තාත්තා ගැන තවත් කතාවක්

author
0 minutes, 30 seconds Read

ලාංකේය සිනමා නිර්මාණය තුළ සිනමා නිර්මාණකරුවන් අතරින් උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය තිර රචනය කරමින් සිනමාවට පිවිසි ප්‍රසාද් සමරතුංගගේ අධ්‍යක්ෂණයෙන් යුත් තවත් නව සිනමා නිර්මාණයක් පසුගිය දින එළිදැක්වීම සිදු වූවා.

එසේනම් අද අප සූදානම් වන්නේ එම නිර්මාණය පිළිබඳව ඔහුත් සමඟ පිළිසඳරක යෙදීමටයි.

” තාත්තා” චිත්‍රපටයේ තේමාව ගැන ප්‍රථමයෙන්ම කතා කළොත්?

අම්මගේ ආදරය අපිට පේනවා.හැබැයි තාත්තාගේ එහෙම නෑ.තාත්තාගේ සැඟවුණු ආදරයක් තමා තියෙන්නේ . දරුවන් තාත්තාට එරෙහිව කොච්චර වැඩ කළත් තාත්තා දරු සෙනෙහස ඉදිරියේ තමන්ගේ දරුවන්ව පාවා දීමක් සිදු කරන්නේ නැහැ .අන්න ඒ වගේ තාත්තාගේ  සැඟවුණු ආදරයේ ඇති ප්‍රභලත්වය මෙහි තේමාව මගින් පැහැදිලි කරන්නට අපි සිදුවීමක් යොදා ගත්තා.ඒ සිදුවීමත් සමග අවසානයේ තාත්තාගේ ආදරයේ ඇති ගැඹුර පෙන්වීමට උත්සහ කළා.

චිත්‍රපටය රූපගත කිරීමට කොපමණ කාලයක් ගත වුණාද?

production Side එක ගත්තම මාස හයක් ඇතුළත වගේ චිත්‍රපටයේ කටයුතු  සම්පූර්ණයෙන් ඉවර කරගත්තා. ඊට කලින් අපිට ඉවර කරන්න හැකියාව  තිබුණා. හැබැයි රටේ ඇතිවුණු  ප්‍රෙට්‍රල් ප්‍රශ්නත් එක්ක තමයි  මාස හයක් වගේ ගියේ.

නළු නිළියන් තෝරා ගැනීමේදී විශේෂත්වයක් තිබුණා ද?

මෙම චිත්‍රපටයේ තිර පිටපත් රචකයා (ලලිත් වර්ණප්‍රිය) ,  නිශ්පාදකවරයා (රුෂාන්ත විජේනායක) , නිශ්පාදන කළමනාකාරවරයා (උපුල් නිශාන්ත) සහ මම කතාබහ කළා ප්‍රධාන චරිත සදහා කාවද තෝරා ගන්නේ කියලා. එහිදී නළු නිළියන් කිහිපදෙනෙක් නිර්දේශ වුණා.ඒ අතුරින් අපි තාත්තාගේ චරිතය සදහා කුමාර තිරිමාදුර හා අම්මාගේ චරිතය සදහා   නිල්මිණි තෙන්නකෝන් තෝරා ගත්තා .

චිත්‍රපටය නිර්මාණයේදී ඔබ මුහුණ පෑ අභියෝග මොනවාද?

ලොකුම අභියෝගය තමයි මොරගහහේනේ රූපගත කිරීම් අතරතුරදී අපට ඉන්ධන ගැටළුවකට මුහුණ දෙන්න සිදුවීම. පෝලිම් වල ඉදලා ඉන්ධන ලබා ගන්නා තුරු අපට නළු නිළියන් රඳවා ගන්න බැහැ. ඒ වෙලාවෙදී ලලිත් නවරත්න මහතාගේ උදව්වෙන් අපට ඉන්ධන ලබා ගැනීමට හැකිවුණා. ඒ වගේම සර්පයන් බහුල ප්‍රදේශ වලත් අපි රූපගත කිරීම් කළා.නමුත් අපි සර්පයන් ව ඇහැටවත් දැක්කේ නම් නැහැ.

