මැනික් පැළදීමේ ඉතිහාසය වසර තුන්දාස් පන්සීයකට තරම් ඈත අතීතයකට දිවයන අතර ඒ කාලයේදී යම් යම් රෝගාබාධ සදහා මැණික් සියුම් ලෙස කුඩු කර බෙහෙත් වර්ග සමග කලවම් කර ආහාර වශයෙන් ගෙන ඇති බව පොත් පත් වල සහා විවිධ ලිපි ලේඛන වල සදහන් වී ඇත.

අද සමාජයේ බොහෝ දෙනා විවිධ වූ මැණික් ගල් නිසි ප්‍රමිතියකින් තොරව තමාගේ හිතු මනාපෙට මැණික් ගල් ඔප දැමු විවිධ මුදු සහා පෙන්ඩන්ට් භාවිතා කරයි…නමුත් එසේ භාවිතා කිරීමෙන් සිදු වන්නේ තවත් කරදර පීඩා ඇති වෙන එක නමුත් මෙම කරුණු කාරණා බොහෝ දෙනෙකු නොදන්නා කම නිසා අලංකාරය සදහා පුද්ගලයින් මෙවැනි ආභරණ ශරීරයේ පැළදගෙන එදිනෙදා භාවිතා කරයි
වර්තමානයේ සිටින බොහෝ පිරිසක් විවිධ වු ප්‍රශ්ණ කරදර මැද ජිවිතය ගත කරන නිසා හෙම්බත් වී මානසික මට්ටමින්ද පහල මට්ටමකට වැටී ඇති බව මාගෙන් සේවාව ලබා ගන්නා සේවාදායකයින්ගේ අදහස් හා තොරතුරු විමසූ විට මා දැක ඇත…
අනේක වූ කරදර,රෝගාබාධ, ආර්ථික ප්‍රශ්ණ, විවාහ ප්‍රමාද වීම් නිසා ඇති වන ගැටළු, දරුඵල ගෑටලු,හදිසි අනතුරු, රැකියා ප්‍රශ්න,ආදර සම්බන්ධතා ගැටලු ආදී එකී මෙකී නොකී දහසකුත් ප්‍රශ්ණ නිසා දුකින් කාලය ගෙවනවා.
මෙම ප්‍රශ්න වලට හේතුව ලෙස අප දකින්නේ පෙර භවයන් වල කරන ලද කර්මයි, පෙර ආත්ම වල සිදු කෙරූ අකුසල නිසා මේ භවයේදී ඒ සම්බන්ද කරුණු කාරණා වලින් පීඩා ගෙන දේ,නිවැරදිව පුද්ගල ජන්ම පත්‍රය පරීක්ෂා කළ හැකි ජ්යෝතීර්වේදියෙකුට හරි හැටි පරීක්ෂා කර බලා පෙර ආත්මයේ කෙරූ අකුසල් ක්‍රියා ජන්ම පත්‍රයේ ග්‍රහයන් සහා ග්‍රහයන් තැම්පත් වී සිටින භාව දෙස බලා කිව හැකිය..
එම කරදර බාධක සදහා පිලියමක් ලෙස ඒ ඒ කාර්යයන් නිරූපණය කරන ග්‍රහයන්ගේ බල දුබලකම් නිරීක්ෂණය කොට හරි හැටි දෝෂය හදුනා ගෙන එම ග්‍රහයින්ට අදාල වු නිවැරදි ස්වාභාවික මැනික් වර්ග හරිහැටි ආදාළ ජප මන්ත්‍ර වලින් නියමිත් ජප වාර ගාන සම්පූර්ණ කර නැකැත් හරි හැටි ලබා ගෙන පැළදීම තුළින් තියෙන්නා වූ ප්‍රශ්න ගැටලු වලට පිළියමක් කර ගත හැකිය..
මේ පිලිබදව ජෝතීශය තුල ඉතා පුලුල් ලෙස විග්රහ කර කතාකල හැකිය.නමුත් මෙම ලිපිය කෙටියෙන් ලියා නිම කිරීම මාගේ අදහස වේ එම නිසා ඉතා කෙටියෙන් කරුණු කාරණා ඉදිරිපත් කර සිටින්නම්
මැනික් ගලක් හා මිනිසා අතර සම්බන්දයක් තිබෙන්නේ කෙසේදෑයි කෙනෙකුට සිතෙනවා විය හැකිය. මා සිතනවා ඔබ සියලු දෙනා දන්නවා ඇති කියා ,විශ්වයේ පවතින සියලු ශක්තීන් සහා අනෙක් දේ රදා පවත්නේ හිරුගේ බලයෙන් බව.ඒ සේම හිරුගෙන් නිකුත් වන හිරු කිරණ තුල යම් යම් වර්ණ ප්‍රබේද ඇත.එම හිරු කිරණයන් ග්‍රහයින් මත වෑදී නැවත පෘතුවිය දෙසට පතිත වේ.ඒ ආකාරයට මිනිසාට යම් යම් ප්‍රබල වීම් දුර්වල වීම් ඇති කරවයි. ඒ ආකාරයට එම කිරණයන් හොද හෝ නරක වු කිරණයන් මිනිසාගේ ග්‍රහයෝග සමග ක්‍රියා කරයි.මේ ආකාරයට මිනිසාට යම් කාල වලදී යහපත් දේවල් ද යම් කාල හෝරා වලදී අයහපත් කරුණු කාරණා ද විපාක දේ
යහපත සැලසෙන කාල වකවානු වලදී මිනිසුන්ට සියලු දේවල් අමතක වේ නමුත් මිනිසාට අයහපත සැලසෙන කාල වකවානු තුළදී හදහන බලාගත්තොත් හොදයි කියා සිතේ.හදහන බලා ජොතීර්වේදියා කිය සිටින ආකාරයට පිලියම් කරන අතර මැනිකක් සහිත ආභරනයක් පලදින්න කියා කියන්නේ බොහෝ කලාතුරකිනි.නමුත් ඉහත කී පරිදි පිළියම් කරනවා සේම මහා ගුන දෙන පිලියමක් තමයි මැනික් සහිත වු ආභරණ පැළදීම
නමුත් හිතු මනාපයට මෙය කල නොහැක.තමාගේ කේන්දරය බලා දුර්වල වූ ග්රයින්ට අදාල මෑනික් වර්ග පැලදිය යුතුය තවද ග්‍රහයන් නව දෙනෙකු ජන්ම පත්‍රය තුළ පෙන්නුම් කරත් ඔය ග්‍රහයන් නව දෙනාම එක් ග්‍රහයෙක් හෝ ග්‍රහයන් දෙදෙනෙකුට යටත්ව තමා පිහිටලා තිබෙන්නේ එය සොයා ගන්නා හැටි බොහෝ ජ්‍යෝතීර්වේදීන් නොදන්නා කරුණකි එය පාරම්පරික ක්‍රමවේදයකින් සොයා ගනු ලැබේ ඉන් පසු තමා පුද්ගලයාට පැළදිය යුතු යහපත ගෙන දෙන මැණික් වර්ගය තෝරා තම සේවාදායකයන් හට පැවසිය යුත්තේ නැතිනම් වන්නේ විපාක පල දෙන ග්‍රහයන්ට අදාල වු මෑනික් පැලදීමෙන් තව තවත් විපාක පල දීම වැඩි වීම පමණි
මේ අකාරයට සුබ ඵල දෙන ග්‍රහයින්ට අදාල වු මැනික් වර්ගය සොයා බලා අදාළ නැකැත් වලට තමාගෙ ශරීරයේ පැලදීමෙන් විපාක පල ලෙඩ රෝග කරදර බාධක අඩු කර ගත හෑකිය,

සමහරුන් මැනික් සහිත වූ මුදුවක් පලදිනවා කියා නවරත්න මුද්දක් පැලදීම සමහර විට අනතුරු දායක විය හැකිය. නවරත්න මුදුවක් තුල ග්‍රහයින් නව දෙනාටම අයත් මැණික් ඇති බැවින් තමගේ කේන්දරයට අනුව විපක පල දෙන ග්රහයන්ගෙන්ගේ කිරනද ආකර්ශන වී විපාක පළදීමට හැක. එබෑවින් මැනික් පලදිනවානම් තමගේ කේන්දරය ප්‍රවීන ජෝතීර්වේදියෙකු ලවා පරීක්ශා කරවාගෙන තමාට සුභ ඵල ගෙන දෙන්නා වූ ග්‍රහයින්ට අදාල මැනික් වර්ග පලදිනවානම් කරදර බාදක දුරු වී සතුට සැපත සහිත ජීවිතයක් ගත කල හැකිවේ.
