මෙරට සමස්ත ආබාධ සහිත ප්‍රජාව ලක්ෂ 16 කට ආසන්න වන අතර එම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කාරණයේදී ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ම ගැටලුවක්. මේ අතර ලක්ෂ හතරකට අධික ශ්‍රව්‍ය ආබාධ සහිත පිරිසක් සංඥා භාෂාව භාවිත කරමින් තම දෛනික කටයුතුවල නිරත වෙමින් සිටියි. ශාරීරික හෝ දෘෂ්ටි ආබාධවලින් තොර වුව ද රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ඔවුහු විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙති.

යම් යම් කොන්දේසිවලට යටත්ව ආබාධිත සහිත ප්‍රජාව වෙනුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කළ ද පූර්ණ ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනු ලැබූයේ 2022 වසරේදීයි. ඒ් සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් වාහන ධාවනය කිරීම ඇතුළු යම් යම් නිර්ණායකවලට යටත්ව මෙම රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණු අතර මෙම කාල සීමාව තුළ විශේෂ අධීක්ෂණයක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම නියමු ව්‍යාපෘති කාලසීමාව තුළ මෙවැනි පුද්ගලයින්ගෙන් කිසිදු රිය අනතුරක් වාර්තා නොවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2024 ජනවාරි පළමුවැනිදා සිට දිවයින පුරා මෙම රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
ඒ අනුව 2024 ජනවාරි 01 වනදා සිට වසර තුනක් දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා රථවාහන පොලීසිය එකතුව මෙම රියදුරන්ගෙන් සමාජයට සිදු වන බලපෑම හා අනතුරු සිදුවීමට ඇති ප්‍රවණතාව ආදිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරයි. එහෙත් එම විමර්ශනවලින් මෙතෙක් එවැනි කිසිදු අනතුරක් වාර්තා වී නොමැති නිසා 2026 දෙසැම්බර් මස 31 වන තෙක් කාලය තුළ තවදුරටත් එම විමර්ශන කිරීමට යටත්ව දිවයින පුරා සියලුම කථනාබාධිත හා ශ්‍රවණාබාධිත සහිත පුද්ගලයින්ටත් අනිකුත් කොන්දේසිවලට යටත්ව රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතී. මෙහිදිී අනිකුත් පොදු කොන්දේසීවලට ද යටත් විය යුතු අතර මෙම ප්‍රජාව වෙනුවෙන්ම ඔවුන්ගේත් සමස්ත සමාජයේත් යහපත වෙනුවෙන් යම් යම් කොන්දේසි ඇතුළත් කර තිබේ.

විශේෂයෙන් ම ආබාධ සහිත ප්‍රජාවට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී පවතින බාධා තුනක් ප්‍රධාන වශයෙන් දැක්විය හැකියි. එනම් පෙනීම හා ශරීර ක්රියාකාරීත්වයේ කිසිදු ගැටලුවක් නොමැති වුව ද ශ්‍රවණාබාධිත හෝ කථනාබාධිත තත්ත්වයේ පසුවීම , එක් ඇසක පමණක් පූර්ණ පෙනීම පැවතීම හා ශාරීරික දුබලතාවයකින් පෙළෙන නමුත් පෙනීම හෝ ස්නායු වැනි වෙනත් කිසිදු දුබලතාවයක් නොපෙන්වන ලෙස මෙම බාධක හඳුනාගත හැකියි.
එහෙත් මෙවැනි පුද්ගලයින්ට ද තමන්ගේ සංචරණීය අයිතිය පවත්වා ගෙන යමින් දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට කටයුතු කිරීමට ඉඩ සලසා දීම ජාතික වගකීමක් ලෙස සලකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සඳහා විධිමත්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙහිදී ආබාධිත සහිත වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර මෙමගින් අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ට කිසිදු අනතුරක් සිදු නොවීමේ වගකීමට ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බැදී සිටියි.
ආබාධ සහිත තැනැත්තන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්ණායක කිහිපයක් හඳුන්වා දී තිබේ. සාමාන්‍ය පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී වයස් සීමාව අදාළ නොවූව ද ආබාධ සහිත වූවන්ට රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි වයස අවුරුදු 18ත් 60 ත් අතර විය යුතුයි. සාමාන්‍ය පුද්ගලයෙකුට ලබා දෙන රියදුරු බලපත්‍රය වසර 08 කට පසුව අලුත් කළ යුතු වුව ද ආබාධ සහිත පුද්ගලයින්ට වසර දෙක හා හතරක් වැනි කාලයකට එය සීමා කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රවණාබාධිත සහිත තැනැත්තෙකු නම් ශ්‍රී ලංකා බිහිරිවුවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය ගතයුතුය. මේ යටතේ ඔවුන් සංඥා භාෂා පාඨමාලාව හැදෑරීම කළ යුතු අතර සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්නම් ඒ් යටතේ ද මෙම පාඨමාලාව හැදෑරීමේ පහසුකම පවතී. මෙම සම්මේලනය හරහා රියදුරු බලපත්‍රය ඉල්ලන ඔිනෑම පුද්ගලයෙකුට අදාළ නිර්ණායක සැපිරීමෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතී. මෙහිදී සෑම අයදුම්කරුවෙකුම ලිඛිත පරීක්ෂණයකට ද පෙනී සිටීමට බැඳී සිටියි.
මෙහිදී අනිකුත් මාර්ග භාවිත කරන්නන්ට හඳුනා ගැනීම පහසු වීම සඳහා තම වාහනයේ ඉදිරිපස හා පිටුපස සංකේත ස්ටිකර් ඇලවීමක් සිදු කෙරේ.තවද යතුරු පැදි පාවිච්චි කරන්නන් ආරක්ෂිත කබා (ජැකට් ) අනිවාර්යෙන්ම පාවිචිච් කළ යුතු අතර එම කබායේ පිටුපස ද සංකේත ස්ටිකරය මුද්‍රණය කළ යුතුවේ. විශේෂයෙන් ම වට්ස් ඇප් තාක්ෂණය සහිත ජංගම දුරකතනයක් ද මෙම රියදුරන්ට අත්‍යවශ්‍ය වන්නේ හදිසි අනතුරකට මුහුණ පෑමට සිදු වුවහොත් ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වට්ස් ඇප් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ් සඳහා අවශ්‍ය සහය ලබා දීමට ද කැපවී සිටින බැවිනි.
මේ වන විට කාර් වෑන් ත්‍රීවිල් හා යතුරු පැදි වැනි සැහැල්ලු වාහන සඳහා දැනට පවතින නිර්නායකවල ද යම් යම් ලිහිල් කිරීම් සිදු කර තිබේ. එක ඇසකින් අකුරු පේළි පහකුත් අනිත් ඇසින් අකුරු පේළි හයකුත් පෙනීමේ හැකියාවක් ඇත්තෙකුට ඔීනෑම සැහැල්ලු වාහනයක් සඳහා අවසර හිමිවේ. එක් ඇසකින් අකුරු පේළිය හඳුනා ගත හැකි වුව ද අනිත් ඇසෙන් අකුරු පේළිය කිසිවක් හඳුනා ගත නොහැකි පුද්ගලයින් වෙනුවෙන් ද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය දැන් ක්‍රියාත්මකයි.
මෙහිදි මෙම පුද්ගලයින්ගෙන් අනතුරක් සිදුවීමේ ප්‍රවණතාවයක් පවතිනවා ද යන්න පිළිබඳ අධීක්ෂණය සඳහා අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන අතර එහිදී ඔහුගේ දෘෂ්ටි පරාසය පිළිබඳ ලබා දෙන වාර්තාව අනුව රියදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගැනීම සිදු කරයි.
මෙවැනි පුද්ගලයින්ගෙන් අනතුරක් සිදු වීමේ ප්‍රවණතාවය වළක්වා ගැනීම සඳහා වාහනයේ අමතර උපාංගයක් සවි කිරීම ද සිදු කරන අතර මෙවැනි පුද්ගලයින්ට කිසිසේත් රියදුරු බලපත්‍ර ලබාදීමේන් වැළකී ඔවුන් හුදකලා පිරිසක් කිරීමට අපේක්ෂා නොකරන අතර මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව උත්සහ කරන්නේ හැකි උපරිමයෙන් මෙම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටය. වෘත්තීමය රියදුරෙකු නොවූවද ඔවුන්ට ද තම පෞද්ගලික අවශ්‍යතාවයන් බාධාවකින් තොරව ඉටු කර ගැනීමට මෙමගින් පිටුවහලක් ලැබේ. මෙහිදී තමන්ගේ දෘෂ්ටි පරාසය අනුව රියදුරු බලපත්‍රය අලුත්කළ යුතු කාල සීමාව වෙනස් විය හැකියි.
මේ අතර ශරීර ආබාධ සහිත පුද්ගලයින් ද වෛද්‍ය පරීක්ෂණයට යොමු කර ඔවුන්ගේ පෙනීම හා ස්නායු දුබලතා වැනි වෙනත් දුර්වලතා නොපවතී නම් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තාක්ෂණ ඇගයීම් කමිටුවට යොමුකර එම කමිටුව මගින් ලබා දෙන නිර්දේශයන්ට අනුව ද වාහන බලපත්‍රය සුදුසු පරිදි නිකුත් කිරීමට කටයුතු කරයි. ඒ අනුව ඔහුට හෝ ඇයට යෝග්‍ය වාහනය කමිටුව මගින් තීරණය කරන අතර වාහනයේ ඇතැම් උපාංග වෙනස් කිරීමට ලක් කිරීමෙන් හෝ එම අවස්ථාව ඔවුන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු මෙහිදී සිදු කෙරේ.
එ අනුව මේ වන විට ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ බාධාව ද ඉවත් වන අතර ඔවුන්ද සක්‍රීය පුරවැසියන් ලෙස සමාජය තුළ සැලකීමට අවශ්‍ය ආකල්පය මෙමගින් වඩාත් තහවුරු වනු ඇත.
ඉරේෂා මධුරකාවිනී
