තිමිලාගේ සැබෑ වුන කේක් සිහිනය

author
0 minutes, 9 seconds Read

ජීවිතයේදී අපි එක් එක් යුගවලදී අපූරු හීන මවනවා. සමහර හීන අපට සැබෑ වෙනවා. ඒත් තවත් සමහර හීන අපේ බලාපොරොත්තු ඉෂ්ට නොකරම හීනයක් බවට පත් වෙනවා. සැබෑ වුන සිහින ළග බොහොම සතුටට පත් වෙන අපි සැබෑ නොවුන සිහින ඉදිරියේ බිඳ වැටීම සුදුසු නැහැ. ඒ වගේ තමන්ගේ සිහින ගැන තිබුන බලාපොරොත්තු ඉෂ්ට නොවුනත් ධෛර්යෙන් යුක්තව ව්‍යාපාරික ජීවිතයට සවියක් වුන ඇය කවුද…?

ඇය මහනුවර ගොහාගොඩ ප්‍රදේශයේ උපත ලද ඩී. ජී තිමිලා මධුශානි ආරියරත්න (මදූ) ගොහාගොඩ ධර්ම විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය පාසල් අධ්‍යාපනය අවසානයෙන් පසුව පෙර පාසල් පාඨමාලාවක් හැදෑරුවා.

අද වෙන විට ඔබ
මම දැන් විවාහකයි. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. දැන් මම පේරාදෙණිය කලුගමුව ග්‍රාමයේ පදිංචියි.

ව්‍යාපාරයකට හිත ගියේ කොහොමද?
විවාහයෙන් පසුව රැකියාවක් කරන්න ලැබුනේ නැහැ. දරුවන් රැක බලා ගෙන නිවසේ හිටියා. දරුවන් ටිකක් ලොකු වෙද්දී මටත් නිවසේ ඉඳන් කුමන හෝ ආදායම් මාර්ගයක් උපයා ගන්න පුළුවන් නේද කියන සිතුවිල්ල ඇති වුණා.

ඉතින් ඔබ තෝරා ගත් ව්‍යාපාරය කුමක්ද?
මම මුලින්ම ගිෆ්ට් අයිටම් සකස් කළා. ඒ අතරේම විදේශ රටවල්වලට කල් තබා ගත හැකි ආහාර වර්ග සකස් කරන්න පටන් ගත්තා. මේ කටයුතු පටන් ගෙන අවුරුදු තුනක් විතර ගෙවුනා. නමුත් මුල් කාලයේදී නම් ගිෆ්ට් පැක් වෙනුවෙන් ඇනවුම් ලැබුනේ බොහොම අඩුවෙන්. සාමාන්‍යයෙන් මාසයකට පහක් , දහයක් වගේ තමයි ඇනවුම් ලැබුනේ.

නමුත් ඔබ ව්‍යාපාරය අතහැරියේ නැහැ…
ඔව්… මම මේ ව්‍යාපාරය දිගටම කර ගෙන ගියා. මේ වෙලාවේ මට අදහසක් ආවා. මම කේක් ව්‍යාපාරයක් පටන් ගත්තොත් වෙළඳපොළක් තියෙයි කියල හිතුනා. නමුත් මට කේක් හදන්න තරම් ලොකු දැණුමක් තිබුනේ නැහැ. ඔන්ලයින් වීඩියෝ බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.Yammy”s cake page එකේ මල්ෂා දිල්රුක්ෂි.අක්කා ගෙන් මම නොදන්න බොහෝ දේවල් අහ ගත්තා.

Dream gift & page by Madu කියන සන්නාමය
මගේ හීනයක් කියන අර්ථය ඇතුව මම මේ ව්‍යාපාරයට Dream gift & page by Madu යන නම තිබ්බා.

ඔබේ උනන්දුවත් තිබුණා..
ඔව් මම මල්ෂි අක්කාගෙන් ලබා ගත් දැණුම තව දුරටත් වැඩි කර ගත්තා. යූ ටියුබ් එකේ කේක් හදන වැඩ සටහන් බැලුවා. ඒ වගේම මගේ සැමියාගෙනුත් සුවිශේෂී සහයෝගයක් මට ලැබෙනවා. ඒ හැම දෙයක්ම මගේ දියුණුවට ආශිර්වාදයක් වුණා කිව්වොත් නිවරැදියි.

ව්‍යාපාරය ප්‍රසිද්ධ කළේ කොහොමද?
දැනට මම මේDream gift & page by Madu ව්‍යාපාරය පටන් ගෙන මාස නවයක් වගේ කාලයක් වෙනවා. මුල් මාසයේදී ලැබුනේ ඇනවුමක් දෙකක් විතරයි. ඇනවුම් ලබා ගන්න සෑහෙන කට්ටක් කන්න වුණා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ෂෙයා කරලා තමයි ඇනවුම් වැඩි කර ගත්තේ.

ඔබේ නිෂ්පාදන ගැන කිව්වොත්..
මම දැනට කේක් වගේම මග් , චොකලට් බොකේ , ෆ්‍රෙෂ් මල් අයිටම් සහ ටෙඩි බෙයාර් වගේ අයිටම් කරනවා.

ඔබේ අනාගත බලාපොරොත්තුව ගැනත්..
දැනට මම සර්ප්‍රයිස් කේක් අයිටම් කරනවා. ඒ වෙනුවෙන් මගේ සැමියා මට උදව් වෙනවා. අපි දෙන්නා බයික් එකෙන් ගිහින් උපන්දිනය හෝ විශේෂ දිනයේ අයිතිකරු පුදුමයට පත් කරනවා.
ඉදිරියේදී Dream gift & page by Madu වෙනුවෙන් මගේම තැනක් ගොඩ නගා ගැනීම මගේ බලාපොරොත්තුව වෙනවා. ඒ වගේම සර්ප්‍රයිස් ගිෆ්ට් අයිටම් එකත් තව දුරට වැඩි දියුණු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔබෙන් ඇනවුමක් ලබා ගන්න නම්..
මගේ 0754568402 වට්ස් ඇප් දුරකථනය ඔස්සේ මෙසේජ් එකක් දැම්මොත් අවශ්‍ය ඇනවුම ලබා දෙන්න පුළුවනි.ඇනවුම වෙනුවෙන් මුදල් තැන්පත් කරන්න ඕන. මහනුවර අවට කි.මි 30 ක් ඇතුලත වෙඩින් කප් කේක් ඇනවුම් බාර ගන්නවා. දින 10 කටවත් කලින් ඇනවුමක් ලබා දෙනවා නම් පහසුයි.

එහෙමනම් ගිෆ්ට් අයිටම්වලින් උපත ලද අද වෙන විට රසවත් ආකර්ශණීය කේක් වෙනුවෙන් ඔබව මවිතයට පත් කරන තිමිලා මධුශානිගේ ව්‍යාපාරික ජීවිතය සාර්ථක වේවා යැයි “ Colombo Journal ” වෙතින් සුබ පතමු.

සටහන –

සිල්වා , සි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa