කොවිඩ් වසංගතය හමුවේ දරුවන් අන්තර්ජාලය හරහා මාර්ගගතව (ONLINE ) අධ්‍යාපන කටයුතුවලට යොමු වීමත් සමග බොහෝ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නොව පරිගණක ක්‍රිඩා, විනොදාස්වාදය වැනි දෑ නැරඹීමට ඩිජිටල් තිර ඉදිරිපිට වැඩි වේලාවක් රැඳී සිටීම නිසා ඇසෙහි පෙනීම දුර්වල වීම, හිසරදය මෙන්ම ශ්‍රවණාබාධවලට ගොදුරු විමේ සීඝ්‍ර වැඩිඩ්වීමක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට නම් ඩිජිටල් තිර මඟින් දරුවන්ගේ ඇසට මුදා හරින හානි කර හැකි කිරණ පිළිබඳව හා ඩිජිටල් තිර භාවිතයේදී අනුගමනය කල යුතු නිවැරදි ඉරියව් මොනවාද යන්න වැඩිහිටියන් වශයෙන් ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු වේ.
අද වෙළෙඳ පොළේ පවතින බොහෝ ඩිජිටල් තිර මඟින් ඇස් වලට හානි කර දෙන කිරණ අපගේ ඇස් ඇතුලට මුදා හරින බව ඔබ දැන සිටිය යුතු වැදගත් කරුණකි.
නිල් කිරණ (Bad Blue) හා (UV) හිරු කිරණින් නිපදවන පාරජම්බුල කිරණ දෙනෙතට ඉතාමත් අහිතකර කිරණ ලෙස නම් කළ හැකිය.
හිරුගෙන් නිපදවන පාරජම්බුල කිරණ පිළිබඳව සඳහන් කිරීමේදී හිරුගෙන් ඇසට ලැබෙන සෘජු කිරණවලට අමතර වළාකුළු පොළොව සහ ජලය පෘථිවිය මෙන් දිදුලන කෘතිම මතුපිටවල් වලින් පරාවර්තනය වී සෑදෙන (Reflected Light) වක්‍රාකාරව ළඟාවන කිරණවල 40% දක්වා ඇසට හානි කර වීමට ද ඉඩ ඇති බව ඔබ දන්නවාද?
එමෙන්ම නිවසේදී අප බහුලව භාවිතයට ගන්නා ප්‍රතිදීප්ත LED බල්බ , පරිගණක තිර, ස්මාර්ට් ජංගම දුරකථනය තිර, LCD TV , TAB , IPAD මගින් නිකුත් වන සුදු ආලෝකයේ අන්තර්ගත නිල් ආලෝකය පරාශය (415nm-495nm) ඇසට ඉතාමත් හානිකර දෙයි.
මෑතකදී සිදුකල පර්යේෂණ මගින් මෙම නිල් ආලෝක පරාශය BAD BLUE VIOLET (415nm-455nm) සහ GOOD BLUE VIOLET (455nm-495nm) යනුවෙන් කොටස් දෙකකට බෙදා අංකනය කර තිබේ. එහිදී GOOD BLUE VIOLET හි ඇති කිරණ පරාශය දෘශ්ටි විතානය මත පතිත වී ඇති කරන සංවේදන මගින් HUMAN BIOLOGICAL CLOCK SYNCHRONIZATION නම් ක්‍රියාවලියට , එනම් නිවැරදි නිදාගැනීමේ ඇහැරීමේ දෛනික චක්‍රයට අවශ්‍ය ශාරීරික පසුබිම නිර්මාණය කිරීමට මෙම ක්‍රියාවලිය අවශ්‍ය උත්තේජනය සැපයීම මෙමගින් සිදු වේ.
BAD BLUE VIOLET මගින් සෘජුවම දෘෂ්ටි විතානයේ ආලෝකයේ දී සංවේදී සෛල අඩපන කරමින් කාලයත් සමග ARMD නම් ඉතාමත් භයානක අක්ෂි රෝග තත්ත්වයට මග පාදයි.
මීට අමතරව ඇස් කණ්නාඩි කාචයක් හරහා ගමන් කරන ආලෝකය පිළිබඳ සැලකීමේදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඇසට අහිතකර UV කිරණ පරාශය පෙරීමට ලක් කිරීම සදහා භාවිත වන ප්ලාස්ටික් වර්ගය මත ඇස් කණ්නාඩි ගුණාත්මක බව රදා පවතින බවයි. බහුලව භාවිතා වන CR39(1.5index) ප්ලාස්ටික් වලට වඩා HI index (1.56/1.59/1.6…) ප්ලාස්ටික් වලින් 100% UV පෙරනයකට ලක් කරන බව සදහන් කළ යුතු ය.
එසේනම් දැන් ඔබට ඩිජිටල් තිර භාවිතයෙන් නිකුත් වන කිරණ පිළිබඳවත් එහි ඇති භයානක බව පිළිබදවත් හොදින් වැටහෙනු ඇත.
මෙවැනි පසුබිමක් තුළ දරුවන් සිය අධ්‍යාපන කටයුතු මාර්ගගතව සිදු කිරීමට යොදා ගන්නා ඩිජිටල් තිර භාවිතයෙදී ඇස් වලට විය හැකි හානිය අවම කර ගැනීම සදහා අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් පහත පරිදි වේ.
ලැප්ටොප්/ටැබ්ලට් භාවිතා කරන්න –
සිසුන් අනුගමනය කළ යුතු පළමු දෙය නම් මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථන භාවිතා කිරීමෙන් වැළකී ඒ සඳහා ලැප්ටොප්, පරිගණක හෝ ටැබ්ලට් වැනි විශාල තිර භාවිත කිරීමයි.
එමගින් ඇස් වෙහෙසට පත් වීම අවම කර ගත හැකි ය.
තිරයේ දීප්තිය සකසන්න –
ඇසේ වෙහෙස අඩු කිරීම සඳහා සිසුන් තම ලැප්ටොප් පරිගණකයේ හෝ ටැබ්ලටයේ තිරයේ දීප්තිය අවශ්‍ය පරිදි සකස් කර ගත යුතුය.
කාමරයේ ආලෝකය සකසන්න –
තිරයේ දීප්තිය සකස් කිරීමත් සමඟම , කාමරයේ ආලෝකකරණය ද අවශ්‍ය පරිදි සකස් කළ යුතුය. ඇසේ වෙහෙස අඩු කිරීම සඳහා කාමරයක ආලෝකය පරිගණක තිරයට වඩා අඩු විය යුතු අතර එමගින් සිසුන්ට තිරය බැලීම පහසු කරයි.
අඛණ්ඩව තිරය දෙස නොබලන්න –
අඛණ්ඩව තිරය දෙස බලා සිටීම කිසිවිටෙකත් නොකළ යුතු ක්‍රියාවකි. ඔන්ලයින් අධ්‍යාපනය පැවැත්වෙන අතරතුර විවේකයක් ලබා ගත නොහැකි නමුත් ඇස් වෙහෙස අඩු කර ගැනීම සඳහා තත්පර 10 සිට 20 දක්වා ඔවුන්ට වෙනත් තැනක් බලා නැවත පරිගණක තිරය දෙස බලා සිටිය හැකිය.
(20/20 නීතිය අනුගමනය කරන්න.)

වීඩියෝ ක්‍රීඩා කිරීමෙන් වළකින්න –
මාර්ගගත පන්ති හේතුවෙන් සිසුන් දිනකට අවම වශයෙන් පැය 4-5 අතර කාලයක් ඉලෙක්ට්‍රොනික උපාංග වල රැඳී සිටින හෙයින්, වැඩි කාලයක් වීඩියෝ ක්‍රීඩා කිරීමෙන් සහ ජංගම දුරකථනයෙන් වීඩියෝ නැරඹීම සිදු නොකල යුතු බව දරුවන්ට පහදා දෙන්න . ගෘහස්ථ ක්‍රීඩා, සංගීතයට සවන් දීම වැනි ඉලෙක්ට්‍රෝනික උපාංග ඇතුළත් නොවන වෙනත් විනෝදාත්මක ක්‍රියාකාරකම් වලට සිසුන්ට යොමු කිරීමට වග බලාගන්න.
නිවැරදි ඉරියව් භාවිතා කරන්න –
කිසිවිටෙකත් පරිගණකය ඔබේ දරුවාගේ ඇස්වලට සමීප නොවිය යුතුය. එමඟින් ඇස් වෙහෙසට පත් විය හැකි අතර අක්ෂි හා මාංශපේශි පවා වේදනාකාරී වන්නට පුළුවන.
එසේ නම් පරිගණක භාවිත කරන විටදී එය ඇස් වලින් අවම වශයෙන් අඟල් 18 සිට 24 දක්වා ඈතින් තබා ගත යුතු වේ.

එමෙන්ම පරිගණකය භාවිතා කරන විට වාඩි වී සිටිය යුත්තේ පාද බිම සමතලා වන පරිදි, උරහිස් ලිහිල් වන පරිදි, පහළ පිටුපසට ආධාරක වන පරිදි සහ අත් කෙළින්ම යතුරු පුවරුවේ කෙළින්ම යතුරු පුවරුව මත රැඳී ඇති ආකාරයට යි.
මීට අමතරව පරිගණක තිර නිරතුරුවම පිරිසිදු කිරීමටත් දරුවාට උපදෙස් දෙන්න.
මෙම ක්‍රියාවලිය හැරුණු විට මාස 6 කට වතාවක් දෘෂ්ටි විශේෂඥවරයකුට හෝ ඊට සුදුසු වෛද්‍යවරයකුට පෙන්වා දරුවන්ගේ ඇස්වල ඇතිවන සංකූලතා (ඇස් රිදිල්ල, දැවිල්ල , බොද වී පෙනීම, හිසරදය, ඇස් නිතර පොඩි කිරීම) කල්තියා හදුනාගෙන ඇති විය හැකි අක්ෂි රෝග වලින් දරුවාව ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.
උපදෙස් – ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ අනුර රාජකරුණා
