කුළුබඩු

author
0 minutes, 24 seconds Read

කරපිංචා (Murraya koenigii)

Rutaceae කුලයට අයත් වන කරපිංචා, ආයුර්වේද වෛද්‍ය කර්මයේදී මෙන්ම සර්ප විෂ වෙදකම ඇතුළු දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ද ඉතා බහුලව භාවිතා වන ඖෂධීය ශාකයකි. මෙය විශේෂයෙන් ආසියාතික රටවල ආහාර පිසීමේදී භාවිතා කරනුයේ එහි ඇති සුවඳ සහ වෛද්‍යමය ගුණ නිසාය. කුළුබඩුවක් ලෙස, කොළකැඳ ලෙස මෙන්ම සම්බෝල ලෙස ද කරපිංචා එදිනෙදා භාවිතා කළ හැකිය.

එය ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිවෛරස්, ප්‍රති-පාචනය, මූත්‍රල, ප්‍රති-දියවැඩියා, ප්‍රතිප්‍රදාහාත්මක , පිළිකානාශක, යකෘත් ආරක්ෂක, ප්‍රතිශක්තිමූර්ඡක, ක්ෂුද්‍රජීවී නාශක සහ ස්නායු ආරක්ෂණ ක්‍රියාකාරකම් ඇතුළු පුළුල් පරාසයක ඖෂධීය ක්‍රියා පෙන්වයි. මෙම ශාකය දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, දීර්ඝකාලීන ජ්වර, පිළිකා, අතීසාරය, පාචනය යනාදියට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අතර සර්ප දෂ්ට කිරීම් සහ වෙනත් විෂ සහිත බලපෑම් ඇති රෝගීන් සඳහා ද භාවිතා වේ.

Effect of curry leaves in lowering blood pressure among hypertensive Indian patients, 2023 වර්ෂයේ කරන ලද සායනික පර්‍යේෂණය අනුව කරපිංචා වල ඇති රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාව දක්වා ඇත. Curry leaf (Murraya koenigii Spreng.) reduces blood cholesterol and glucose levels in ob/ob mice, 2006 වර්ෂයේදී සිදු කරන ලද සායනික පර්‍යේෂණය අනුව කරපිංචා පත්‍ර රුධිරගත කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය කිරීමට සහ දියවැඩියාව (type 2) පාලනය කිරීමටද යොදා ගත හැකි බව දක්වයි. එසේම Antiobesity and lipid lowering effects of Murraya koenigii (L.) Spreng leaves extracts and mahanimbine on high fat diet induced obese rats, 2010 වර්ෂයේදී කරන ලද පර්‍යේෂණයකට අනුව මෙම ශාක යුෂ ස්ථූලබව (තරබාරුකම) නැති කිරීමේ හැකියාව ඇති බව දක්වා ඇත.

Multi-Target Approach of Murraya koenigii Leaves in Treating Neurodegenerative Diseases, 2022, පර්‍යෙෂණ පත්‍රිකාව අනුව කරපිංචා පත්‍ර ස්නායු ආරක්ෂකයක් ලෙස ප්‍රතිකාර වලදී යොදා ගත හැකි අතරම
A Review of the Anti-Cancer Potential of Murraya koenigii (Curry Tree) and Its Active Constituents, 2022, පර්‍යේෂණ පත්‍රිකාවෙහි මෙහි ඇති පිළිකා මර්දනය කිරීමේ හැකියාව පිළිබඳ විස්තර කරයි.

ඉතා පහසුවෙන් ගෙවත්තේ වගා කිරීමට මෙන්ම ආහාරයට එකතු කර ගැනීමට හැකි කරපිංචා වර්තමානයේ ඉතා බහුලව පවතින බෝ නොවන රෝග රාශියකින් ඔබේ ශරීරය ආරක්ෂා කර ගැනීමටත්, එම තත්වයන් පාලනය කිරීමටත් උපකාරී වන ඉතා වටිනා ඖෂධයකි.

වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa