අලුත් අවුරුද්දක් ලබනවා යනුවෙන් හදුන්වනුයේ කුමක් ද?
අලුත් අවුරුද්දක් ලබනවා කියලා හදුන්වන එක අර්ථ කිහිපයක් තියෙනවා.දැන් මේ අප්‍රේල් මාසේ සම්බන්ධයෙන් කතා කරනකොට සහ සිංහල දෙමළ උත්සව සම්බන්ධයෙන් කතා කරනකොට අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපි කවුරුත් දන්න ඔය කවුරුත් කතා කරන සූර්යයා මීන රාශ්රියෙන් මේශ රාශ්‍රියට ගමන් කරන අවස්ථාව තමයි ඔය අලුත් අවුරුද්දක් ලබනවා කියලා කියන්නේ නැවත අලුත් අවුරුද්දක් පටන් ගත්තා කියන එක.නමුත් අලුත් අවුරුද්ද කියලා ඒක එහෙම කිව්වට මිනිස්සුන්ට,සිංහල ක්‍රමයට ගත්තොත් සිංහල මිනිස්සුන්ගේ අලුත් අවුරුද්ද ඔය අප්‍රේල් 13/14 කියන එක තමයි.මොකද අපේ අප්‍රේල් වලින් තමයි අවුරුද්ද පටන් ගන්නේ.දැන් අලුත් අවුරුද්ද කියලා සමහරු ජනවාරි පලවෙනිදාත් සුභ පතනවනේ.නව වසරක් එළඹුණා කියලා ඒකත් අලුත් අවුරුද්ද කියලා නෙ කියන්නේ.ඒ ඉංග්‍රිසි ක්‍රමයට තමයි ජනවාරි පළවෙනිදා අපි අලුත් අවුරුද්දක් කියලා බලාපොරොත්තු වෙන්නේ.අලුත් අවුරුද්ද කියලා කියන්නේ සිංහල දෙමළ මිනිස්සුන්ගේ උත්සවයක්.නැත්නම් භාග්‍යවත් මාසේ ඒ කියන්නේ බක් මාසේ මින්සුන්ගේ අවුරුදු චාරිත්‍ර තමයි අපි අලුත් අවුරුද්ද කියලා සමරන්නේ.දැන් ඒක වෙන විදිහකට ඒ කියන්නේ ජෝතිශ්‍ය සාත්තරේ විදියට ගත්තොත් රාශි දොළහේ ගමන් කරපු සූර්යයා දොළොස්වෙනි රාශියෙන් ගිහින් ආයේ පලවෙනි රාශ්‍රියට ඇතුල් වෙන අවස්ථාව තමයි අලුත් අවුරුද්දක් ලබනවා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ.එතකොට මේක තමයි අපි අවුරුද්ද උදාවෙනවා කියලා ජෝතිශ්‍ය ශාස්ත්‍රය එක්කත් අපි කවුරුත් කරන්නේ අන්න ඒක.

පැරැණන් සමරපු ඒ අලුත් අවුරුද්දේ තිබුන වටිනාකම ගැන කතා කරොත්?
ඇත්තටම පැරැණ්නන් සමරපු අලුත් අවුරුද්දයි දැන් නූතනයේ අපි කවුරුත් සමරන අලුත් අවුරුද්දයි අතර වෙනසක් තියෙනවා. එදා මේක උත්සවයක් නෙමෙයි. එදා අලුත් අවුරුද්ද වාණිජකරණය වුනු, සමාජයෙන් සමාජයට නිරාවරණය වුණු උත්සවයක් නෙමෙයි. මේක ආගමික උත්සවයක් විදියටයි අතීතයේ තිබුණේ. අනික අතීතයේ මිනිස්සු අනිවාර්යෙන්ම හරියට ම කෙස්ගහටම ඒ චාරිත්‍ර අනුගමනය කරා.අපි උදාහරණයක් ගමු.වැඩ නවත්තන වෙලාවට අනිවාර්යයෙන් වැඩ නැවැත්තුව.කිසි වැඩක් නොකර නෝනගතය ගත කරා.එ නෝනගතය වෙලාවේ පන්සල්,කෝවිල්,දේවාල වලට ගියා.නැවත නැකත් ලබන වෙලාවට ලිප ගිනි මෙලවීම ද ළිද එක්ක ගණු දෙනු කිරීම,ආහාර අනුභවය ආදී වශයෙන් ඒවා අකුරටම කරා.නමුත් එදා මිනිස්සු ඕක කරේ මේ තරම් සංකිර්ණ සමාජයක් තුල නෙවෙයි.නූතන සමාජය වගේ සංකිර්ණ නෑ.උදාහරණයක් ගත්තොත් වැඩ ඇල්ලීම කියන එක,අද අපිට ඔක්කොටම එකට වැඩ අල්ලන්න බැ නෙ මුලු ලංකාවේම අයට.මොකද විවිධ රැකියා ක්ෂේත්රයන් නේ අද තියෙන්නේ.ඒ අයට බෑ නේ එකම වෙලාවට වැඩ අල්ලන්න යන්න.එතකොට මේ සංකිර්ණ සමාජය තුල මේ දේවල් ටිකක් වෙනස් වෙලා තියෙන්නේ.නමුත් අතීතයේ එහෙම ලොකු බැරෑරුම් තත්වයක් තිබුන් නැ ඔක්කෝම ගොවියො.කෘෂිකාර්මික සමාජය තුල මිනිස්සු වැඩ නවත්තල හිටියා නැවත වැඩ පටන් ගන්න කොට හේනේ,කුඹුරේ,පැලේ,පතලේ වැඩ ඇල්ලුවා.ඒ අතීත සමාජය තුල ඔක්කොටම එකට ඒ චාරිත්‍ර කරන්න හැකියාව තිබුනා.අනිත් එක අතිතයේ ගමේ අය වෙන වෙනම චාරිත්‍ර කරේ.අනිත් එක අතීතයේ මේ වගේ රටේ ලොකේ කවුරුත් එකතු වෙලා අලුත් අවුරුද්ද සැමරුවේ නෑ.ගමේ අය කියන්නේ කවුද?ගමේ ඉන්න පවුල් දහයක් දොළහක් පහලොවක් වෙයි.වැඩි ම උනොත් සෙනග පනහක් හැටක් වගේ වෙයි මුලු ගමේම අය එකතු උනොත්.ඒ අය ගමේ පන්සලේ හාමුදුරුවෝ ,ගම් මුලෑදෑනි,වෙල් විදානේ එක්ක එකතු වෙලා මේ කටයුතු අර පරණ චාරිත්‍රනුකූලව කරන්න පුලුවන්කම ඔවුන්ට තිබුනා.හැබැයි ඒ අය ඒක හරියට ම කරා.නමුත් නූතනයේ අපිට එහෙම කරන්න විදියක් නෑ මොකද සමාජය සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා නිසා සමහර චාරිත්‍ර ඉන්න ඉන්න තැන් වල තමයි කරන්න වෙන්නේ.උදාහරණයක් ගත්තොත් අපි වැඩට යනවා කියන එක එතකොට එක එක්කෙනා එක එක වෙලාවට තමයි වැඩට යන්නේ.වැඩ ඇල්ලිම කියන එකත් ඉන්න තැන් වල ඉදන් තමයි වැඩ අල්ලන්න වෙන්නේ. මේක සංකිර්ණ සමාජයක් නිසා එදාට වැඩිය වෙනස් නමුත් ඒක එසේ විය යුතුයි.මොකද අපට පරණ සංස්කෘතිය මෙහෙම යි තිබුනෙ කියලා පරණ සංස්කෘතිය තුලම එහෙම ම ඉන්න අපට බැ.සංස්කෘතිය කියන දේ පවත්නා සමාජ සංස්ථාවත් එක්ක එයට අනුගත,ගැලපෙන ආකාරයට වෙනස් වෙමින් පවත්වාගෙන යාම සිදුවෙනවා.එහෙම පවත්වාගෙන ගිය නිසා තමයි අද වෙනකොටත් අවුරුදු චාරිත්‍ර මේ විදියට හරි ඉතුරු වෙලා තියෙන්නේ.
