
ඉගෙනුම් දුබලතාව ස්නායු විද්‍යාත්මක අක්‍රමතාවක් වෙයි. සරලම ගත් කල ඉගෙනුම් දුබලතාවයන් සිදුවන්නේ මොළය කිසියම් ක්‍රියාවලියක් ග්රහනය කර ගැනීමේ හැකියාව, එය විශ්ලේෂණය කර ගැනීම හා තොරතුරු ගබඩා කර ගැනීමට ගැටලු ඇති කිරීමයි. ඉගෙනුම් දුබලතා සහිත දරුවන් ඔවුන්ගේ සම වයසේ දරුවන් සමග සන්සංදනය කරනවිට, ඉගෙනුම් ක්‍රියාවලියේදී යම් පසුගාමීත්වයක් දක්වයි. එහෙත් ඔවුන්ට ඉගැන්වූයේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් යොදාගෙන නම් ඔවුන්ගේ අදහස් සංවිධානය කර ගැනීම, අදහස් ප්රකාශනය, හේතු දැක්වීම අක්ෂර වින්‍යාසය, ලිවීම හා කියවීම ආදියෙහි දුෂ්කරතා තිබිය හැක.
කිසියම් දරුවකු ඉගෙනුම් දුර්වලතාවයකි පෙළෙන බවට නිශ්චය කළ වහාම හැඟී යන්නේ එය ඔහුගේ ජීවිතයට කැළලක් බවයි. විශේෂයෙන්ම මෙවැනි ඉගෙනුම් දුබලතා සහිත දරුවන් පාසල තුළදී හෝ වෙනත් අධ්‍යාපනික හා ආයතනයක් තුළදී ඉගෙන ගත නොහැක්කෙකු සේ සලකා ඔහු පිළිබඳව අවධානයක් යොමු නොකරන සිටියි. මෙම තත්වය පාසල් තුල දී සුලබව දැකිය හැකිය. එහෙත් ඉගෙනුම් දුබලතාවය කෙනෙකුගේ බුද්ධියට කිසිවක් සිදු නොකරයි ඊට හොඳම උදාහරණය ලෙස ඉගෙනුම් දුර්වලතාවයන්ගෙන් පෙළුණු එහෙත් ජීවිත සාර්ථක වූ පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුන්වා දිය හැකි අතර ඒ අතරින් වෝල්ට් ඩිස්නි, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් ආදීන් හැදින්විය හැක. එසේ හෙයින් ඉගෙනුම් දුබලතා සහිත දරුවන් මෝඩයින්සේ සලකා ඔවුන්ව නොසලකා හැරීම තුලින් ඔවුන්ගේ අනාගතය කෙරෙහි දැඩි බලපෑම් ඇති කරන්නකි.
ඉගෙනුමට සෘජුවම බලපාන ඉගෙනුම් දුබලතා හදුනා ගත හැකිය. මෙම ඉගෙනුම් දුබලතාවයෙන් යම්කිසි පුද්ගලයෙකු පසු වන්නේ නම් එය හදුනා ගනීම අපහසුය. මන්ද එහි ලක්ෂණ විවිධාකාර අයුරින් විවිධ පුද්ගලයන් කෙරෙහි බලපානු ලබයි. මෙම ඉගෙනුම් දුබලතා විවිධාකාර වෙයි. සමහර ඉගෙනුම් දුබලතා අතුරින් කියවීමේ ගැටලු, ලිවීමේ ගැටලු, ගණිතමය ගැටලු, සහ අවාචික ඉගෙනුම් දුබලතාවය වශයෙන් jර්. කල හැක. මෙම ඉගෙනුම් දුබලතා සහිත දරුවන් කුඩා කලදී හදුනා ගනීම අත්‍යාවශ්‍යය.
ඉගෙනුම් දුබලතා වර්ග.
ඉගෙනුම් දුබලතා සහිත සෑම දරුවෙකුම සුවිශේෂී වන අතර ඔවුන් විවිධ ප්‍රමාණයන්ගෙන් හා විවිධ වර්ගයන්ගෙන් සමන්විත හා සංකලනය වුන ඉගෙනුම් දුබලතා පෙන්නුම් කරයි. ඉගෙනුම් දුබලතා අතර පහත දැක්වෙන ඉගෙනුම් දුබලතා සුලබව දැකිය හැකිය.
කියවීමේ දුබලතා
කියවීමේ ඉගෙනුම් දුබලතාව යන්නෙන් අදහස් වන්නේ කථන වචනයන් වෙනස් ශබ්ද වල එකතුවක් ලෙස වටහා ගැනීමේ දුෂ්කරතාවය මතය. මෙය අකුරක් හෝ අකුරකින් නිකුත් වන ශබ්දය නියෝජනය කරන ආකාරය සහ අකුරු සංයෝජනය මගින් වචනයක් සෑදෙන ආකාරය තේරුම් ගැනීමට ඇති අපහසුවයි. මෙහිදී මූලික කියවීමේ කුසලතා සාමාන්‍ය අයුරින් ප්‍රගුණ කලත් දරුවන්ට පහත සඳහන් කුසලතා සමඟ දුෂ්කරතා ඇති විය හැකිය
- සාමාන් වේගයකින් කියවීම
- ඔවුන් කියවන දේ තේරුම් ගැනීම
- ඔවුන් කියවූ දේ නිවැරදිව සිහිපත් කිරීම
- ඔවුන්ගේ කියවීම මත පදනම්ව නිගමන සකස් කිරීම
- අක්ෂර වින්‍යාසය
ලිවීමේ දුබලතා
මෙම දුබලතාවය සහිත පුද්ගලයෙකුට පැන්සලක් භාවිතා කරමින් වචන හෝ අකුරු ලිවීමේ දුෂ්කරතාවයක් තිබීම හා කියවිය හැකි අත් අකුරු ලිවීමේ දුෂ්කරතාවය තිබීම
- මන්දගාමී හෝ දැඩි ශ්‍රමයක් යොදා අකුරු/ වචන රචනා කිරීම
- කියවීමට අපහසු අත් අකුරු රචනා කිරීම
- තමන්ගේ සිතුවිලි ලිවීමට අපහසු වීම
- දුර්වල ලෙස සංවිධානය වී හෝ තේරුම් ගැනීමට අපහසු අකුරු ලිවීම
- අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ සහ විරාම ලකුණු සමග ගැටලු
ගණිත දුබලතා
මෙම දුබලතා සහිත දරුවන්ට ගණිතමය සංකල්ප හා සංකේත භාවිතා කිරීම සහ තේරුම් ගැනීමේ දුෂ්කරතා තිබීම
- අංක ක්රියාකරණ ආකාරය සහ එකිනෙකට සම්බන්ධ වන ආකාරය අවබෝධ කර ගැනීමට ඇති නොහැකියාව
- ගණිත ගැටලු විසදීමේ දී ගැටලු ඇති වීම
- මූලික ගණිතමය සංකල්ප මතකතබා ගනීමේ දුර්වලතාව
- ගණිතමය සංකේත නිවැරදි අයුරින් භාවිතා කිරීමට නොහැකිවීම
- වගන්ති අයුරින් ඇති ගණිත ගැටලු තේරුම් ගැනීමට අපහසු වීම
- ගණිත ගැටලුවක් විසදීමේදී තොරතුරු සංවිධානය කිරීමේ ගැටලු ඇති වීම
අවාචික ඉගෙනුම් අක්රමිකතාවය
අවාචික ඉගෙනුම් දුබලතා සහිත දරුවෙකු ළමා වියේදීම හොද මූලික භාෂා කුසලතා දක්වයි එහෙත් සමායෝජනය, දෘශ්‍ය අවකාශමය සංවිධානය සහ/හෝ සමාජීය ක්රියාකාරීත්වයේ දී අවශ්‍ය අනෙකුත් කුසලතා වල දුෂ්කරතා පවතී
- සමාජ අන්තර්ක්‍රියා වලදී මුහුණේ ඉරියව් වාචික නොවන ඉගි අර්තකථනය කර ගැනීමේ අපහසුව
- විවිධ සමාජ තත්වයන් තුල භාෂාව නිසි ලෙස භාවිතා කිරීමට නොහැකි වීම
- අවධානය යොමු කිරීම සැලසුම් කිරීම හා සංවිධානය ආදියෙහි ගැටලු ඇති වීම
ඉගෙනීමේ ආබාධ ඇතිවීමට හේතුව කුමක්ද?
ඉගෙනුම් දුබලතා වර්ධනයට බලපාන සාධක
- පවුල් ඉතිහාසය සහ ජාන විද්‍යාත්මක ගැටලු
- මානසික කම්පන
- ශාරීරික කම්පන
- සමාජානුයෝජනයේදී ඇති වන ගැටලු

ඉගෙනීමේ ආබාධවල ලක්ෂණ මොනවාද?
- අපේක්ෂිත වයස්වලදී හෝ ශ්‍රේණිවලදී ආසන්න වශයෙන් කියවීම, අක්ෂර වින්‍යාසය, ලිවීම හෝ ගණිතමය සංකල්ප පිලිබද කුසලතා ප්‍රගුණ නොකිරීම
- උපදෙස් තේරුම් ගැනීම සහ අනුගමය කිරීමට අපහසු වීම
- යමෙකු ඔහුට හෝ ඇයට පවසූ දේ මතක තබා ගැනීමේදී ගැටලු ඇති වීම
- ඇවිදීම, ක්‍රීඩා කිරීම හෝ පැන්සල ඇල්ලීම වැනි කුසල්තා නිසි අයුරින් කිරීමට නොහැකි වීම
- පාසල් පොත් හෝ වෙනත් අයිතමයන් පහසුවෙන් නැතිවීම හෝ අස්ථාන ගත වීම
- කාලය පිලිබදව සංකල්ප තේරුම් ගනීමට අපහසු වීම
- පාසලෙන් දෙන ලද ගෙදර වැඩ කිරීමට හෝ කියවීම, ලිවීම හෝ ගණිතමය ක්‍රියාකාරකම් වලට විරුද්ධ වේ, නැතහොත් කිසිවෙකුගේ උපකාරයකින් තොරව ගෙදර වැඩ පැවරුම් සම්පූර්ණ කළ නොහැකි වීම
කිසියම් දරුවෙකුට ඉගෙනුම් දුබලතා තිබේ දැයි හදුනා ගන්නේ කෙසේද?

දරුවන් නිසි අයුරින් පවරුම් නොකිරීම, නිවසේ දී කරන ලෙස පවරන ලද කාර්යයන් සිදු නොකිරීම ඉගෙනුම් දුබලතාවයක් ලෙස හදින්විය නොහැක. පුද්ගලයන්ගේ විවිධත්වය සහ ඔවුන් ඉගෙන ගන්නා ආහකාරය වෙනස්ය උදාහරණයක් ලෙස සමහරු යමක් කරමින් අත්විදිමින් ඉගෙන ගනී. තවත් සමහරු ඇහුම්කන් දීමෙන් ඉගෙන ගනී. තවත් අය කියවීම තුලින් ඉගනීම සිදු කරයි.
එහෙත් ඉගෙනුම් දුබලතාව නිසා ඔවුන්ගේ සංවර්ධනයේ යම් යම් ප්‍රමාදයන් දක්නට ලැබුනත් පසු කාලීනව ඔවුන් තම ඉලක්ක සපුරා ගැනීමට හැකිවනු ඇත. එසේම ඔවුන් තම සම වයස් මිතුරන් අභිබවා යන අවස්ථා ද ඇත.
එහෙත් මෙවැනි දුබලතා සහිත දරුවන් තමන්ට ඉගෙනීමට අපහසුතාවයක් ඇති බව හදුනා ගැනීමට පෙර බලවත් අපහසුතාවයන්ගෙන් පෙළේ.
ඉගෙනුම් දුබලතාව නිශ්චය කර ගැනීමේ මුල් පියවර වන්නේ දෘෂ්ටි සහ ශ්‍රවණ ගැටලු තිබේ දැයි හදුනා ගැනීමෙන් පසු මනෝ වෛද්‍යවරයෙකු හෝ ඉගෙනුම් දුබලතා විශේෂ්ඥයකු සමග සුවිශේෂී පරීක්ෂණ කිහිපයකට පෙනී සිටිය යුතුය. මෙවැනි පරීක්ෂණ තුලින් ඉගෙනුම් දුබලතා අනාවරණය කර ගැනීම මෙන්ම කෙනෙකුගේ ඉගෙනීමේ ශක්තීන් මෙන්ම දුර්වතා ද ඉතා සියුම්ව හදුනා ගැනීමට හැකිවේ.
ඉගෙනීමේ දුබලතා සහිත දරුවන් හදුනාගෙන ඔවුන්ගේ හැකියා හදුනා ගැනීම තුලින් ඔවුන්ට නිසි අධ්‍යාපනය ලබා දීම නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීම අපගේ අධ්‍යාපන ක්රමයේ දක්නට ලැබෙන දුර්වලතාවයකි. විශේෂයෙන් පාසැල් ගුරුවරුන් මෙවැනි දරුවන් හදුනා ගන්නේ ඉගෙන ගැනීමට නොහැකි දරුවන් ලෙසය. මෙවැනි දරුවන් කෙරෙහි ගුරුවරුන්ගේ අවධානය යොමු වන්නේ මද වශයෙනි. එසේ කිරීම තුලින් තත්වය තව තවත් දුෂ්කර වන්නා සේම ඔවුන් තුල මානසික ගැටලු ඇති වීමටද මෙය හේතුවක් වෙයි. එසේම නිවස තුලදී දෙමාපියන් ද පාසලේ කටයුතු නිසි අයුරින් නොකිරීම නිසා මානසිකව පීඩාවට පත් කරයි. මෙවැනි දරුවන් හදුනාගෙන එම දරුවන් ඉගෙන ගන්නා ස්වරූපය හදුනාගෙන එයට ගැලපෙන අයුරින් අධ්‍යාපනය ලබා දීම ඉතාමත් වැදගත්ය.

