ගොවියා දිනවන පැපොල් වගාව

author
0 minutes, 47 seconds Read

    ” A-Park SriLanka ” ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාවෙන් මෙවර තොරතුරු ගෙනහැර දක්වන්නේ ලාංකේය ගොවියාගේ අත මිට සරු කරවන පැපොල් වගාව පිළිබඳවයි.කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ වව්නියාව දිස්ත්‍රික්කයේ මේ වන විටත් නූතන තාක්ෂණය පදනම් කරගනිමින් ඉතාම සශ්‍රීක අන්වමින් පවත්වාගන යනු ලබන පැපොල් වගාවන් දක්නට ලැබේ.

“Red Lady” නමින් හදුන්වන ගස් ලබු ප්‍රභේදය මෙම වගා කටයුතු සදහා තෝරාගෙන තිබේ.

    අක්කර භාගයක පමණ ඉඩකඩක ගස්ලබු ශාක 320ක් පමණ වගාකර තිබේ.සාමාන්‍යයෙන් සතියකට 800-1000 Kg  අතර අස්වැන්නක් ලබාගැනීමට හැකියාව තිබේ.දැඩි හිරු රශ්මිය පවතින කාල වකවානුවේ ඉහල අස්වැන්නක් ලැබෙන අතර වර්ෂාව පවතින විට අස්වැන්න තරමක් අඩුවේ.එවිට ආසන්න වශයෙන්  400-500 Kg අතර අස්වැන්නක් ලැබේ. එලෙස අස්වැන්න තරමක් අඩුවීමට හේතුව නම් මල් සහ කුඩා ගෙඩි බොහොමයක් අකලට වැටී යාමයි.නමුත් පොදුවේ ගත්කල මෙය ඉතා ලාභදායී ව්‍යාපාරයක් ලෙස හැදින්විය හැකිය.නිසියාකාරව වගා කටයුතු සිදුකලහොත් ආසන්න වශයෙන් මාසයකට ලක්ෂ 8ක පමණ ආදායමක් මෙම පැපොල් වගාව තුලින් උපයාගැනීමට  හැකි වේ.

වව්නියාව ලංකාවේ වියලි කලාපයේ පිහිටා ඇති ප්‍රදේශයකි.ඒ නිසාම වසරේ වැඩි කාලයක් වියලි කාලගුණයක් පවතින අතර වර්ෂාව ලැබෙන්නේ ඉතාමත් සීමාසහිත කාලසීමාවක් තුල පමණි.නමුත් මෙම වගා කටයුතු  සදහා එම තත්වය කිසිසේත් ගැටලුවක් වී නොමැත.ප්‍රදේශයේ තිබෙන වගා ළිං වලින් පැපොල් වගා බිම් වලට ජලය පොම්ප කරන අතර එම ජලය ගසේ  මුලටම ගමන් කරන පරිදි නල පද්ධතියක් ‍යොදා සකස් කර ඇත.මෙය ” Spray Jet” තාක්ෂණය ලෙස හදුන්වනු ලබයි.කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ වව්නියාවේ සිට 50 Km පමණ දුරින් පිහිටා තිබෙන පාරම්පරික ගම්මාන වලට පවා මෙම ජල සැපයුම් තාක්ෂණය හදුන්වාදී තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ගොවීන් මෙම තාක්ෂණය  අත්විදිමින් ඉහල අස්වැන්නක් මෙන්ම හොද ආදායමක් ලබාගනිති.

   එමෙන්ම නිසි පරිදි ක්‍රමානුකූලව  සිදුකරන පැපොල් වගාවෙන් ලැබෙන අස්වැන්න කිසිදු ගැටලුවකින් තොරව අලෙවි කරගැනීමේ හැකියාව ලැබී ඇත.ඒ අනුව අදාල ගැනුම්කරුවන් වෙත දැනුම්දුන් පසු සතියකට වරක් වගා බිම් වෙත පැමිණ ගෙඩි 800-1000 ත් අතර ප්‍රමාණයක් රැගෙනයන අතර ඒ වෙනුවෙන් හොද මිලක් ගොවීන්ට ලැබේ. මාස 3 කින් පමණ වගා කටයුතු සදහා දරණ වියදම වගාවෙන් ලැබෙන අස්වැන්න අලෙවි කිරීමෙන් ලාභය ලෙස ලබා ගැනීමට හැකිවීම ම A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය මනාව පැහැදිළි වන කරුණකි.

      A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ පාරම්පරික ගම්මාන වල ජීවත්වන පාරම්පරික ක්‍රමවේදයන් අනුගමනය කරමින් කෘෂිකාර්මික කටයුතුවල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වන ගොවීන් හමුවට ගොස් සම්ප්‍රදාය සමග නවීන තාක්ෂණය අපූර්ව ආකාරයෙන් මුසුකරමින් ගොවි ජනතාවගේ ජීවිත වඩාත් සාර්ථකත්වයට පත්කරගැනීමට වටිනා මගපෙන්වීමක් සිදුකරමින් සිටින අන්දම වෙසෙසින් අගයකල යුත්තකි.

    ලංකාවේ උතුරු ප්‍රදේශයේ වව්නියාව DL1B කෘෂි පාරිසරික කලාපයට අයත් වේ.වාර්ෂික වර්ෂාපතනය 900 mm ට වැඩිවේ.රතු දුඹුරු පස වැඩිපුර දැක ගැනීමට හැකි වේ.මෙම ප්‍රදේශයේ පළතුරු වැඩි රසයකින් යුක්තබව සැලකෙන අතර අපනයනය ඉලක්ක කරගනිමින් වගාකටයුතු සිදුකරනු ලබයි.වගාව ආරම්භයේදීම වගාව ආවරණය කිරීමට ” කෘමි ප්‍රතිරෝධී දැලක් ” (Insert proof net) භාවිතාකරනු ලබයි.මේ නිසා වගාවට කෘමීන්ගෙන් වන හානිය ඉතාම අවම මට්ටමක පවතී.එමෙන්ම වයිරස් රෝග පිටි මකුණාගේ උවදුරින් ද වගාව ආරක්ෂා කරගැනීමට මෙය බෙහෙවින් උපකාරී වේ.මෙම දැල අඩි 10ක පමණ උසකින් යුක්ත වේ.

එක් ගොවියෙකුට අක්කර භාගය බැගින් අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් පැපොල් වගාව සදහා ගොවීන්ට ලබා දී තිබේ.එමෙන්ම වතුර පොම්ප, Insert proof net , වැනි ද්‍රව්‍යමය ආධාර ද මෙම ගොවීන්ට A Park Sri Lanka ව්‍යාපෘතිය හරහා ලබා දී ඇත.ඒ අනුව මෙම වගාවෙන් මාසයකට දළ වශයෙන්  1800 Kg ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.ආසන්න වශයෙන් පැපොල් 1Kg ක් සදහා   රුපියල් 100 ක පමණ ගැනුම් මිලක් නියම වුවහොත් මසකට පැපොල් වගාවෙන් අවම වශයෙන් රැපියල් 180000 ක පමණ ආදායමක් ලබා ගැනීමට වගාකරුවන්ට හැකියාව ලැබේ.වගාවේ ජල අවශ්‍යතාවය mini sprinkers වලින් ඉටු කෙරෙන අතර මේවාද කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය හරහා ගොවීන්ට ලබා දී ඇත.මෙමගින් ජල ද්‍රාවී පොහොරද ලබා දේ. එනම් පොහොර ජලය දෙකම කාර්‍යක්ෂමව සැපයේ.

      නෙලන ලද පැපොල් අස්වැන්න කඩදාසි වල ඔතා ක්‍රමානුකූලව ප්ලාස්ටික් කූඩා වලට අසුරනු ලබයි.අපනයනය සදහා පැපොල් මිලට ගැනීමේදී ප්‍රමාණය හා තත්වය අනුව හොද මිලක් ලබාගැනීමට ගොවීන්ට හැකිවේ.ඇතැම් ගොවීන් මාසයකට 38000Kg – 40000Kg අතර ප්‍රමාණයක් අපනයන වෙළදපොල වෙත සපයනු ලබයි.අපනයනයෙන් පසු ඉතිරිවන පැපොල් දේශීය වෙළදපොලට අලෙවිකරයි.බොහෝ දුරට පළතුරු බීම නිෂ්පාදනය කරන සමාගම් මෙම පැපොල් මිලට ගනී.මේ අනුව රටට ඩොලර් උත්පාදනය කලහැකි අගනා මාර්ගයක් ලෙස පැපොල් වගාව ගැදින්විය හැකිය.

   A-park Sri Lanka කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ රට පුරා ගොවිබිම් සොයා යමින් ඒ තුලින් නවීන තාක්ෂණය සමග මුසු වූ වඩාත් සාර්ථක ගොවි බිම් නිර්මාණය කිරීමේ අරමුණෙන් සුවිශේෂී මෙහෙවරක නිරත වන අතර ඒ ඔස්සේ සිදුකරන නිවැරදි මග පෙන්වීම තුලින් ස්වයංපෝෂිත රටක් බිහිවනු දැකීම අප සැමගේ පැතුමයි.

–  සටහන-

එච්.කේ.පී.පී.හපුආරච්චි

සංවර්ධන නිලධාරී  

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa