නමුත් මෙය ක්‍රමානුකූලව රුධිර වාහිනීවල තෙල් තැන්පත් වීමෙන් සහ එහි ඇතිවන ආසාධන තත්ත්වයක් මත තමයි මෙය සිදු වන්නේ. මේ සඳහා රෝග නිවාරණය කලින් කළ යුතු දෙයක්. අවධානම් සාධක කලින් හඳුනාගෙන එම අවධානම් සාධකවලින් වැළකිලා ඒවාට ප්‍රතිකාර  ගෙන අපිට පුුළුවන් ආඝාතය වළක්වා ගන්න. මේ සඳහා ක්‍රම 02 ක් තිබෙනවා. ප්‍රාථමික නිවාරණය හා ද්විතියක නිවාරණය. රෝගය වැළදෙන්න කලින් නිවාරණය කර ගැනීමයි ඉතා ම වැදගත්. සුව දිවි මධ්‍යස්ථානවලින් කෙරෙන්නේ ප්‍රාථමික නිවාරණයයි. ද්විතියික නිවාරණයේදී කරන්නේ ආඝාතයක් වැළඳුනු කෙනෙකුට ඖෂධ භාවිතයෙන්  හා ජීවන රටාවේ වෙනස්කම් මගින් එය යළිත් ඇතිවීමට ඇති ඉඩකඩ වළක්වාලීම. සෑම පුද්ගලයින් හතර දෙනෙක්ගෙන් එක් අයෙකුට ආඝාතය වැළදුණු  පසු නැවතත් ආඝාත තත්ත්වයක් ඇත්වන්න පුළුවන්.

ආඝාතයේ රෝග ලක්ෂණ මොනවාද?

රෝග ලකෂණ හඳුනා ගැනීමට FAS කියන සංකල්පය භාවිත කරනවා.

මොකක්ද මේ FAS කියන්නේ?

F- ( face)- මුහුණේ එක් පසෙක ඇතිවන ඇදවීම

A-( Arm)-අතක හෝ පයක  ඇතිවන දුබලතාවය

S-( speech)- වචන උච්චාරණය කිරීමේ අපහසුකම

මෙම රෝගලක්ෂණවලින් එකක් හෝ තිබේනම් වහාම  ප්‍රධාන රෝහලකට ඇතුළත් කළ  යුතුයි.

මේ තත්ත්වය වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද?

රෝග නිවාරණයේ වගකීම තිබෙන්නේ පුද්ගලයාට. නිවාරණයයි  රෝගයට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ.  ඒ් නිසා තමන් තමන්ගේ ශරීර තත්ත්වය ගැන  උනන්දු විය යුතුයි. සුවදිවි මධ්‍යස්ථාන අද රට පුරා තිබෙනවා. වයස 35 ට වඩා වැඩි නම් එම මධ්‍යස්ථානවලට ගොස් වර්ෂයකට ඒක් වතාවක් හෝ තමන්ට මෙවැනි  රෝග අවධානමක් තිබේද කියා පරීක්ෂා කර ගත යුතුයි

වයස අවුරුදු 35 ට වැඩි සියලු ම දෙනා ලංකාව පුරා පවතින ප්‍රාථමික සෞඛ්‍ය සේවා  සුව දිවි  මධ්‍යස්ථාන නොමිලේ සිදු කරන පරීක්ෂාවන් සිදු කර ගැනීම  ඉතා ම වැදගත්. මෙම සායන මගින් උස බර මැනීම , සිනී මට්ටම්, අධි රුධිර පිඩනය,  කොලෙස්ටරෝල් මට්ටම් පරීක්ෂාවන් ආදී අත්‍යවශ්‍ය පරීක්ෂාවන් රැසක් ම සිදු කරනවා. මේවයේ තත්ත්වය අනුව ඉදිරියේදී ආඝාතය වැනි රෝග වැළඳීමට ඉඩකඩක් පවතිනවාද යන්න දැන ගැනීමේ හැකියාව පවතිනවා.

ආඝාතයේ රෝගලක්ෂණ මතු වුනහොත් කළ යුත්තේ කුමක්ද?

 රෝග  ලක්ෂණ හැදුණු විගස ම රෝගියා හැකි ඉක්මනින් රෝහල වෙත ගෙන ඒ්ම කළ යුතුයි. CTC Scan යන්ත්‍රයක් තියෙන රෝහලක් විය යුතුයි.CTC Scan යන්ත්‍රය මගින් කුමන වර්ගයේ ආඝාතය ද සෑදී ඇත්තේ යන්න හඳුනා ගැනීමට හැකි වෙනවා.   ආඝාත රෝගී තත්ත්වයේදී ගිලීමේ අපහසුතාවයක් ඇතිවන බැවින් කිසිම ආහාරයක් ලබා දීම සුදුසු නැහැ. රෝගියා හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යාම සඳහා 1990 සුව  සැරිය ගිලන් රථ සේවාවත්  ඔබට ලබා ගන්න පුළුවන්. 

මීට වසර කිහීපයකට පෙර මෙම ආඝාත අවදානම තිබුණේ සෑම 06 දෙනෙක්ගෙන් ම  ඒක් කෙනෙක්ට . දැන් එය හතර දෙනෙක්ට එක් කෙනෙක් දක්වා වර්ධනය වෙලා. මේ සඳහා ලබා දෙන හදිසි ප්‍රතිකාර සේවාවන්ද ඉතා ම මිල අධිකයි. ඒ් වගේම පුනරුත්ථාපන කටයුතුවලටත් මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගතවෙනවා. තමන්  තමන්ගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි දක්වන අවධානය අඩුකමින් නොසිතූ වෙලාවක තමන්ට  තමන්ගේ ජීවිතය පවා  අහිමි වෙන්න පුූූළුවන් . මේනිසා තමන්ට ලැබෙන සුළු විවේක කාලයක් හෝ කැප කර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරිම ඉතා වැදගත්.

වෛද්‍ය උපදෙස් –

ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති ස්නායු වෛද්‍ය විශේෂඥ හර්ෂ ගුණසේකර මහතා

සටහන –

ඉරේෂා මධුරකාවිනී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa