තිප්පිලි
Piper longum
Piperaceae කුලයට අයත් මෙම ශාකය බුලත්, ගම්මිරිස් යන ශාකයන්ට පෙනුමෙන් තරමක් සමානත්වයක් දක්වයි. කදේ ගැට වලින් පැන නගින ආගන්තුක මුල් වලින් පසට සම්බන්ධ වන අතර නාරටි සහිත තද කොළ පැහැති පත්‍ර සහිතවේ. මෙය මැලේසියාව, සිංගප්පූරුව මෙන්ම ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල් වල දැකිය ශාකයකි. කුළුබඩු සමඟ භාවිතා කළ හැකියි.

සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළ වේදනානාශක, ආධ්මානහර, අජීර්ණනාශක, ප්‍රතිශක්ති උත්තේජක, ගුණ සහිත ඖෂධයක් ලෙස භාවිතා කර ඇති අතර ප්‍රසූතියෙන් පසු අධික රුධිරවහනය, හතිය, නින්ද නොයාම, ඩිමෙන්ෂියාව, අපස්මාරය, දියවැඩියාව, රුමැටොයිඩ් ආතරයිටිස්, ප්ලීහා රෝග, ලාදුරු වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇත. ෂඩූෂණ, පංචකෝල ආදී ද්‍රව්‍ය ගණ වල අඩංගු වන තිප්පිලි බොහෝ කෂාය වට්ටෝරු වල හා ආයුර්වේද ඖෂධ වල අඩංගු වන අමුද්‍රව්‍යයකි. කටු රසැති ලඝු, තීක්ෂ්ණ ගුණ, මධුර විපාක, උෂ්ණ වීර්‍යය හා වාත – කඵ ශාමක වේ.
Piper longum L.: A comprehensive review on traditional uses, phytochemistry, pharmacology, and health-promoting activities, 2022 හා A systematic review on Piper longum L.: Bridging traditional knowledge and pharmacological evidence for future translational research, 2019, පර්යේෂණයට අනුව මෙම ශාකයට ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිප්‍රදාහාත්මක, වේදනානාශක, පිළිකා මර්දන, ක්ෂුද්‍රජීවීනාශක, බුද්ධිවර්ධක, රුධිරගත සීනි හා මේද යාමක, ප්‍රතිශක්තිමූර්ඡක, සර්පවිෂ නාශන හැකියාවන් මෙන්ම ආතරයිටිස්, ආතතිය, හතිය පාලනය කිරීමේ හැකියාව ඇති බව දක්වා ඇත.
Review on potential antiviral and immunomodulatory properties of Piper Longum, 2021 පර්යේෂණය මඟින් මෙම ශාකය සතු වෛරසනාශක හැකියාව සහ ප්‍රතිශක්තිමූර්ඡක හැකියාව තහවුරු කර ඇත. මේ නිසාවෙන්ම වෛරස ආසාදන නිසා ඇති වන උණ, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස වැනි රෝග ලක්ෂණ හමුවේ ප්‍රතිකාර ලෙස මෙම ශාකය භාවිතා කළ හැකි බව දක්වා ඇත.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
