ඉටිපන්දම කිව්වාම අපට මතක් වෙන්නේ පල්ලිය එහෙම නැත්නම් උපන්දිනයක් වගේ උත්සව අවස්ථාවක්. මේ ඉටි පන්දම් සොයන අයට විවිධ වර්ණ, විවිධ හැඩ, විවිධ උස මට්ටමින් සහ විවිධ සුවඳ වර්ගවලින් ඉටිපන්දම් සපයන ඇය කවුද..? ඒ ගැන අපට කියන්න මේ ආරාධනා පත්‍රය අපි ඇයට ලබා දෙමු.
මගේ නම ඉෂාරා තෙන්නකෝන්. මම ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. මම ගම්පහ යශෝධරා දේවී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ අවසානයෙන් පසු පාසල් අධ්‍යාපනය අවසන් වුණා.

උසස් පෙළ සමත් වුනාට පසුව..
මගේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව මම කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයට ඇතුලත් වෙලා ප්‍රමාණ සමීක්ෂණ ( QS ) පාඨමාලාවක් හැදෑරුවා. එතැනින් පසුව මම ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ විදිහට සේවය කළා.
විවාහයත් සමග එතැනින් අයින් වුණා..
ඔව් විවාහයෙන් පසුව මම ඒ රැකියාවෙන් අයින් වෙලා ගුරු වෘත්තියට මාරු වුණා. බබා ලැබෙන්න හිටිය නිසා මම ගුරුවෘත්තියෙනුත් අයින් වුණා. මම අම්මෙක් වුනාට පසුව දරුවා සමග කාලය ගෙවද්දී විවේකයක් ලැබුන වෙලාවක කුමක් හෝ දෙයක නිරත වෙන්න හිතුවා. ඒ වගේම මගේ සැමියාගේ පියා ඉටිපන්දම් කර්මාන්තය කරන කෙනෙක්. එයාගේ නිෂ්පාදන මම දකිනවා. ඊටත් ඒ තාත්තා කාලයක්ම මේ ඉටිපන්දම් කර්මාන්තයම කරනවා. අනාගතයේ දවසක තාත්තාගෙන් පසුව කර්මාන්තය ඉදිරියට ගෙනියන්න නම් පසු පරම්පරාවක් බිහි වෙන්න ඕන. ඒ හින්දා මමත් ඉටිපන්දම් හදන්න හිතුවා.

නමුත් බිස්නස් එකක් විදිහට නොවෙයි?
ඔව්.. මම මුලින්ම ආසාවට පටන් ගත්තේ. නමුත් ඉටිපන්දම් හදද්දී ලස්සන ලස්සන නිර්මාණ මගේ අතින් මගේ ඇස් ඉදිරිපිට මැවෙන විට මේක ව්‍යාපාරයක් විදිහටත් කර ගෙන යන්න මම හිතුවා.
කොහොමද ඒ ආරම්භය..
මම මුලින්ම ෆේස් බුක් පිටුවක් හැදුවා. මම හදන ඉටිපන්දම්වල පොටෝ මේ පිටුවට දැම්මා. මගේ ඉටිපන්දම්වල මොකක්දෝ සැගවුන ලස්සනක් තිබෙන බව මටත් තේරුණා. ඒ නිසාම මම මේ පෝස්ට් බූස්ට් කරන්න පටන් ගත්තා. මගේ ඉටිපන්දම් පාරිභෝගිකයන් අතරට ගියේ ඒ විදිහටයි.
LARA -candle කියන නම යොදා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවාද?
ඔව් මගේ දුවගේ නම ඩෙලාරා… එයාගේ නමට ගැලපෙන විදිහට මේ ව්‍යාපාරයට නමක් තිබ්බා.

ඉටිපන්දම්වල වර්ණය වගේම සුවඳ වර්ගත් තියෙනවාද?
ඔව් මම විවිධ සුගන්ධ සහිත ඉටිපන්දම් නිෂ්පාදනය කරනවා. උදාහරණ විදිහට ජැස්මින්, රෝස , ලැවෙන්ඩර් , ලෙමන්, සිනමන්, කෝපි ලෙමන් ප්‍රැන්ගන්ස් වගේ විවිධ සුවඳ වර්ග වලින් ඉඑිපන්දම් තියෙනවා.
අළුතින් යමක් හඳුන්වා දෙන්න අදහසක් තිබෙනවාද?
ඔව්… මම ටින් කැන්ඩල් එකක් හඳුන්වා දෙන්න ඉන්නවා.
මේ ආව ගමන් මගේදී ඔබට උදව් වුන අය ගැනත් කිව්වොත්?
විශේෂයෙන් මගේ සැමියා. මගේ හැම දෙයකටම උදව් වුනේ ඔහු. බිස්නස් එක පටන් ගන්න සියළුම බඩු අරගෙන දුන්නා. මගේ එකම ශක්තිය ඔහු. ඒ ශක්තයි මට සැමියාගෙන් නොලැබෙන්න අද LARA -candle සන්නාමයක් නැහැ. මම වැටුන හැම වෙලාවකම මාව හයියෙන් අල්ලාගෙන මේ බිස්නස් එක ගොඩදාන්න හැම තිස්සේම උදව් වුණා. ඒක අනිවාරයෙන්ම කියන්න ඕන
ඇනවුම් ලබා ගන්නවා නම්..
ඉටිපන්දම් අවශ්‍ය අය ඉන්නවා නම් මගේ 0762830945 අංකයෙන් වට්ස්ඇප් ඔස්සේ මාව සම්බන්ධ කර ගන්න පුළුවනි. ඇනවුම් විතරක් නොවෙයි, මේ වගේ ඉටිපන්දම් නිෂ්පාදනය කරන්න උනන්දු වෙන කෙනක් ඉන්නවා නම් මාව සම්බන්ධ කර ගන්න. මං දන්නා දේ ඕ්නෑම කෙනෙකුට කියලා දෙන්නත් මම සූදානම්.
ඔබේ අනාගත ඉලක්කය…
මං හදාවඩා ගත්ත මගේ ලාරා ඉටිපන්දම් ව්‍යාපාරයේ දියුණුව තමයි මගේ අනාගත සිහිනය.. එහෙමනම්.. තමන් ගොඩ ආව පමණින් නිහඬ නොවී , ඔබ වගේම තවත් ව්‍යවසායික පරපුරක් නිර්මානයට ලෙබ නැතුව අත හිත දෙන ඔබට ඔබේම මේ සද්භාවය හේතු වාසනා වෙනු ඇතැයි අපිත් ආශිර්වාද කරමු.
සටහන –
සිල්වා , සී
