මිනිස් ජන ජීවිතයේ ආර්ථික දේශපාලන සමාජයීය හා සංස්කෘතික යන සෑම අංශයකම සිදු වන දියුණුව සංවර්ධනය ලෙස අර්ථ දක්වයි. ඕනෑම ආයතනයක් හෝ සංවිධානයක් ආරම්භ කිරීමටල පවත්වාගෙන යාමට, වැඩි දියුණු කිරීමට, විවිධ සම්පත් අවශ්‍ය වේ. යම් ආයතනයක් හෝ සංවිධානයක් සතු එකී සම්පත් නැතිනම් වත්කම ප්රාග්ධනයට අයත් වේ. එම සම්පත් මානවල භෞතික හා මූල්‍ය සම්පත් ලෙස ආකාර තුනකි. මෙම විවිධ සම්පත් ඵලදායිව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට මිනිසාගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව සම්පත් පරිහරණයේ දී මිනිසා ඉතාම ක්‍රියාශීලී වැදගත් සම්පතකි. මෙයින් පැහැදිලි වන්නේ විවිධාකාර සම්පත් අතරින් මානව සම්පතට ඉතා සුවිශේෂි ස්ථානයක් හිමි වන බවයි.

මානව සම්පත් නැතිනම් මානව ප්රාග්ධනය යනුවෙන් හඳුන්වන්නේ මිනිස් බලයයි. රටක ආර්ථික වර්ධනයට හේතු වන්නේ නිෂ්පාදන හා සේවා අංශවල වර්ධනයයි. නිෂ්පාදනය ඉහළ යාමට නම් කාර්යක්ෂම හා ඵලදායි ශ්‍රම බලකායක් පැවතිය යුතුය. ඒ අනුව රටකට ඉහළ ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට නම් මානව ප්රාග්ධනය ඵලදායි ලෙස භාවිතා කළ යුතුය.
ඒ අනුව මානව ප්රාග්ධනය තුළ විශේෂයෙන්ම කායික මානසික ශක්තියෙන් පිරිපුන් තරුණ පිරිස ආර්ථිකය තුළ වැදගත් පිරිසක් ලෙස හඳුනා ගත හැකිය. ඒ අනුව සමස්ත ලෝකය තුලම සංවර්ධන ක්‍රියාදාමය තුළ තරුණ මානව ප්රාග්ධනය මගින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු වේ. සංවර්ධනය සඳහා මානව ප්රාග්ධනය ප්‍රබල විභවයක් වන අතර ඒ තුළ තරුණ මානව ප්‍රාග්ධන සහභාගීත්වයේ ඇති වටිනාකම සංවර්ධනය වන සෑම රටක්ම අවබෝධ කර ගෙන ඇති බව පෙනේ.
දියුණු වෙමින් පවතින රටවල ජනගහන සංයුතිය තුළ අති විශාල ප්‍රමාණයක් තරුණ ප්‍රජාවගෙන් යුක්තය. ආර්ථික මෙන්ම සමාජ සංස්කෘතික වශයෙන් සංවර්ධනයක් ඇති කිරීමේ දී මෙම තරුණ සහභාගිත්වය වටිනාකම අති මහත්ය. ඒ අනුව සංවර්ධන ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාව සඳහා විශේෂ භූමිකාවක් අයත් වේ. මේ නිසා බොහෝ රටවල් දැන් සංවර්ධන සැලසුම් සම්පාදනයේදී තරුණ වැඩ කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වයි. උදාහරණ ලෙස ලෙබනන් ආර්ථිකය තුළ සංවර්ධනයේ පදනම පුද්ගලයා වන බැවින් පුද්ගල සංවර්ධනය ඉතා වැදගත් කොට සලකයි.
සමාජ සංවර්ධන සැලසුම්වල තරුණයාගේ භූමිකාවේ වැදගත්ම කොතෙක්ද යන්න අවබෝධ වේ. කෙන්යාවල පෝලන්තයල පිලිපීනය හා යුගොස්ලෝවියාව යන රටවල්වල තරුණ සේවා ප්‍රතිපත්ති සැලසුම් කිරීම පිළිබඳ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ආර්ථික මෙන්ම සමාජ සංවර්ධනය කෙරේ ද තරුණ සහභාගීත්වය පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බවයි. ඒ නිසා බොහෝ රටවල පවතින බොහෝ තරුණ සංවිධාන මගින් තරුණ අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කිරීම මෙන්ම තරුණ සහභාගිත්වය මගින් ජාතික සංවර්ධන කාර්යයට දායක කරවීමට ප්රයත්න දරා ඇත.
ශ්‍රී ලංකාව වැනි රටවල් දරිද්‍රතාවය වැනි ගැටලු හමුවේ අභියෝග රැසකට මුහුණ දෙයිග රටවල් එම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් සංවර්ධනය කරා ළඟා වීමට නම් මිනිසුන් බලවන්තයින් හෙවත් ස්වකීය ජීවිතයේ ස්වාමීන් ලෙස කටයුතු කළ යුතු බව ප්‍රකට අධ්‍යාපනඥයකු වූ පවුලෝ ප්රෙයරේගේ අදහසයි. එනම් තරුණයින් තුළින් තමාට ඇති ශක්තිය පිළිබඳ ආත්ම විශ්වාසය පුබුදුවා ගත යුතුයි. ඒ සදහා තරුණයා තුළ මානසික හා අධ්‍යාත්මික වශයෙන් වර්ධනයක් සිදු කළ යුතු අතර එමගින් අභියෝග ජය ගනිමින් වගකීම් දරමින් නිසි පරිදි වැඩ කරන තරුණ ජවයක් ඇති කරමින් ආචාරශීලී නිහතමානි උත්සාහවන්ත ඵලදායි කාර්යක්ෂම තාරුණ්‍යයක් බිහි වේ. තවද පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආර්ථික ක්‍රියාවලිය තුළ තියුණු තරගයක් පවතින අවධියක රාජ්‍ය අංශයේ ආර්ථික ක්‍රියාවලිය තුළ දූෂණ වංචා අකාර්යක්ෂමතා මග හරවා ගැනීමත් රාජ්‍ය අංශයේ කළමනාකාරීත්වය ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ආකල්පමය අතින් වෙනසක් සිදු කරමින් සංවර්ධනය කරා ළඟා වීමේ දී අපතේ යන විශාල තරුණ මානව ප්රාග්ධනය කෙරෙහි රටේ පාලකයන්ගේ අවධානය යොමු විය යුතු බවත් වැදගත් වේ.
රැකියාවේ ස්වභාවයල ස්වරූපය පිළිබඳව උස් පහත් භේදයක් සහිත මානසිකත්වයකින් තොරව උගත් නූගත් සෑම තරුණයෙක්ම තමා සතු හැකියාවන් තේරුම් ගෙන තමාට කළ හැකි දේ වඩ වඩාත් ප්‍රගුණ කරමින් ඒ තුළ විශේෂීකරණයකට පත්විය යුතු ය. එවිට කුමන වෘත්තියක් වුවද උස් පහත් භේදයකින් තොරව අභිමානයෙන් යුතුව කළ හැක. ඒ තුළින් තරුණ මානව ප්රාග්ධනය නැතිනම් තරුණ විභවය අපතේ නොහැර ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි ය.
තම හැකියා හැකියාවන් පිළිබඳ ආත්ම අභිමානයකින් යුතුව ජීවනෝපායක් ලෙස ස්වයං රැකියා වෙත යොමු වන බහුතරයක් තරුණ ප්‍රජාවගේ ශ්‍රම ශක්තිය උපරිමයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට දායක කිරීමට හැකි නම් රාජ්‍ය අංශයේ කැපවීම ද එනම් මනා මාර්ගෝපදේශනයක් සලසා දෙමින් නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට හඳුන්වා දිය යුතුය.
අනික් අතට ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී මතුවන මූල්‍ය අර්බුද පහසුවෙන් විසඳා ගැනීමට බැංකු හා වෙනත් මූල්‍ය ආයතනවලින් මූල්‍ය පහසුකම් ලබා දීමටත් රාජ්‍ය බලධාරීන් මැදිහත් විය යුතු යග ස්වයං රැකියා කෙරෙහි යොමුවන තරුණ ප්‍රජා අනුපාතය අල්ප වුවත් ඒ තුළින් තම නිසඟ හැකියාව ඔප් නංවා ගනිමින් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ තුලද සාර්ථකත්වයට පත් අපනයනකරුවන් ලෙසත් තම ශ්‍රම විභවය තුළින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රටටත් ලබා දෙමින් පවතින විරැකියා ප්රශ්නය මගහරවමින් බොහෝ අයට රැකියා සපයා දීමටත් ඔවුන් උත්සාහ ගෙන ඇත. උද්ධමනය සමග වැඩි වන ජනගහනයත්, උගත් තරුණ පිරිස් සහ නුපුහුණු තරුණ පිරිස් වැඩි වීමත්, පුළුල් කෘෂිකාර්මික පදනමකින් තොර වීමත්ල සීමිත බිම් හා සීමිත ජල සම්පත් නිසාත්ල පරිගණක තාක්ෂණය මගින් මිනිස් බල ආදේශනය නිසාත් මේ සඳහා බාධක කිහිපයක් පවතින අතර පුද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ මනා කැපවීමක් හා කළමණාකාරීත්වයක් පවතින්නේ නම් අපතේ යන තරුණ ශ්‍රම විභවය වැය කොට සියලු දෙනාට උසස් ජීවන මට්ටමක් සහිත තිරසාර ආර්ථිකයක් ගොඩ නැංවිය හැකි ය.
සංවර්ධන කාර්යය සඳහා මානව සම්පත් යොමු කරවීමේ දී අප සතුව පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුය. තුන්වන ලෝකයේ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අනෙකුත් තුන්වන ලෝකයේ රටවල් සමඟ සසඳන විට මානව සම්පත් අතින් එම රටවල්ට සමාන හා අබිබවා යන ශක්ති සම්පන්න බවකින් යුක්ත වේ. නමුත් අප සතුව පවත්නා මානව සම්පත්වල ඵලදායිතාව බව හා වැදගත් බව අගය නොකිරීමෙන් හා පරිපාලනයේ සැලසුම් සහසහගත බවක් නොමැතිකමෙන් ශක්තිසම්පන්න උත්කෘෂ්ට මානව සම්පතකට උරුම කීව ද සංවර්ධනාත්මක ප්‍රගතිය කරා ළඟා වීමේදී දිළිඳු මානව සම්පත්වලින් යුක්ත රටවල්ටත් වඩා පහළ මට්ටමක සංවර්ධනයක තවමත් පසුවේ. ඒ අනුව සංවර්ධන ක්‍රියාවලිය උදෙසා මානව සම්පත් ඵලදායි හා කාර්යක්ෂම අයුරින් දායක කිරීමේදී රාජ්‍ය පරිපාලන හා ප්රතිපත්තිවල සැලසුම් සහගත බවක් පැවතිය යුතු ය.
රැකියා වියුක්ත තරුණ ප්‍රජාව වෙත විශේෂ අවධානය යොමු කරමින් ඔවුන් සතු හැකියාව හඳුනාගෙන එම ස්වශක්තිය රටේ ශක්තිය බව ඒත්තු ගන්වමින් ශක්ති සම්පන්න ශිල්පීය නිපුණත්වයෙන් යුක්ත එම තරුණ මානව ප්රාග්ධනය සංවර්ධනයට යොමු කරවිය යුතුය. එවැනි කර්මාන්ත අතර විශාල විනිමයක් අප ආර්ථිකයට ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ යටතේ ඇති ඇඟලුම් කර්මාන්තය සංවර්ධන ක්‍රියාවලියට තරුණ මානව සම්පත් බොහෝ දුරට යොමු කොට ඇත. ඒ තුළින් ග්‍රාමීය පෙදෙස්වල තරුණ තරුණියන් උදෙසා සමාජ ආර්ථික වශයෙන් යහපත් ජීවන තත්ත්වයක් ළඟා කරගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ විවිධ දේශගුණික තත්වයන් යටතේ ඒ ඒ ප්‍රදේශවල කෘෂි කෘෂිකර්මාන්තය පුළුල් වශයෙන් ව්‍යාප්ත කිරීමට තරම් යහපත් වාතාවරණයක් පවතී. ඒ අනුව වියළි කලාපයේ තුළ පලතුරු වගාව ආශ්‍රිතව අඹ, අන්නාසි, කෙසෙල්, පැණි කොමඩු වැනි පලතුරු වගා කටයුතු මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත කිරීමට තරම් හැකියාවක් පවතී.
තවද දේශගුණික තත්ත්වයන් අනුව ඒ ඒ ප්‍රදේශවලට ආවේණිකව වී, මිරිස්, අර්තාපල්, එළවළු යනාදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගා කිරීම සඳහා අවශ්‍ය භෞතික මෙන්ම මානව ප්රාග්ධනය ද අප සතුව පවතී.
මේ නිසා ඒ ඒ ප්‍රදේශවලට ආවේණිකව තරුණ ප්‍රජාවගේ ශ්‍රම දායකත්වයෙන් ස්වයං රැකියා ව්‍යාපාර රැසක් දියත් කළ හැකි වුවත් ඒ හමුවේ පවතින දුෂ්කරතා අභියෝග රැසක් පවතීග ප්‍රධාන වශයෙන් අදාළ රාජ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් සංවර්ධන කාර්ය හමුවේ තරුණ මානව ප්රාග්ධනය අක්‍රිය තත්වයක පසුවේ.
