ග්‍රැෆික් නිර්මාණකරණය වර්තමානය වන විට ලෝකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එය දෘශ්‍යමය වශයෙන් සන්නිවේදනය කරන මාධ්‍යයක් වෙයි. එසේම එය නිරන්තරයෙන් වෙනස් වෙමින් වැඩි දියුනු වන ක්ෂේත්‍රයකි. ග්‍රැෆික් නිර්මාණකරු වෙබ් අඩවි, සමාජ මාධ්‍ය සහ වෙළඳ දැන්වීම් වැනි විවිධ මාධ්‍ය සඳහා දෘශ්‍ය නිර්මානයන් නිර්මාණය කරයි. රූප මාධ්‍ය ශිල්පය හරහා ඵලදායි ලෙස පණිවිඩ යැවීමට ඔවුන් කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ සංවිධානයන් එහි ඵලදායිතාවයට දෘශ්‍ය සන්නිවේදනයේ ඇති වැදගත්කම හඳුනාගෙන ඇති බැවින් දක්ෂ ග්‍රැෆික් නිර්මාණකරුවන් සඳහා ඇති ඉල්ලුම ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතී. මෙම ලිපිය තුළින් ශ්‍රී ලංකාවේ ග්‍රැෆික් නිර්මාණකරුවන්ට පවතින විවිධ වෘත්තීය මාර්ග සාකච්ජා කරන අතර, ග්‍රැෆික් නිර්මානකරණය පුහුණු කරන අධ්‍යාපන ආයතන, වෙළදපල ඉල්ලූම සහ රැකියා අවස්ථා පෙන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
මුලින්ම අපි බලමු ශ්‍රී ලංකාවේ ග්‍රැෆික් නිර්මානකරණයේ පරිණාමය කොහොමද කියලා ……
ශ්‍රී ලංකාවේ ග්‍රැෆික් නිර්මානකරණය එහි මුල් කාලයේ සිට මේ වන විට බොහෝ ඉදිරියට පැමිණ ඇත. ග්‍රැෆික් නිර්මානකරණය ප්‍රධාන වශයෙන් පුවත්පත්, සඟරා, පෝස්ටර් වැනි මුද්‍රිත මාධ්‍ය සමඟ සම්බන්ධ වෙනවා. කෙසේ වෙතත්, ඩිජිටල් විප්ලවයත් සමඟ ග්‍රැෆික් නිර්මාණකරුවන්ගේ කාර්යභාරය සැලකිය යුතු ලෙස පුළුල් වෙලා තියෙනවා. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ග්‍රැෆික් නිර්මාණකරුවන් වෙබ් අඩවි නිර්මාණය, ජංගම යෙදුම් සංවර්ධනය, සමාජ මාධ්‍ය දැන්වීම් සැකසීම, භාණ්ඩ අලෙවිකරණය ඇතුළු තවත් බොහෝ නිර්මාණාත්මක ව්‍යාපෘති රැසකට සම්බන්ධ වී ඉන්නවා.

මීළගට අපි බලමු කොහොමද මීට අවශ්‍ය අධ්‍යාපන සහ පුහුණුව ලබා ගන්නේ කියලා….
ග්‍රැෆික් නිර්මානකරණයේ ශක්තිමත් පදනමක් ආරම්භ වන්නේ නිවැරදි අධ්‍යාපනය සහ පුහුණුවෙනි. ශ්‍රී ලංකාව තුල ග්‍රැෆික් නිර්මාණකරුවන් සඳහා අධ්‍යාපනික ආයතන සහ වැඩසටහන් දක්නට ඇත. ඒවායින් කිහිපයක් මෙහිදී හදුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
1.ග්‍රැෆික් නිර්මානකරණ උපාධිය
ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල සහ උපාධි පිරිනමන ආයතන විසින් ග්‍රැෆික් නිර්මානකරණය සහ ඒ ආශ්‍රිත විෂය ක්ෂේත්‍ර පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි පිරිනමනවා. මෙම වැඩසටහන් තුලින් ග්‍රැෆික් කලාවේ මූලධර්ම, මුද්‍රණ ශිල්ප ක්‍රම, රූප සංස්කරණ මෘදුකාංග ආදිය පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් සපයනවා. එහිදී කැපී පෙනෙන ආයතන ලෙසින් සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ආදිය සදහන් කළ හැකිය.
2.ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලා
කෙටිකාලීන ග්‍රැෆික් නිර්මාණ ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලා සොයන අයට විවිධ පෞද්ගලික ආයතනවල සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල හැදැරීමට ඊට අවස්ථාව සලසා තියෙනවා. මෙම පාඨමාලා බොහෝ විට ෂබාමිඑරහ එක කේන්ද්‍ර කරගනිමින් රැකියා වෙලඳ පොලට ගැළපෙන සිසුන් සූදානම් කරනවා.
3.මාර්ගගත පාඨමාලා (Online Courses)
මේ වන විට අප සිටින්නේ ඩිජිටල් ලෝකයකයි. එනිසා මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගෙන ගැනීම සහ දැනුම අපේක්ෂා කරන ග්‍රැෆික් නිර්මාණකරුවන් සඳහා එය වටිනා අවස්ථාවක් බවට පත්ව ඇත. ක්‍දමරිැර්ල ඹාැපහ ඛසබනැාෂබ ඛැ්රබසබට සහ ්කකසිදබ වැනි ඔන්ලයින් පාඨමාලා ඔස්සේ ග්‍රැෆික් නිර්මානකරණය සම්බන්ධ පාඨමාලා පිරිනමයි. ඒ ඔස්සේ සිසුන්ට නිවසේ සිටම ග්‍රැෆික් නිර්මානකරණය ඉගෙන ගැනීමට ඉඩ සලසා ගන්න පුලුවන්.
මීළගට මම කතා කරන්නේ මොනවද මේ සදහා ඇති රැකියා අවස්ථා කියලා….
ශ්‍රී ලංකාවේ ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්‍රයේ විවිධ අංශ වල රැකියා අවස්ථා රාශියක් ඇත. ග්‍රැෆික් නිර්මානකරණය අවශ්‍ය වන වෘත්තීන් කිහිපයක් දකින්න පුලුවන්. එසේ සම්බන්ධ විය හැකි රැකියාවන් ලෙස පහත රැකියා දැක්වීමට පුලුවන්.
1. වෙබ් නිර්මාණකරු
වෙබ් නිර්මාණකරුවන් දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය සහ පරිශීලක හිතකාමී වෙබ් අඩවි නිර්මාණය කිරීමට විශේෂ දක්ෂතාවයක් දක්වයි. ඔවුන් සිත් ඇද ගන්නා සුලූ වෙබ්පිටු සැකසීම සඳහා කේතීකරණ (Coding) කුසලතාවය ද මෙම නිර්මාණයට ඒකාබද්ධ කර ගන්නවා.
2. UI – UX නිර්මාණකරු
(UI) සහ (UX) නිර්මාණකරුවන් වෙබ් අඩවි සහ මෘදුකාංගවල උපයෝගීතාවය සහ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. ඩිජිටල් නිපැයුම් නිර්මාණ සඳහා අවශ්‍ය නිර්මාණශීලීත්වය සහ ප්‍රියජනක බව ඇති වන අන්දමට අදාළ සංස්කරණයන් සකස් කර දීම සිදු කරනු ලබනවා.
3. සන්නාම නිර්මාණකරු
සන්නාම නිර්මාණකරුවන් ලාංඡන, වෙළඳ නාම ආදිය සැකසීම ඇතුළුව ආයතනයේ දෘශ්‍ය අනන්‍යතාවය පිළිබිඹු වීම වර්ධනය කිරීමට කටයුතු කරනවා. ශක්තිමත් සන්නාමයක් ගොඩනැගීම සහ එහි පැවැත්ම පවත්වාගෙන යාම සඳහා ඔවුන් තම නිර්මාණය කරනවා.
4. චලන ග්‍රැෆික් නිර්මාණකරු
චලන ග්‍රැෆික් නිර්මාණකරුවන් අලෙවිකරණය, විනෝදාස්වාදය ආදී කටයුතු සඳහා සජීවිකරණ දර්ශන සහ වීඩියෝ නිර්මාණය කරයි. මෑත වසරවලදී සිට මෙම ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙනවා.
5. කලා අධ්‍යක්ෂක
කලා අධ්‍යක්ෂවරුන් නිර්මාණවල අධ්‍යක්ෂණය, අධීක්ෂණය කරන අතර බොහෝ විට නිර්මාණයට දායකවන කණ්ඩායම ද මෙහෙයවයි. ඔවුන් විසින් නිර්මාණය සදහා කරන ග්‍රැෆික් නිර්මාණවල දැක්ම සමස්ත නිර්මානයේ ඉලක්ක සමඟ සමපාත වන ලෙසට සැකසීමට අවශ්‍ය මෙහෙයවීම කරනු ලබයි.
6. Freelance Designer
ශ්‍රී ලංකාවේ බොහෝ ග්‍රැෆික් නිර්මාණකරුවන් නිදහස් සේවකයින් ලෙස වැඩ කිරීමට තෝරා ගන්නා අතර, ඔවුන් විවිධ ගනුදෙනුකරුවන් සමගින් දෙස්-විදෙස් ව්‍යාපෘතිවල වැඩ කිරීමට යොමුව සිටිනවා. ත්‍රුැක්බජසබට තුළ නිදහසේ තමාට හැකි වේලාවන් වලදී වැඩ කළ හැකි අතර ඉන් ඉහළ ආදායමක් ද ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
මීළගට මම කැමතියි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවනතා (Industry Trends) මොනවද කියලා හොයලා බලන්න….
ග්‍රැෆික් ඩිසයින් යනු වෙනස්වන තාක්ෂණයන් සහ ප්‍රවණතාවයන් සමඟ අඛණ්ඩව පරිණාමය වන ක්ෂේත්‍රයකි. ශ්‍රී ලංකාවේ ග්‍රැෆික් නිර්මාන කර්මාන්තය ප්‍රමුඛ ක්ෂේත්‍රයක් නොවන නමුත් මෙම ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නවතම ප්‍රවනතා පිළිබඳව නිතරම යාවත්කාලීනව සිටිය යුතු වෙනවා. ශ්‍රී ලාංකීය ග්‍රැෆික් නිර්මාණ කර්මාන්තයේ කැපී පෙනෙන ප්‍රවනතා කිහිපයක් දැකින්න පුලුවන්.
1. ඩිජිටල් පරිවර්තනය (Digital Transformation)
අන්තර්ජාල සබැඳි පැවැත්වීමේ වැඩි වීමත් සමඟ, ග්‍රැෆික් නිර්මාණකරුවන් ඩිජිටල් platforms කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට විය. වෙබ් නිර්මාණ, ඊමේල්, සමාජ මාධ්‍ය, අලෙවිකරණය, වෙළද දැන්වීම් ආදිය සදහා ග්‍රැෆික් නිර්මාණනකරණය අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.
2. තිරසාර නිර්මාණකරණය (Sustainable Design)
මේ වන විට පරිසරය සුරැකීම පිළිබද ආකල්ප වර්ධනය වෙමින් පවතින අතර, ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාර පරිසර හිතකාමී නිර්මාන සෑදීම පිළිබදව විසඳුම් සොයමින් ඉන්නවා. ඒ අනූව මෙම ක්ෂේත්‍රයේ මුද්‍රණ කටයුතු පොලිතීන් වැනි දිරාපත් නොවන මාධ්‍යයන් තුළ කරනවා වෙනුවට ප්‍රතිචක්‍රීකරණය කල හැකි ද්‍රව්‍යවල සහ නැවත භාවිතය හැකි ද්‍රව්‍යවල කිරීමට සැලසුම් සකස් කිරීම පිළිබද වැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා.
3. 3D and Augmented Reality (AR)
ග්‍රැෆික් නිර්මාණකරණයට 3D සහ AR තාක්ෂණය යොදා ගැනීම, අලෙවිකරණ සහ ප්‍රචාරණ ව්‍යාපාරවල වඩාත් ප්‍රචලිත වෙමින් පවතිනවා . ග්‍රැෆික් නිර්මාණකරුවන් මෙම තාක්ෂණය ඔවුන්ගේ නිර්මාණ කාර්යයට ඇතුළත් කරගැනීම මෙන්ම තවත් නව තාක්ෂණයන් ගවේෂණය කරමින් සිටිනවා.
4. Inclusivity and Diversity
නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාන කාර්යේදී ඇතුළත් කරන අන්තර්ගතය පිළිබද සහතික වන අතර එම නිර්මාණ සැකසීමේදී රටේ සංස්කෘතික පසුබිම ආදිය පිළිබදව පවා සිතා බලා අන්තර්ගත කරන දෑ ඇතුළත් කිරීමට උත්සාහ කරනවා. එම නිර්මාන කිසිදු ආකාරයකින් තවත් පාර්ශවයකට සංස්කෘතියට හානියක් නොවීමට ඔවුන් වග බලා ගන්නවා.
5. Data Visualization
ග්‍රැෆික් නිර්මාණකරුවන් ඉන්ෆො ග්‍රැෆික්ස් සහ දත්ත දෘශ්‍යකරණ Data Visualization ශිල්පීය ක්‍රම භාවිතා කරමින් සංකීර්ණ වූ තොරතුරු රැසක් දෘශ්‍යමය වශයෙන් නිර්මානාත්මකව ආකර්ශනීය ලෙස සන්නිවේදනය කරනු ලබනවා. මෙම ක්‍රමවේදය බොහෝ ග්‍රැෆික් නිර්මානකරුවන් යොදා ගැනීම දකින්නට පුලුවන්.
මීළගට අපි බලමු ක්ෂේත්‍රයේ අභියෝග (Challenges in the Industry) මොනවද කියලා….
ශ්‍රී ලංකාවේ ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්‍රය තුළින් බොහෝ අවස්ථාවන් ලබා දෙන අතරම, ඒ සමග මෙම ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කොටසක් ද දක්නට ලැබෙනවා.
තරඟය (Competition)
ක්ෂේත්‍රය ඉතා තරඟකාරී ය, බොහෝ දක්ෂ නිර්මාණකරුවන් එකම රැකියාව සහ ව්‍යාපෘතිය සඳහා තරඟ කරයි. මෙනිසා ශක්තිමත් පුද්ගලික සන්නාමයක් ගොඩ නැගීම අනෙකුත් තරගකරුවන් අතර කැපී පෙනීම සඳහා ඉතා වැදගත් වේ.
සේවාලාභීයාගේ අපේක්ෂාවන්(Client Expectations)
ගනුදෙනුකරුවන්ට සෑම විටම තමන්ට අවශ්‍ය දේ පිළිබඳ පැහැදිලි දැක්මක් නොතිබිය හැකි බැවින්, සේවාදායකගේ අපේක්ෂාවන් සපුරාලීම අභියෝගාත්මක විය හැකිය. මෙනිසා ඵලදායී සන්නිවේදනය සහ සහයෝගීතා කුසලතා අත්‍යවශ්‍ය වේ.
වේගවත් තාක්ෂණික වෙනස්කම් (Client Expectations)
නවතම ග්‍රැෆික් නිර්මාණ මෘදුකාංග සහ මෙවලම් සමඟ යාවත්කාලීනව සිටීම තුලින් වැඩි වෙළදපල ඉල්ලුමක් ලබා ගැනීමට හැකිය. එතුළින් ක්ෂේත්‍රය තුළ තරඟකාරීව සිටීමේ හැකියාවද ඇති වේ.
Rapid Technological Changes
නිර්මානකරුවන්ට බොහෝ විට ඔවුන්ගේ සේවාවන් මිල කිරීම සහ ඔවුන්ගේ වැඩ සඳහා සාධාරණ මිලක් ඉල්ලීම සදහා නිතරම වාග් හරඹ කිරීමට සිදුව ඇත. මෙහිදී වෙළඳපල මිල ගණන් සහ ග්‍රැෆික් නිර්මාණකරුගේ කුසලතාවයන්ගේ වටිනාකම අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.
මෙම කරුණු පිළිබද සැළකීමේදී ග්‍රැෆික් ඩිසයින් යනු ශ්‍රී ලංකාවේ දියුණු වන ක්ෂේත්‍රයක් වන බවත් නිර්මාණශීලී පුද්ගලයින් සඳහා විවිධ වෘත්තීය මාර්ග සහ අවස්ථාවන් ගොඩනගා දෙන බවත් කියන්න පුලුවන්. නිවැරදි අධ්‍යාපනය සහ පුහුණුව සමඟින්, ග්‍රැෆික් නිර්මාණකරුවකු ලෙස අපේක්ෂා කරන ගමන ආරම්භ කරන්න පුලුවන්.
මෙම කර්මාන්තයේ ප්‍රවනතා සමඟ නිරන්තරව යාවත්කාලීනව සිටීමෙනුත් තම කුසලතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමෙනුත් සහ නව තාක්ෂණයන්ට අනුවර්තනය වීමෙනුත් ශ්‍රී ලංකාවේ ග්‍රැෆික් නිර්මාණකරුවන්ට රටේ ප්‍රතිරූපය ගොඩනැගීමට මෙන්න සාර්ථක සහ ප්‍රතිලාභදායක වෘත්තියක් ගොඩනගා ගැනීමටද හැකියාව ඇති බව පෙනී යයි.
සටහන –


