උසස් පෙළ විභාගයෙන් පසු අනාගතය නිවැරදිව හැඩගස්වා ගනිමු

author
0 minutes, 57 seconds Read

උසස් පෙළ විභාගය යනු ලාංකීය පාසල් අධ්‍යාපන ක්‍රමවේද එන අවසාන ශ්‍රේණිය නැතහොත් අවසාන විභාගය ලෙස සඳහන් කළ හැකිය. පළමුවන ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා විවිධ විෂයන් ඔස්සේ දැනුම කුසලතා වලින් පරිපූර්ණ වූ සිසු සිසුවියන් පිරිසක් බිහිකිරීම ලාංකීය පාසල් අධ්‍යාපනයේ අරමුණයි.

අධ්‍යාපනය පිලිබද නිර්වචනය කිරීමේ දී කිසියම් විෂය පථයක් පිළිබඳ දැනුම ලබාදීම කුසලතා වැඩි දියුණු කිරීම හා චරිත ලක්ෂණ යන කාරණා කිහිපය පුද්ගලයකු තුළ ඇති කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපනය යනුවෙන් හඳුන්වා දෙන්නට පුළුවන්.

ලාංකීය අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සඳහන් කිරීමේ දී  එය ප්‍රධාන වශයෙන් අදියර කිහිපයකට වෙන්කර දක්වා හැකිය.

ඒවා නම්,

1. මුල් ළමාවිය අධ්‍යාපනය
2. ප්‍රාථමික අධ්‍යාපනය
3. ද්විතීක අධ්‍යාපනය
4. තෘතීක අධ්‍යාපනය
5. වෘත්තීය අධ්‍යාපනය

පුද්ගලයකුට අවශ්‍ය දැනුම කුසලතා හා චරිත ලක්ෂණ යන කාරණා පිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා ඉහත අදියරයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කොට තිබේ.

අධ්‍යාපන ක්‍රමයේ එන ප්‍රධාන කොටස් දෙකක් ලෙස සැලකෙන ප්‍රාථමික අධ්‍යාපනය හා ද්විතීක අධ්‍යාපනය ලබාදීම සිදුකරන්නේ පාසල මඟිනි. මෙහිදී පාසලේ අවසාන ශ්‍රේණිය තමයි උසස් පෙළ විභාගය ලෙස නම් කරලා තියෙන්නේ. උසස් පෙළ විභාගය ලියා අවසන් වීමේදී සාමාන්‍යයෙන් ළමයෙකුගේ අවුරුදු 18 සම්පූර්ණ වීමත් සමග ඒ අයට රටේ කම්කරු නීතිය අනුව රැකියාවක් කිරීමේ අයිතිය හිමි වෙනවා. එලෙස රැකියාවක් කිරීමේ දී අවම සුදුසුකම් වශයෙන් සලකනු ලබන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලයි. ඒ සමඟ වෘත්තියකට අදාළ ව ඕනෑම රැකියාවක් ආරම්භ කරන්න ශිෂ්‍යයකුට හැකියාව ලැබෙනවා.

එසේනම් දැන් අප යොමු වන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කිරිමෙන් පසු අනාගතය සැලසුම් කිරීම සඳහා සිදු කළ හැකි වෘත්තිමය පාඨමාලා මොනවද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

මේ පිළිබඳව කරුණු දැක්වීමේදී සුප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ නම් පුද්ගලයා සුවිශේෂී කියමනක් කියලා තියනවා.

Meaning of life is to find your gift and the purpose of life is to give it away

එහි අර්ථය වන්නේ ,

අපේ ජීවිතය අර්ථය විය යුත්තේ උප්පත්තියෙන්ම අපට ලැබුණු හැකියාව කුමක් ද යන්න සොයා ගැනීමයි. ජිවිතයේ අරමුණ එය තව කෙනෙකුට ලබා දීමයි.

උදාහරණයක් වශයෙන් සමහර දරුවන් ගණිතයට දක්ෂයි.තවත් සමහර අය සංගීතයට දක්ෂයි. නැතිනම් විද්‍යාවට. ප්‍රාථමික අධ්‍යාපනයෙන් වෙන්නේ අප තුළ ඇති ඒ සැඟවුණු දක්ෂතාවය හඳුනාගැනීමට මාර්ගයක් සකසා දීමයි. සම්ප්‍රදායක් වශයෙන් පාසල් අධ්‍යාපන තුළ පැවතියේ  උසස් පෙළට ගණිතය, වාණිජ, කලා යනාදී විෂයන්ය. නමුත් වර්තමානය වන විට අධ්‍යාපන ක්‍රමවේද දියුණු වීමත් සමඟ තාක්ෂණවේදය වැනි නව විෂයයන් අධ්‍යාපනය ක්‍රමයට ඇතුළත් වීම තුළින් පෙර පැවති තත්ත්වයට වඩා විකල්ප මාර්ග අධ්‍යාපන කුසලතා දියුණු කිරීම සදහා පවතිනවා. එක් විෂයයකට සීමා නොවී විවිධ වූ විෂයයන් හැදැරීමට දරුවාට මේ වන විට හැකියාව පවතිනවා. මෙම විෂයන්වල  ඇති දැනුම විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන්ට ලබා දීම සඳහා අඩිතාලම දැමීම තමයි පාසල් අධ්‍යාපනය තුළින් සිදුවන්නේ.

ජීවිතයේ අරමුණ විය යුත්තේ උත්පත්තියෙන් අප තුළ සැඟව ඇති දක්ෂතාවය සොයා ඒ තුළින් තව කෙනෙකුට එම කුසලතාවය ලබා දීමයි. උදාහරණයක් වශයෙන් සංගීතයට දක්ෂතා ඇති කෙනෙක් නම් සංගීතය හරහා තමන් තුළ ඇති රසාස්වාදය අනෙකාට ලබාදීම, ක්‍රීඩකයකු ක්‍රීඩා කෞෂල්‍යතුලින් තම දක්ෂතාවය තව කෙනෙකුට ලබාදීම ආදී වශයෙන් තම කුසලතාවය ලෝකයට බෙදලා දෙන එක තමයි පළවෙනියට අප මෙම මාතෘකාව තුලින් තේරුම් ගත යුතු දේ.

ලබන සතියේ දී අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ පාසල් අධයාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සදහා යොමු වන ඔබ ඔබේ අනාගත වෘත්තීය සදහා සුදුසු පාඨමාලාව තෝරාගන්නේ කෙසේද ? මාතෘකාව ඔස්සේ ලංකාවේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමවේදයේ ව්‍යුහය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දීමටයි.

සාකච්ඡා කලේ  – මහාචාර්ය රඟමිණි වේරවත්ත

Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally. Prof. Werawatta currently serves as the Director –School of ICT at the Naganananda International Buddhist University.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa