උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරිමක් ද?

author
0 minutes, 59 seconds Read

ටැන්සානියාවේ හිටපු ජනාධිපතිවරයකු වු ආචාර්ය ජුලියස් නියරේරේ සවස් වරුවේ පාසල් කාමරය වසා තැබීම නොකළ යුතු බවත් ඒවා ප්‍රයෝජනවත් කාර්යය සදහා භාවිතා කළ යුතු බවත් එයින් පාසලට ආර්ථික ප්‍රතිලාභයක් අත් කර ගත හැකි බවත් ප්‍රකාශ කළේය .එම ප්‍රකාශය වචනයට පමණක් සීමා නොවු අතර ටැන්සානියාවේ එවකට පැවති රජය එය ක්‍රියාත්මක කළේය.

ජුලියස් නියරේරේ යනු හුදු ජනාධිපතිවරයකු පමණක් නොව අධ්‍යාපන විෂයය පිළිබඳව ප්‍රාමාණික බුද්ධිමතකු ද විය .ආචාර්ය ජුලියස් නියරේරේ නියෝජනය කළේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන අතර ඔහුගේ අධ්‍යාපනය පිළිබඳව දැක්ම සම්බන්ධව කිසිදු අගතිගාමී විවේචනයක් ඉදිරිපත් වූයේ නැත .

ආචාර්ය ජුලියස් නියරේරේ ඉදිරිපත් කළ අදහස් මෙරට දේශපාලන පක්ෂ කෙසේ පිළිගනිද යන්න පිළිබඳව පුරෝකතන ඉදිරිපත් කළ නොහැකි නමුත් නියරේරේ ඉදිරිපත් කළ අදහස් පිළිබඳව පටු මානයකින් බලා නිර්දය විවේචනයකට ලක් කිරීමට ඇතැමෙකු උත්සුක විය හැකි ය .මක් නිසා ද යත් එවැනි සිදුවීම් රාශියක් පිළිබඳව අත්දැකීම් අප ට තිබෙන බැවිණි .

අසූවේ දශකයේ ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාව පිළිබඳව කලබැගෑනිය එක් නිදසුනක් පමණි .එම ධවල පත්‍රිකාව ඉදිරිපත් කර දැනට දශක කීපයක් ගත වී ඇතැත් ඒ පිළිබඳව එම වකවානුව තුළ ඉදිරිපත් කළ විරෝධාකල්ප වල කිසිදු හරයක් නොමැති බව  අද වන විට ප්‍රත්‍යක්ෂ වී තිබේ.

ආචාර්ය ජුලියස් නියරේරේ අසුවේ දශකයේ ආරම්භයේදී ඉදිරිපත් කළ උක්ත අදහස් අද වන විට පුළුල් ලෙස විස්තාරණය වී ඇත .සිංගප්පූරුව වැනි රටවල් අද වන විට උසස් අධ්‍යාපනය රටට විදේශ විනිමය ලබා දෙන සාර්ථක ආයෝජනයක් බවට පරිවර්තනය කර ඇත .

ශ්‍රී ලංකාව ද එම අරමුණ අනුව යමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට සමත් විය .එහෙත් අප එතකින් නතර විය යුතු ද ?කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යලයේ සීමිත විදෙස් සිසුන් සංඛ්‍යාවක් බදවා ගන්නා අතර එය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියේ සාධනීය වෙනසක් ලෙස සැලකිය හැක .

මේ රටේ භූගෝලීය පිහිටීම විදෙස් ආයෝජකයන් කදිම තෝතැන්නකි .

ව්දෙස් සරසවි වලට මෙරට ඒවායේ ශාඛාවන් පිහිටුවීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසා දීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත. ඉසෙඩ් අගය මත මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය ,ඉංජිනේරු වැනි වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවලට සිසුන් බදවා ගත හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි .

එම සීමාවේ අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ එක්තරා සිසුන් කොටසකට තමන් කැමති පාඨමාලාවක් හැදැරීමට ඇති අයිතිය අවුරා දැමීමකි. තමන් කැමති විෂයය ධාරාවක් හෝ විෂයය ක් ඉගෙනගැනීමට යම් පුද්ගලයකු ට ඇති අයිතියට සීමා පැනවීමට කිසිදු ආකාරයකට කළ නොහැක .රාජ්‍යය විශ්ව විද්‍යලවලට එම ඉඩ ප්‍රස්ථාව ලබා දිය නොහැකි නම් ඒ සදහා විකල්ප ක්‍රම්වේදයක් සොයා ගැනීමට පුද්ගලයකු සතු අයිතිවාසිකමට එරෙහිව කිසිදු පාර්ශ්වයකට කටයුතු කළ නොහැකි ය.

මෙහිදී බොහෝ අය මතු කරන තර්කය නම් පෞද්ගලික විශ්ව විද්‍යලයක යම් පාඨමාලාවක් හැදැරීමට විශාල මුදලක් අවශ්‍ය නිසා රාජ්‍ය විශ්ව විද්‍යල වල දොර වැසෙන , නමුත් වත් පොහොසත්කමක් නැති සිසුවෙක් පෞද්ගලික විශ්ව විද්‍යලයක උපාධි පාඨමාලා හදාරන්නේ කෙසේ යන්නයි.

මෙම ගැටලුව ආසියානු කලාපීය සමහර රටවල් කළමනාකරණය කර ගන්නේ රටේ බැංකු පද්ධතිය හරහා උසස් අධ්‍යාපන සදහා ණය ලබා දීම මගිනි .මෙසේ ලබා ගන්නා ණය නැවත ගෙවීමට දීර්ඝ සහන කාලයක් ලබා දෙන අතර මේ නිසා ආර්ථික වශයෙන් දුබල තත්ත්වයක සිටින සිසුවෙකුට වුවත් පෞද්ගලික විශ්ව විද්‍යලවල අධ්‍යාපනය ලැබීමේ වරම හිමිවේ.

ව්දේශ විශ්ව විද්‍යල වල ශාඛාවන් මෙම රට තුළ ස්ථාපනය කිරීමේ වාසි කීපයක් ඇත .

පළමුව උසස් අධ්‍යාපන කටයුතු වලට පිටරට යන සිසුන් ලංකාවේ නතර වන අතර ඒ   මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වේ.දෙවනුව විදේශ රටවල් වල සිසුන් මෙම විශ්ව ව්ද්‍යල වල උපාධි පාඨමාලා හැදැරීමට පැමිණීම නිසා රටට විදේශ විනිමය ගලා ගෙන එයි.

අධ්‍යාපනය තව දුරටත් මහජන සුබ සාධන සේවාවක් පමණක් යන්න තව දුරටත් වලංගු තර්කයක් වන්නේ නැත .එය රටේ විදේශ මුදල් සංචිත වැඩි කරන යහපත් ආයෝජනය කි. එහෙත් රාජ්‍ය විශ්ව විද්‍යල වල සිසුන් සහ ඔවුන් නියෝජනය කරන සමහර ශිෂ්‍ය සංවිධාන මෙය දකින්නේ  නිදහස් අධ්‍යාපනයට ප්‍රභල තර්ජනයක් ලෙස ය.රාජ්‍ය විශ්ව විද්‍යල වල ට ප්‍රවේශ කර ගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂිකව වර්ධනය කර ගැනීමේ වගකීම රජය සතු වන අතර එම විශ්ව විද්‍යලවල පාඨමාලා නවීකරණය කිරීම තත්ත්වාකාරයෙන් සිදු කළ යුතු ය. පාඨමාලා නවීකරණය කිරීම ඉදිරි ගෝලීය ප්‍රවනතා හදුනා ගෙන ඉතා ප්‍රවේශම් සහගතව කළ යුතු කාර්යය කි.

ව්දේශ විශ්ව විද්‍යල මෙරට ගෙන්වා ගැනීම හරහා ගෝලීය ශ්‍රම බලකාය සදහා වෘත්තිකයන් ඇතුළු ශ්‍රමිකයන් සපයන ප්‍රමුඛ රැකියා උත්පාදන වෙළදපොලක් මෙරට අගනුවර ස්ථාපිත කළ හැකි ය. එමගින් රටට සුවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි ය.

කොළඹ කේන්ද්‍රය කර ගත් ගෝලීය විශ්ව විද්‍යල නගරයක් නිර්මාණය කිරීම පළමු කාර්යය විය යුතුය .ඒ සදහා වරාය නගරය වඩාත්ම යෝග්‍ය ස්ථානය වේ.මේ සදහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට නම් කොළඹ නගරය සාමකාමි නගරයක් බව තහවුරු කළ යුතුය .මක් නිසා ද යත් නිතිපතා ප්‍රචණ්ඩත්වය මුදා හරින පරිසරයක් ආයෝජකයන් ප්‍රතික්ෂේප කරන බැවිණි.

වරාය නගරයට උද්ඝෝෂණ වල නිරත වන කණ්ඩායම් වලට ප්‍රවේශ වීම තහනම් කිරීම අනිවාර්ය වේ.

මේ සදහා පවතින නීති ප්‍රමාණවත් නොවේ. එම නිසා වරාය නගරය සම්බන්ධ සියලුම කටයුතු පාලනය කිරීමට වෙනම පනතක් ව්‍යවස්ථාදායක විසින් සම්මත කළ යුතු වේ.

කොළඹ කේන්ද්‍රය කර ගත් ගෝලීය විශ්ව විද්‍යල නගරය හරහා රටට ගලා එන මුදල් සම්භාරය  මේ රටේ පාසල් පද්ධතිය සහ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීමට යොදා ගත හැකි ය. එවැනි පසුබිමක අධ්‍යාපනයේ වැය මහා භාණ්ඩාගාරය ට තව දුරටත් දැරීමට සිදු නොවනු ඇත .

එපමණක්ද නොව ගෝලීය විශ්ව විද්‍යාලය නගරයේ සේවා සහ භාණ්ඩ සැපයීම සදහා නව  ව්‍යාපාරික ක්ෂේත්‍රයක් නිර්මාණය වන අතර එමගින් රැකියා අවස්ථා රාශියක් විවර වනු ඇත .ව්දේශ විශ්ව විද්‍යල මෙරට ස්ථාපනය කිරීමේ දී දෙපාර්ශවය විසින් අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුමට මෙරට රජයට වාසිදායක කොන්දේසි ඇතුළත් කළ හැකි අතර විශේෂයෙන් මෙරට ඉහළ ඉසෙඩ් අගයක් හිමි කර ගෙන ඇති සිසුන් ගෙන් කොටසක් ශිෂ්‍යත්වය ක්‍රමයක් යටතේ එකී විශ්ව විද්‍යල වලට බදවා ගත යුතු බවට කොන්දේසියක් එක් කළ හැකි ය.

සිංගප්පූරුව වැනි රටවල් වල  කීර්තිමත් විදේශීය විශ්ව විද්‍යාල රැසක් මේ වන විට ක්‍රියාත්මක වන අතර එමගින් එරටට වාර්ෂිකව අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දෙයි.

මේ සියල්ලම සිදු කිරීමට නම් ව්දෙස් විශ්ව විද්‍යල මෙරටට ගෙන ඒමෙන් නිදහස් අධ්‍යාපනය අහෝසි වේ යන මිථ්‍යාව මේ රටේ ජනතාව තුරන් කර ගත යුතුය . සැබවින්ම මෙහි අනිවාර්ය ප්‍රතිඵලය නිදහස් අධ්‍යාපනය සවිමත් ව ඉදිරියට ගමන් කිරීමයි.තම තමන් ගේ දේශපාලන බල ව්‍යාපෘති සදහා පැන් තලියේ කිඹුලන් මවාපාමින් සිදු කරන අතිශය සාවද්‍ය ප්‍රකාශයන් දැන්වත් අතහැර දැමීමට මේ  රටේ සියලුම දේශපාලන පක්ෂ වගබලා ගත යුතුය .

එස්.එම්.ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa