කාර්මික විප්ලවය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය – INCUBATOR (Ep – 02)

author
0 minutes, 23 seconds Read

අද අප බලාපොරොත්තු වන්නේ INCUBATOR නම් මෙම වැඩසටහන තුළින් කාර්මික විප්ලවය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ යන මාතෘකාව පිළිබඳව ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් වෙත ඔබේ අවධානය යොමු කිරීමටයි.

ලෝක ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ක්‍රිස්තු පූර්ව මිලියන 2 කට විතර කලින් තමයි ගල් යුගය කියන කාලය පැවතියේ. ඒ කාලය තුළ දී අපගේ මානවයා භාවිත කළේ ගල් වලින් සාදා ගත්ත උපකරණ, මෙවලම් සහ ආයුධයි.

ක්‍රිස්තු පූර්ව 3000 ගණන් වගේ වෙනකොට ටික ටික තඹවලට යුගයට පැමිණෙන්නට පටන් ගත්තා. ඉන් අනතුරුව ක්‍රිස්තු පූර්ව 1200 වගේ වන විට යකඩ යුගයට (Iron Age) පැමිණියේ. යකඩ යුගය වගේ වෙනකොට අපි භාවිත කළේ යකඩවලින් සාදාගත්ත ආයුධ, මෙවලම් හෝ උපකරණ. මෙය තමයි ක්‍රි. පූර්ව මිලියන දෙකේ සිට 1200 කාලය දක්වා අප පරිණාමය වුණ විදිහ.

ඒ කාලය තුළ අපේ සංවර්ධනයට හේතු සාධක මූලික කාරණාව කුමක්ද? මේ ද්‍රව්‍ය ටික. එනම් ගල්, තඹ සහ යකඩ.

මෙතනින් පසුව ක්‍රිස්තු වර්ෂ 1700 වෙනකොට මානවයා ජලයෙන් යම් යම් දේවල් කරන්න පෙළඹුනා.‍ ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1780 හා 1800 මුල වගේ වෙනකොට වාෂ්ප බලයට භාවිත කිරීමට පටන් ගත්තා.

ඊළඟට ක්‍රිස්තු වර්ෂ 1900 මුල කාලයේදී එනවා විදුලි බලය. 1940 වගෙන් පස්සේ එනවා කාබනික ඉන්ධන භාවිතාවට.

මේ දක්වා අපේ සංවර්ධනය ගත්තොත් එහෙම අපි වාෂ්ප බලය, විදුලිය සහ කාබනික ඉන්ධන යන බලයන් තුන මූලික කරගෙන තමයි අපගේ සංවර්ධන කටයුතු සිදු කෙරුනේ.

ක්‍රිස්තු වර්ෂ 1973 වැනි පස්සේ පරිගණකය කියන එක දියුණු වෙන්න පටන් ගන්නවා. මෙතනින් පස්සේ අපේ සංවර්ධනය මූලිකව තීරණය කරපු සාධකය තමයි තොරතුරු තාක්ෂණය.

වර්ෂ 1973 ඉඳලා මේ වෙනකොට තොරතුරු තාක්ෂණයත් ඉතාම කෙටි කාලෙකින් විශාල ගමනක් දක්වා ඉදිරියට ගොස් තිබුණා. මිලියන දෙකකට අධික කාලයක් තිස්සේ ඉතාම සෙමෙන් වුණ සංවර්ධනය තොරතුරු තාක්ෂණය හේතුවෙන් ඉතා ඉක්මන් වෙලා තිබෙනවා.

දැන් අපි ගත්තොත් එහෙම කාර්මික විප්ලවය කියන . පළවෙනි කාර්මික විප්ලවය සිදු වුණේ 1980 ගණන්වලදී. එතෙනදි අපි අපේ නිෂ්පාදන ක්‍රියාවලියට ජල වාශ්ප බලයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ඉක්මන් කරගන්න යම්කිසි ක්‍රමවේදයකට යනවා.

උදාහරණයකට අපි ගත්තොත් රෙදි වියන මැෂින් එකක් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන්න පටන් ගන්නවා.

මේක තමයි පළවෙනි කාර්මික විප්ලවය කියලා කියන්නේ.

වර්ෂ 1870 දී ඇමරිකාව තුළ දෙවෙනි කාර්මික විප්ලවය සිදු වුණා. ඒගොල්ලො පටන් ගන්නවා ඔවුන් විදුලිබලයෙන් ඉහත නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන්න. මෙම විදුලි බලය මගින් ඉහත සදහන් කල වාෂ්ප බලයට වඩා වැඩි ධාරිතාවකින් දේවල් නිෂ්පාදනය කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ අවුරුදු සීයක කාලයක් අපිට ගිහිල්ලා තියෙනවා.

