කඩින් කඩ කල් ගිය උසස්පෙල

author
0 minutes, 9 seconds Read

අපි දන්නවා කොවිඩ් වසංගතයත් එක්ක අ.පො.ස.උසස්පෙල සහ සාමාන්‍ය පෙල යන විභාගයන් පෙර පරිදි නිශ්චිත කාල වකවානුව තුල පැවැත්වීමට නොහැකි වුන බව.කෙසේ නමුත් කොවිඩ් වසංගතයෙන් පසුව වුවද එයට නිසි වැඩපිළිවෙළක් නිර්මාණය වුනෙ නැහැ.දින නියමයක් නොමැතිව ලාංකීය දරු දැරියන්ගෙ සිහින ද කල් යවමින් පැවති උසස්පෙල විභාගය මෙවර 2024 ජනවාරි 04 දින ආරම්භ විය.ඉතින් අපි මේ උසස්පෙල විභාගය කල් යෑම සහ එ ආශ්‍රිත තොරතුරු කිහිපයක් කතා කරන්න අපි අද කතාබහ වෙන් කරගන්නවා.

ඔබතුමිය කවුද?

මම ඉනෝකා මිණිපලග.වෘත්තියෙන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උගන්වන ගුරුවරියක්.ඊට අමතරව මම මාධ්‍යවේදිනියක්.මම ඉන්දියාවේ මයිසූරු විශ්වවිද්‍යාලයට යනවා මගේ M.A. එක සඳහා ඊට පස්සේ තමයි මම ගුරුවරියක් විදියට වෘත්තීය ගමන ආරම්භ කරන්නේ.

A/L විභාගය කියන්නෙ ජිවිතේ ලොකු කඩයිමක් මොකක්ද ඔබ තුමියගේ අදහස ඒ සම්බන්ධව?

ඔව් අනිවාර්යයෙන්ම. ජීවිතය වෙනස් කරන ප්‍රධාන සාධකයක් තමයි උසස් පෙළ විභාගය කියන්නේ.ලංකාව තුළ අපිට ඉන්න තැනින් උඩට එන්න ලැබෙන golden chance එකක් තමයි උසස් පෙළ විභාගය.අපේ ජීවිතේ උපරිම තලයට ගේන්න ඒ වගේම ජීවිතය ජයග්‍රහණය කරන්න තියෙන හොඳම අවස්ථාවක් විදියට උසස් පෙළ විභාගය හඳුන්වන්න පුළුවන්.

අ.පො.ස.උසස් පෙල විභාගය නියමිත කාල පරාසය තුල නොපැවැත්වීම ගැන මොකද හිතෙන්නෙ?

ඉස්සර system එකක් තිබුන හරියටම date එකක් එක්කම result එන්නේ මෙන්න මේ දවසේ,විභාගය පවත්වන්නේ මෙන්න මේ අවුරුද්දේ මේ කාලසීමාව තුළ කියලා.ඊට පස්සේ මේ system එක වෙනස් වුනා.මේ කොවිඩ් සහ රටේ ආර්ථික පිරිහීමත් එක්ක. දැන් තියෙන system එක ළමයිට විභාගය කරගන්න තියෙන ලොකුම බාධාවක්.අපි හරි time period එක දන්නවා නම් අපි හරියටම ඒ time period එකට අපි අපේ වැඩ ටික කරගෙන පිළිවෙලට ඒ දේවල් කර ගන්නවා. හැබැයි දැන් ළමයා ඉන්නේ අද විභාගය තියයිද හෙට විභාගය තියයිද ආයෙ කල්‍ යයි ද කියන මතයෙ.

උසස්පෙල උසස් ලෙස සමත් වෙන්න දරුවන්ට ඔබ තුමිය දෙන උපදෙස මොකක්ද?

ඕනිම දෙයක් ආරම්භ කරනකොට ඔනිම කෙනෙක් කැපකිරීම,උනන්දුව,ආශාව එක්ක ඒ දේ කරනවා. එතකොට සාමාන්‍ය පෙළ පාස් වුණු දරුවෝ උසස් පෙළට එන්නේ ලොකු ආඩම්බරයකින් තමන් ගැන.ඒවත් එක්ක ළමයි තෝරගන්න විෂයන් වෙනස් වෙනවා. එතකොට ළමයි ටික කාලයක් ඒ තිබුණ උනන්දුව ඒ මානසිකත්වය අඩුවෙනවා. ඔලුව වෙන වෙන දේවල් වලට යොමු වෙනවා.මේවත් එක්ක අධ්‍යාපනයට තියෙන තැන එයාගේ ඔළුවෙන් අයින් වෙනවා.හිතට ගන්න ඕන මම මේ අවුරුදු දෙක මම එකම අරමුණකින් ඒ වැඩේම ඉඳගෙන කරනවා කියන එක. ඒක ලස්සනට කරන්න පුළුවන්. අපි හැඟීමක් ඇති කරගන්න ඕනි මම ඉන්නේ මේ වැඩේ කියලා. මොන දේ කරත් ඒ වැඩේ ඉන්නවනම් අපිට ඒකෙ ඵලදායිතාව උපරිම විදිහට ගන්න පුළුවන්.

මේ උසස් පෙල විභාගය කල් යාම හේතුවෙන් ලමයිට මොන වගේ බලපෑමක් වෙන්න ඇති ද?

ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්. අපි දෙයක් ඔළුවේ දාගෙන ඉන්නකොට අපිට ඒක release කරන්න ඕනිනේ. අපි හිතනවා අප්‍රේල්වල එක්සෑම් එක තියෙනවා කියලා. ඒකට අපි උනන්දුවෙන් පාඩම් කරන්න ප්ලෑන් එකක් හදාගන්නව ඒකට අනුව වැඩ කරනවා. ඊට පස්සේ ආයෙ නිවුස් වලට කියනවා විභාගය මැයි වලට කල් ගියා කියලා. එතකොට අර ගැබ්බරව ඉන්න කෙනා විලි රුදාවෙන් ඉන්නවා වගේ තමයි. මොකද අවුරුදු දෙකක ලොකු සිලපස් එකක්නේ, විෂයන් තුනක. ඒක ඉතින් හරි අමාරුයි. ළමයට ඒක මානසික ප්‍රශ්නයක්.exam එකක් ලන් වුනාම කොහොමත් ළමයි ඉන්නෙ ලොකු ප්‍රෙශර් එකක. මේ එක්සෑම් කල් යන එකෙන් තවත් ඒක වැඩි වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි.

මේ විභාග කල් යෑම තුලින් රටට මොන වගේ බලපෑමක් සිදුවෙනවාද?

අපේ රටේ ප්‍රධානම දේ අධ්‍යාපනය.රටක් ඉස්සරහට යන්න බලපාන ප්‍රධානතම සාධකයක් තමයි අධ්‍යාපනය. රටේ අනාගතය තීරණය වෙන්නේ අධ්‍යාපනය මත.විභාග කල් යාම, ආර්ථික ප්‍රශ්න සහ විවිධ ප්‍රශ්න හේතුවෙන් ළමයි ඉගෙන ගන්න එක අඩුවෙලා තියෙනවා.එතකොට රටේ අනාගතයට ප්‍රශ්නයක් වෙනවා. උගතුන් බිහි නොවීම සහ බිහිවන උගතුන් රටේ මේ ආර්ථික අර්බුද පැවතීම නිසා වෙනත් රටවලට යාම සිදුවෙනවා.ඔය කාරණා එක්ක අපේ රටේ ගන්නම දෙයක් නැති වෙනවා ඉස්සරහට.

උසස්පෙළ විභාගයට ළමයින් සූදානම් කරන්නෙ ඉස්සර කාලේ වගේ පාසල් නෙවෙයි ටියුශන් පන්ති මොකක්ද ඒ ගැන හිතන්නෙ?

