ඉපැරණි හෙළ ඔසු – 10

author
0 minutes, 38 seconds Read

කුඹුක් (Terminalia arjuna)

අතීතයේ සිටම ජන සමාජය හා බැඳි මෙම ශාකය වැව්, ළිං හා නාන තොට වැනි ජල මූලාශ්‍රිතව පහසුවෙන් දැක ගත හැකිවන අතර මෙමඟින් ජලයේ කිවුල් බව අඩුකර පිරිසිදු කර දෙන අතර සිසිල් බවක් ද ලබා දෙයි.

අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වන්නට සෙවණ ලබා දුන් බව සැළකෙන බැවින් කුඹුක් ශාකයට ආගමික වටිනාකමක් ද හිමිවෙයි. කුඹුක් ලීය අතීතයේ පාලම්, සිල්පර කොට, ගෘහ භාණ්ඩ, ඔරු හා හබල් ආදිය තැනීමට භාවිතා කර ඇත.

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පහසුවෙන් වර්ධනය වන මෙම ශාකය Combretaceae කුලයට අයත් වේ. සංස්කෘත භාෂාවෙන් අර්ජුන ලෙස ද පර්‍යාය නාම වන කුකූභ, ඉන්ද්‍රද්‍රැ, වීරවෘක්ෂ යනාදී නම් වලින් ද හඳුන්වයි. මෙම ශාකය අඩි 30-40ක් පමණ උසට වැවෙන අතර ඉතා ඝනැති පොත්ත සිනිඳු හා ළා රෝස පැහැති වන අතර පහසුවෙන් පතුරු ගැලවී යයි. සරල පත්‍ර සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටන අතර වෘන්ත රහිත කුඩා මල් කොළ සුදු පැහැයෙන් යුක්තය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව කෂාය රස, ලඝු, රූක්ෂ ගුණ, ශීත වීර්‍යය, කටු විපාක වේ. කඵ හා පිත ශමනය කරයි. රක්තස්ථම්භක, සන්ධානීය, ව්‍රණරෝපණ, හෘද් උත්තේජක ගුණ ඇත. ප්‍රභාවෙන් හෘද්‍ය බැවින් හදවත් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. තුවාල, අර්ශස්, චර්ම රෝග, විදුරු මස් ආශ්‍රිත රෝග, අධි රුධිර පීඩනය , ව්‍රණ, අස්ථිභග්න, පෙනහලු රෝග, දියවැඩියාව, ප්‍රමේහ, විඩාව, මූර්ජා, පණු රෝග, උදර රෝග, පාන්ඩු, රක්තාතීසාරය, රක්තපිත්ත, ඉදිමුම් වැනි රෝග සඳහා ඖෂධ වශයෙන් යොදා ගනියි.

Medicinal properties of Terminalia arjuna (Roxb.) Wight & Arn.: A review, 2016, පර්යේෂණ පත්‍රිකාවෙහි මෙම ශාකයට ප්‍රතිඔක්සිකාරක, රුධිර පීඩන යාමක, ප්‍රති ඇතරෝජෙනික, ප්‍රතිප්‍රදාහාත්මක, පිළිකා මර්දන, විකෘති යාමක,කොලෙස්ටරෝල් යාමක, ක්ෂුද්‍රජීවීනාශක, ප්‍රති ආසාත්මික, ප්‍රති HIV වැනි හැකියාවන් ඇති බව දක්වා ඇත. එසේම මෙම ශාකය සතු හෘද් උත්තේජක හැකියාව නිසා මෙය හෘද් අකර්මණ්‍ය, හෘදයට නිසි ලෙස රුධිර සැපයුම නොලැබීම (ischemic), හෘද් රුධිර නාල අවහිරතා (atherosclerosis), කාඩියෝමයෝපති (cardiomyopathy), හෘද් සෛල විනාශ වීම (myocardium necrosis) වැනි රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට යෝග්‍ය බැව් දක්වයි. තවදුරටත් මෙහි දක්වා ඇත්තේ මෙම ඖෂධය පාණ්ඩුව වැනි රුධිර රෝග, වෛරස රෝග, අස්ථිභග්න, තුවාල සඳහා ද භාවිතා කළ හැකි බව දක්වා ඇත.

Terminalia arjuna Wight & Arn. – A useful drug for cardiovascular disorders, 2007, පර්යේෂණයේදී මෙම ශාකය සතු ප්‍රති-ඉස්කීමික් හැකියාව හා රුධිරයේ ලිපිඩ ප්‍රමාණය යාමනය කිරීමේ හැකියාව වැඩිදුරටත් පර්යේෂණයට බඳුන් කර ඇති අතර Terminalia arjuna in coronary artery disease: ethnopharmacology, pre-clinical, clinical & safety evaluation, 2014, පර්යේෂණයේදී හෘද් වාහිනී රෝග වලදී මෙම ශාකය යොදා ගැනීමේ වැදගත්කම හා එහි ක්‍රියාකාරීත්වය දක්වයි. Terminalia arjuna, a Cardioprotective Herbal Medicine-Relevancy in the Modern Era of Pharmaceuticals and Green Nanomedicine-A Review, 2023, පර්යේෂණ පත්‍රිකාවෙහි මෙම ශාකය භාවිතා කර හෘද ආරක්ෂණයට වඩාත් යහපත් සහ හරිත-නැනෝ ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැදගත්කම දක්වා ඇත.

උපදෙස් –

ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa