ලිබරල්වාදය ලොවට හදුන්වා දුන් දාර්ශනිකයන් අතර ජෝන් ලොක් සහ ඇඩ්ම් ස්මිත් ප්රමුඛ වේ. ලිබරල්වාදයේ පරම අරුත නම් රජය රටේ ආර්ථිකය හැසිරවීමේ කටයුතු වලින් වියුක්ත විය යුතු බවයි .එනම් පුරවැසියා ගේ ආර්ථික නිදහස තහවුරු කළ යුතුය .ලිබරල් චින්තනය ට අනුව රජය සතු සංස්ථා,මණ්ඩල, අධිකාරී හෝ වෙනත් එවැනි ආයතන තිබිය නොහැකි ය. පැරණි වමේ පක්ෂ මෙන්ම නව පරම්පරාව නියෝජනය කරන වමේ පක්ෂ වලට ලිබරල් චින්තනය නයාට අදුකොළ වැනිය.

මෙතරම් දරුණු ආර්ථික අවපාතනයකදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිසරණ පැතීම මොළය හොද නැති පිස්සන්ගේ අණුවන ක්‍රියාවක් බව ඔවුන් ගේ මතයයි .එහෙත් කුමන තර්ක ඉදිරිපත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිසරණ හැරෙන්නට වෙනත් විකල්පයක් පිළිබඳව ඔවුන් කරුණු ඉදිරිපත් කරන්නේ ද නැත .කෙසේ වෙතත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත්ව එම ණය මුදලේ මුල් වාරිකය ලැබී තිබේ .එය රටේ ඉදිරිගමනට සුභදායී ප්‍රවේශය කි.
මීට දශක කීපයකට පෙර බ්‍රිතාන්‍යයේ බලයට පත් වූ යකඩ ගැහැණිය ලෙස විරුදාවලිය ලත් මාග්‍රට් තැචර් ලිබරල් චින්තනය ට අනුව බ්‍රිතාන්‍යය මෙහෙය වූ අතර එරට ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස් කම් රාශියක් ඇති කළාය.එහි ප්‍රතිඵලයක් ලෙස ශුභ සාධක රාජ්‍යය සංකල්පය ගුරු කොට ගත් බ්‍රිතාන්‍යය ලේබර් (කම්කරු )පක්ෂය ට උන්හිටි තැන් පවා නැති විය.මාග්‍රට් තැචර් ගේ ආර්ථික දැක්ම තැචර් වාදය (Thatcherism) ලෙස ලෝකයේ බොහෝ රටවල සරසවි වල උපාධි අපේක්ෂකයෝ ඉගෙන ගනිති.(අප රටේ ආර්ථික විද්‍යා උපාධි අපේක්ෂකයින් තැචර්වාදය ගැන ඉගෙනගන්නවාද යන්න නොදනිමි) එපමණක්ද නොව මාග්‍රට් තැචර් ගේ ආගමනයෙන් පසු බ්‍රිතාන්‍යය ලේබර් පක්ෂයේ සිය සාම්ප්‍රදායික දැක්ම වෙනස් කර ගෙන ලිබරල් චින්තනය යේ ඇතැම් කරුණු වැළද ගත් බව නොරහසකි .මක් නිසා ද යත් එසේ නොවුනානම් ලේබර් පක්ෂය ට අද වන විට වැලේ වැල් නැති වන නිසා ය.
රජය රටේ ආර්ථික යේ දිශානතිය පාලනය කරන කෙවිටය යන ඊනියා ජනප්‍රිය මතවාදය දේවභාෂිතයක් ලෙස සලකමින් තවමත් පුදපූජා පවත්වමින් මන්තරයක් ලෙස එය මුමුණමින් රට වටේ යන දේශපාලන නායකයින් ද වෘත්තීය සමිතිද වත්මන් ආර්ථික අර්බුදයට යම් පමණකට වගකිවයුතු බව කොක් සුදකි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට කවර ආණ්ඩුවක් හෝ තැත් කරන සෑම අවස්ථාවකදීම එයට විරුද්ධව සේවකයින් සහ ජනතාව පාරට ගෙන එන වෘත්තිය සමිති එම රාජ්‍ය ව්‍යවසායන් තම පව් ජනතාවගේ කර පිට පටවන විට මුනිවත රකින බව නොරහසකි. එය එසේ නොවන බවට කිසිවෙකු ට තර්ක කළ හැකිද?
සමාජවාදී රාජ්‍යයන් වන චීනය, වියට්නාමය වැනි රටවල් ද වෙළද පොල ආර්ථිකය පිළිගෙන තිබෙන පසුබිමක ආර්ථික ප්‍රතිසංස්කරණ පසෙකලා හුදු සාම්ප්‍රදායික මතවාද මත පදනම්ව රට තව දුරටත් අගාධය කරා ගෙන යාම එක් අතකින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.රාජ්‍ය දේපොළ ප්‍රතිව්‍යුහගත කිරීම අද වන විට හදිසි අවශ්‍යතාවයක් වී ඇත .රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වන්නේ එම ආයතන බොහොමයක් පාඩු ලබන තත්ත්වයක පැවතීම නිසාම නොව ඒවා වෙලාගෙන තිබෙන නාස්තිය සහ දුෂණය නම් කඩතුරාව ගලවා පුළුස්සා දැමීමටත් ය.එක් ආයතනයක මාසික තේ බිල ලක්ෂ තුනක් ඉක්මවා ගිය බව අසන්නට ලැබුණි .තව දුරටත් මේ සුදු අලි නඩත්තු කිරීම ට මෙරට ජනතාව සැදී පැහැදී සිටිය යුතුද ?අනිත් අතට අප රටේ වත්මන් දේශපාලන සංස්කෘතිය අනුව මැති ඇමතිවරුන් තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ කුරුමානමක් ලෙස සිය පාක්ෂිකයන් ට රැකියා ලබා දීමේ රැකියා පොළවල් ලෙස මෙම රාජ්‍ය ව්‍යවසායන් තව දුරටත් උපයෝගී කර නොගන්නා බව ට ඇති සහතිකය කුමක් ද ? එපමණක්ද නොව සිය වැටුප් ,දීමනා සහ බෝනස් වැඩි කර ගැනීමට මාන බලන වෘත්තීය සමිති සමග මෙම ආයතන තවදුරටත් මේ ආකාරයට පවත්වාගෙන යාම කළ හැකි ද ?
ලිබරල් ආර්ථිකයක් පවතින රටක ආයෝජන සිදු කිරීමට බොහෝ විදෙස් ආයෝජකයන් සැදී පැහැදී සිටින බව නොරහසකි . තවද රටේ නීතියේ ආධිපත්‍යය සුරැකීම තහවුරු කර තිබීමද ආයෝජකයන් ගලා ඒමට හේතු කාරක වේ. කම්කරු නීති වලටම පමණක් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කරන රාජ්‍යයක ට ආයෝජකයන් කැමැත්තක් දක්වන්නේ නැත .සිංගප්පූරුවේ වැඩ වර්ජනයක් කිරීම ලේසි නැත. එහි පවතින්නේ ආයෝජකයන් ආකර්ෂණය කර ගන්නා ක්‍රම්වේදයකි.
ලිබරල් චින්තනය ට අනුව රජය ක්‍රියාත්මක විය යුත්තේ රටේ නීතිය සහ සාමය රැකීමට මෙන්ම ජනතා සුබසාධනය සදහා ය.මෙහිදී රාජ්‍යය ව්‍යවසායකත්ව සංකල්පය බිද වැටේ.එහි අරුත නම් රජයේ ව්‍යසායකයින් අවම මට්ටමක පවත්වාගෙන යායුතු බවයි.
බොහොමයක් රාජ්‍යය ආයතන පාඩු ලබන ආයතන බව නොරහසකි .මේවා නඩත්තු කිරීම සදහා ජනතාව ගේ බදු
මුදල් වැයවේ. නිදසුනක් ලෙස අපේ ගුවන් සේවය වාර්ෂිකව අති විශාල පාඩුවක් දරයි. මෙහි බර මහා භාණ්ඩාගාරය දරයි. මෙම ආයතන වල විධායක මට්ටමේ නිලධාරීන් ට ඉහළ වැටුප් සහ දීමනා සහ අතිකාල දීමනා ලබා දෙන්නේ අවිචාරවත් ලෙස ය . මේ රටේ මහජනතාව තව දුරටත් මේ බර දරාගන්නේ කෙසේ ද යන්න මෙම ආයතන වල රජයේ කොටස් විකිණීම ට එරෙහිව වන වෘත්තීය සමිති පැහැදිලි කළ යුතු ය.
බොහෝ රජයේ ආයතන වල සේවක වැටුප් ඉහළ මට්ටමක පැවතිය ද ආසියාවේ අති විශාල පාඩු ලබන රාජ්‍යය ආයතන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත . මේ ආයතන මෙසේ පවත්වාගෙන යාම තව දුරටත් සිදුකරන්නේ නම් එය තව දුරටත් රට ආර්ථික අවපාතනයක ට ගෙන යාමකි.මෙසේ මෙම ආයතන පාඩුපිට පවත්වාගෙන යාමෙන් මේ රටේ පොදු ජනතාව ට ඇති වන සුගතියක් නැත .එසේ නම් මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට සේවකයින් ගේ විරුද්ධත්වයක් තිබුණු ද එම ක්‍රියාවලිය නතර කිරීම නොකළ යුතුය .සේවකයින් ගේ රැකියා සුරක්ෂිත වන ආකාරයට ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ හැකි ය.
ලිබරල් චින්තනය තව දුරටත් වලංගු නොවන බව ට කවර අනාවැකියක් පළ කළ ද බොහෝ රටවල් දිශානතිය වී ඇත්තේ ලිබරල් චින්තනය දෙසටය .රටේ ඉදිරිගමන සාක්ෂාත් කර ගැනීමට නම් ආයෝජකයන් ගේ ආකර්ෂණය දිනා ගත යුතුය .එසේ ආයෝජකයන් දිනා ගැනීමට නම් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කර ගත යුතුය .අභ්‍යන්තර වියවුල් ,කැරලි කෝලාහල, විරොධතා,උද්ඝෝෂණ ,අරගල ,වැඩවර්ජන ,හර්තාල් තිබෙන රටකට ආයෝජකයන් ගේ කැමැත්තක් නැත .මෙවැනි ක්‍රියා මාර්ග මර්ධනය කිරීමට සහ පාලනය කිරීමට රජය පියවර ගත යුතුය .සතියකට වරක් කොළඹ නගරය ආශ්‍රිතව විරෝධතා පාගමන් සංවිධානය කරමින් ඇතැම් කණ්ඩායම් ක්‍රියාත්මක වන ආකාරය සැබවින්ම ආයෝජකයන් ගේ විශ්වාසය දිනා ගැනීමට ඉමහත් බාධාවක් වේ.එහෙත් මෙම යථාර්ථය වටහා ගැනීමට බොහෝ වෘත්තීය සමිති ක්‍රියාධරයින් අපොහොසත් වී ඇත.
ලිබරල් චින්තනය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සමාජ වටපිටාවක් සකස් කර ගැනීම අනිවාර්ය වේ.එහිදී ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට රජයට සිදුවනු ඇත .එහෙත් එම ජනප්‍රිය නොවන තීන්දු වලින් අනාගතයේ දී රට ට යහපත් කාලයක් උදාවේ නම් එම තීරණ ගත යුතුය .
අප කලින් කලට පැන්තලියේ කිඹුලන් මවාපාමින් සිටින අතර නිදහස ලබා ගැනීමට පෙර අපට පිටුපසින් සිටි සිංගප්පූරුව , දකුණු කොරියාව වැනි රටවල් මේ වන විට ඉහළ තලයක සිටියි. එසේ නම් තවදුරටත් සාම්ප්‍රදායික මතවාද ඉදිරිපත් කරමින් ආර්ථික අර්බුදය උත්සන්න වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ උපක්‍රම භාවිතා නොකිරීම ට අප වගබලා ගත යුතුය .

එස්.එම්.ජයසූරිය
