බුළු (Terminalia bellirica)
Combretaceae කුලයට අයත් මෙම ශාකය ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය වැනි දකුණු ආසියාතික රටවල් ආශ්‍රිතව බහුලව හමුවේ. මෙම ශාකය ආයුර්වේද, සිද්ධ, යුනානි මෙන්ම සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමය තුළ ද ඖෂධ ලෙස භාවිතා කර ඇත.

මීටර් 30-35ක් පමණ උසට වැඩෙන සෘජු කඳක් සහිත මෙම ශාකයේ සරල ඒකාන්තර පත්‍ර වින්‍යාසයක් පෙන්වයි. පත්‍ර තලය සිනිඳු වන අතර එහි යටි පැත්ත ලා පැහැති වේ. ක්‍රමවත් කුඩා පුෂ්ප ලා කොළ-කහ පැහැති වේ. සුගන්ධවත්ය. ඵලය අෂ්ඨිලයකි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලික ඖෂධ සංයෝගයක් වන ත්‍රිඵලා වලින් එකක් වන මෙම ශාකය කෂාය රස, රූක්ෂ, ලඝු ගුණ, මධුර විපාක, උෂ්ණ වීර්‍යය හා කඵ පිත්ත ශාමක වේ. කේෂ්‍ය, චක්ෂුෂ්‍ය, භේදන, වේදනා ස්ථාපන, ශෝථහර, රක්තස්ථම්භක ගුණ සහිතයි. ජ්වර, කාස, ශ්වාස, ප්‍රතිශ්‍යා, ශ්වසන නාලිකා ප්‍රදාහය, යකෘත් රෝග, ගෝණුසු විෂ, අතීසාර, මුත්‍රා ගල්, වමන, පිපාස, අනිද්‍රා, ආධ්මාන, අග්නිමාන්ද්‍ය, ක්‍රිමිරෝග, අක්ෂි රෝග, සුදුකබර රෝග ආදියට ප්‍රතිකාර කිරීමට යොදා ගෙන ඇත.
Terminalia bellirica (Gaertn.) roxb. (Bahera) in health and disease: A systematic and comprehensive review, 2020 පර්යේෂණ පත්‍රිකාවෙහි මෙම ශාකය සතු ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිප්‍රදාහාත්මක, බැක්ටීරියා හා වෛරස නාශක, ප්‍රතිශක්තිමූර්ඡක, ශ්වසන නාල ඉහිල් කිරීමේ හැකියාව (bronchodilator), අජීර්ණහර, අධිරුධිර පීඩන යාමන, මූත්‍රකාරක, කාංසාහර, ව්‍රණනාශන, යකෘත් ආරක්ෂක, ව්‍රණරෝපණ, පිළිකා මර්දන හැකියාවන් පිළිබඳව දක්වා ඇත. Terminalia bellirica fruit extracts: in-vitro antibacterial activity against selected multidrug-resistant bacteria, radical scavenging activity and cytotoxicity study on BHK-21 cells, 2018 පර්යේෂණය අනුව multidrug resistant බැක්ටීරියා මර්දනය සඳහා බුළු ගෙඩියේ යුෂ යොදා ගත හැකි බවට පර්යේෂණාත්මකව තහවුරු කර ඇත.
Terminalia bellirica (Gaertn.) Roxb. Extract and Gallic Acid Attenuate LPS-Induced Inflammation and Oxidative Stress via MAPK/NF-κB and Akt/AMPK/Nrf2 Pathways, 2018 පර්යේෂණ පත්‍රිකාවෙහි මෙම ශාක යුෂය හා එහි ඇති ප්‍රධානතම රසායනික සංයෝගයක් වන Gallic අම්ලය, අධික ප්‍රදාහාත්මක තත්ව වලදී ඇති වන සෛලීය ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතාවයක් නිසා ඇති වන oxidative stress තත්වය පාලනය කිරීමට යොදා ගත හැකි බව දක්වා ඇත. Antioxidant and antidiabetic activities of Terminalia bellirica fruit in alloxan induced diabetic rats, 2020 පර්යේෂණය මඟින් මෙම ඵලයේ යුෂය රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට භාවිතා කළ හැකි බව තහවුරු කර ඇත.
උපදෙස් –
ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