එම නිසා මෙම ස්වයං රැකියා ව්‍යාපෘති නගා සිටුවා සංවර්ධන ක්‍රියාවලිය කෙරෙහි තරුණ මානව සම්පත යොමු කිරීම සඳහා නවීන යන්ත්‍රෝපකරණ සමඟ නව තාක්ෂණය ව්‍යාපාරය තුළට හඳුන්වා දිය යුතුය. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය කරමින් දියුණු වීමට මාර්ගෝපදේශනයක් සැපයිය යුතුයි. තවද රැකියා නොමැති තරුණ ප්‍රජාව දිරිමත් කරමින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද මෙම ව්‍යාපාර දියුණු තත්වයකට පත් කිරීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ද සංවර්ධන ක්‍රියාවලියට දායක විය යුතුයි. ඒ තුළින් ශ්‍රම සූක්ෂම රටක් වශයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි අති විශාල ප්‍රාග්ධනයක් සහිත විදේශ ආයෝජකයන්ගේ අවධානය යොමු වීම තුළ තරුණියන් අතර ප්‍රධාන ගැටලුවක් වන රැකියා විරහිත බව අවම කරමින් අපතේ යන තරුණ මානව සම්පත ඵලදායි ලෙස සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගත හැකිය.
අයහපත් ජීවන තත්ත්වයේ අඳුරු මතකයන්ගෙන් මානසික පීඩනයකට ලක්වන රැකියා විරහිත තරුණ ප්‍රජාව කුමන හෝ රැකියාවක නිරත වීමට උත්සාහ දැරීම තුළ සෘජුව ස්වයං සංවර්ධනය මෙන්ම වක්‍රව ජාතික සංවර්ධනයට පදනමක් වන බව නැවත නැවත නොකිව මනාය.
ඒ ආකාරයට යමෙකු තම ශක්තියෙන් නැගී සිට ස්වයං ව්‍යාපාරයක හෝ පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ ආයතනයේ එක නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් තම කායික මානසික වශයෙන් ශ්‍රම දායකත්වයට සහභාගී වීමේ දී ගැටලු රාශියකට මුහුණ දෙයි.

ස්වයං රැකියා ක්ෂේත්රයේ තුළ ප්‍රමාණවත් තරම් සම්පත් පැවතිය ද මූලික වශයෙන් සම්පත්වල අර්බුදකාරී තත්ත්වය නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යාමේ දුෂ්කරතා පවතී. මූල්‍ය අර්බුද මෙන්ම ව්‍යාපාර සංවර්ධන සේවාවන්වල පවතින අඩුපාඩුල ව්‍යාපාර දිරිමත් කරන නීතිමය හා ප්‍රතිපත්ති රාමු තුළ පවතින අඩුපාඩු වශයෙන් මෙම ක්ෂේත්රය තුළ ගැටලු තත්ත්වයන් කිහිපයකි. මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස බැංකු ණය ලබා ගැනීමට යාමේදී තරුණ පිරිසට ඇපකර ඉදිරිපත් කිරීමට සිදු වීම තවත් ගැටලුවකි. එසේම ණය වීමට ඇති අකමැත්තත් ණයලාභීන් සදහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නොමැතිකමත් ව්‍යාපාර ඇරඹීමේදී තරුණයන් මුහුණ දෙන ගැටලු අතර වේ. තවද රැකියා සඳහා තරුණ තරුණියන් සතු ශිල්පීය නිපුණත්වය තුළ ඵලදායිතාවයක් ඇති කිරීම සඳහා ව්‍යාපාර සංවර්ධන පාඨමාලාවල පවත්නා අඩු ලුහුඬුකම් ද තවත් දුෂ්කරතාවයකි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් කරනු ලැබූ අධ්‍යයනයක් වන “පාසලෙන් වැඩබිමට” අධ්‍යනය මගින් පෙන්වා දෙන්නේ රැකියා අපේක්ෂිත කාන්තාවන්ගෙන් 22% ක්ම තමන්ගේ ව්‍යාපාර ඇරඹීමට කැමති වුවත් මූල්‍ය අර්බුද හා ශිල්පීය නිපුණතා සඳහා පුහුණු පාඨමාලා හිඟකම නිසා ව්‍යාපාර ඇරඹීමේදී දුෂ්කරතාවලට මුහුණ දෙන බවයි. ව්‍යාපාරික සංවර්ධන සේවාවන් සඳහා හොඳ වෙළඳපළක් නොමැතිකම ද ව්‍යාපාර ලියා ලියාපදිංචි කර ගැනීමේ පවතින දුෂ්කරතා ද බදු ක්රමයේ පවතින ගැටලු ද නිසා තම ව්‍යාපාර ආරම්භ කරමින් මානව ප්රාග්ධනය සැපයීමේදී තරුණයන් තුළ උද්යෝගය අඩුවෙයි.