ඉහත කී අකාරයට ජෝතීශයයේ ප්‍රධාන ග්‍රහයින් නව දෙනා උදෙසා මැනික් වර්ග වෙන් කර ඇති අතර ඒ මෙසේය .
❖ රවි ග්‍රහයා – පද්මරාග ගල්
❖ ගුරු ග්‍රහයා – පුශ්පරාග ගල්
❖ බුධ ග්‍රහයා -එමරල්ඩ්,පච්ච ගල්
❖ සිකුරු ග්‍රහයා – දියමන්ති ගල්
❖ සඳු ග්‍රහයා – මුතු
❖ කුජ ග්‍රහයා – රතු කොරල්
❖ රාහු ග්‍රහයා – ගෝමේද
❖ ශනි ග්‍රහයා – කාක නිල් ගල්
❖ කේතු ග්‍රහයා – වෛරෝඩි ගල්
ඉහත ආකාරයට ඒ ඒ ග්‍රහයාට අයත් ග්‍රහ බල තරංග ආකර්ශනය වන ඊට අදාල මැනික් වර්ග භාවිතා කල යුතුය..
තවද යම් යම් රෝගාබාධ සදහා මැනික් පැළදීම තුලින් එම රෝගාබාධ වලින් සුවය ලබාදෙන බව ද අතීත ඍෂිවරුන් පෙන්වා දී ඇත.මේ ආකාරයෙන් මැනික් පැළදීම රන් , රිදී , තඹ , පස්ලෝ ආදී මුදු හෝ ආභරණ සමග අඩුම කැරට් දෙකක ප්‍රමාණයක් සහිතව මැනික් ගලක් තෝරා ගෙන අදාළ ආභරණය මත ඔබ්බවා ශරීරයට ස්පර්ශ වන ආකාරයට සාදාගැනීමට වගබලා ගත යුතුය..
මේ ආකාරයට නිවැරදිව තමාට ගැලපෙණ මැණික් ගලක් තෝරාගෙන ඒ ඒ මැනික් වලට අදාල මන්ත්‍ර වලින් ජපකර නිවැරදි සුභ වේලාවක පැලදීමෙන් වඩාත් සුභ ප්රථිපඵ ලගාකර ගතහැකිය…
විස්මිත ඵලදෙන මැණික් ප්රතිකර්මයන් සිදු කළ හැකි අතර ඒ සදහා තව කරුණු කරණාද බලපායි මෙම ලිපිය තුළින් යම් ප්‍රමාණයක දැනුමක් ඔබ සියලු දෙනාටම ලැබෙනු ඇතැයි මා සිතනවා
ඉදිරියට හරි හැටි දෝෂ අඩු මැණික් ගලක් ඔබ විසින් තෝරා ගත යුත්තේ කෙසේද කියා ඉදිරි ලිපියක් තුළින් බලාපොරොත්තු වන්න..!
ජ්‍යෝතීෂ විද්‍යාකීර්ති ගෞරව සම්මානලාභි
කසුන් සදරුවන් බණ්ඩාර
ඉමායා ජෝතීෂය සේවය
072 13 22 114
