අද නත්තල් තිළිණය ඔස්සේ අප සූදානම් වන්නේ ඉතාමත් පහසුවෙන් නිවසේදීම සකස් කර ගත හැකි තවත් නත්තල් සැරසිලි කිහිපයක් වෙතට ඔබේ අවධානය යොමු කිරීමටයි.
නත්තල් සුභ පැතුම්
අවශ්‍ය දේවල්
සුදු බෝඩ්
රතු සහ කොළ වර්ණ A4 කොළ
නත්තල සඳහා ගැලපෙන රිබන්
නිර්මාණය කිරීම
පහත දී ඇති ප්‍රමාණ වලින් සුදු බෝඩ් කොටස් තුන කපා සකසා ගන්න. පසුව 30cm x 10cm කොටස හරි මැදින් දෙකට නමා ගන්න පින්තුරයේ පෙන්වා දී ඇති ආකාරයට කොළ වර්ණයෙන් outline සිටින සේ කොටස් කපා අලවා ගන්න. අලවා ගැනීමේදී ඇතුලත කොටස ඇරඹීමට ප්‍රථම රිබන් කොටස අලවාගන්න පසුව ඉදිරිපස පැත්තට බෝඩ් එකක් ද සකසා මැදින් අලවා ගන්න.
20cm x 9cm බෝඩ් කොටස ගෙන පතරොම් වල කඩ ඉරි මගින් පෙන්වා ඇති තැන්වලින් නමා නැමි සකසා ගන්න. නැවතත් 24cm x 9cm බෝඩ් කොටස ගෙන එය කොටස් හතරකට වෙන් කර නැමි සකසා ගන්න. එම කොටස් ද පෙන්වා ඇති ආකාරයට රතු A4 කොටස් කපා outline තබා අලවාගන්න. එම කොටස් හතරේ පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට කැමති හැඩතල කපා අලවා අලංකාර කරගන්න.
දෙකට නමා ගත් කොටසේ ඇතුල් පැත්තේ හරි මැදින් සෙන්ටිමීටර 20cm x 9cm කොටස් නැමි අලවාගන්න. එය අලවාගත් පසු එම කොටස දිග හැර හතරට නමා ගත් කොටසද එහි හරි මැදට සිටින සේ දෙපැත්තේ විරුද්ධ පැති දෙකට අලවාගන්න. අලවා ගැනීමට පහසුවන පරිදි පින්තුරයේ පහත පෙන්වා ඇත.



Christmas wall hangers
ඝනකමින් යුක්ත කාඩ්බෝඩ්
2/1 ඔලිව් කොළ වර්ණ රිබන්
රතු හා සුදු ශේඩඩ් කෝඩ්
රතු ගිලිටර් ෆෝම් ශීටි
කොල පාට ෆෝම් ෂීට්
වෙළඳපොළෙන් ගත් නත්තල් වෙනුවෙන් තිබෙන රන් වන් පැහැ කොළ හා අනෙකුත් විසිතුරු ද්‍රව්‍ය කොළ අතු කහ පබළු හා පොඩි තරු
ගම්
කතුරක්
නිර්මාණ කිරීම
පළමුව කාඩ්බෝඩ් ගෙන පෙන්වා ඇති පරිදි 9″ හා 7″ විශ්කම්භයෙන් යුත් රවුම් දෙකක් කපාගන්න. කපාගත් රවුම් දෙකෙහි 14″ ඉතුරු වන සේ මැද කොටස කපා ඉවත් කරගන්න. මෙවැනි ආකාරයට රවුම් දෙකම රිබන් වලින් ඔතා ගන්න. ශේඩඩ් කෝඩ් නූල් ගෙන පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට සමාන වන සේ කොටස් වලට කෝට් නූල් අලවාගන්න. එහි තැනින් තැනට තරු අලවාගන්න
පසුව රතු පාට ෆෝම් ශීට් වලින් පොයින්ට් සිටියා මල් පෙති කපාගන්න. ඒ වගේම කොළ වර්ණයෙන් යුත් කොළ ද කපා ගන්න එක මලක් සඳහා පෙති තුනක් පමණ අවශ්‍ය වේ. කපාගත් පෙති තුන එක උඩ තබා අලවා මැදට කහ පලුවක් බැගින් අලවාගන්න.
පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට රවුම් දෙකෙහි විරුද්ධ පැති දෙකට සිටින සේ මල් ටික අලවා එයට කොළ ද අලවා පින්තූරයේ පෙන්වා ඇති පරිදි අලවාගන්න.
පසුව රවුම් දෙක මගින් සම්බන්ධ කරගන්න.
පහත රූප සටහන බලන්න.


උපදෙස් සහ ජායාරූප –
ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා ආචාර්ය චූලනී ජයසිංහ