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම් මාර්ග ලෙස විදේශ රැකියා ඇඟලුම් ක්ෂේත්රයේ රැකියා හා තේ කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන තරුණ තරුණියන් මානව ප්රාග්ධනය සම්පාදනයේ දී මුහුණ දෙන ගැටලු කිහිපයකි. ප්‍රධාන වශයෙන් තරුණ තරුණියන් මෙම රැකියා තුළින් ලැබෙන වේතනය පිළිබඳ තෘප්තිමත් නොවේ. ඒ වගේම මෙවැනි රැකියා සඳහා යොමු වීමේදී නවාතැන් පහසුකම්ල සනීපාරක්ෂක සේවාවල දුෂ්කරතා ද පවතී. තවද නිවෙස්වලින් ඈත්ව මෙම රැකියා සිදු කිරීමේදී මේ සඳහා යොමුවන බහුතරයක් කාන්තා පාර්ශවය ශ්‍රම සූරා කෑමට ද ලක්වේ. තවද කාන්තාවන් විදේශගත වූ පවුල්වල පසුබිම ද ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මෙම තත්ත්වයන් සලකා බලා විදේශ රැකියා සඳහා සූදානම් වීමේ දී තරුණ පාර්ශවයන්ට අවශ්‍ය දැනුම් අවබෝධය ලබා දීමේ ක්‍රමවේදයන් සකස් වීමත් මෙම ගැටලු අවම වන ආකාරයටයෙන් ප්‍රතිපත්ති සම්පාදනය වීමත් මගින් මෙම ක්ෂේත්‍ර කෙරේ තරුණ මානව ප්රාග්ධනය සැපයීමේ දුර්වලතා මඟ හරවා ගත හැකිය.
ඉහත තත්ත්වයන් අනුව ජාතික සංවර්ධනය සඳහා අවශ්‍යම සාධකයක් වන්නේ බුද්ධිසම්පන්න ජව සම්පන්න බවින් පිරිපුන් ශක්තිමත් ශ්‍රම හමුදාවක් බවයි. එම ශ්‍රම හමුදාව අතර තරුණ ශ්‍රම බලකාය ජාතියට මහත් සම්පතකිග විවිධ හේතු මත තරුණ ශ්‍රමය විශාල වශයෙන් අපතේ යන අතර එය සංවර්ධනයට තදින්ම බලපායි. එහෙයින් මානව ප්රාග්ධනය අතර තරුණ මානව ප්රාග්ධනය පිළිබඳවත් තරුණ මානව ප්රාග්ධනයේ සංවර්ධනය හා ඒ ආශ්රිත ගැටලු හඳුනා ගැනීමත් ඒ සඳහා පිළියම් සෙවීමත් යනාදී ලෙස රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන හා පෞද්ගලික යන ආදී කවර ආයතනයකින් වුවද තරුණ මානව ප්රාග්ධනය සංවර්ධනය උදෙසා ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික වශයෙන් දක්වන දායකත්වය ජාතික සංවර්ධනයට හේතුවන බවත් පැහැදිලිය.
එනම් තරුණ ප්‍රජාව තුළ පවතින විවිධ සමාජ කණ්ඩායම් හා විවිධ කුසලතා භූගෝලීය විෂමතාල ආර්ථික විෂමතා ආදිය සැලකිල්ලට ගනිමින් විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තරුණ මානව ප්රාග්ධනය සැපයීමේදී පවත්නා ගැටලු හඳුනාගනිමින් එම ගැටලු අවම වන ආකාරයට ඕනෑම ආර්ථිකයක් මානව සම්පත් සංවර්ධනයක් සිදු කළ යුතුය. සංවර්ධිත රටවල ආර්ථික ඉතිහාසය පිළිබඳ විමසීමේදී පැහැදිලි වන්නේ එම රටවල තිරසාර සංවර්ධනය කෙරෙහි බලපා ඇත්තේ නව තාක්ෂණික දියුණුව මෙන්ම මානව ප්රාග්ධනයේ සංවර්ධනය හා ඵලදායිතාවයයිග සංවර්ධනය තුළින් තිරසාර සංවර්ධනයක් කරා යොමු කරවන එකී මානව ප්රාග්ධනය ඕනෑම රටක් සතු ජාතික ධනය වන්නේ එහෙයිනි.

T.R.P.Madhumini
Assistant Lecturer,
Department of Economics,University of Kelaniya.Edit