අපි දෙයක් කරනකොට ඒක හරියටම කරේ නැතොත් ඒ දේ හරියට කරන්න option එකක් තියෙනවා. පාසල් අධ්‍යාපනයට මූලික තැනක් ලැබෙන්නැතුව ටියුෂන් වලට මූලික තැනක් ලැබෙන්න හේතුව තමයි පාසල් අධ්‍යාපනයේ තියෙන දුර්වලකම. ඉගැන්වීම් හරියට වෙන්නේ නැ,අධ්‍යාපනයේ තියෙන තරගකාරීත්වය,ඉස්සර නම් තමන්ගේ තාත්තා මොනවද කරේ ඒ දේ ඉස්සරහට කරන් යන්න තමයි ළමයින්ට සිද්ධ වුණේ. ඒ උනාට අද වෙනකොට එහෙම බැහැ. තරඟයක් තියෙන්නේ.අධ්‍යාපනය හරහා මේ තරගකාරීත්වය වැඩිවෙනවා. ඒ හේතුත් එක්ක ටියුෂන් පන්ති පාසල් අධ්‍යාපනයට වඩා ඉස්මතු වෙලා තියෙනවා.පාසල් අධ්‍යාපනය හරියට තියෙනවා නම්, ගුරුවරු පාසල තුල හරියට උගන්වනවනම් මෙහෙම දෙයක් වෙන් නැහැ. ටියුෂන් ක්ෂේත්‍රය තුළ තියෙන කැපවීම පාසල් අධ්‍යාපනය තුළ නැහැ. ඒක වෙන්නේ ආර්ථික වාසි මත හෝ වෙන්න පුළුවන් නමුත් ටියුෂන් ගුරුවරු ඒ කරන වැඩේ හරියට කරනවා. ඒකට චෝදනා කරන්න බෑ. පාසල් අධ්‍යාපනයේ ස්ථාවර වෙනව නම් හොඳයි නමුත් එහෙම දෙයක් දැනට පේන්න නැහැ.

ඔන්ලයින් අධ්‍යාපනය එක්ක අද ගොඩක් දරුවන්ට අධ්‍යාපනය ලබන්න අවස්ථා උදා වෙලා තියෙනවා ඒක හොද දෙයක් විදියට ඔබ දකිනවාද?

ලගම ගුරුවරය හොදම ගුරුවරය වෙන්නෙ නැහැනෙ.එතකොට හොද ම ගුරුවරයෙක් තෝරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් විදියට ඔන්ලයින් අධ්‍යාපනය මම හඳුන්වනවා. පිසිකල් පන්තියකදී ළමයෙක් නැගිටල සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා අඩුයි. මොකද ළමයා බයයි,ලැජ්ජයි.නමුත් ඔන්ලයින් අධ්‍යාපනය තුළදී ළමයිට ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව වැඩියි. මොකද එයාව පේන්නේ නැහැනේ.අනිත් එක තමයි රෙකෝඩින් බලන්න පුළුවන්. තමන්ට පාඩම මතක හිටිනකම්ම උනත් රෙකෝඩින් එක බලන්න ළමයට අවස්ථාව හම්බවෙනවා මේ online අධ්‍යාපනය මගින්.ඒ වගේම කාලය ඉතුරු කරගන්න සහ ආර්ථික අතිනුත් ගොඩක් ලාභයි. එතකොට ඒ හැමදේම එක්ක ළමයින්ට ලැබුණු ලොකු චාන්ස් එකක් තමයි ඔන්ලයින් අධ්‍යාපනය.මම හිතන්නෙ ඉතාම හොඳ දෙයක් online අධ්‍යාපනය.

ලංකාවේ මේ විභාග ක්‍රමය සහ අධ්‍යාපන රටාව ගැන මොකක්ද ඔබ තුමියගෙ අදහස?

ළමයෙක් ජීවිතය ඇත්තටම විභාගයකින් මනින්න බෑ. එක එක ළමයගේ ධාරිතාවන් වෙනස්. එක්සෑම් එකක් කියන්නේ යම් විෂය නිර්දේශයකට අනුව උගන්වල ඒ ආශ්‍රිත ප්‍රශ්න වලට කටපාඩමින් හෝ පිළිතුරු ලිවීමනෙ.එතකොට ඒක මතම කිසියම් අයෙකුගේ බුද්ධිමට්ටම මනින්න බැහැනේ. පාඩම් කරලා පිළිතුරු ලියනවට වඩා ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් system එකක් මේ අධ්‍යාපන ක්‍රමය තුළ හැදෙනවනම් හොඳයි.මේ අධ්‍යාපන ක්‍රමය සහ විභාග රටාව වෙනස් වෙන්න ඕනේ කියලා මම හිතන්නෙ.

A/L වලින් පස්සෙ මොනවද තියෙන අවස්ථා අපේ දරු දැරියන්ට?

අපි මොනව කරත් ඒ දේ හරියට කරනවනම් අපිට ඒ දෙයින් ඉහළටම යන්න පුළුවන්.තමන් කඩයක් දාගත්ත නම් ඒක තුළින් තමන් ලක්ෂපතියෙකුටත් එහා දියුණු පුද්ගලයෙක් වෙන තරමටම ඒ ව්‍යාපාරය දියුණු කරගන්න ඕන.ළමයි මොන ක්ෂේත්‍රයේ හිටියත් ළමයි දැනගන්න ඕන ඒ ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න.වර්තමානය වන විට ගොඩක්ම it ක්ෂේත්‍රය තුළින් ගොඩක් අවස්ථාවන් තියෙනවා ළමයින්ට තමන්ගෙ අනාගතය හදාගන්න.ඒ වගේම ගොඩක් පාඨමාලාවන් තියෙනවා රාජ්‍ය මට්ටමේ සහ පෞද්ගලික මට්ටමින් මේවට සම්බන්ධ වීම තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන්.

උසස් අධ්‍යාපන වරම් අහිමි වූ නමුත් අති දක්ෂ දරුවන් ඉන්නවා ඒ අයට මොනවද කරන්න පුලුවන් ලංකාව තුල?

සරසවි වරම් අහිමි වුනු අයට අනිවාර්යයෙන්ම උපාධිය කරනව නම් ඕන තරම් අවස්ථාවන් තියෙනවා.බාහිර උපාධි සහ පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනව.ඒ වගේම තමයි ලංකාවේ විශ්වවිද්‍යාල වරම් නොලැබෙන හැබැයි හොඳ ප්‍රතිඵල තියෙන දරුවන් ඉන්නවනේ ඒ අයට පුළුවන් විදෙස් රටවල ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කරන්න.ඒවට ළමයි අප්ඩේට් වෙන්න ඕනේ තාක්ෂණය එක්ක ඉන්න ඕන.ලංකාව තුළත් තියෙනවා ඩිප්ලෝමා සහ උපාධි කරන්න ඕන තරම් අවස්ථාවන් ගොඩක්. ඉතින් ඒවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අධ්‍යාපනය පැත්තෙන්ම හැමෝම යන්න ඕනේ කියලා එකක් නැහැ. ඒත් මම නම් හිතන්නේ ඕනම කෙනෙක්ට අධ්‍යාපනය කියන දේ තියෙන්න ඕන මොකද අධ්‍යාපනය කියන දේ අපිට නැති වෙන්නේ නැහැ. ඒක අපිට මැරෙනකම්ම ප්‍රයෝජනවත් වෙන දෙයක්.

ඔබ හිතන විදියට ලංකාව තුල මේ යන තත්වය එක්ක උසස් අධ්‍යාපනය හැදෑරීම සාර්ථක ද?

සාර්ථකයි කියන්න බැහැ.ගොඩක් ප්‍රශ්න තියෙනවා.අපිට ආස විදියට ජීවත් වෙන්න අවශ්‍ය මිල මුදල්, වටපිටාව නැත්නම් ඒකට අපි රටේ වැරැද්ද කියලා රටට බැණ බැන හිටියට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි අපි රට කොයි අතට ගියත් අපි තනියෙන් අපි අපේ අනාගතය හදාගන්න ඕන. Comfortable life එකක් අපි හදාගන්න ඕන.කොටින්ම කිව්වොත් අපේ ගේම අපි ගහගන්න ඕන කියලා තමයි කියන්න තියෙන්නේ. අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය තමයි අපි දුප්පත් නම් අපිට රජයෙන් ආධාර දෙන්න ඔන කියලා රජය දෙනකන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙම උනොත් අපිට අපේ අනාගතය හදාගන්න බැහැ.

අවසාන වශයෙන් අහන්න කැමති A/L කියන්නෙ තවත් එක් විභාගයක් පමණක් ම ද ලංකාව තුල තියෙන?

තවත් එක්කි භාගයක් විතරක්ම නෙවෙයි වැදගත්ම විභාගයක් අපිට හම්බවෙන ඒලෙවල් කියන්නේ අපි ඉන්න තැනින් අපි ඉහළට අරන් යන්න පුළුවන් ආභරණයක් අපේ ආභරණය පැළඳ ගත්තොත් අපිට තියෙන වටිනාකම ගොඩක් වැඩි වෙනවා.

S.K.A.චරිතා ලක්මිණි සමරවික්‍රම.
ජනසන්නිවේදන ( ගෞරව )
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa