උපාධියෙන් පසු ජීවිතය

author
0 minutes, 33 seconds Read

පාසල් අධ්‍යාපනය නිම කළ දරුවාගේ ඊළඟ පියවර වන්නේ අනාගත ජීවිතය හැඩගස්වා ගැනීමයි. ඒ සඳහා නොයෙකුත් පාඨමාලා උපාධි වෙත යොමුවෙමින් දරුවා වෘත්තියක් කරා ගමන් කරන අතර එහිදී ඇති යම් යම් නොගැලපීම් හේතුවෙන් බොහෝ අවස්ථාවන්හිදී දරුවන් විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවෙයි.

පාසල් අධ්‍යාපනය නිම කරමින් උසස් අධ්‍යාපනයට පිවිසෙන දරුවන් වෙනුවෙන් අප පසුගිය කාලය පුරාවටම පල කල ලිපි කිහිප ඔස්සේ උසස් පෙළ විභාගයෙන් පසු අනාගතය නිවැරදිව හැඩ ගස්වා ගනිමු යන තේමාව යටතේ උසස් අධ්‍යාපනය, තෘතීක අධ්‍යාපනය පිළිබදවත් සහ උසස් අධ්‍යාපනය අවසන් කල දරුවෙකු පාඨමාලාවක් තෝරා ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් පාඨමාලාවක් අවසානයේ වෘත්තියකට යොමුවීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද යන්න පිළිබඳවත් කරුණු කාරණා රැසක් කතාබහ කළා.

එසේ නම් අද අප සූදානම් වන්නේ උපාධියෙන් පසු ජීවිතය යන මාතෘකාව යටතේ දරුවකු පාඨමාලාවක් තමන්ට ගැලපෙන අයුරින් තෝරා ගන්නේ කොහොමද?  ඒ පාඨමාලාව තුළින්  රැකියාවක් හදාගන්නේ කොහොමද ? දරුවා ආස කරන විෂය පථයත් සමඟ අනාගතය සැලසුම් කරගන්නේ කොහොමද? යන කාරණා පිළිබඳව තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රවීණයකු වන ආචාර්ය රඟමිණි වේරවත්ත මහතා සමග සාකච්ඡා කිරීමටයි.

පළමුව දරුවාට ගැළපෙන නිවැරදි වෘත්තිය කුමක්ද යන්න තීරණය කළ යුතුයි. වෘත්තීය තීරණය කිරීමට නම් සාමාන්‍යයෙන් වෘත්තීය මාර්ගෝපදේශ ක්‍රමවේදයක් තිබෙනවා. එම ක්‍රමවේදයට අනුව මාර්ගෝපදේශයට අනුව එහි මූලික කරුණු තුනක් සඳහන් වනවා.

01. කුසලතාවය

මෙහිදී මුලින්ම අපි සලකා බැලිය යුත්තේ දරුවා උත්පත්තියේ ඉඳන්ම අරගෙන එන කුසලතාවය මොකක්ද කියන එක.

උදාහරණයක් වශයෙන්,

දරුවා ගණන් වලට හෝ ක්‍රීඩාවකට දක්ෂතා දක්වන්නට පුළුවන් . මෙහිදී වැදගත් වන්නේ දරුවා සහජ හැකියාව දක්වන්නේ මොන අංශයෙන් ද කියන එක.

එය සොයා බැලිය හැකි ක්‍රමවේදය තමයි දරුවා අධ්‍යාපනය ලබන පාසලේ පළමු වසරේ සිට උසස් අධ්‍යාපනය දක්වා කාලය තුළ විෂයන් වලට ලකුණුවලින් හෝ ඉදිරිපත් වෙලා තිබෙන ක්‍රියාකාරකම් සහ ලැබූ ජයග්‍රහණ මොනවාද යන්න පිළිබඳව අවධානයෙන් සිටීම.

උදාහරණයක් වශයෙන්,

දරුවා විද්‍යාවට, ගණිතයට භාෂාවට ලකුණු වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා නම් ඒ කියන්නේ දරුවා ඒ අංශයෙන් දක්ෂතාවයක් දක්වනවා කියන එකයි.

මෙලෙස දරුවා තුළ උත්පත්තියෙන් රැගෙන එන ඒ හැකියාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය ක්‍රමවේදය තමයි දැන් අපි සොයා බැලිය යුතු වන්නේ.

02. කැමැත්ත

ඊළඟ කරුණ වන්නේ දරුවා කැමති දේ මොකක්ද කියන එක.

 සමහරවිට දරුවා දක්ෂ දේ වුණත් එය වෘත්තියක් විදියට කරන්න අකමැති වෙන්නට පුළුවන්.

එවැනි අවස්ථාවකදී දරුවා අකමැති වෘත්තීයක්  තෝරා ගැනීම එතරම් සාර්ථක  නැහැ. තෝරාගන්න රැකියාව දරුවා කරන උපාධියට නොගැලපුනත් බොහෝ විට දරුවා ඒ අංශයෙන් තමයි ඉදිරියටත්  ගමන් කරන්නේ.

 උදාහරණයක් වශයෙන්,

 දරුවා උපාධිය කරන්නේ වෛද්‍ය වෛද්‍යවරයෙක් වීමේ කැමැත්තෙන් නම් ඉදිරියටත් වෛද්‍ය වෘත්තියට අදාල දෙයක් එක්ක තමයි පාඨමාලාව ගැළපිය යුතු වන්නේ.

නමුත් එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා.

උදාහරණයක් වශයෙන්, 

රජයේ පරිපාලන සේවය , රජයේ බැංකු සේවය  ගත්තොත් ඒ වගේ දේවල්වලදි උපාධියක් තමයි මූලික ඇතුළත් වීමේ සුදුසුකමක් ලෙස භාවිත කරන්නේ.

කෙසේ වෙතත්, තමන් ඉගෙනගත්තු දේ භාවිත කරන්න පුළුවන් විදිය රැකියාවක් තෝරා ගැනීම තමයි මෙතැනදී ඉතාමත් වැදගත් වන්නේ.

03. පෞරුෂත්වය

පුද්ගලයකු ලෙස අප තුළ තිබිය යුතු පෞරුෂත්වය මෙහි තුන්වන කරුණයි. මෙකී පෞරුෂත්වය ඉහත කී කාරණා දෙක සමග ගැලපෙනවා නම් එම දරුවාට වෘත්තියක් විදියට කරන දේ සාර්ථකව කර ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

උදාහරණයක් වශයෙන්,

පුද්ගලයෙක් වෙළඳ හා අලෙවිකරණ  අංශයෙන් වෘත්තියක් තෝරා ගැනීම සඳහා උපාධි පාඨමාලා ආදිය සිදුකරමින් ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තද එම පුද්ගලයා මිනිසුන් ආශ්‍රය කිරීමට අකමැති,  ඉලක්කයකට වැඩ කිරීමට අකමැති , කඩිසර නොවූ අලස කමක් දක්වන පුද්ගලයකු නම් එවැනි පුද්ගලයෙකු අලෙවිකරණ අංශයේ රැකියාවකට යෑමට සුදුසු කෙනෙක් නොවෙයි.

පෞර්ෂත්වය කියන එක තමන්ට වෙනස් කරගන්න පුළුවන් දෙයක් නොවෙයි එය  ස්වභාවිකවම මතු වන දෙයක්.

 එසේනම් මෙහිදී අවබෝධ කරගත යුතු වන්නේ  මිනිසාගේ චරිත ස්වාභාවය සහ තෝරාගන්නා වෘත්තීය එකිනෙකට ගැලපිය යුතු බවයි.

තමන් උපතින්ම ගෙන එන තමන්ගේ හැකියාව තමන් කරන්න කැමති දේ සහ තමන්ගේ පෞරුෂත්වය යන ඒ කරුණු තුනම ගැලපෙන තැනක් තියෙනවනම් එය තමයි හොදම වෘත්තීය සහ රැකියාව. එහි ගැලපීම මත තමයි අපි පාඨමාලාවක් නිර්දේශ කරන්නේ.

එසේනම් ලබන සතියේදී අප බලාපොරොත්තු වන්නේ පුද්ගලයාගේ චරිත ස්වභාවය කුමක් ද යන්න හදුනා ගැනීම සඳහා වන ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally. 

සැකසුම – බිනාලි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa