අවශ්‍ය ද්‍රව්‍ය :-
- පාන්පිටි 100g
- සීනි 100g
- බටර් හෝ පිරිසිදු පොල් තෙල් 100g
- ෆ්‍රෙශ් මිල්ක් 100ml
- බේකිං පවුඩර් තේ හැදි 1
- කොකෝ පවුඩර් තේ හැදි 1 1/2
- චොක්ලට් චිප්ස් 50g
බලමුද කොහොමද හදන්නෙ කියලා..
සීනි, බටර් හෝ තෙල් බෝල් එකකට දාලා හොදින් බීට් කර ගන්න.
එයට ෆ්‍රෙශ් මිල්ක් දාන ගමන්ම කොකෝ පවුඩර් ටිකත්, බේකින් පවුඩර් ටිකත් දාලා හොදට කලවම් කර ගන්න.
දැන් පාන් පිටි දමමින් හැන්දකින් හෝ ස්පැචූලා එකකින් යන්තම් ෆෝල්ඩ් කරන්න..
චොක්ලට් චිප්ස් ටිකකුත් දාලා කලවම් කරන්න..
දැන් මෆින් ට්‍රේ එකකට හෝ ටින්ටඩ් කප් වලට පේපර් කප් දාලා මිශ්‍රණයෙන් 2/3 වගේ පුරවලා උඩිනුත් චොක්ලට් චිප්ස් දාලා සරසගන්න..
දැන් 160 උශ්නත්වයේ විනාඩි 10 ෆ්‍රී හිට් කල අවන් එකක විනාඩි 20-25 අතර කාලයක් දාලා බේක් කර ගන්න..
උශ්නත්වය හෝ කාලය අවන් එකෙන් එකට වෙනස් වෙන්න පුලුවන්.
බේක් උනාම ටූත් පික් එකක් ගහලා බලන්න ඇලෙන සුලු ස්වබාවයක් තියෙනවා ද කියලා ..නැත්තන් හොදට බේක් වෙලා…
එහෙනම් හදාගෙන එන්න..උනු උනු තේ එකක් එක්ක රස බලන්න..

එහෙනම් ආයෙ රස කෑමක් අරගෙන ලබන සිකුරාදා හම්බෙමු…මම දිලීකා.
හැම සිකුරාදා ම මාත් එක්ක රස කෑම හදන්න එකතු වෙලා ඉන්න….
දිලීකා දුල්රුක්ෂිනී ෆේස්බුක් එකවුන්ට් එක හරහාත්, cake by Dilru පේජ් එක හරහාත් , dilru creative arts යූටියුබ් චැනල් එක හරහාත් ඔයාලට මාත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන් ….

0703384782
