දැන-උගත්කම ලබාදෙන ජපානයේ ශිෂ්ටකලා අධ්‍යාපනය

author
1 minute, 43 seconds Read

ජපන් සමාජයේ පොදුවේ අධ්‍යාපනය ගැන කතා කරන විට Kyoiku (අධ්‍යාපනය) යන වචනය යොදාගන්නා නමුත් අධ්‍යාපනයේ තවත් අංශයක් හෙවත් තවත් විදියක අධ්‍යාපනයක් ගැන කියාපාන වෙනත් වචනයක් තිබේ. ශිෂ්ට කලා/ශිෂ්ට කලා අධ්‍යාපනය/විශිෂ්ට අධ්‍යාපනය යනාදි වශයෙන් සිංහලට පරිවර්තනය කළ හැකි එම වචනය Kyoyo යන්නයි.

මේ ශිෂ්ට කලා අධ්‍යාපනය යනු මානසික දියුණුවත් සමඟ ගුණාත්මක චරිතයක් හදා ගන්නට  දරන උත්සාහය හා එහි ප්‍රතිඵලයයි. එක්තරා විෂය ක්ෂේස්ත්‍රයකට හෝ වෘත්තියකට සීමා නොවී, පළල් ලෙස ශාස්ත්‍රීය, සෞන්දර්යාත්මක හා ආගමික ආදී විවිධ  අංශවලින් දැනුම උකහාගෙන පූර්ණ   මිනිසකු වීමයි එයින් අපේක්ෂා කරන්නේ.  අපට පුරුදු සිංහලෙන් දැන-උගත්කම යයි කිව හැකිය. හුදු උගත්කම නොව දැන-උගත්කමයි.

මේ ‘ක්යෝයෝ’ හෙවත් ශිෂ්ටකලා අධ්‍යාපනය නමැති වචනයේ ආරම්භය ඉංග්‍රීසියේ culture සහ ලතින් භාෂාවේ cultura යන්න ලෙස සැලකේ. බිම් කොටා වගා කර අස්වනු ලබා ගැනීමේ ක්‍රියාවලියට සමානව, හදවතේ හා මනසේ වගාව ද වැදගත් වන බව එයින් පෙන්වා දෙයි. ලතින් භාෂාවට නොගියාට, පෙරදිගින් චීනයේ කොන්ෆියුසියස් දහමේත්, සම්භාව්‍ය ඉන්දීය සංස්කෘතියේත්, බුදුදහමේත් ‘නැණ-ගුණ වගාව’ ඉතා වැදගත් කොට සලකනු ලැබීය. නැණ යනු දැනුම වන අතර ගුණ යනු චර්යාවේ ගුණාත්මක පක්ෂයයි (character qualities). පූර්ණ මිනිසකු වීම සඳහා දැනුමට පමණක් සීමා නොවී ගුණ වගාව ද ඇති කර ගත යුතු බව අපි කුඩා කාලයේ සිට අසා ඇත්තෙමු.

අවාසනාවකට මෙන් ලංකාවේ පසුගිය දශක පහකට අධික කාලයක් තිස්සේ නැණ වගාව පමණක් අවධාරණය කරමින් ගුණවගාව නොසලකා හරින විදියේ අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන යමින් සිටී. අප දරුවන්ට පළල් අධ්‍යාපනයක් ලබා දීමට අපොහොසත් වීම නිසා, පුරවැසියන්ගේ පුද්ගල සංවර්ධනය, චරිත සංවර්ධනය හා වෘත්තීය සංවර්ධනය අඩපණ වී තිබේ. ජපානයේ well-educated යයි කියන විට අර ක්යෝයෝ යන වචනය යොදාගෙන ‘ක්යෝයෝ සහිත පුද්ගලයෙක්’ (cultured person) යන යෙදුම නිතර භාවිත කරනු ලැබේ.

මා සේවය කරන ඔකිනවා විශ්ව විද්‍යාලයේ well-educated/cultured එනම් ඉහළ අධ්‍යාපනයකින් යුතු සංස්කෘතිමය පුරවැසියන් බිහි කරන අයුරින් අධ්‍යාපන පටිපාටිය සකස් වී තිබෙන්නේ කෙසේද යන්න පෙන්නා දීමට කැමැත්තෙමි. තරඟකාරී ලිඛිත පරීක්ෂණයකින්, එනම් දැනුමට මුල් තැන දීමෙන් විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගන්නේ 60% ක ප්‍රමාණයකි. තව 25% ක සංඛ්‍යාවක් ඇතුළත් කර ගනු ලබන්නේ විදුහල්පතිවරුන්ගේ රෙකමදාරුව මත අයැදුම් කළ සිසුන්ට සීමා වූ ලිඛිත පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයකින්ය.  තව 15% ක සංඛ්‍යාවක් ස්‌වයං රෙකමදාරුව මත, එනම් අන් කෙනෙකුගේ රෙකමදාරුව නැතිව, තමා මේ දක්වා කරගෙන ආ අධ්‍යාපනය, විෂයසමගාමී හා විෂයපරිබාහිර ක්‍රියාකාරකම්, විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට බලාපොරොත්තු වන  විෂය ක්ෂේස්ත්‍රය ආදිය පිළිබඳ තමන් විසින්ම හඳුන්වා දෙමින් ඉදිරිපත් කරන ලද සවිස්තර ඉල්ලුම් පත්‍රය අනුව සම්මුඛ පරීක්ෂනයකටත් මුහුණ දීමෙන් පසුව තෝරා ගනු ලැබේ . මේ ආකාරයේ විවිධාංගකරණයෙන් යුතු  ප්‍රවේශ විභාග පැවැත්වීම මගින් හුදෙක් විෂයබද්ධ දැනුමට පමණක් සීමා නොවූ පළල් අධ්‍යාපනයක් ලබා දෙන බව අවධාරණය කෙරේ.

 විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව ශිෂ්‍යයා ලබන අධ්‍යාපනය විස්තාරිතය. නිදසුනක් ලෙස මා සේවය කළේ මානවශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සංනිවේදන අංශයේය. ශිෂ්‍යයෝ මානවශාස්ත්‍ර හා භාෂා විෂය ධාරාවට අයත් විෂයවලට වැඩි අවධාරණයක් දෙන ලෙස විෂය තෝරා ගනිති. ඊට අමතරව වෙනත් විෂය ධාරාවලිනුත් නියමිත විෂය සංඛ්‍යාවක් අනිවාර්යෙන්ම සම්පූර්ණ කළ යුතුය. මනෝවිද්‍යාව ඇතුළු සමාජවිද්‍යා විෂයධාරවෙන් ඒකක 16 ක් ආදී වශයෙන් නියමිත කොන්දේසිවලට අනුගතව කැමති විෂය තෝරා ගත හැකිය. මානවශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනවේදය, සමාජසුබසාධන අධ්‍යයනය වැනි වෙනත් අධ්‍යයන අංශවලට අයත් විෂය ද හැදෑරිය හැකිය.

මෙලෙස විවිධ විෂයපථවලින් විෂයන් තෝරාගැනීම තරමක සංකීර්ණ ක්‍රියාවලියකි. විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ මුල් සති දෙක තුළ ශිෂ්‍යයන්ට මේ විෂය තෝරාගැනීම, ඊට අදාළ කොන්දේසි,නීති-රීති හා නිදහස පිළිබඳ මඟපෙන්වීමක් කරනු ලැබේ. අවසාන වශයෙන් ශිෂ්‍යයා පොදු කාලසටහන තුළින් තමන්ගේ කාලසටහන තමන් විසින්ම සකස් කර ගත යුතුය. සමස්ත විෂය මාලාව සකස් කෙරෙන්නේ ආචාර්යවරුන් අතින් වුවද ඒ අතරින් කවර විෂයන් තෝරා ගන්නේද යන්න ශිෂ්‍යයා තීරණය කරයි. මෙලෙස විෂය තෝරා ගැනීමට අවස්ථාව සැලසීමෙන් ශිෂ්ටකලා අධ්‍යයනයක් සහිත පළල් අධ්‍යාපනයක් ලබාගන්නට මග සැකසේ.

 මේ ක්‍රමවේදය ඉදිරියට ගෙන යමින් මෑතකදී එක් විශ්ව විද්‍යාලයක් ශිෂ්‍යයන් විසින්ම තෝරා ගනු ලබන සහතිකපත්‍ර පාඨමාලා වැඩසටහනක් දියත් කළේය. තෝක්යෝවල පිහිටා ඇති හෝසෙයි විශ්ව විද්‍යාලය පීඨ 15කින් සමන්විත විශාල විශ්ව විද්‍යාලයකි. එහි ශිෂ්‍ය සංඛ්‍යාව 30,000කට ආසන්නය. මේ විශ්ව විද්‍යාලය අනාගත ඉගෙනුම් සහතිකපත්‍ර පාඨමාලා වැඩසටහන ක්‍රියාත්මක කළේ පසුගිය වසරේය.  එහිදී ශිෂ්‍යයා තමන් ඇතුළත් වූ පීඨයෙන් උපාධිය ලබා ගැනීම සඳහා ඉගෙන ගන්න අතරම, ඔහුට හෝ ඇයට බහුපීඨගත සහතිකපත්‍ර පාඨමාලාවක් හදාරන්නට ද අවස්ථාව සැලසේ.

විශ්ව විද්‍යාලය මේ පාඨමාලාව සකස් කිරීමේදී  ‘තමන් අතින් සකස් වෙන පාඨමාලාවකට බැඳෙන්න අවස්ථාවක්’ යයි පෝස්ටරයක් සාදා ඒ සඳහා උනන්දුව දැක්වූ ශිෂ්‍යයන් 13 දෙනෙකු සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස්වලට තැන දුන්නේය. පීඨ 15 ට අයත් 1000 කට වැඩි විෂය සමූහය අතරින් විෂය 90 ක් තෝරා ගනු ලැබීය. එයිනුත් කොන්දේසි හා නීති-රීතිවලට අනුකූලව තෝරා ගත් විෂය 6 කට වැඩි ගණනක් නිසි ලෙස හදාරා සමත් වුවහොත් අවසාන සහතිකය පිරිනමනු ලැබේ.

නිදසුනක් ලෙස එක්  සහතිකපත්‍ර පාඨමාලාවකට පහත සඳහන් විෂය තෝරා ගත හැකිය. 

        විෂය                           පීඨය

  •  කම්කරු නීතිය                  නීති පීඨය
  •  මුදල් කළමනාකරණය         ආර්ථික විද්‍යා පීඨය
  •  වර්තමාන සමාජ අධ්‍යයනය  මානව පරිසර පීඨය
  •  ආහාර විද්‍යාව                   ජීවන විද්‍යා පීඨය
  •  සංස්කෘතික භූගෝලවිද්‍යාව   මානවශාස්ත්‍ර පීඨය
  •  NPO අධ්‍යයනය                නූතන සුබසාධන පීඨය
  •  විපත් කළමනාකරණය        සැලසුම් ඉන්ජිනේරු විද්‍යා පීඨය

රැකියාවකට ඉල්ලුම් කිරීමේදී උපාධියට අමතරව මෙවැනි පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් ශිෂ්‍යයන් මේ විදියේ වැඩකටයුතුවලට සහභාගී වීමෙන් බලාපොරොත්තු වෙන්නේ සහතිකපත්‍රයක් ලබා ගැනීම පමණක් නොවේ. නව සහතිකපත්‍ර පාඨමාලා වැඩසටහන සම්පාදනය කරන්න සහභාගි වූ ශිෂ්‍යයන් කියන්නේ ඒ සම්පාදන-සාකච්ඡාවලට සහභාගි වීමෙන්ම තමා තුළ පිබිදීමක්-වර්ධනයක් ඇති වූ බවයි. විශ්ව විද්‍යාලය තුළදී හමු නොවන වෙනත් පීඨවල සිසුන් සමඟ කතාබහ කරන්න, සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබීමත්, විශේෂයෙන් උසස් බලාපොරොත්තු හා පැහැදිලි ඉලක්ක ඇති ශිෂ්‍යයන් සමඟ සාකච්ඡා කරමින් එකට වැඩ කරන්න ලැබීමත් උත්තේජජනක වූ අතර එමගින් අලුත් දැනුවත්වීම්, අලුත් දැනුම් ලැබුණු බවත් ශිෂ්‍යයෝ කියති.

ඒ අතර ආචාර්යවරුන් කියන කතාව මෙවැන්නකි. “ගුරුවරුන් අතරින් මතු නොවන අදහස් රාශියක් ශිෂ්‍යයන්ගේ සාකච්ඡා තුළින් මතුවුණා. ශිෂ්‍යයන්ගේ හඬට සවන්දීම මගින් හොඳ සාධනාත්මක වැඩසටහනක් සකස් කළ හැකි බව ප්‍රත්‍යක්ෂ වුණා.” මෙලෙස බලන විට ප්‍රතිඵලය (output), සහතිකය ලබා ගැනීම ගැන පමණක් කල්පනා කරනු වෙනුවට පාඨමාලා වැඩසටහන සකස් කිරීමේ ක්‍රියාවලියට (process) සහභාගි වීම තුළින් ආචාර්යවරුන්ටත්, ශිෂ්‍යයන්ටත්, විශ්ව විද්‍යාලයටත් ඉගෙනුම් අවස්ථා උදා වූ බව පැහැදිලිය.

අප වැටකඩොලු, තාප්ප බැඳගෙන ඒවා තුළ හිරවී සිටිනවාට වඩා විවිධ අදහස්, විවිධ විශ්වාස දරන අය සමඟ සංවාද-සාකච්ඡා කිරීම මගින් සාධනාත්මක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නොවේද? අනික් අතට ශිෂ්ටකලා අධ්‍යාපනය කියන්නේ බහුවිධ විෂයපථයන් හරහා පුළුල් දැනුම්, ඉගෙනුම්, අදහස් උකහා ගන්නා ක්‍රියාමාර්ගයක්. ඒක තමයි ‘දැන-උගත්කම’ යයි කියන්නේ.විෂයන් දෙක-තුනකට කොටුවෙලා පවත්වන අධ්‍යාපනය මත-නොගැලපීම්, ගැටුම් හා විවාදවලට මඟ කපනවා මිසක් උපේක්ෂාශීලිත්වය, සහනශීලිත්වය හා සාමකාමී බව උදා කර ගන්නට මග පාදන්නේ නැහැ. 

සටහන –

මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa