අපතෙ යන පුංචි රෙදි කෑලි ටිකක් එකතු කරන් පොඩි පොඩි බඩු ටිකක් දාගෙන යන්න පුළුවන් පර්ස් පොඩිත්තක් හදා ගමු. මේකට අපිට අවශ්‍ය වෙනවා …
- වර්ණ දෙකකින් මුද්‍රිත කපු මිශ්‍ර රෙදි
- ඇතුළට ලයිනින් සඳහා තනි පාට රෙදි කොටසක්
- අඟල් 10 ක් දිග නො.05 සිපර් කොටසක් හා හෙඩ් එකක්
- පර්ස් ඒක ලස්සන කරගන්න බොත්තමක්, රිබන් මල් හෝ බෝ ඒකක්.
මුලින්ම අපි පර්ස් ඒකට අවශ්‍ය පතොරම සකස් කර ගනිමු. 7” උස සහ 9”ක පළල කාඩ්බෝඩ් කොටුවක් සකස් කරගන්න.
A සිට ඇතුළට ½” ක් ලකුණු කරන්න.
B සිට ඇතුළට ½” ක් ලකුණු කරන්න.
C සිට ඉහළට 1 ½” ක් ලකුණු කරන්න.
D සිට ඉහළට 1 ½” ක් ලකුණු කරන්න.
ඉන්පසුව රූපයේ පරිදි හැඩ කර ගන්න


එසේ සාදා ගත් පතොරම් කොටසින් මුද්‍රිත රෙදි කොටස් දෙකක් ද, ලයිනින් කොටස් දෙකක් ද කපා වෙන් කර ගන්න
නැවත කාඩ්බෝඩ් කොටසක් භාවිතා කර උඩ පියන සඳහා පහත පතොරම සකස් කර ගන්න.

ඉන්පසුව රූප සටහන 1 ට අනුව කපා වෙන් කර ගත් මුද්‍රිත කොටස් දෙක මතට ලයිනින් කොටස් දෙක තබා මසා ගන්න.
ඉන්පසුව එම පළු දෙක ඉහළ කෙළවරට නො 05 සිපර් පටි කොටස් දෙක තබා අල්ලා ගන්න. සිපර් හෙඩ් ඒක දමා ගන්න.
ඉන් පසුව ඒම සකස් කර ගත් කොටස් දෙක හොඳපිට මතට හොඳපිට සිටින සේ තබා ගන්න. කවාකාර කොටස එකිනෙකට මූට්ටු කර හොඳපිට හරවා ගන්න.
ඉන්පසුව රූප සටහන 2 හි පතොරමට අනුව කපා ගත් මුද්‍රිත රෙදි කොටස් දෙකද හොඳ පිටට හොඳ පිට මුහුණට මුහුණ සිටින සේ තබා මසා හරවා ගන්න.
මෙසේ සකස් කර ගත් පියන කොටස පර්ස් ඒකෙහි පිටුපස පළුවට තබා මසා ගන්න.
ඉන්පසුව පියනේ යටි පත්තට වෙල්කෝ කොටසක් තබා මසා ගන්න. ( පියවීම සඳහා)
පියනේ මතූපිට අලංකාර කර ගැනීමට බෝ ඒකක්, මලක් හෝ බොත්තමක් අල්ලා ගන්න.


උපදෙස් – ඩී.ඩී. හතමුනගේ
මැහුම් උපදේශක
