දරුවන්ගේ මානසික සුවය රැකගත යුත්තේ කෙසේද?

author
0 minutes, 3 seconds Read

දරුවන් දෙමාපියන්ගේ එකම සම්පතයි. මෙලොව එලිය දුටු දා පටන් දෙමාපියන්ගේ ආදරය හා රැකවරණය යටතේ හැදී වැඩෙන දරුවා සමාජය තුළ යහපත් පුරවැසියකු ලෙස බිහිවන්නේ නිවැරදි ආකල්ප, නිසි මානසිකත්වය හා යහපත් චර්යාවන් වැනි ගුණාංගවලින් පරිපූර්ණ වුවහොත් පමණයි. එකී ගුණාංග දරුවා තුළ ඇති කරවීමට නම් දෙමාපියන් වශයෙන් ඔබ නිරන්තරව දරුවාට නිවැරදි දේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාදිය යුතු බව මතක තබා ගන්න.

දෙමාපියන් වශයෙන් ඔබ දරුවාගේ මානසික සෞඛ්‍ය ගොඩනැඟීමට කළ යුත්තේ මොනවාද ?

  • වැඩිහිටියන් සඳහා පල කරන තොරතුරු කුඩා දරුවන් තුළ කනස්සල්ලට හෝ ව්‍යාකූලත්වයට හේතු විය හැකි බැවින් දරුවා රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හෝ අන්තර්ජාලය හරහා දකින හෝ අසන දේ ගැන ඉතාමත් විමසිලිමත් වන්න.
  • දරුවා නරඹන සමහර දර්ශන, කතන්දර, සමාජ මාධ්‍ය පළ කිරීම් නොමඟ යවන සුළු හෝ වැරදි තොරතුරු මත පදනම් වූ ඒවා විය හැකි බැවින් දරුවාට නිවැරදි තොරතුරු පමණක් ලබා දෙන්න.
  • කතන්දර පිළිබඳ සඳහන් කිරීමේදී  IASC මගින් සකස් කරන ලද My Hero is You කතා පොත දරුවාට ලබා දෙන්න. (එය කොවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත් ලොව පුරා සිටින ළමයින් සඳහා ලියන ලද කතන්දර පොතක් වණ අතර එය දරුවෙකු හෝ කුඩා දරුවන් කණ්ඩායමක් සමඟ දෙමව්පියන්, රැකබලා ගන්නෙකු හෝ ගුරුවරයෙකු විසින් කියවිය යුතු වේ.)
  • ඔබේ ආතතිය ඔබම කළමනාකරණය කරගන්න.
  • ඔබ කනස්සල්ලට හෝ කෝපයට පත්ව ඇති විටකදී, දරුවා ඔබෙන් යමක් විමසයි නම් එහිදී ඔබේ දරුවාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට පෙර ඔබ ඔබව පාලනය කර ඉන් අනතුරුව දරුවා වෙතට යොමු වන්න.
  • දරුවන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • ඔබේ සහය ඇතිව දරුවාව සංගීතයට , ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර වැනි කලා කටයුතු සඳහා යොමු කරන්න.
  • කාල සටහනකට අනුව දරුවාගේ දෛනික කටයුතු සිදු කරන්න. (එහිදී නිතිපතා ආහාර ගැනීමේ වේලාවන් සහ නිදා ගැනීමේ වේලාවන් නිසි පරිදි සකස් කිරීම දරුවන් සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බව සදහන් කල යුතු ය.)
  • දරුවා නිදා ගැනීමට පැයකට පෙර ඩිජිටල් තිර හෝ ජංගම දුරකථන, ටැබ් වැනි දෑ භාවිතයෙන් ඉවත් කරන්න.
  • ආගමික කටයුතු සඳහා ඊට සුදුසු වේලාවක් දරුවාට වෙන්කර දෙන්න.
  • දවසේ මුළු කාලය තුළ ම පාසල් වැඩ සඳහා යොමු නොකර පාසල ක්‍රියාත්මක වන කාලය තුල එනම් උදෑසන 9 සිට දහවල් 2 දක්වා කාලය තුළ දරුවාව අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරන්න.
  • මේවන විට ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ අධ්‍යයනය කටයුතු සිදු වන බැවින් ආදාල උපකරණ පරිහරණය කරන අවස්ථාවේ දී දරුවා කරන කියන දේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්න.
  • සෞඛ්‍ය සම්පන්නව සිටීමට සහ යහපත් සනීපාරක්‍ෂක පුරුදු පවත්වා ගන්නා අයුරු දරුවන්ට කියා දෙන්න.
  • නිතරම අත් සේදීමෙන් වෛරසය අන් අයට බෝ වීම නැවැත්විය හැකි නමුත් දැන් ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතු බවත් දරුවාට පැහැදිලි කරන්න.
  • ඔබේ දරුවාව පාලනය කර ගැනීම සඳහා යම් අවස්ථාවලදී සීමාවන් පැනවීමට අවශ්‍ය බව මතක තබා ගන්න.
  • මෙම අභියෝගාත්මක අවස්ථාවන්හිදී, දරුවන්ට සතුටින් හා සැහැල්ලුවෙන් සිටීමට උත්සාහ කිරීම සඳහා නිවසේදී ධනාත්මක වාතාවරණයක් ඇති කිරීමට වග බලා ගන්න.
  • ඔබ ගැනත් සැලකිලිමත් වන්න. මක්නිසාද යත් ඔබ සතුටින් සිටී නම් ඔබේ පවුලම සතුටින් ගත කරන බැවිනි.

උපදෙස් –

ප්‍රදීප් ගුණරත්න – වෘත්තීය චිකිත්සක

LEAPS ව්‍යාපෘතිය, වෛද්‍ය පීඨය, කැළණිය විශ්වවිද්‍යාලය, රාගම

සැකසුම – බිනාලි ජයනි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa