පසුගිය සතියේදී උපාධියෙන් පසු ජීවිතය මාතෘකාව ඔස්සේ අපි ඔබත් සමග කතා බහ කළේ, උසස් අධ්‍යාපනය නිම කළ දරුවකු පාඨමාලාවක් තෝරා ගැනීම සහ අදාළ පාඨමාලාව අවසානය වෘත්තීය කට යොමුවීමේදී දරුවා ආස කරන විෂය පථයක් සමඟ අනාගතය සැලසුම් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
එසේ නම් අද අප සූදානම් වන්නේ යම් පුද්ගලයකු රැකියාවක් තෝරාගැනීමේදී එම රැකියාවට ගැලපෙන පරිදි පුද්ගලයා තුළ තිබිය යුතු පෞරුෂ ලක්ෂණ මොනවාද යන්න හඳුනාගැනීම සඳහා වන ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
මේ සඳහා භාවිතා කළ හැකි විවිධ ක්‍රමවේදයන් තියෙනවා .උදාහරණයක් වශයෙන්
cognitive-affective personality system or cognitive-affective processing system (CAPS) මොඩල් ක්‍රමවේදය සඳහන් කළ හැකියි.
CAPS MODEL යනු,
වර්ෂ 1995 දී Walter Mischel සහ Yuichi Shoda විසින් විසින් හඳුන්වා දෙන ලද cognitive-affective personality system or cognitive-affective processing system (CAPS) යනු පුද්ගල හැසිරීම් වෙනස්වීම් විවිධ අවස්ථා වලදී සිදුවන බව අවබෝධ කර ගැනීම සඳහා වන ක්‍රමවේදයකි.

මෙම ක්‍රමවේදය තුළින් පුද්ගලයෙකු සතු චරිත ලක්ෂණ මොනවාද කියන එක වර්ගීකරණය කිරීම සඳහා ප්‍රධාන කරුණු 04ක් පෙන්වා දී තිබේ.
1. Controller
2. Analyzer
3. Promoter
4. Supporter
මෙම කරුණු හතර අප හැමෝම තුළම අන්තර්ගත වී තිබෙනවා.
උදාහරණයක් වශයෙන්
අපි හැමතිස්සෙම දෙයක් පාලනය කරන්න, විශ්ලේෂණය කරන්න, අදහස් වැඩිදියුණු කරන්න වගේම පුද්ගලයින් සමග සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි. හැබැයි මෙම කරුණු හතරෙන් කරුණු දෙකක් වැඩිපුර අපේ පෞරුෂය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. මේ ක්‍රමවේදය තුළින් සිදු කෙරෙන්නේ මෙම කරුණු හතර කොපමණ ප්‍රමාණයක් අපේ පෞරුෂය තුළ තිබෙනවා ද යන්න විමසා බැලීමයි.
සෑම පුද්ගලයකු තුළම මෙම කරුණු 04න් 02ක් වැඩිපුරම පෙන්නුම් කරනවා. මේ දේ පුද්ගලයා තුළ තියන විදිහට අපිට බලන්න පුළුවන් ක්‍රමයක් තමයි ප්‍රශ්න ඇසීමේ පරීක්ෂණය. එම ප්‍රශ්න වලට දෙන පිළිතුරු මගින් ඒ පිළිබඳ විශේෂඥයකුට වුවත් පුළුවන් පුද්ගලයකු තුළින් අඩුවැඩි වශයෙන් ඇති ඒ කරුණු මොනවද කියලා බලන්න. විශේෂයෙන්ම එම කරුණු හතරෙන් dominant වන කරුණු දෙකක් තිබෙනවා. එම කරුණු දෙකෙන් එකක් තියෙනවා high dominant.
මෙම කරුණු හතර ගත්තොත් 100% න් 25%ක් වැඩියෙන් තිබෙන personality එකක් සෑම පුද්ගලයකු තුළම තියෙනවා. එක තමයි පුද්ගලයකුගේ dominant personality එක.
ඒ වගේම 25%ක් අඩුවෙන් තිබෙන personality එකකුත් තියෙනවා. එය තමයි second dominant personality එක. අනිත් personalities දෙක තියෙන්නේ බොහොම අඩුවෙන්.
මෙම කරුණු 4 අප තුළ තිබෙන ප්‍රමාණයත් එක්ක අපිට බලන්න පුළුවන් පුද්ගලයකු යම් දෙයකට කොයි විදිහට දක්ෂ ද හොඳ ද කියන එක පිළිබඳව.
උදාහරණයක් වශයෙන්
යම් පුද්ගලයකු මිනිසුන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට , කතාබහ කිරීමට, කතා පැවැත්වීමට, උත්සව සංවිධානය කිරීමට , සමාජශීලී ව කටයුතු සංවිධානය කිරීමට මිනිස්සු සමඟ අන්තර් සහසම්බන්ධතාවය සන්නිවේදනය කිරීමට තමයි දක්ෂතාවය දක්වන්නේ. ඒක තමයි එක උප්පත්තියෙන් ගෙනාපු කුසලතාවය. එම පුද්ගලයා කැමතිත් එවැනි දේවල් වලට. ඒ කියන්නේ එයා කැමති හැම වෙලේම සමාජශීලී ව මිනිසුන් ආශ්‍රය කරමින් උත්සව සහභාගි වෙමින් හැම මොහොතෙම එළිමහනේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. ඒක තමයි එම පුද්ගලයා උත්පත්තියෙන් ගෙනාපු කුසලතාවය. ඒ කියන්නේ සමාජශීලී බව හා අන්තර් ක්‍රියා හැකියාව. බොහෝ වෙලාවට මෙවැනි පුද්ගලයින් වැඩි කැමැත්තක් දක්වන්නේ ඉහත කී ක්‍රියාකාරකම් සමගින් බොහොම සැහැල්ලුවෙන් සරලව ජීවත් වීමට යි.
තුන්වැනි කරුණ වනුයේ පෞරුෂත්වය. caps model ක්‍රමවේදයේ දැක්වෙන කරුණු අතරින් promoter තමයි එම පුද්ගලයාගේ පෞරුෂත්වය විය යුත්තේ එම පුද්ගලයා මෙවැනි අංශයකින් රැකියාවක් කරනවා නම්. හැමවෙලේම සැහැල්ලුවෙන් සුහදශීලීව මිනිස්සුන් සමග එක්ව කටයුතු කරන කෙනෙක්. එම පුද්ගලයා ඒ දේවල් කරන්නේ ආසාවෙන්.
ඒ වගේම එයාට සන්නිවේදන හැකියාව හොඳටම තියෙනවා. එයාට පුළුවන් වෙළද අංශයේ කටයුතු කරමින් පුද්ගලයින් සමග සන්නිවේදනය ගොඩනගා ගන්න. එමෙන්ම දේශකයෙක් ගත්තොත් ඉහත කරුණු සියල්ලම එම පුද්ගලයාටත් හොදින් ගැලපෙනවා .
මේ ආකාරයට පෞරුෂත්වය තම වෘත්තියට ගලප ගත්තහම අපිට පුළුවන් ජීවිතය සාර්ථක කරගන්න.
මෙම කාරණා තුනම ගැලපුන ද ඊළඟට බලන්න ඕන තවත් කාරණාවක් තිබෙනවා. ඒවා හදුන්වන්නේ බාහිර සාධක ලෙසියි.
එනම්, අපි තෝරා ගත් වෘත්තීය ලෝකයේ තව කොච්චර කාලයක් පවතින වෘත්තියක් වෙයිද? එම වෘත්තියට රැකියා අවස්ථා කොපමණ තියෙනවද? ඒ රැකියාවලට සිදුකරන ගෙවීම් කොහොමද? යන මේ කරුණු කාරණා තමයි හිතල බලන්න ඕනේ.
මෙම සියලු දේම අයත් වන්නේ බාහිර සාධක ගණයටයි.
රස්සාවක් හෝ වෘත්තියක් හරි විදියට තෝරා ගන්නවා නම් උපාධියකට යන්නේ අවුරුදු හතරක්. සාමාන්‍යයෙන් ගෞරව උපාධියක් කරනවා නම් අවුරුදු හතරක් වැය කරන්න ඕනේ. ඊළඟට masters කරනවා නම් තවත් අවුරුදු දෙකයි . සාමාන්‍යයෙන් ක්‍රමයට අනුව කෙනෙක් අවුරුදු 4ක උපාධියක් කරොත් අවුරුදු දෙකක් පළපුරුද්දත් එක්ක තමයි masters උපාධියකට යන්නේ.
කෙනෙක් යම්කිසි වෘත්තියක පරතරයට ගමන් කරමින් අත්දැකීම් සහිත කෙනෙක් වෙන්න නම් එයා ඒ වෙනුවෙන් අවම වශයෙන් අවුරුදු අටක් හෝ දහයක් වැය කරනවා. තව දුරටත් විග්‍රහ කරනවා නම් උපාධියට අවුරුදු හතරයි. රැකියාවක් කරල අත්දැකීමක් ලබාගන්න අවුරුදු දෙකයි . මාස්ටර්ස් කරනවා තවත් අවුරුදු දෙකයි. ඔක්කොම අවුරුදු අටයි. මේ සියල්ලටම පසුව තවත් අවුරුදු දෙකක් අත්දැකීම් ලබා ගන්නවා. එතකොට ඔක්කොම අවුරුදු 10යි. පුද්ගලයකු මෙලෙස කැප කරන කාලය හරි විදියට වැය කළොත් තමයි හොඳ expert කෙනෙක් විදියට සම්මතයේ සලකන්නේ.
ඒත් දැන් මෙම අවුරුදු හතර උපාධිය ඉවර උනාම කෙලින්ම masters කරන්න බොහෝ අවස්ථා තියෙනවා.
සාමාන්‍යයෙන් කෙනෙක් අවුරුදු දහයක් විතර යම්කිසි දෙයක විශේෂඥයෙක් වෙන්න වැය කරනවා කියලා ඉන්න තැන ඉදල අපි කතා කළොත් එහෙම අද අපි තෝරාගන්න උපාධි පාඨමාලාව හෝ වෘත්තීය තවත් අවුරුදු දහයක් පවතිනවද? උදාහරණයක් විදියට typist හෝ stenographer වගේම වෘත්තීන් දැන් අවුරුදු 05කට 10කට කලින් ලෝකයෙන් නැතිවෙලා ගියා.
ලෝකයේ තාක්ෂණය දියුණු වෙනකොට ඒකත් එක්ක යම් යම් වෘත්තීන් නැති වෙනවා. වර්තමානයේ දී ඒ ඒ කටයුතු යන්ත්‍ර භාවිතයෙන් තමයි සිදුකරෙන්නේ. මෙලෙස තාක්ෂණය දියුණු වීමත් සමග බොහෝ වෘත්තීන් වෙනස් වෙමින් පවතිනවා.
උදාහරණයක් වශයෙන්,
ඩ්‍රෝන තාක්ෂණය ගත්තොත් ලෝකයේ සමහර දේවල් ඩ්‍රෝන තාක්ෂණය සමග වෙනස් වෙලා තියෙනවා. කෘෂිකර්මය, භාණ්ඩ ප්‍රවාහනය, යුද කටයුතු වලට යොදා ගැනීමින් පවතිනවා. මේවත් එක්ක පසුගිය කාලයට වඩා යම් යම් වෘත්තීන් වල වෙනස්කම් සිදු වනවා.
ඉතින් මේ වගේ තාක්ෂණය කියන එක වෙනස් වෙනකොට නැතිවෙන වෘත්තීන් අපි තෝර ගන්න හොඳ නැහැ. ඊළඟට ඒ වෘත්තියට කොච්චර ඉල්ලුමක් ලෝකයේ තියෙනවද? සිතා බැලිය යුතුයි.
උදාහරණයක් වශයෙන්
හැම අවුරුද්දෙම තොරතුරු තාක්ෂණයට ලංකාවේ දළ වශයෙන් අවුරුද්දකට 20000ක් හෝ 50000 රැකියා අවස්ථා තියනවා. හැබැයි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් (රජයේ සහ පෞද්ගලික) උපාධිධාරීන් බිහි වෙන්නේ උපරිම 10000ක් හෝ 12000ක් පමණයි.
ඒ කියන්නේ ඉල්ලුමට හරියන සැපයුමක් නැහැ කියන එක.
ඒ වගේ දේවල් වලදී මෙවැනි වෘත්තීන්ට වර්තමානයේ දී ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේ කුසලතා තියෙන සුදුසුකම් තියෙන වෘත්තියට අවශ්‍ය පසුබිමක් තියෙන පුද්ගලයින් හරිම අඩුයි.
ඒ වගේම ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ගත්තොත් medical college වලින් වෛද්‍යවරුන් උපරිම 1000ක් වගේ තමයි අවුරුද්දකට බිහිවෙන්නේ.
සාමාන්‍ය සම්මතය තමයි රෝගීන් සීයකට එක වෛද්‍යවරයෙක් ඉන්න ඕන කියන එක. නමුත් ලංකාවේ රෝගීන් දෙදහකට එක වෛද්‍යවරයෙක් වගේ තමයි ඉන්නේ. ඒ වගේ තත්ත්වයත් එක්ක වෛද්‍යවරුන්ට ඉල්ලුම වැඩියි. මේවනවිට ලංකාව තුළ ඇතිවෙලා තිබෙන ආර්ථික අවපාතය සහ බුද්ධිගලනයත් සමග ලංකාව තුළ වෛද්‍යවරුන්ට විශාල ඉල්ලුමක් තියෙනවා.
ලෝකය කියන්නේ මිශ්‍ර ගම්මානයක්. ඉතින් ඉස්සර වාගේ දැන් අපි ලංකාව ඇතුලෙම හිර වෙලා ඉන්න ඕනේ නැහැ. ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ තිබෙන රැකියා අවස්ථා ගත්තොත් වෛද්‍යවරුන් තොරතුරු තාක්ෂණය වැනි වෘත්තීන්වලට ලෝකයේ විශාල සැපයුමක් සහ ඉල්ලුමක් තියෙනවා. ඒකත් බලන්න ඕනේ උපාධිය සහ වෘත්තිය තෝරා ගනිද්දී.
උදාහරණයක් වශයෙන්
ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ළමයින්ට pilot කෙනෙක් වෙන්න. ඒකට aircraft engineering වගේ පාඨමාලා ලොකු වියදමක් දරමින් හදාරනවා. ගුවන් නියමුවෙක් කියන්නේ හොඳ පිළිගැනීමක් තියෙන හොඳ පඩියක් ලැබෙන රැකියාවක්.ශ්‍රී ලංකාවෙ තියෙන airlines ප්‍රමාණය ගත්තම ලංකාවේ තිබෙන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම විතරයි. Sri Lankan airlines එකට අයිති ගුවන්යාන වැඩිපුරම දහයක් හෝ විස්සක් තමයි ලංකාව තුළ තියෙන්නේ. ඉතින් මේ ගුවන්යානා 10 හෝ 20 පදවන්න ගුවන් නියමුවන්ට කී දෙනෙක් ඕනද? සහ ගුවන් නියමුවන්ට ලංකාව තුළ ලොකු ඉල්ලුමක් තියෙනවද? හැබැයි ලෝකයේ ගත්තොත් ඩුබායි වගේ රටකදි මෙය හාත්පසින්ම වෙනස්. එවැනි රටවල් වල emirates, Etihad ලොකු ගුවන් යානා ප්‍රමාණයක් තියෙනවා සමාගම ප්‍රමාණයකුත් තියෙනවා. අන්න ඒ වගේ රටකදි සමහරක් විට ඉල්ලුම වැඩියි. හැබැයි මෙරට තුළ එම අංශයෙන් සිදු කරන උපාධියට රටවල් වල තුළ පිළිගැනීමක් තියෙනවද? මේ වගේ දේවල් තමන් වෘත්තියක් තෝරා ගැනීමේදී හිතන්න ඕනේ. ඒ වගේම යම් පාඨමාලාවකට වියදම් කරනවා නම් ඒ වියදමට අනුව රැකියාවක් අපි තෝරා ගන්නත් ඕනේ.
ඊළඟට සලකා බැලිය යුතු කරුණ වන්නේ රැකියාවට සිදුකරන ගෙවීමයි.
උපාධියක් කරනවා කියන්නේ, අපි කාලය සහ මුදල් ආයෝජනය කරනවා අපේ ජීවිතයේ යම් කිසි දෙයක් වෙනුවෙන්. ඒ ආයෝජනය කරන දෙයට යම් ප්‍රතිලාභයක් තියෙන්නත් ඕනේ.
උදාහරණයක් විදියට
වෛද්‍යවරයෙකුට ලැබෙන වැටුප, ඉංජිනේරුවකුට ලැබෙන වැටුප, තොරතුරු තාක්ෂණ විශේෂඥයකුට ලැබෙන වැටුප , නීතීඥයකුට ලැබෙන වැටුප, ගුවන් නියමුවෙකුට ලැබෙන වැටුප සම නීතිඥයෙකුට ලැබෙන වැටුප . මේ විදිහට වෘත්තීන් වලට ලැබෙන වැටුප් අනුව තමන් වියදම් කරන්න ඕන.
කාලය සහ මුදල් ඒවට ලැබෙන ප්‍රතිලාභ කොහොමද මේ සියලුම කාරණා සලකා බලා තමයි අපි උපාධියක් හදාරන්න ඕන. මම මේකට ආසයි මම ඒක කරනවා කියන එක විතරක් මදි මේ තීරණය ගනිද්දී.
මේ නිසා තමන්ගේ මුලු ජීවිතයේ අවුරුදු විස්සෙන් අපි උසස් පෙළ නිම කරලා පසුව අවුරුදු 60ක දක්වා දිවෙන රස්සාවකට බලපාන තීරණයක්. මේ තීරණය ගැනීමේදී මෙම ඉහත අපේ සාකච්ඡා කරපු අභ්‍යන්තර හා බාහිර සාධක දෙක සලකා බැලීම ඉතාම වැදගත්.
විශේෂයෙන්ම දෙමව්පියන් තමයි මේ පිළිබඳව දැනුවත් විය යුතු වන්නේ. දෙමාපියන් දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වා දිය යුතුයි මේ වගේ තීරණයක් ගනිද්දී. දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා මේ තීරණය ගන්න වෙලාවෙදි දරුවන්ට හරි මග පෙන්වන්න සහ අවශ්‍ය තීරණය ගන්න පහසුකම් සලසන්න.
තීරණ ගන්නා මොහොතේ කලබල වී තීරණය ගන්නවාට වඩා උසස් පෙළ ආරම්භයේදීම තීරණය ගන්නවා නම් ගොඩක් සුදුසුයි.
ලංකාවේ තිබෙන ලොකු අඩුපාඩුවක් තමයි වෘත්තීය මාර්ගෝපදේශ ලබා දෙන්න නිසි ක්‍රමවේදයක් නොමැති කම සහ දරුවන්ට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගන්න පාසල් පද්ධතිය වත් උසස් අධ්‍යාපන පද්ධතියේවත් නිසි ක්‍රමවේදයක් සකසා නොමැති කම.
එසේ නම් ඉහත සඳහන් සියලුම කරුණු අනුව ඔබ අවබෝධ කරගත යුතු වන්නේ සතු කුසලතා, කැමැත්ත සහ පෞරුෂය අනුව යමින් අනාගතයේදී නියැලෙන වෘත්තිය හොඳ අවබෝධයකින් යුතුව තෝරාගෙන අනාගතය සාර්ථක කර ගැනීමයි.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