ඔබ තුමා දකින විදියට අතීත සමාජයේ මෙන් සුන්දර අත්දැකීමක් තියෙනවද වර්තමාන සමාජය තුළ අලුත් අවුරුද්ද පිළිබඳව?
මෙහෙම යි අතීතය සුන්දරයි වර්ථමානය සුන්දර නැ කියලා අපි කාටවත් කියන්න විදියක් නෑ.අතීතය සුන්දරයි.ගමේ පරිසරය හොදටම තිබුනා.නාගරික සමාජ සංස්ථාවක් වෙලා තිබුනේ නැ.ගමේ පරිසරය තුල චාරිත්‍ර වාරිත්‍ර කරගෙන ගියා.ඒක සුන්දරයි ගමට.නමුත් එදාට වඩා අද සුන්දරයි.මොකද අද ලොකේත් එක්ක එකට එකතු වෙලා අපිට අවුරුද්ද සමරන්න පුලුවන්.අපි එදා අපේ ගමේ අවුරුදු සැමරුවේ ගමේ කට්ටිය ගමේ ඉන්න ටික දෙනා විතරයි අපි දකින්නෙ.එ අය එක්ක අපි සුන්දර විදියට අවුරුද්ද සැමරුවා.හැබැයි අද සංකිර්ණ සමාජය තුල ඊට වැඩිය වෙනස් විදියේ සුන්දර අත්දැකිමක් තියෙනවා.දැන් අපිට පුලුවන් අපෙ ගමේ තියෙන අවුරුද්ද ත් එක්කම වෙන ප්‍රදේශයක වෙන රටක වෙන නගරයක අවුරුද්ද නරඹන්න මාධ්‍ය හරහා.එදා අවුරුද්ද තුල තිබ්බ සුන්දරත්වය එක විදියක්.අද අවුරුද්ද තුල තියෙන සුන්දරත්වය තව විදියක්.එ නිසා කාලානුරූපීව මේවා වෙනස්වෙලා යනවා.ඒක එසේ විය යුතුයි.ඒ අතින් සමහර දේවල් ඒ කාලෙත් හොදයි අදත් හොදයි.සමහර දේවල් මේ කාලේ මිනිස්සුන්ගේ චින්තනයට නොගැලපෙන දේවල් සිද්ධ වෙනවා.උදාහරණයක් ගත්තොත් මම අවුරුදු දවස් වලට විදේශ රටවල ඔනෑ තරම් ඉදල තියෙනවා එතකොට මම දැකපු දෙයක් තමයි සමහර රටවල හොදම කුනුහර්පය තෝරනවා,කැතම හිනාව තෝරනවා එතකොට තව කියන්න බැරි දේවල් පවා කරනවා පිටරටවල අවුරුදු උත්සව වල.හැබැයි ඒවා ඒ සංස්කෘතිය ත් එක්ක නැති වෙලා යනවා.උදාහරණයක් ගත්තොත් අපෙ රටේ බනිස් කෑම කියලා අවුරුදු තරගයක් තියෙනවා,එතකොට එකේදි අත් දෙක පිටිපස්සට තියලා ගැට ගහනවා,බනිස් ගෙඩි උඩ එල්ලනවා,බල්ලන්ට කන්න දෙනවා වගේ,කන්න හදනකොට ලණුවෙන් උඩට උස්සනවා ඉතින් කන්න බැ,බිමට වැටුනොත් ඒකත් කන්න ඔනි.ඉතින් එහෙම ඒක ක්‍රිඩාවක් වෙන්න බැනේ.ඒවගේ නොගැලපෙන දේවල් තියෙන්වා.ඉතින් අතීතයේ ගොඩාක් තිබ්බෙ මොලේ වෙහෙසවලා කරන ක්‍රිඩා තරග.අද ගොඩක් තරග අපි මෑතක දි අලුතින් හදාගනිපුවනේ.අතීතයේ තිබුන තරග කාන්තාවන්ගෙ පැත්තෙන් ගත්තොත් කාන්තාවන්ගේ ලාලිත්‍ය තරුණයන්ට ප්‍රදර්ශනය වෙන විදියේ ක්‍රිඩා,පිරිමි අයට තිබ්බේ තමන්ගේ කාය ශක්තිය සහ ජවය නිරූපණය කරන ක්‍රීඩා.උදාහරණයක් ගත්තොත් චක්ගුඩු පැනීම,පීනීම,කොට්ට පොර ආදීය.ගැනු ළමයි කරේ ඔංචිලි පදින එක පංච දාන එක ඔලිද කෙළිය ආදිය.ඉතින් ඒ සමාජය තුල අවුරුදු කාලෙට තමයි තරුණ තරුණියෝ එකතු වෙන්නේ.අද කාලේ සම්පූර්ණයෙන් ම වෙනස්.

වර්තමානය වෙනකොට සමාජයේ අනිත් සියලු අංග වගේම මේ අලුත් අවුරුද්ද කියන සංස්කෘතිකාංගයත් සෑහෙන්න වෙනසකට ලක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධ ව මොකක්ද ඔබ තුමාගේ අදහස?
අතීතයේ තිබුන කෙළිසෙල්ලම්,චාරිත්‍ර වර්ථමානය වෙනකොට සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා.ඒ වෙනස් වීම තුල තියෙන සමහර දේවල් වලට මම එකග වෙනවා.මොකද හේතුව සමහර දේවල් අතීතයේ තිබුන විදියට ම පවත්වාගෙන යන්න බැ මේ වර්ථමානයේ සංකිර්ණ සමාජය එක්ක.උදාහරණයක් ගත්තොත් හිසතෙල් ගෑම තියෙනවා තව දවස් කිහිපයකින්.අතීතයේ ගමේ අය ඔක්කෝම පන්සලට ගියා හිසතෙල් ගාගෙන එනවා.ඒක පුලුවන් මොකද ටික දෙනයි ඉන්නෙ.නමුත් ඔබත් මමත් ඉන්න මේ අද සමාජය සංකීර්ණ යි.නගරයේ ඉන්න කෙනෙක් නම් නගරයේ අපිට පුලුවන් ද එක තැනකට යන්න.අපි එකේක වැඩ වල නිරත වෙලා ඉන්නේ.අපි වැඩිපුර කරන්නේ වැඩිහිටි කවුරු හරි කෙනෙක් හිසතෙල් ගාන තැනට ගිහින් හිසතෙල් ටිකක් ඉල්ලගෙන එනවා.ඊටපස්සේ ගාථාව කියලා ගෙදර ඉන්න අනිත් අයට හිසතෙල් ගානවා.ඉතින් ඒ වගේ දේවල් වෙනස් වෙලා තියෙනවා.ඉතින් අතීතයේ තිබුන විදියට ම අපිට ඒක අද කරන්න බැහැ.උදාහරණයක් ගත්තොත් අතිතයේ මව ළිද ත් එක්ක ගණුදෙනු කරා,වතුර මිනිස් ජිවිතේ ට අතිශය වැදගත් කියලා අතිතයෙ මිනිස්සු දැනගෙන හිටියා.එ නිසා තමයි මේ වතුර එක්ක ගණුදෙනු කිරිමේ චාරිත්‍රය අතිතයේ පටන් පැවත එන්නේ.අතීතයේ ළිඳෙන් තමයි අපි හැමෝම වතුර ගත්තේ එ නිසා තමයි ළිදත් එක්ක ගණුදෙනු කරනවා කියන සංකල්පය ආවේ.පුද්ගලික ළිඳක් හෝ පොදු ළිඳක් ඉස්සර ගම් වල තිබුනා.වැව් ගම්වාසින් වැවත් එක්ක තමයි ගණුදෙනු කරන්නේ.මොකද වැව තමයි කෘෂිකාර්මාන්තය සදහා ජලය දෙන්නේ.ලිප ගිනි මොලවන්නේ මේ අවුරුද්ද පුරාම මෙ ලිපේ බතක් ඉදේවා කියන පාර්ථනයෙන් නේ.ඒවා අද කාලේ වෙනකොට නල වතුර ගන්න පුලුවන් ප්‍රශ්නයක් නැ.ගෘහණියට පුලුවන් ගෑස් ලිප මොලවන්න වෙනවා ඉතින් ඒක ප්‍රශ්නයක් නැ.අන්න එහෙම තමයි පොඩි පොඩි දේවල් වෙනස් වෙලා මේ කාලේ මෙහෙම තියෙන්නේ.
