උඩරට නර්තනය කලාව ශ්‍රී ලාංකීය සංස්කෘතියට පමණක් ආවේණික දීර්ඝ ඉතිහාසයක් ඇති නර්තන කලාවකි. ලාංකීය නර්තන උඩරට නර්තන ශිල්පීන් අතරින් තල්ගහගොඩ නර්තන පරපුරට උරුම වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්.
එකී නර්තන පරපුරට උරුමකම් කියන ඉතාමත් සුන්දර යුවතියක වන ඇය කුඩා අවධියේ පටන්ම සිය සහෝදරයාගේ අඩි පාරේ යමින් විශිෂ්ට මට්ටමෙන් නර්තන හැකියාවන් ප්‍රගුණ කර ගනිමින් මෙරට ළාබාලතම Choreography ලෙස කටයුතු කරන ඇය නමින් සඳරුවී නදීන්සා තල්ගහගොඩ.
එසේ නම් මේ කතාබහ ඇය සමඟයි.
මුලින්ම අපි ඔබ ගැන කතා කරමු.
මගෙ නම සඳරුවී නදින්සා තල්ගහගොඩ. මට අවුරුදු 14. මම ඉගනුම ලබන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ජාතික පාසල මාතලේ
මෙතරම් කුඩා වයසකදී choreographer වලට කැමැත්තක් ඇති වුණේ කොහොමද?
මම පොඩි කාලේ ඉඳන්ම අයියා Choreography කරද්ද ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ ආභාශේ තමා මට ඇවිල්ලා තියෙන්නේ. මට දැන් dance එකක් Choreography කරන basic එක තේරෙනවා. ගොඩාක් වෙලාවට අයියා Choreography කරද්දී මාත් එක්කම තමා කරන්නේ. එතකොට ඒ effect එක මං දකිනවා. ඒ Choreography එක කරලා ඉවර උනාම ඒ dance එක බලද්දි මට නම් ගොඩාක් සතුටුයි. ඒ නිසා තමයි මම Choreography වලට කැමති.

නර්තනය කියන්නේ ඔබගේ පරම්පරාවකින් පැවත එන දෙයක්. නර්තන නිර්මාණයේදී ඔබ වැඩි අවධානයක් දෙන්නේ උඩරට නර්තනයට ද නැතහොත් බටහිර නර්තන ශෛලියටද?
උඩරට නර්තන සම්ප්‍රදාය තමා මගෙ ආසම සම්ප්‍රදාය. මොකද මම උපතින්ම උඩරට නර්තනයේ පාරම්පරික ශිල්පිනියක්. හැබැයි ගොඩක් අය කියනවා මගේ western style එක ගොඩක් ලස්සනයි කියලා. ඒ නිසා මම එක හා සමානව ඒ දෙකටම කැමති. දවසක උඩරට නර්තන සම්ප්‍රදාය සමග බටහිර නර්තනය මුසු කරලා මගේම නිර්මාණයක් ලෝකෙට රැගෙන යන්න මම කැමති
සාර්ථක නර්තන ශිල්පියකුට ශක්තිමත් දැක්මක් විශිෂ්ට සන්නිවේදන කුසලතා සහ විවිධ මෝස්තර කුසලතා අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක්. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
නර්තන ශිල්පියකුට අනිවාර්යයෙන්ම දැක්මක් තිබිය යුතුයි. විශේෂයෙන්ම නර්තන ශිල්පිනියකට අනාගත ශක්තිමත් දැක්මක් මේ ශ්‍රේෂ්ත්‍රය තුළ තියා ගෙන ගියොත් ලොකු ගමනක් යන්න පුළුවන්.
නර්තන ශිල්පීයකු තුළ මනා සන්නිවේදන කුසලතාවයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මොකද අපව නරඹන ප්‍රේක්ෂකයාට නිවැරදි සන්නිවේදනයක් තුළින් සාර්ථක නිර්මාණයක් ප්‍රේක්ෂකයා හට රසවිඳීමට දීම ඒ තුළින් පහසු වෙනවා.නර්තනය සමඟම බැඳී පවතින දෙයක් තමා fashion කියන්නේ. ඒ නිසා මම හිතනවා ඒ ඒ dancing style වලට ගැලපෙන ලෙස මොස්තර නිර්මාණය කිරීම වැදගත් දෙයක්. ඒ නිසා මගේ fashion ගැන මම ගොඩක් හිතෙනවා.

නර්තන ශිල්පියකුට අනිවාර්යයෙන්ම දැක්මක් තිබිය යුතුයි. විශේෂයෙන්ම නර්තන ශිල්පිනියකට අනාගත ශක්තිමත් දැක්මක් මේ ක්ෂේත්‍රය තුළ තියා ගෙන ගියොත් ලොකු ගමනක් යන්න පුළුවන්.
නර්තන ශිල්පීයකු තුළ මනා සන්නිවේදන කුසලතාවයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මොකද අපව නරඹන ප්‍රේක්ෂකයාට නිවැරදි සන්නිවේදනයක් තුළින් සාර්ථක නිර්මාණයක් ප්‍රේක්ෂකයා හට රසවිඳීමට දීම ඒ තුළින් පහසු වෙනවා.නර්තනය සමඟම බැඳී පවතින දෙයක් තමා fashion කියන්නේ. ඒ නිසා මම හිතනවා ඒ ඒ dancing style වලට ගැලපෙන ලෙස මොස්තර නිර්මාණය කිරීම වැදගත් දෙයක්. ඒ නිසා මගේ fashion ගැන මම ගොඩක් හිතෙනවා
අවිශ්ක තල්ගහගොඩ කියන්නේ මෙරට තරුණ වියේ සිටින ඉතාමත් ප්‍රසිද්ධ නර්තන ශිල්පියෙක්. ඔබේ සහෝදරයා විදිහට කොහොමද ඔහුව දකින්නේ?
අයියා ගැන කියනවා නම් එයා all rounder කෙනෙක්. ඕනෑම dancing style එකක් එයාට එක විදියට නටන්න පුලුවන්. Avishka Thalghagoda කියන්නේ මගේ අයියා කියලා කියන්නේ මම ගොඩක් ආඩම්බරයෙන්. ඉතින් එයා මට වගේම හැම ගෝලයෙක්ටම හොඳ ගුරුවරයෙක්. එයා අද ඉන්න තැනට එන්න පොඩි කාලේ ඉදන් ලොකු කට්ටක් කෑවා. ඉතින් එයා දැන් මුළු ලංකාවම දන්න කෙනෙක් මට ඒ ගැන ගොඩක් සතුටුයි. මම අද මෙහෙම නටන්නේ එයා නිසා. Thank you හැමදේටම. මං ඔයාට ගොඩක් ආදරෙයි අයියේ.

Avishka thalgahagoda dance studio එකට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින අයට ඒ සඳහා සම්බන්ධ විය හැකි ආකාරයත් අපි මතක් කරමු.
Avishka thalgahagoda dancing studio එක මේ වෙනකොට මාතලේ, යටවත්ත, පල්ලේපොල,මහනුවර, කුරුණෑගල යන නගර වල අපි කරගෙන යනවා. ඉස්සරහට මුළු ලංකාවේම අපේ classes පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Avishka Thalghagoda dancing studio facebook page එකෙන් හා 0755270442 දුරකථන අංකයෙන් අපිව සම්බන්ධ කරගෙන වැඩි දුර විස්තර දැන ගන්න පුළුවන්.

උසස් අධ්‍යාපනයෙන් පසු වෘත්තියක් විදියට ඔබ තෝරාගන්නේ නර්තනය ද?
ඔව්. මම උසස් අධ්‍යාපන දක්වා නර්තනය හදාරලා විදේශ ගතවී නර්තන පශ්චාත් උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වෙනවා. රැකියාව ලෙසද නර්තන මහාචාර්යවරියක් වීමට මං බලාපොරොත්තු වෙනවා.
වර්තමානය තුළ ලෝකයේ බිහිවී ඇති නර්තන නිර්මාණකරුවන් අතරින් ඔබ වඩාත්ම කැමති
කාටද?
වර්තමානයේ dancing Choreography ලා ගොඩාක් ඉන්නවා ඒ උනාට අතීතයේ සිට වර්තමානය දක්වාම මම නම් කැමති martha graham madam ට. මොකද මම අදටත් එයාගෙ දේවල් කියවනවා. ඒ නිර්මාණ අදටත් මට නම් පුදුමයක්
නර්තන නිර්මාණ සඳහා පවුලේ අයගේ සහයෝගය
පවුල නිසා තමයි මම නර්තනයට පෙලඹෙන්නේ. සමන්ති තල්ගහගොඩ මගෙ අම්මා නිසා තමයි අයියයි මායි දෙන්නම නර්තන හදාරන්න පටන් ගන්නේ. ඒ වගේම තමයී තාත්තා අශෝක තල්ගහගොඩ මට ගොඩක් උදව් කරනවා. විශේෂයෙන් ම මතක් කරන්න ඕනි සන්දීප තල්ගහගොඩ අයියා මගේ හැම වැඩකදිම ගොඩාක් උදවු වෙනවා.
මේ දක්වා ලැබී ඇති ප්‍රතිචාර
ඒ ගැන කියනවා නම් social media වලින් තමයි ගොඩක් ප්‍රතිචාර හම්බෙන්නේ.මගේ පාසලේ නංගිලා මල්ලිලා ගෙන් ද මට ලොකු ආදරයක් හම්බවෙනවා. ඒ වගේ ම මඟ තොටේ දි හම්බෙන අයත් මට ලොකු ආදරයක් දක්වනවා. ඒ හැමොටම මම ආදරෙයි
අනාගත ඉලක්කය
මගේ අනාගත ඉලක්කය තමා අයියා වගේම හැමෝම දන්න කෙනෙක් වෙලා. නර්තන මහාචාර්යවරියක් වෙන එක.
සටහන
බී.රාජපක්ෂ