චිත්‍රපටය සඳහා දායක වුණු පිරිස මතක් කරමු.

තාත්තා චිත්‍රපටයෙහි රංගනයෙන්, කුමාර තිරිමාදුර, නිල්මිණී තෙන්නකෝන් තිසෙව් සත්සිළු විජේනායක, ඔනෙලි හිමහංසි, කුෂේයා අනගි, සඳෙව් වළිමුණි, උපුල් වීරසිංහ, රොහාන් පෝල්, සිනෙති අකිලා, කුමාර වඳුරැස්ස, රුෂාන්ත විජේනායක, සැනෙට් දික්කුඹුර, උපුල් නිශාන්ත, සුමිත් ගල්හේන, සනත් රත්නායක, සමන් කුමාර ගමගේ, විජිත් හේවාවිතාරණ, උපේන්ද්‍රිකා රත්නායක, ලලිත් නවරත්න, නිශ්ශංක විජේරත්න, රෝහණ සේනාරත්න, චමිලා ප්‍රියංගනී, විහඟ කවීෂාන්, ඩිලූෂ ටේෂාන්, දෙනුකි හසින්තිකා, තෙනුම් විහස්නා, විමංසා සඳෙව්මි, කවිඳු නෙත්මාල්, දසුන් නිර්වාන්, ජනෝදි හංසනා, තාරක දිල්හාන් ජයසිංහ.

දායක වුණා. ඒ වගේම කැමරා අධ්‍යක්ෂණයෙන් සිසිකිරණ පරණවිතාන , සහාය අධ්‍යක්ෂණයෙන් තරිඳු ඉලංගකෝන්, අංග රචනයෙන් තාරක අධිකාර, කලා අධ්‍යක්ෂණයෙන් ගීතානි සෙනෙවිරත්න,නිෂ්පාදන කළමනාකරණය සහ මාධ්‍ය සම්බන්ධීකරණයෙන් උපුල් නිශාන්ත දායක වුණා . ඒ වගේම කතා සංකල්පය සහ තිර රචනය ලලිත් වර්ණප්‍රියගේ.

සම තිර රචනය ප්‍රසාද් සමරතුංගගේ. නිෂ්පාදනය රුෂාන්ත විජේනායක හා සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුබසිංහ.

ඔබේ පෙර නිර්මාණ පිළිබඳව කතා කළොත් ?

මම ප්‍රථමයෙන්ම සිනමාවට එන්නේ “උලත් එකයි පිලත් එකයි”  චිත්‍රපටයේ තිර රචනයෙන් දායක වීම හරහා.

අධ්‍යක්ෂවරයෙක් ලෙස මගේ මුල්ම  නිර්මාණය “ඉස්කෝලෙට මං ආවා ” ළමා චිත්‍රපටය. මෙය  බොහෝ වාර ප්‍රමාණයක් රූපවාහිනී මාධ්‍යයන්හි ප්‍රචාරය වෙලා තියෙනවා. ඒ වගේම රූප රචනා,වාර්තාමය වැඩසටහන් (Documentary) නිර්මාණය කරලා තියෙනවා.ඒ අතුරින් ජනප්‍රිය වුණු  වාර්තාමය වැඩසටහන “සැනට් දික්කුඹුර ” සම්බන්ධ Documentary එක.

සිනමාව හා සම්බන්ධ ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

“තාත්තා” චිත්‍රපටය තිරගත කිරීම  තමයි ප්‍රධාන බලාපොරොත්තුව.ඒ වගේම Flatform වෙනුවෙන් කරපු  “හාර්ට්” චිත්‍රපටය තිරගත කිරීම හා වෙනත් නිර්මාණ කීපයක් සිදු කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා.

 සංවාදය පෙවින්ද්‍යා රශ්මි.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa