ඉපැරණි හෙළ ඔසු – 09

author
0 minutes, 28 seconds Read

වැල්මී Glycyrrhiza glabra L.

Glycyrrhiza යන්න ව්‍යුත්පන්න වී ඇත්තේ පුරාණ ග්‍රීක යෙදුමක් වන “glykos” හෙවත් මිහිරි හා “rhiza” හෙවත් මුල යන අර්ථයෙනි. මෙම ශාකය ග්‍රීසිය, මිසරය, අරාබිය, තුර්කිය, ඇෆ්ගනිස්තානය වැනි රටවල සහ ආසියාවේ ඇතැම් ප්‍රදේශවල හමුවේ. මදුයශ්ටි, යශ්ටිමදු, මදූකා, මදූක, ක්ලීතක ආදී නම් වලින් ආයුර්වේදයේ හදුන්වා ඇත.

මෙරටදී හමු නොවන මෙම ශාකය කලාතුරකින් ඔසු උයනක හෝ දේශීය වෛද්‍යවරයකු ලඟ තිබීමේ ඉඩකඩක් ඇති මුත් මෙරටින් වාර්තා වී නැත. මෙම ශාකය කලු ඔළිඳ ශාකය (Abrus precatorius) හා රූපාකාරයෙන් සමාන බවක් පෙන්වන නිසා භාවිතයේදී නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වේ.

මෙය Fabaceae කුලයට අයත් බහු වාර්ෂික ශාකයක් වන අතර, උසින් මීටර් 1 ක් දක්වා වර්ධනය වන අතර, පත්‍ර 7-15 cm පමණ දිග, 9-17 පත්‍රිකා සහිත වේ. දම් පාට සිට සුදුමැලි නිල්, ලිහිල් පුෂ්ප මංජරිය තුළ නිපදවයි. පඳුරක් ලෙස වර්ධනය වේ.

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ශ්වසනාබාධ, අධික පිපාසය, අපස්මාරය, ජ්වර, ලිංගික දුර්වලතා, අංශභාගය, බඩවැල් හා ආමාශගත තුවාල, රුමැටික් රෝග, චර්ම රෝග, රක්තපාත තත්ව, සෙංගමාලය, තුවාල, කැස්ස ඇතුළු උගුරේ ආබාධ, අම්ලපිත්ත, මළබද්ධය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකය භාවිතා කරයි. කටහඬ මිහිරි කරවයි.

Traditional Uses, Bioactive Chemical Constituents, and Pharmacological and Toxicological Activities of Glycyrrhiza glabra L. (Fabaceae), 2020, ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකාවෙහි දක්වා ඇති පරිදි මෙම ශාකය සාම්ප්‍රදායික වශයෙන් කෘමිනාශක, විරේචක, ප්‍රතිප්‍රදාහාත්මක, ව්‍රණනාශන, ප්‍රතිජීවක, ප්‍රතිවෛරස්, ප්‍රති-ආතරයිටිස්, මතක උත්තේජකයක්, ඊස්ට්‍රජන් වර්ධක, රුධිර ගත කොලෙස්ටරෝල් යාමක, කාසහර, ප්‍රතිඔක්සිකාරක, පිළිකා මර්දන, මූත්‍රකාර ලෙස භාවිතා කරන ලදී. එසේම එය පැණි බීම, රසකැවිලි, මත්පැන් මෙන්ම දුම්කොළ කර්මාන්තයේ ද භාවිතා වේ.

Glycyrrhiza glabra: Chemistry and Pharmacological Activity, 2017, පර්යේෂණ පත්‍රිකාවෙහි සඳහන් පරිදි මෙම ශාකය සතු කාසහර, කඵනාශක, රුධිර කැටිගැසීම පාලක, ස්මෘති වර්ධන, ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිප්‍රදාහාත්මක, ප්‍රතිවෛරසීය, ව්‍රණනාශන, පිළිකා මර්දන හා ප්‍රතිශක්තිමූර්ඡක වැනි හැකියාවන් පර්‍යේෂණාත්මකව තහවුරු කර ඇත.

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa