කාන්තා හෝමෝන (estrogen, progesterone, insulin, thyroid hormones) යනු ශරීරයේ බලවත් පණිවිඩකරුවන් ය. එය අපගේ මානසිකය, ශාරීරික, මනෝභාව, විවේචන හැකියාව, මෙන්ම වඳභාවය හා ඔසප් චක්‍රයට පවා බලපෑම් කරයි.
අද කාලයේ කාර්යබහුල ජීවන රටාව තුල කාන්තාවන්ට හෝමෝන අසමතුලිතතාවය වඩා වැඩිවී තිබෙන ප්‍රවනතාවක් දැකිය හැකිය. PMS (Premenstrual Syndrome) නිසා කාන්තාවන්ගේ චිත්තාවේග, චර්යාවන් සහ භෞතික ශරීරයටත් අහිතකර බලපෑම ඇතිවන තත්ත්වක් දැකිය හැක. , PCOD සහ PCOS යනු ඩිම්බ කෝෂ වල ගෙඩි සෑදීම නිසා කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන ආබාධ වේ. PCOD(Polycystic Ovarian Disorder) යනු හෝමෝන අසමතුලිතතාවයේ ප්‍රතිඵලයක් වන අතර PCOS (Polycystic Ovarian Syndrome) යනු පරිවෘත්තීය ආබාධයකි, තයිරොයිඩ් ගැටළු, වඳභාවය, ආර්ථවහරන (Menopause) වැනි ගැටළු ඒ අතර වේ.
යෝග මෙම ගැටළු සඳහා ස්වාභාවික සහ සම්පූර්ණ ක්‍රමවේදයක් වන අතර, එය හෝමෝන සමතුලිතතාවයට උපකාරී වේ.
යෝග හා හෝමෝන සම්බන්ධතාව
- යෝග මානසික ආතතියය අඩු කරයි. (Cortisol පහත දමයි)
දිගුකාලීන ආතතිය, cortisol වර්ධනය කරයි. මෙය ඊස්ට්‍රජන්(estrogen), ප්‍රොජෙස්ටරෝන් (progesterone), ඉන්සියුලින් (insulin), සහ තයිරොයිඩ් (thyroid) වැනි හෝමෝන නිපදවීම අඩාල කරයි. මෙවැනි තත්ත්ව අවම කිරීමට යෝග උපකාරි වේ.
යෝග:
- ප්‍රාණායම (ආශ්වාස ප්‍රශ්වාස පාලනය)
- ශරීරය සැහැල්ලු කිරිමේ ආසන
- භාවනා හා සතිමත්බව cortisol අඩු කරයි.
- ඉන්ඩෝක්‍රයින් පද්ධතිය (Endocrine System) ක්‍රියාවලියට උපකාරි වේ.
යෝග මගින් හෝමෝන නිපදවන පිටියුටරි (pituitary), ඇඩ්රිනල් (adrenal) සහ තයිරොයිඩ් (thyroid) ග්‍රන්ථින්ගේ
ක්‍රියාකාරිත්වයට උපකාරි වේ.
ඉහත ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරිත්වයට උපකාරි වන යෝගා ආසන හා ප්‍රතිලාභ:
- සර්වාංගාසන (Sarvangasana) – තයිරොයිඩ් ක්‍රියාකාරිත්වයට උපකාරි වන යෝගා ආසනයකි.
- බාලාසනය (Balasana) සහ සේතුබන්ධාසනය (Setu Bandhasana) – ඇඩ්‍රිනල් ග්‍රන්ථි කාර්යයන් අඩාල වු විට සන්සුන් කිරීමට උපකාරී වේ.

සර්වාංගාසන (Sarvangasana)

බාලාසනය (Balasana)

සේතුබන්ධාසනය (Setu Bandhasana)
3.මාසික ඔසප් චක්‍රය සමතුලිත කරයි
දෛනික යෝගා පුහුණුව මගින් PMS, මාසික ඔසප් වේදනා, හා අක්‍රමවත් ඔසප් චක්‍ර ක්‍රමවත් කිරීමට උපකාරී වේ. දිනපතා යෝග පුහුණුවෙන් ශරීරයේ ස්වාභාවික රිද්මය ප්‍රවර්ධනය වේ.
- සරුබව වැඩි කරයි
දෛනික යෝගා පුහුණුව මානසික පීඩනය අවම කිරීම, ප්‍රජනන අවයව වෙත රුධිර සංසරණය වර්ධනය කිරීම, හා හෝර්මෝන අසමතුලිතතාවය අවම කිරීම මගින් සරුබව වැඩි කිරීමට උපකාරී වේ. මෙහිදී උදාසීනතාවය අඩු කරන ආසන, උකුල පුළුල් කිරීමේ ආසන (Hip opening poses),මෘදු පසුපසට නැමීමේ ආසන , (gentle backbends), උදර ස්වසනය (belly breathing) වඩාත් ප්‍රයෝජනවත් වේ. 5.ආර්ථවහරනය පහසු කරයි.
ආර්ථවහරන ලක්ෂණ ලෙස හඳුන්වන ශරීරය උණුසුම වැඩිවීම, මනෝභාව වෙනස්වීම(mood swings), අවපීඩන(anxiety), සහ නින්ද නොයෑම(insomnia) යන තත්ත්වයන්
යෝග ආසන මෙන්ම සීතලි ප්‍රාණායාමය (Sheetali) හා ශරීරය සැහැල්ලු කිරිමේ ආසන මගින් අවම කිරීමට හැකිය.
හෝර්මෝන සමතුලිතතාවය සඳහා සුදුසු යෝග ආසන (Recommended Yoga Poses for Hormonal Balance)
- Supta Baddha Konasana සුප්ත බද්ධ කෝණාසන – (Sleeping butterfly posture) ප්‍රජනන අවයව වලට රුධිරය සැපයුම වැඩි කරයි.
- Viparita Karani – විපරීත කරණි (Legs-Up-the-Wall) –ස්නායු පද්ධතිය සහ හෝමෝන පද්ධතිය සමතුලිත කරයි.
- Bhujangasana භුජංගාසන (Cobra posture) – ඇඩ්රිනල් ග්‍රන්ථිය ක්‍රියාත්මක කරයි.
- Setu Bandhasana සේතුබන්ධාසනය (Bridge posture) – තයිරොයිඩ් (thyroid) සහ උකුල අවට ප්‍රදේශය (pelvic area) නිරෝගීතාවයට උපකාරි වේ.
- Nadi Shodhana / Anulom Vilom –නාඩිශෝධනා ප්‍රාණායම ශරීරයේ වම් සහ දකුණු පාර්ශව සමතුලිත කරයිඞ.
වැදගත්ය: ඔසප් සමයේ දැඩි ආසන පුහුණු මෙන්ම සිරසාසනය වැනි (inversions) ආසන වලින් වැලකිය යුතුය. මෙහිදී යෝග ගුරුවරයෙකුගේ උපදෙස්
ලබා ගත යුතුය.
යෝග ආසන හා ප්‍රානයාම පුහුණුව
හෝමෝන අසමතුලිතතා මඟින් බොහෝවිට සංවේදී මනෝභාවයන් ඇතිවිය හැක. යෝග ආසන හා ප්‍රානයාම පුහුණුව මගින් කාන්තාවන්ට තමන්ගේ ශරීරයන් සමඟ නැවත සම්බන්ධ වීමට, ඔවුන්ගේ චක්‍රයන්ට ගෞරව දැක්වීමට සහ සංවේදීභාවයන්ට වඩා වැඩි කරුණාවකින් මුහුණ දීමට උපකාරී වේ. එමෙන්ම Journaling ලිවීම, යෝග ආසන හා ප්‍රානයාම, භාවනා කිරීම මගින්ද මාසික ඔසප් චක්‍රය සමඟ ඒකාග්‍රතාවයෙන් ජීවත් වීමට ජීවිතයේ යථාර්ථය පිළිබඳ වටහා ගැනීමට, සහ ඔබේම සන්සුන් ස්වභාවය (Inner stillness) සෙවීමට උපකාරී වේ.

සුප්ත බද්ධ කෝණාසන

විපරීත කරණි

Bhujangasana භුජංගාසන

නාඩිශෝධනා ප්‍රාණායම
සාරංශය
යෝගාව යනු තවත් එක් ව්‍යායාමයක් නොවෙයි එය ශරීරය, මනස, හා ආත්මය එකට ගන්නා සම්පූර්ණ අධ්‍යාත්මික ක්‍රමවේදයක් වේ.
කාන්තාවන් ලෙස අපගේ හෝමෝන සෞඛ්‍යය පිළිබඳව ගෞරවයෙන්, හැඟීමෙන්, සහ සදාචාරයෙන් ජීවිතය ගත කිරීමට යෝග ඔබට මඟ පෙන්වයි.