අද වෙනකොට නවීන සමාජය එක්ක අලුත් අවුරුදු ජන ක්‍රීඩා සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා සහ අලුතින් ජන ක්‍රිඩා එක් වෙලා තියෙනවා ඒ ගැන ඔබ තුමාගේ අදහස මොකක්ද ?
ඔව් දැන් ජන ක්‍රිඩා අලුතින් නිර්මාණය වෙලා තියෙනවා.අපි උදාහරණයක් ගමු.ඉස්සර අපි ගම හරහා දුවනවා කියලා තරගයක් තිබුන අවුරුදු උත්සව වල.ඉස්සර ගම හරහා දුවන්න පුලුවන් දැන් ගම හරහා දුවන්න බැ.මොකද මිනිස්සු වැටවල් ගහලා,ඉඩම් කොටු කරගෙන ඒ දැන් පාරෙ නෙ දුවන්න වෙන්නේ.ඉස්සර වත්තවල් උඩින් දුවගෙන දුවගෙන යනවා ගම හරහා දුවනවා කියන්නේ ඒක.දැන් ගමේ පාරෙත් නෙවෙ මහ පාරේ දුවන්නෙ.කාලානුරූපීව ඒව වෙනස් වෙන්න ඔනී.ඊළගට ඉස්සර ඔංචිල්ලා හැදුවා හැමගෙදරකම.ඉතින් ඔංචිල්ලා පැදිම ගැහැණු ළමයින්ගෙ සිරිතක් විදියට අවුරුදු කාලෙට කරා.තුන්සිය හැටපස් දවසෙම ඔංචිල්ලා පදින් නැ නේ.නමුත් දැන් ඒ ක්‍රීඩාව සර්කස් කරන තැන්වලත් පාවිච්චි කරනවා.අද කාලේ නාගරිකව ජීවත් වෙන අයට ඔංචිල්ලාවල් බදින්න තැනක් නැතිවෙන්න පුලුවන් ගෙදරක මොකද වත්තක් නැ.එ කාලේ කතුරු ඔංචිල්ලා තිබ්බා පත්තිනි දේවතාවිය වෙනුවෙන්.ගමේ අය එකතුවෙලා පොරපොල් ගැහුවා දැන් පොරපොල් හොයාගන්න ත් නෑ නේ.ඒකත් පත්තිනි දේවතාවිය වෙනුවෙන්.එ නිසා අලුතින් ඒ වෙනුවට ක්‍රීඩා නිර්මාණය වෙලා තියෙනවා.කඹ ඇදීම,හැන්ද දෙහි ගෙඩිය තියන් යෑම,ඉදිකට්ට ට නූල දෑම ඒ වගේ ජන ජිවිතේ අපිට හම්බෙන සිද්ධි ජන ක්‍රීඩා විදියට අරන් දැන් කරනවා.එදා එහෙම නෙවෙයි,එදා කරේ මනස දියුණු වෙන ක්‍රීඩා,ශරීර ශක්තිය වැඩෙන ක්‍රිඩා උදාහරණයක් ගත්තොත් කාන්තාවන් දාම් අදිනවා,පංච දානවා ඒ දෙස ගමේ පුද්ගලයන් බලන් ඉන්නවා ඒ බලන්නේ මොලේ තියෙන නුවණක්කාර ගැහැණු කෙනා කවුද කියලා තමයි බලන්නේ.ඒ අතරතුරේ ගමේම ඉන්න ශක්තිමත්ම තරුණයා කවුද කියලා බලන්න පුලුවන් ක්‍රිඩා තිබ්බා උදාහරණයක් විදියට චක්ගුඩු කියන ක්‍රීඩාව.වර්ථමානයේ තියෙන්නේ මීට වඩා ගොඩාක් වෙනස් ක්‍රීඩා ඒවා වර්ථමානයේ මේ සංකිර්ණ සමාජය එක්ක කාය වර්ධන තත්වයක් හෝ මානසික වර්ධන තත්වයක් අරඹයා නෙවෙයි අද තියෙන තරග තියෙන්නෙ.ඒකේ වැරැද්දක් නැ මොකද කාලානුරූපීව දේවල් වෙනස් විය යුතු නිසා.
බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණයක් ගත්ත මේ අවුරුදු උත්සව වල සංස්කෘතියට පටහැනි අංග සහ ක්‍රීඩා තියේ නම් ඒ සම්බන්ධ ව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා.ඒ සම්බන්ධ ව ඔබතුමාගේ මතය මොකක්ද ?
එතුමාට ඉතින් කරන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්.මම හිතන්නේ ඒක කවදාවත් කරන්න බැ කියලා මොකද සමාජයේ මිනිස්සු කරන සමහර සිරිත්-විරිත්,චාරිත්‍ර -වාරිත්‍ර වලට නිතියෙන් දඩුවම් දෙන්නත් බැ නීතිය ක්‍රියාත්මක කරන්න ත් බැ.එතුමාට පුලුවන් නම් ඒක ලොකු දෙයක්.
අතිතයේ අපි සමරපු ඒ නියම අලුත් අවුරුද්ද තුල තිබුන සංස්කෘතික වටිනාකම ගැන කතා කරොත්?
අවුරුද්ද කියලා අපි කරන චාරිත්‍ර වාරිත්‍ර ,සිරිත් විරිත්,සම්ප්‍රදායික ක්‍රිඩා පවත්වන එක ද වැඩිහිටියන්ට ගරු කරන එක ද නැකත් චාරිත්‍ර කරන එක ස්වභාවධර්මයට සලකන එක මේ සියලු දේ වගේම අපි ඉහත කතා කරපු සියල්ලම තමයි අලුත් අවුරුද්ද තුල තියෙන සංස්කෘතික වටිනාකම.ඒ වගේම අපි අපේ ඊලග පරපුරට නේ සංස්කෘතිය ගැන කියලා දෙන ගමන් ඊලග පරම්පරාවට සංස්කෘතිය පවරා දීම තුලින් සංස්කෘතිය පවත්වාගෙන යන්න ඔනී.පොත්වලින් උගන්වල සංස්කෘතියක් පවත්වාගෙන යන්න බැහැ.
සිංහල අලුත් අවුරුද්ද මූලීක කරගෙන වත්මන් පරපුරට ඔබතුමා දෙන උපදෙස මොකක්ද මේ සංස්කෘතිකාංග සම්බන්ධ ව?
නූතනයේ අප පවත්නා සමාජ,දේශපාලනික,ආර්ථික තත්වය හමුවේ කරන්නා වූ යම් යම් සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර ඊලග පරම්පරාව ඔබත් ඒ විදියට අනුකරණය කරමින් අනුගමනය කරමින් පවත්වාගෙන යන්න.එහි යම් යම් අඩුපාඩු තියෙනවනම් සමාජයට සහ පුද්ගලයන් ට ගැලපෙන විදියට අපේ සංස්කෘතියට ගැලපෙන විදියට වෙනස් කරගනිමින් මේ අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර පවත්වාගෙන යාම හරිම වැදගත්.එතකොට අපේ ඊලග පරම්පරාවට අපෙ සංස්කෘතියේ විශේසාංගයන් සංජානනය කරන්න පුලුවන්.රටක සංස්කෘතියක් පවතින්නේ එ රටේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් මත මොකද නිතියෙන් මේව පවත්වාගෙන යන්න බැ.නිති දාල කරන්න ත් බැ .නිති දාලා නවත්තන්න ත් බැ .මේවා මිනිස්සු කැමැත්තෙන් කරන්න ඔනි දේවල් එ නිසා මිනිස්සු කැමත්තෙන් තමන්ගේ රටේ සංස්කෘතිය එ රටේ ජනතාව ඊලග පරම්පරාවට කියාදෙමින් පවත්වාගෙන යනවා ඒ ක්‍රමය පවත්වාගෙන යාම අවශ්‍ය යි.එහෙම නැතිනම් සංස්කෘතිය පැවැත්මක් නෑ .
එස්.කේ.ඒ.චරිතා ලක්මිණි සමරවික්‍රම.
ජනසන්නිවේදනය (ගෞරව)
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