1780 ඉඳලා 1870 වගේ වසර 100 විතර ආසන්න කාලෙක තමයි වාෂ්ප බලයෙන් විදුලිබලයට මාරු වුණේ. එම තාක්ෂණය සමඟ යම් යම් නව සොයා ගැනීම් වෙලා තුන්වෙනි කාර්මික විප්ලවයට එනවා 1969 වගේ වෙනකොට.

එතනදි සිදු වූයේ පරිගණකයේ Programmable Logic Controller (PLC), micro process යන ක්‍රියාවලියන් හඳුන්වාදීම. මේවත් එක්ක පරිගණකයෙන් සිදු කරන දත්ත සැකසීම යන කාලය වැඩිවෙන්න පටන් ගත්තා. ඒ සමගම පරිගණකයෙන් සිදුකළ හැකි දේවල්වල ධාරිතාවය වැඩි වෙන්න ගත්තා. මෙය තමයි තුන්වෙනි කාර්මික විප්ලවයේ ආරම්භය කියලා කියන්නේ. තවත් අවුරුදු සීයක පමණ කාලයක් ගතවෙලා තමයි මෙම තුන්වෙනි කාරක විප්ලවයේ සිදු වුණේ .

හැබැයි දැන් දැන් අපි ඉන්නේ හතරවෙනි කාර්මික විප්ලවයේ. නමුත් සමහර අය පවසන්නේ පස්වන කාර්මික විප්ලවයේ අප ගමන් කරනවා කියලයි. කෙසේ වෙතත් මා විශ්වාස කරන්නේ අප තවමත් හතරවෙනි කාර්මික විප්ලවයේ තුළ සිටිනවා කියන එකයි.

ක්‍රිස්තු වර්ෂ 2000 පමණ වෙනකොට එනම් අවුරුදු තිහක් විතර කෙටි කාලයකදී අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. යම් ව්‍යාපාරයක, නිෂ්පාදන, අපේ සාමාන්‍ය ජීවිතය, අපි කරන වැඩපිළිවෙල සෑම දේම පරිගණකයත් එක්ක වෙනස් වෙන්න පටන් ගන්නවා. laptops, desktop computers වැනි පරිගණක වර්ග බිහිවීමත් සමග පරිගණකය කියන එක අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වුණා.

උදාහරණයක් විදිහට වර්ෂ 1969 වෙනකොට මිනිසෙක් සඳට ගමන් කිරීමේ සිදුවීම තුළත් පරිගණකය පාවිච්චි කළා. ඒ පරිගණකයේ capacity එක ගත්තොත් අප දැනට භාවිත කරන ජංගම දුරකථනය capacity එකට වඩා අඩුයි. හැබැයි අපි ඒ මට්ටමේ දියුණුවක් අපි ලැබුවා.

වර්තමානය තාක්ෂණයේ දියුණුවත් සමග නෑගී ආ කෘතිම බුද්ධිය නම් සංකල්පය, internet of things ( යන්ත්‍ර උපකරණ පාවිච්චි කරලා මිනිසාට සේවය කිරීම) , ලෝකයේ smart වාහන, ගෙවල්, ගොඩනැගිලි හා ගම්මාන ගැන තමයි අපි දැන් මේ කතා කරන්නේ.


ඒක තමයි industry 4.0 කියලා කියන්නේ. මේ තමයි අපි කාර්මික මට්ටමේ ඉඳලා තොරතුරු තාක්ෂණයෙන් තාක්ෂණික මට්ටමට මිනිසුන්ගේ සංවර්ධනය වුණ විදිහ . මේකත් එක්ක තමයි අපි INCUBATOR කියල වැඩසටහනේ ඉදිරි දේවල් වලට මේ දේවල් සම්බන්ධ කරගන්නේ.

ඒ අනුව බලන්න ඕනේ අපි කොහොමද සාම්ප්‍රදායික ව්‍යාපාරයක් නව මුහුණුවරකින් විශ්ව ගම්මානයකින් පවත්වාගෙන යන්නේ කියලා. මේක තමයි INCUBATOR වැඩසටහන තුළින් ඔබට පැහැදිලි කරන්නේ.

සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත

Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Incubator E02 : කාර්මික විප්ලවය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය

Link https://www.youtube.com/watch?v=TkN326azgPg&ab_channel=ColomboJournal

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa